කාලය 1999 අවසන් භාගයේ .1999 අවසානයේ හෝ 2000 අවුරුද්දේ සයිබර් කැෆේ සංස්කෘතිය ආරම්භ වුන කාලේ හරිම සුන්දරයි. ඉස්සර හැන්දෑවේ බම්බලපිටියේ හන්දියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා ඇවිද යන ඕනෑම කෙනෙක්ට ගාලු පාර දෙපස සයිබර් අවන්හල් දකින්නට ලැබුන. ඒ දවස් වල ගෙවල් වලට ඉන්ටර්නෙට් ගන්න එක ලොකු අභියෝගයක් උනා. එතරම් මිල අධිකයි. ඉතින් ගොඩක් පොෂ් කට්ටිය මේ ඉන්ටර්නෙට් කැෆේ වලට ආවේ ගියේ.
මට මතකයි ඒ දවස් වල හැන්දෑවේ 6.30 විතර යනවා කොල්ලුපිටියේ තිබ්බ කැෆේ එකකට. ඒ කලේ A/L කරන දවස් වල. අම්මයි තාත්තයි රට ඉඳලා එවන සල්ලි වලින් වැඩි හරියක් වියදන් කලේ සයිබර් කැෆේ වලටයි සරසවි , නැත්නම් විජිතයාප එකෙන් computer සම්බන්ධයෙන් තියන පොත් ගන්නයි.
කැෆේ එක තිබ්බ මට බිල්ඩින් එක හරියට මතක නැහැ. පස්සේ කලෙක PC house එකේ technical department එක තිබ්බේ ඔය බිල්ඩින් එකේ. බිල්ඩින් එකේ උඩම floor එකට ගියාම තමයි කැෆේ එක තියෙන්නේ. හරිම නිස්කලංක තැනක් . මාරම ලස්සනයි. ලස්සන sea view එකක් තියෙන්නේ. හැන්දෑවට මුහුදේ ඉර බැස යන දර්ශනය මාරම ගති. ඒ අතරේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලාවට Bryan Adams ගේ සින්දුවක් ප්ලේ වෙනවා. ඔයාට ඕන කොෆි, ජූස් වගේ දේවල් වෙනම මිලට ගන්න පුළුවන්. ඒ දවස් වල පැයකට රුපියල් 500 වගේ ගත්තේ. සයිබර් කැෆේ වල අදවගේ වේගවත් ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ. Leased Line වල තිබ්බෙත් 128 Kbps වගේ.
2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ ගෙදරට ඉන්ටර්නෙට් ගත්තා. Dialup Modem එකක් . එදවස් වල තිබ්බ Lanka Internet කියල ISP කෙනෙක්. දැන් ඒ company එක නැහැ. Lanka Internet තමයි ලංකාවේ පළමුවෙනි Internet Service Provider.
ඔයා කාලේ හෙන පොෂ් කෙල්ලෝ සෙට් උනා e-mail friends ල ඉන්න සයිට් වලින්. ලංකාවේ විශාකා , සිරිමාවෝ වගේ ගිය ලොකු පවුල් වල කෙල්ලෝ සෙට් උනා. ඒවගේම පිට රට සුද්දියොත් සෙට් උනා. පිටරට ඉඳපු සුද්දියෝ පෝස්ට් කරලා එවපු Brithday Cards තවම මගේ ළඟ තියනවා.
හරිම ලස්සන කාලයක්.
Last edited:


