අපි ඉපදුනා පරක්කු වැඩියි වගේ, නැත්තම් ලස්සන හෑල්ලක් ලියලා මටත් දාන්න තිබුනා
මැරෙනකන්ම කරගන්න බැරි වෙයි නේද අනුරාදට නං ?කරගන්නම බැරි වුණා...
මගේ ආර්ථිකේ කඩන්වැටිලා තිබ්බ කාලේ මම හිටියේ Qatar වල. ගෙදරට කතා කරන එක තමයි ලොකුම අවුල තිබුනේ. ඒ වෙනකොට (2007) ගෙදරට ඉන්ටර්නෙට් අරන් තිබුනෙත් නෑ. කෝල් එකක් විනාඩියකට බර ගානක්. තිබුණු එකම වාසිය හිටපු නවාතැනේ ඉන්ටර්නෙට් තිබුණු එක විතරයි. කෝල් වලට තිබුනු option එක skype විතරයි. නමුත් laptop, desktop එකක් ගන්න සල්ලිත් නැහැ. ගියපු අලුත නිසා. මගේ වෙලාවට 2nd hand බඩු විකුණන (ikman වගේ) වෙබ් සයිට් එකක තිබිලා Firmware Downgraded PSP 3000 එකක් සෙට්වුනා. ඒකේ WiFi, Skype තියනවා. අතේ තිබුණු ගානට ගන්න පුලුවන් වුනේ ඒක විතරයි. ඒකෙන් කතා කරන්නත් ගෙදර අය cafe එකකට යන්න ඔ්න. ඒ වෙලාවට මම skype හරහා කෝල් ගත්තා. මාස ගණනක් යනකල් එහෙම තමයි. Email වලින් photo share කරගත්තෙ. තවමත් ඒ email තියනව.
ඒවා දකිද්දිත් පිස්සු වගේ
Thank you for bringing back the memories![]()
ඔව් කටාර් වලත් ඇෆ්ගන් බංගලි පකිස්තාන් එවුන් ගේ බිස්නස් එක Net2phone user name password විකුණන එක. ඒකත් ලාබයි හැබැයි Skype වියදම අඩුයි. Computer එකක් ඔ්න වුනා කෝල් එක ගන්න.ඒ දවස් වල ගොඩ දෙනෙක් පාවිච්චි කලේ Net2Phone Software එක.
uba labbak kiyanwa. mama nadiya nyce ge beach wala bawa 125mb file eka. raa 9 patan gaththa eka ude 7 iwara une.තොපිලට කියන්න මම මෙගාබයිට් 80ක එකක් ඩවුන්ලොඩ් කරන්න ගිහින් කාපු කට්ට
කරගන්නම බැරි වුණා...
Itin me liwwa ekaa wage ubat boruwak dapankoඅපි ඉපදුනා පරක්කු වැඩියි වගේ, නැත්තම් ලස්සන හෑල්ලක් ලියලා මටත් දාන්න තිබුනා![]()
ඉන්දියන් ISP උන් හිටියා, මෙගාබයිට් එකක් සත පනහයි ඒ කාලේ.
2008 අන්තිම කාලෙ නුගේගොඩ පැයට රුපියල් 30 ට කැෆේ තිබුනේ. පස්සෙ වැහිලම ගියා. කැෆේ එකකට යන්නත් මාර කට්ටක් . එච්චර සෙනග. ඉස්සර ඉරාජ්ගෙ හිතුමතේ song එක ආපු මුල්ම දවස්වල ඒක Download කරන්න modem එකේ internet වලින් බැරි නිසා Cafe එකකට ගිහින් තමා down කර ගත්තේ![]()
කාලය 1999 අවසන් භාගයේ .1999 අවසානයේ හෝ 2000 අවුරුද්දේ සයිබර් කැෆේ සංස්කෘතිය ආරම්භ වුන කාලේ හරිම සුන්දරයි. ඉස්සර හැන්දෑවේ බම්බලපිටියේ හන්දියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා ඇවිද යන ඕනෑම කෙනෙක්ට ගාලු පාර දෙපස සයිබර් අවන්හල් දකින්නට ලැබුන. ඒ දවස් වල ගෙවල් වලට ඉන්ටර්නෙට් ගන්න එක ලොකු අභියෝගයක් උනා. එතරම් මිල අධිකයි. ඉතින් ගොඩක් පොෂ් කට්ටිය මේ ඉන්ටර්නෙට් කැෆේ වලට ආවේ ගියේ.
