~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

:shocked::shocked::eek:
489_1000.jpg

 
දොඹ ගස් යට මල් හැලිලා
සුවඳක් හැමතැන දැනෙයි
වළිකුකුළන් හඬලන විට
අහන් ඉන්න හරි හිතයි

ඇහැළ මලින්..

ගස්වල දළු සෙලවෙනකොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයින්
අල්ලන්නට බැරි හැඩයි
 

දෛවයේ නියමය ද මේ ගල් වලේ ලියැවුණේ
වෙඩි නූල ගිණි අරන් මගෙ පැල්පතට ඇවිළුනේ
අලුවෙලා ගිය පැතුම් කළුගල පුරා විසිරුනේ
මට අහිමි කර මගේ ඇස් ගල් බෝරෙ පිපිරුනේ

වැඩි දිනක් නෑ මගේ මැණිකෙට පුතෙක් ලැබෙන්න
බැරිවේවි තාත්තට පුතාගෙ මුහුණ දකින්න
පෙර කරපු පාපයක් මේ මට පලිසන් දුන්න
සිදුවුණා කුළුගෙඩිය අතහැර කණවැල ගන්න

අඩුපාඩු කම් දැනෙයි ඔයාට ඉවසන් ඉන්න
හැමවිට ම හිතට ශක්තිය ධෛර්යය අරගන්න
මට දෑස් නැතිවුණත් පුතාගෙ ඇස් පාදන්න
සුදු මැණිකෙ අපිට දවසක සතුටින් මියයන්න

දෛවයේ නියමය ද ...................
 
හිටි හැටියේ ඔබෙන් ලැබුණු
ආලවන්ත ඇස් බැල්මට අසුවන විට මං
සක්විති රජකමට වඩා
සත්තකින් ම පින් කළ බව
ඇඟෙයි හැබෑවයි

නිදි නැති රැය නිදි කරමින්
හීනයක් වී සැරෙන්
ඔබ ‍එන විටනම්
රෑ අඳුරට ලොල් බඳින්න
පායන හිරු වසන් කරයි
ඉන්න හිතෙන් නෑ

හිටි හැටියේ ...............

තනිකම අවරක යවමින්
මල් සුවඳක ඔබ දැවටී
එන විට රහසින්
මායිම් නැති අවකාශය
ඉපිල නටන සුවඳක් වී
දැවටෙමි සැනෙකින්

හිටි හැටියේ ...............
 
සඳ රේනු ඇති රැක ඔය දෑස සිප ගන්න
ආවා මම ආවා ....
මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පන නේද
කීවා ඔබ කීවා ....

සුසුමක්ව ලග ඉන්න නෙතු ගාව ඉපිලෙන්න
හැමදාම මගේ ලෝකයේ....
හුරතල්වී මා ලගම තුරුලේම පවසන්න
මං ඔබට හරි ආදරෙයි...

කවි සිංදු මුමුනන්න දුක් ගින්න මට දෙන්න
සැනසෙනන්න මිහිරාවියේ ...
ඔය උකුලේ මියැදෙන්න කවදාක හැකිවේද
මා පැතුම එයමයි ප්‍රියේ...♡♡ ♫
 
කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා
සුළගට සලිත ලියවැලක් ලා දලු පෑවා
විලකට නෙලඹු මලතුරේ පිණිබිදු දෝවා
මලකට සුවද පොද වගේ මුවරද නාවා
මිහිරාව ආවා
මදු රහස කීවා
හිතහී මිහිරියාවේ පෙම් සුවඳ නෑවා
මිහිරාව ආවා
මදු රහස කීවා
හිතහී මිහිරියාවේ පෙම් සුවඳ නෑවා
ඔය තුරුලෙමයි පිය බදේ
ඔය තුරුලෙමයි පිය බදේ
හිරු පායන්නේ මේ ජීවීතේ
හිරු පායන්නේ මේ ජීවීතේ

සංසාරන්‍යයේ බෝම විසකටු තියෙයි
මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියෙයි
මිහිරාව ආවා
මදු රහස කීවා
හිතහී මිහිරියාවේ පෙම් සුවඳ නෑවා
මිහිරාව ආවා
මදු රහස කීවා
හිතහී මිහිරියාවේ පෙම් සුවඳ නෑවා
ඔය තුරුලෙමයි පිය බදේ
ඔය තුරුලෙමයි පිය බදේ
හිරු පායන්නේ මේ ජීවීතේ
හිරු පායන්නේ මේ ජීවීතේ

හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ
මෙන්න මගේ ජීවිතේ පුදමි පඩුරක් ලෙසේ
මිහිරාව ආවා
මදු රහස කීවා
හිතහී මිහිරියාවේ පෙම් සුවඳ නෑවා
මිහිරාව ආවා
මදු රහස කීවා
හිතහී මිහිරියාවේ පෙම් සුවඳ නෑවා
ඔය තුරුලෙමයි පිය බදේ
ඔය තුරුලෙමයි පිය බදේ
හිරු පායන්නේ මේ ජීවීතේ
හිරු පායන්නේ මේ ජීවීතේ
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/30

    අද වෛද්‍යවරුන්ගේ දිනයයි.

    අද පැන්සල් දිනයයි.

    අද ලෝක ප්‍රකට ගායිකා සෙලින් ඩියෝන්ගේ 51වන ජන්ම දිනයයි.

    ලොව වටිනාම ටිප් එක ලබාදී ඇත්තේ අදවෙනි දිනකයි. (නිව්යෝක් නුවර පොලිස් නිලධාරියෙක් විසින් වේටර්වරියකට ටිප් එක වශයෙන් ලබාදුන් ලොතරැයි පත, පසුදින දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 6 ක තෑග්ගක් ඇයට හිමිවිය. 1984)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද 3/30

    ලොව වටිනාම ටිප් එක ලබාදී ඇත්තේ අදවෙනි දිනකයි. (නිව්යෝක් නුවර පොලිස් නිලධාරියෙක් විසින් වේටර්වරියකට ටිප් එක වශයෙන් ලබාදුන් ලොතරැයි පත, පසුදින දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 6 ක තෑග්ගක් ඇයට හිමිවිය. 1984)
    මතක ඇති කාලෙක රුපි‍යල් 20ක්වත් ඇදිල නෑ :rofl: