2020 තුන්වන පාර්ශවය

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :D:D:D
    mage selection eka -Palaweni manape Gotata
    Deweniyata Naga

    deepan deepan... ubalata tama me wage ekek ekka me rate inna wenna.. ubalata denna one passe panna...

    68453331_2588469744551508_5789336467255853056_n.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජනාධිපතිවරණයකට තරඟ කරන්නම රටක පුරවැසිකම ලබාගත් දෙන්නෙක්...! හිට්ලර් සහ ‌ගෝඨා..! ගෝඨාගේ පුරවැසි ලණුව තවම තියෙන්නේ ඇමෙරිකාව අතේ..!
    -උපුල් ජෝසෆ් ප්‍රනාන්දු ලියයි-

    (ලංකා ඊ නිව්ස් -2019.අගෝ.18, ‌ප.ව.5.10)''හිට්ලර් ජර්මනියේ ප්‍රසිද්ධ රැස්වීම් ශාලාවල ජර්මානුවන්ට දේශප්‍රේමය උගන්වන විට මේ මිනිසා ජර්මානු පුරවැසියෙක් නොවේ යැයි ජර්මානු ජනතාව දැන සිටියේ නැත. ඔවුන් හිතුවේ හිට්ලර් ජර්මනියට ආදරය කරන දේශප්‍රේමී ජර්මානුවකු යැයි කියාය. යුදෙව්වන් නිසා ජර්මානුවන්ට ව්‍යාපාරිකයන් වීමේ අවස්ථාව, උසස් නිලධාරීන් වීමේ අවස්ථාව අහිමි වෙනවා යැයි හිට්ලර් කියන විට ජර්මානුවන් අත්පොළසන් දුන්නේ ඒ නිසාය. ලෝකයේ පිරිසුදුම ආර්යයන් ජර්මානුවන් යැයි හිට්ලර් හඬ තළන විට ඔවුන් හිතුවේ ජර්මනියට ආදරය කරන ජර්මානුවන් වෙනුවෙන් කතා කරන මෙවැනි දේශප්‍රේමී ජර්මානුවෙක් ජර්මනියේ නැතැයි කියාය. ඔහු ජර්මනිය තුළ ව්‍යාප්ත වන යුදෙව්වන් පිටමං කළ යුතු යැයි මරහඬ තළන විට ජර්මානුවෝ හිට්ලර් ජර්මනියේ වාසනාවට උපන් පුරවැසියෙක් යැයි සිතූහ. හැබැයි හිට්ලර් ජර්මනියේ පුරවැසියෙක් නොවේ.

    හිට්ලර් ඔස්ට්‍රියාවේ පුරවැසියෙකි..
    ---------------------------
    ඔහු ඔස්ට්‍රියාවේ පුරවැසියෙකි. ඔහු ඔස්ට්‍රියානු පුරවැසියකුව සිටියදී හමුදා සොල්දාදුවෙක් විය. ඔහු දේශපාලනය කරන්න පටන් ගත්තේ ජර්මනියට සංක්‍රමණය වෙලාය. හිට්ලර් තම ඔස්ට්‍රියානු පුරවැසිභාවය අත්හැරියේ 1925 දීය. ඔහු එලෙස ඔස්ට්‍රියානු පුරවැසිභාවය අත් හැරියේ ජර්මානු ප්‍රාන්ත ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයේ වරදකරු වී ඔහුව ඔස්ට්‍රියාවට පිටමං කරනු ඇතැයි බය වෙලාය. තමා ජර්මානු පුරුවසියෙක් නොවන බව ඔහු රහසක් වශයෙන් තබාගෙන සිටියේය. එය දැන සිටියේ ඔහුගේ සමීපතමයන් පමණි. ඔහු ජර්මනියට ඇවිත් ජර්මානුවන්ගේ දේශප්‍රේමය ඇවිස්සුවේ පුරවැසිකමත් රහිත අයකු ලෙසය.

    ඉංග්‍රීසීන් මේ අයව හඳුන්වන්නේ ස්ටේට්ලස් කියාය. හිට්ලර් තමාගේම පක්ෂයක් පිහිටුවාගෙන රට වටේ දේශපාලනය කරන විට ඔහු පළමුව ජර්මානු පුරවැසිභාවය ගත යුතු බව ඔහුට ජර්මානු පුරවැසිභාවය නැති බව දැන සිටි ඔහුගේ සමීපතමයෝ කීහ.

    ජර්මනියේ මැතිවරණ තරඟ කරන්න ජර්මානු පුරවැසිභාවය වුවමනා බව හිට්ලර් දැන සිටියත් ඔහු එය ගන්න උනන්දු නොවීය. එයට හේතුව වූයේ ජර්මානු පුරවැසිභාවය ලබා ගන්න එරට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ආයතනවල පෝලිමේ සිටීමෙන් රස්තියාදු වීමට ඔහු දක්වපු අකමැත්තය.

    පුරවැසිකම ගන්න ගරු තනතුරු ‌සෙවූ හිට්ලර්..
    ---------------------------
    ඔහුගේ සමීපතමයන්ට අනුව ඔහුට අවශ්‍ය වූයේ ජර්මානු පුරවැසිකම ත්‍යාගයක් ලෙස ලබා ගැනීමටය. එහෙත් ජර්මානු පුරවැසිකම එලෙස නොලැබෙන බව ඔහුගේ ගෝලයන් ඔහුට පෙන්වා දුන්හ. හිට්ලර්ට පෝලිම්වල රස්තියාදු නොවී පුරවැසිකම ගන්න ක්‍රමයක් ඔවුහු සෙවූහ.

    හිට්ලර්ට එරට රාජ්‍ය ආයතනයක ගරු කටයුතු රැකියාවක් ලැබුණොත් ඔහුට ඉබේම ජර්මානු පුරවැසිකම ලැබෙන බව ඔවුහු පෙන්වා දුන්හ. ඒත් ඔවුන් සොයාදුන් රජයේ ගරු තනතුරු ලබාගන්න ඔහු අකමැති වූයේ එම තනතුරු ඔහුගේ තත්ත්වයට නොගැළපෙන නිසාය. එහෙත් ඔහුට පුරවැසිභාවය ලබාගන්න ගත් උත්සාහයන් බොහොමයක් අසාර්ථක විය.

    ජර්මනියේ විශ්වවිද්‍යාලයක ගරු මහාචාර්යවරයෙක් ලෙස ඔහුව නම් කොට පුරවැසිභාවය ලබා ගන්න ගත් උත්සාහයද වැරදුණි.

    හිට්ලර්ගේ උදව්වට ආ ඇමැති..
    ---------------------------
    අන්තිමේදී ඔහු ජර්මානු පුරවැසියකු වූයේ ජර්මනියේ ප්‍රාන්තයක අභ්‍යන්තර කටයුතු ඇමැතිගේ උදව්වෙන්ය. එම ඇමැති හිට්ලර්ගේ මිතුරෙක් විය. එපමණක් නොව ඔහු හිට්ලර්ගේ පක්ෂයේ සාමාජිකයෙක් විය. ඔහු හරහා හිට්ලර්ට පුරවැසිභාවය ලබා දෙන වැඬේ කළේ හිට්ලර්ගේ සමීපතමයන්ය. ඔහු හිට්ලර්ව බර්ලිනය තුළ තම ප්‍රාන්ත ආණ්ඩුව නියෝජනය කරන ඉඩම් දෙපාර්තමේන්තුවට අයත් ගරු තනතුරක් සඳහා පත් කළේය.

    හිට්ලර් එයට කැමැති වූයේ ජර්මනියේ ජනාධිපති ධුරයට තරග කිරීම සඳහා අවශ්‍ය පුරවැසිභාවය ලබාගන්න වෙනත් මඟක් නැති බව දැනගෙනය. එම තනතුර ලබා ගැනීමත් සමඟ ඔහුට පුරවැසිභාවය හිමිවූ අතර ඔහුගේ පුරවැසි සහතිකය රැගෙන ඔහුගේ සමීප අය ඔහුව හමුවෙන්න ආවේ රටක් රාජ්‍යයක් දින්නා වගේය.

    ඔවුන් හිට්ලර්ට සුබපතමින් පුරවැසි සහතිකය දෙද්දී හිට්ලර් කීවේ තමාට නොව ජර්මනියේ පුරවැසියන්ට සුබපතන ලෙසය. ඔහු කීවේ ජර්මනියේ පුරවැසිභාවය හිමි වීම තමාගේ ජයක් නොව ජර්මනියේ ජයක් ලෙසය. පුරවැසිභාවය ලැබීමෙන් පසු ඔහු පර්මනියේ ජනාධිපතිවරණයට තරග කළේය. ඒත් පරාජයට පත්විය.

    හිට්ලර් සහ ‌ගෝඨාභය..
    ---------------------------
    හිට්ලර් පුරවැසිකම ගත් මේ අපූරු කතාව මතක් වන්නේ 2019 ජනාධිපතිවරණයට තරග කරන්න ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ පුරවැසිභාවය ලබා ගත්තේ කොහොමදැයි කියා හැමෝම ප්‍රශ්න කරන නිසාය. ජනාධිපතිවරණයට තරග කරන්න රටක පුරවැසිකම ලබාගත් නායකයන් ගැන ඉතිහාසය ලියනවා නම් ඉන්නේ දෙන්නෙකි. එක් අයෙක් හිට්ලර්ය. අනෙක් තැනැත්තා ගෝඨාභයය.

    හිට්ලර් සේම ගෝඨාභයද තම රටේ පුරවැසිභාවය අත්හැරිය අයය. හිට්ලර් එය අත්හැරියේ ජර්මනියෙන් තමාව පිටමං කරනු ඇතැයි බය වෙලාය. ගෝඨාභය ලංකාවේ පුරවැසිභාවය අත්හරින්න ඇත්තේ ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස වරප්‍රසාද ලබාගෙන සැපවත් ජීවිතයක් ගත කරන්නට විය යුතුය.

    ඔහු ලංකාව අතහැර ගියේ හමුදා සේවයෙන් ඉවත් වෙලාය. හිට්ලර් ඔස්ට්‍රියාව අතහැර ජර්මනියට ආවේත් ඔස්ට්‍රියාවේ හමුදා සේවය අතහැරලාය.

    රටක පුරවැසිකම අතහැරීම සෙල්ලමක් නොවේ...
    ---------------------------
    රටක පුරවැසිකම අතහැරීම සෙල්ලමක් නොවේ. යමෙක් රටක පුරවැසිකම අත්හරින්නේ ඒ රට තමන්ට වුවමනා නැහැ කියන පදනම මතය. ගෝඨාභය මේ රටට මෙතරම් ආදරය නම් පුරවැසිකම අත්හැරියේ ඇයිද යන ප්‍රශ්නය පැනනඟී.

    හේතුව ලොව වෙන රටවල සේවය කරන ලංකාවේ බොහෝ උගතුන් ලංකාවේ පුරවැසිභාවය අතහැර නැත. හේතුව ඔවුන් ගතින් වෙන රටක හිටියත් සිතින් ඉන්නේ ලංකාවේය. ඔවුන් උපන් බිමට ආදරේය. සමහරු රැකියා අවසර පත්‍රය යටතේ විදේශ රටවල සේවය කරන අතර තවත් සමහරු එරටත් ලංකාවේත් ද්වි පුරවැසිභාවය ලබා ගෙන ඇත.

    පුදුමය 90 දශකය අග භාගයේ ඇමෙරිකාවට යන ගෝඨාභය 2005 තම සොහොයුරා මහින්ද ජනාධිපති වන තෙක් ලංකාවේ ද්විත්ව පුරවැසිභාවයවත් ලබා නොතිබීමය. ඔහු 2005 ජනාධිපතිවරණය සඳහා ලංකාවට එන්නේ ඇමෙරිකානු පුරවැසියකු සේ ඇමෙරිකානු ගුවන් ගමන් බලපත්‍රයෙන් ලංකාවට සංචාරක වීසා සීල් එක ගහගෙනය.

    2005 සිය අයියා ජනාධිපති කරන්න සංචාරයක් සඳහා ලංකාවට එන මේ ඇමෙරිකානු පුරවැසියා අයියා ජනාධිපති වූ විගස මෙරට ද්විත්ව පුරවැසිභාවයට අයැදුම් කොට එය ලබාගෙන මෙරට ආරක්ෂක ලේකම් ධුරයට පත්වෙයි.

    ඇමෙරිකානු පුරවැසියෙක් ලංකාවට ආදරෙයිද?
    ---------------------------
    ඉන්පසු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසියකුට ලංකාවේ මැතිවරණ තරග කරන්න තහනමක් පනවන විට ඔහු ලංකාවේ ජනාධිපති වෙන්න ඇමෙරිකාවෙ පුරවැසිකම අත්හැර ලංකාවේ පුරවැසිභාවය ලබාගන්න අයැදුම් කරයි.

    ලංකාවේ ආරක්ෂක ලේකම් වෙන්න ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ඇමෙරිකානු පුරවැසියෙක් ලංකාවේ ජනාධිපති වෙන්න ලංකාවේ පුරවැසිභාවය ලබාගත් ඇමෙරිකානු පුරවැසියෙක් ලංකාවට ආදරෙයි කියා කියන්නේ කොහොමද..?

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ වෙනත් රටක පුරවැසියන්ට ලංකාවේ මැතිවරණ තරග කරන්න තහනමක් පැනවූයේ නැතිනම් ගෝඨාභය ජනාධිපතිවරණයට එන්නේ ඇමෙරිකානු පුරවැසියෙක් ලෙසය. ඔහු ආරක්ෂක ලේකම් ධුරය දැරුවේත් ඇමෙරිකානු පුරවැසියෙක් ලෙසය.

    ඇමෙරිකානු පුරවැසියෙක් වෙනත් රටක රජයේ තනතුරක් දරද්දී ඇමෙරිකාවේ වුවමනා එපාකම්වලට තර්ජනයක් හානියක් වන පරිදි කටයුතු නොකළ යුතු යැයි ඇමෙරිකානු නීතියක් ඇත. ඇමෙරිකානු පුරවැසියෙක් වෙනත් රටවල රාජ්‍ය තනතුරු දරද්දී ඇමෙරිකානු අවශ්‍යතා වෙනුවෙන් බැඳ තබන්නේ එම නීතියෙනි.

    2007දී ගෝඨාභය රාජපක්ෂට ඇමෙරිකාවත් සමඟ ආරක්ෂක ගිවිසුමක් අස්සන් කරන්න සිදුවුණේ එහෙයිනි. මෙම ගිවිසුම ගැන මූලික සාකච්ඡා ආරම්භ වූයේ 2002 රනිල්ගේ ආණ්ඩු කාලයේය.

    ඇමරිකානු පුරවැසි ‌ගෝඨා ඇමරිකාව සමග අත්සන් කළ ගිවිසුම..
    ---------------------------
    2002 මාර්තුවේදී එවකට දකුණු ආසියාව භාර ඇමෙරිකානු සහකාර ලේකම් ක්‍රිෂ්ටිනා රොකා නියෝජිත පිරිසක් සමඟ එවකට අගමැති රනිල් සමඟ මේ ගිවිසුම ගැන සාකච්ඡා කළහ. එකල චන්ද්‍රිකා නායකත්වය දරපු ශ්‍රීලනිපයෙන් සහ විමල් වීරවංශගේ ජවිපෙන් ගිවිසුමට විශාල විරෝධයක් එල්ල විය.

    2004 දී ආණ්ඩුව වැටුණි. ගිවිසුම අස්සන් කිරීමට නොහැකි විය. 2005 මහින්ද ජනාධිපති වී ඇමෙරිකානු පුරවැසියකු ලෙස ගෝඨාභය ආරක්ෂක ලේකම් වූ විට ගිවිසුම අස්සන් කෙරුණේ එදා ගිවිසුමට විරුද්ධ වුණු ශ්‍රීලනිප නායකයෝ සහ විමල්ලා අහක බලාගෙන සිටියදීය. ඒ 2007 දීය.

    දැන් යළිත් එම ගිවිසුම වැඩිදියුණු කොට සෝෆා නමින් අස්සන් කිරීමට රනිල් සහ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අතර සාකච්ඡා ආරම්භ වී ඇත. එයට පොහොට්ටුවේ සහ විමල්, ගම්මන්පිලලාගේ විරෝධය එල්ලවී ඇත. ගෝඨාභයට අත්හරින එක ලෙහෙසි නැහැ කීව ඇමෙරිකානු පුරවැසිකම අත්හැරියා කියා ගෝඨාභයම ලියවිලි පෙන්වන්නේ ඉන් පසුවය.

    මහින්ද ඇලිස් හමුව...
    ---------------------------
    2002 ක්‍රිස්ටිනා රොකා ආවාසේ මෙදා ලංකාවට එන්නේ ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ දකුණු ආසියාව භාර සහකාර ලේකම් ඇලිස් ජී.වේල්ස්ය. ඇය රනිල් හමුවීමට පෙර මහින්ද හමුවෙයි. සෝෆා ගිවිසුමට එරෙහිව මරහඬ තළපු විමල්ගේ වෙබ් අඩවිය මහින්ද ඇලිස් හමුව වාර්තා කරන්නේ මහා ජයග්‍රහණයක් ලෙසය. එම හමුවට පසු මහින්ද ගෝඨාභය අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කරයි.

    ඇමෙරිකාව ගෝඨාභයට පුරවැසිකම අත්හැරීමේ ලිපිය දුන්නේ ඔහු ජනාධිපති වුවහොත් සෝෆා ගිවිසුම අස්සන් කරන බවට කොන්දේසිය මතද..?

    ගෝඨාගේ නහයට දමා තියෙන පුරවැසි ලණුව තවම තියෙන්නේ ඇමෙරිකාව අතේ..
    ---------------------------
    ''ඇමෙරිකානු ජාතික ගීය වයද්දී නැඟී සිට අත පපුවට තියාගෙන ආචාර කරපු ඇමෙරිකානුවා ලංකාවේ ජනාධිපති වෙනවා ඇමෙරිකාව බලා සිටින්නේ මිස්ටර් බීන්ගේ විහිළු චිත්‍රපටයක් බලන්නා මෙන්ය. ''

    ඇමෙරිකාවේ රැකියාව කරමින් ඇමෙරිකාවට බදු ගෙව්ව ඇමෙරිකානු ජාතික ගීය වයද්දී නැඟී සිට අත පපුවට තියාගෙන ආචාර කරපු ඇමෙරිකානුවා ලංකාවේ ජනාධිපති වෙනවා ඇමෙරිකාව බලා සිටින්නේ මිස්ටර් බීන්ගේ විහිළු චිත්‍රපටයක් බලන්නා මෙන්ය.

    ඒ හිනාව වැඩිවී ඇමෙරිකාවේ ඇස්වලට කඳුළුත් එන්නේ ආචාර්ය නලින් ඩී. සිල්වා, ගුණදාස අමරසේකර, බෙංගමුවේ නාලක හිමි වැනි දේශප්‍රේමීන් ගෝඨා අපේ එකෙක් කියා ජයඝෝෂා නඟන විටදීය.