මට මතකයි ඒ දවස් වල හැන්දෑවේ 6.30 විතර යනවා කොල්ලු පිටියේ තිබ්බ කැෆේ එකකට. ඒ කලේ A/L කරන දවස් වල. අම්මයි තාත්තයි රට ඉඳලා එවන සල්ලි වලින් වැඩි හරියක් වියදන් කලේ සයිබර් කැෆේ වලටයි සරසවි , නැත්නම් විජිතයාප එකෙන් computer සම්බන්ධයෙන් තියන පොත් ගන්නයි.
කැෆේ එක තිබ්බ මට බිල්ඩින් එක හරියට මතක නැහැ. පස්සේ කලෙක PC house එකේ technical department එක තිබ්බේ ඔය බිල්ඩින් එකේ. බිල්ඩින් එකේ උඩම floor එකට ගියාම තමයි කැෆේ එක තියෙන්නේ. හරිම නිස්කලංක තැනක් . මාරම ලස්සනයි. ලස්සන sea view එකක් තියෙන්නේ. හැන්දෑවට මුහුදේ ඉර බැස යන දර්ශනය මාරම ගති. ඒ අතරේ බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලාවට Bryan Adams ගේ සින්දුවක් ප්ලේ වෙනවා. ඔයාට ඕන කොෆි, ජූස් වගේ දේවල් වෙනම මිලට ගන්න පුළුවන්. ඒ දවස් වල පැයකට රුපියල් 500 වගේ ගත්තේ. සයිබර් කැෆේ වල අදවගේ වේගවත් ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ. Leased Line වල තිබ්බෙත් 128 Kbps වගේ.
2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ ගෙදරට ඉන්ටර්නෙට් ගත්තා. Dialup Modem එකක් . එදවස් වල තිබ්බ Lanka Internet කියල ISP කෙනෙක්. දැන් ඒ company එක නැහැ. Lanka Internet තමයි ලංකාවේ පළමුවෙනි Internet Service Provider.
ඔයා කාලේ හෙන පොෂ් කෙල්ලෝ සෙට් උනා e-mail friends ල ඉන්න සයිට් වලින්. ලංකාවේ විශාකා , සිරිමාවෝ වගේ ගිය ලොකු පවුල් වල කෙල්ලෝ සෙට් උනා. ඒවගේම පිට රට සුද්දියොත් සෙට් උනා. පිටරට ඉඳපු සුද්දියෝ පෝස්ට් කරලා එවපු Brithday Cards තවම මගේ ළඟ තියනවා.
හරිම ලස්සන කාලයක්.
මතක ඇතුව යුතුකම ඉටුකරපං..2002 Ranil sir ADSL dunna 2Mbps, cafe yanawa IDM EXE eka Pen eke dagena. cafe eke un anathai. eka eka uttawal kara block karanna. hikiz
Nugegoda Singer mega eka eha paththa thibba ekak. ai anula ekata eha thibba thawa ekak.
ඔවු ඩයල් අප්, ටෙලිකොම් වගේ පැය ගණනට කාඩ් දුන්නා, ඊට කලින් තර්ඩ් පාටි ISPල මෙගාබයිට් එකක් සත 50 විදියට දුන්නා.Dialup da. Dialup නම් ඒකාලේ දුන්නේ පැය ගානට නේද