විවාහය අමු අඹයක් වැනිය.
කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි...
උපුටාගැනීම.
Navod Joshua



බොහෝ දුර මග ගෙවා
හිස ඇරුන අත ගොසින්
මං මුලා වූ අයෙකු
කොතන සිට ආවෙ දැ යි
කිනම් ලෙස ආවෙ දැයි
මොහොතකට නැවතිලා
හැරී බලනා විලස
ඇතැම් විට මම මෙසේ
මා ගැනම සිතන්නෙමි.
මගේ ජීවිතය ගැන
මම ම දුක් වෙමි එවිට
ජීවිතය රැවටු සැටි
මට ම විසඳිය නොහැකි
කවුළුවෙන් ඇද හැලුණු
හිරු රැසින් මත් වෙමින්
උදය සුලගෙහි ගෙනා
උණුසුමින් පිබිදෙමින්
එසේ නැත්නම් ඈත
හිරු උදා වෙනු බලා
මගෙ සුවඳ පතුර මැ යි
කියන කුසුමක් ලෙසින්
පැතුමකින් වියරු හුණු
පුළුල් දෙනෙතින් යුතුව
එදා මම ජීවිතයෙ
පණිවිඩය ගත් අයුරු
තවම මට පෙර ලෙසම
මතක් වෙයි සිහිව එයි.
එහෙත් පිටු පෙරළමින්
පේළියක් නොහරිමින්
කියවුවද ඒ හසුන
මා දුටුවෙ කිමද එහි?
රැවටුවා ජීවිතය
එගැන ලතැවුණු කුමට
පාන්ඩුව හැදුණු වැනි
උදැසන හිරු එලිය
නිදාගන්නා ඇඳෙහි
වැතිරෙත්ම හෙමි හෙමින්
මම දෙඇස් පිස දමා
‘තවත් දවසක් නොවේද’
යයි දෙතොල් මතුරමින්
කෝපයෙන් අවදි වෙමි.
කුමක් හෝ බිවු පසුව
කුමක් කරමිද කියා
කාමරයෙ එ මේ අත
ඇවිදිමින් සිතන්නෙමි
මගේ මේ කාමරය
හෝම් පලකි ය නියම
ඉරුණු වැරහැලි තිබේ
නොයෙක් තැන දුගඳ දෙන
පොත් කැබලි පත්තරද
ගොඩ ගැසී නොයෙක් තැන
දැලි බැඳුනු චිමිනියද
පිපිරිලා හැම තැනම
මේ දුගඳ මේ අවුල
සැපයක්ය මගෙ සිතට
එහි තිබෙන වියවුලද
සිතෙහි වියවුල වැනිය
මෙන්න ලියුමක් ඇවිත්
කියයි කොලුවා ඇවිත්
මම සෙමින් එය කඩා
කියවමිය හෙමි හෙමින්
‘නංගිට අමාරුයි
කොළඹ ඉස්පිරිතාලෙ’
කියා එහි ලියා ඇත
වැඩි මහල් සොහොයුරා
එහි ඇත්තෙ කිමද යනු
මටම තේරිය නොහැකි
මගෙ හිතට ඒ වදන්
තේරුමක් නො නඟාය ‘
නංගිට අමාරුයි
කොළඹ ඉස්පිරිතාලෙ’
මෙහි ඇත්තෙ කිමද යනු
මම මගෙන් අසන්නෙමි.
ඒ වදන් මගේ සිතෙහි
මොහොතකට නොරඳා
කෝපවුණු මම මටම
ඒ වදන් කියන්නෙමි
‘නංගිට අමාරුයි
කොළඹ ඉස්පිරිතාලෙ….’
මගේ සිත ගැන සමකි
තෙතමනය වියලි ගිය
පිහි තුඩින් ඇන කොටා
එය දෙපලු කල යුතුය
බිත්තියේ ඇද වැටුණු
හිරු ලපය සෙලවමින්
වෙවුලනව, වෙවුලනව
නො නැවතී විකාරෙන්
දවල් වේගෙන එත්ම
දැවිල්ලක් බඩ තුලින්
මට දැනෙනවා සෙමෙන්
නියනකින් විදින වැනි
එය බ ඩෙහි පිළිකාව
අඬු පතර විහිදුවා
මගෙ සිරුර ගිල ගන්න
බඩ දිගේ විහිදෙනව
දවල් කෑමට පසුව
කොට්ටයක් බඩට කොට
එ මේ අත පෙරළෙමින්
පැ ගණන් නිදන්නෙමි.
නැගිටි පසු ඉන් පසුව
මා අවට හැම දෙයම
දින ගණන් වේලෙමින්
ගොක් කොළද වේලිගොස්
කහ පැහැති පස් තැවුණු
අළුත් සොහොනක් වැන්න.
හවස් වේගෙන එත්ම
ඉවසන්ට මට බැරි ය
හෙමි හෙමින් පාක් එක
දෙසට මම පිය නගමි.
ඈත මහ ගස් අතර
කිසි ම මිනිසෙක් නොමැත
එහි පාළු ආසනයෙ
මම ගොසින් ලගින්නෙමි
නිකට මත තැබූ අතින්
මෙ සේ ඉඳ පෑ ගණන්
වියරු හුණු ලෝකයක
අගක් හෝ මුලක් නැති
කල්පනාවෙන් ඉඳිමි.
රෑ වෙලා නොදැනීම
“වෙලාව දැන් හතයි
ගේට්ටුව වහන්නට
පළමුවෙන් පිටවෙන්න”
ඇවිත් මුරකරු කියයි
මගෙ පිටට තට්ටු කොට
මෙතෙක් රෑ වූ බවක්
එවිට පමණිය දන්නේ
විදුලි එළි පෙනෙයි
දුර යකුන් ගේ ර තස් වැනි.
කරුවලේ ගාටමින්
ගේට්ටුව පහු කරමි
සියලු දුක් පහ කරන
මිහිර ගැන මට සිතේ.
ළඟ පහත තබෑරුමෙ
සියළු දුක් පහ කරන
සියළු දුක් සිඳ දමන
අමා පැන් පිරී ඇත
සාක්කුවේ අත දමා
මුදල් ඇත්දැයි එයට
හැම කොනක සොයන්නෙමි.
වේදදුරෝ කියති එය
මගෙ බඩට නරක යයි
පිළිකාව ලොකු වෙමින්
මාව ගිල ගනු ඇතැයි
උන් දන්නෙ මොන එකද
හිතේ පිළිකාව ගැන
පිළිකාව හෙමි හෙමින්
උගේ අඬු විහිදුවා
ගිලගන්නෙ නම් මාව
කොයි තරම් සැපයක්ද?
උගුර රත්වී වැටෙන
පිළිකාව සතුටකින්
උගේ අඬු විහිදුවනු
දැනෙයි මට සතුටකින්
රැවටුවා ජීවිතය
මම නො වෙමි රැවටුනේ
ඌට හොඳ පාඩමක්
උගන්නන්නම් මෙසේ
-Dr. Gunadasa Amarasekera-
![]()



නව පිටුවක ඇරඹුම මෙසේ දිගහරිනු ලබයි......
මම ගියා එහෙනම්......


දැන් දැක්කේ.... යන යන පිටුවේ උඹ





![]()
විශ්වාසයි... කල් පවතියි.... වගකීමට බැදී සිටියි....
විශ්වාසයි... කල් පවතියි.... වගකීමට බැදී සිටියි....
අලෝ අලෝ. මොක ද වෙන්නෙ?
අම්ම්බෝඕඕඕඕඔ දැන් ඇති යකෝ.......
විස්සාසයි කලුත්පනී වගකීමෙන් නිදහස් වේ...