නොයෙක් වර්ගවල මල් තිබේ. සමහරක් ලක්ෂණය - සුවඳක් නැත. සමහරක් සුවඳය. නමුත් ලක්ෂණ නැත. සමහර මල් ඉක්මණින් මැලවි යති - ඇතැම් මල් සතිය හමාර පරනොවී පවතී. විවිධ පිටින් හා ප්රමාණයෙන් යුත් මල් තිබෙතත්, කලක් පවතින පැහැයත්, සුගන්ධායත්, ලක්ෂ්ණත්, මටසිලුටු බවත් ඇති ආභරණයක් වශයෙන් පැළඳීමටත් සුදුසු මල් දුර්ලභ යම්සේද එමෙන්ම නුවණත් වැඩී සදාචාරයත් ඇතිවන රසවත් පොත්ද දුර්ලභයහ. කියවීමට ප්රිැය පොත් ඒ තරම් දුර්ලභ නොවෙති. පොතක් කියවීමෙන් ඇතිවන ඵලය චිත්ත විනෝදය පමණක්ම නම් සිහිනෙන් ප්රී.ති වීමට වඩා අමුත්තක් නොමැතියි. රසවත් කථාන්තරය කියවා අවසාන වනවිට ඒ කියවූ පුද්ගලයාට සුචරිත සම්පන්න වීමටත් - ඥානවත් වීමටත් නිරායාසයෙන්ම වාගේ ලැබුනොත් රත්රන් සොයන් කෙනෙකුට මැණිකුත් ලැබුණාට සමානය.
-පියදාස සිරිසේන---සුචරිතාදර්ශය හෙවත් සරත් කුමාර චරිතය--