    හැබැයි ඇමෙරිකාව හිනා වෙවී හිටියත් ඇමෙරිකානු පුරවැසියන්ගේ පුරවැසිකම අහිමි වීමේ ලැයිස්තුවට තවම ගෝඨාභයගේ නම දමා නැත. ඒ කියන්නේ ගෝඨාගේ නහයට දමා තියෙන පුරවැසි ලණුව තවම තියෙන්නේ ඇමෙරිකාව අතෙහිය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    :baffled::baffled: මේ මනුස්සයා මුලදි දීපු ටෝක්ස් හැටියට මං හිතුවෙ මිනිස්සුන්ගෙ ඒකමතික මතකයකින් අලුත්ම බලවේගයක් මතුවෙලා රටේ නායකයා වෙයි කියලයි :rofl::baffled: බලන්ගියාම මේ මනුස්සයා මුල ඉදන්ම එයා support කරන party එකටනෙ කඩේ ගිහින් තියෙන්නේ:rofl::rofl:

    විඩියෝ එකේ කාලක් බලපු එකෙක් මෙන්න . නොකියපු මගුලක් ඇවිල්ල අල්ල උඩ කෙබ්බ අරිනවා. මේ අර ගෝඩා බාප්පිට උබේ වටිනා ජන්දය භාවිතා කරපන් ප්ලීස්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මනුස්සය කිව්වා කියල දේව වාක්‍ය වගේ අදහනවනේ අපේ මිනිස්සු :baffled: දැන් අනුර සර් වෙනම ඉල්ලුව කියන්නේ විකල්පෙත් සීයට අසුවක් විතර ගැලවිලා ගියා තවත් ඉතුරු රොඩු ටික තමා ඉතුරු අයට
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    deepan deepan... ubalata tama me wage ekek ekka me rate inna wenna.. ubalata denna one passe panna...

    68453331_2588469744551508_5789336467255853056_n.jpg
    :lol::lol:
    Hitler wai Gotawai samana karanna oyata pissuda :rofl::rofl:
    oyath ara 62 lakshe kenek neda.
    Kamak naa oyata hoda naga nam eyata denna, oya hithana widiyata Gotata wada Naga hoda wenawa wagema, mage selection eka Gota first ehema nathnam thama naga. habai sure naga awoth rate arakshawanam anthima wenawa, naga or wena oya enawa kiyana wikalpa pakshe awoth horu tika nam gedara yawai (aluthen ena tika horu nowei kiyala hithamuko) habai rate arakshawa hadanna baa kiyatawath. Muslim anthawade, ltte ekka harennawath baa meyalata. aniwa rate arakshawa winasai.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    විඩියෝ එකේ කාලක් බලපු එකෙක් මෙන්න . නොකියපු මගුලක් ඇවිල්ල අල්ල උඩ කෙබ්බ අරිනවා. මේ අර ගෝඩා බාප්පිට උබේ වටිනා ජන්දය භාවිතා කරපන් ප්ලීස්
    Naa mamath video eke oka dakka, eyama kiyanawa, eya aluth wikalpeta sambandai kiyala, e kandayame kiyala. anith ayata kiwwata, oya video eka balala na wage :D
    මේ මනුස්සය කිව්වා කියල දේව වාක්‍ය වගේ අදහනවනේ අපේ මිනිස්සු :baffled: දැන් අනුර සර් වෙනම ඉල්ලුව කියන්නේ විකල්පෙත් සීයට අසුවක් විතර ගැලවිලා ගියා තවත් ඉතුරු රොඩු ටික තමා ඉතුරු අයට
    ow dan Gota/Phottuwata akamathi ayata danna thiyena option ekak wadi una ne, dan jvp ekatath podi votes pramanayak kadila yanawa.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    :baffled::baffled: මේ මනුස්සයා මුලදි දීපු ටෝක්ස් හැටියට මං හිතුවෙ මිනිස්සුන්ගෙ ඒකමතික මතකයකින් අලුත්ම බලවේගයක් මතුවෙලා රටේ නායකයා වෙයි කියලයි :rofl::baffled: බලන්ගියාම මේ මනුස්සයා මුල ඉදන්ම එයා support කරන party එකටනෙ කඩේ ගිහින් තියෙන්නේ:rofl::rofl:

    Ubala hituwema gota gana kiyanawa kiyala neh:rofl::rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :baffled::baffled: මේ මනුස්සයා මුලදි දීපු ටෝක්ස් හැටියට මං හිතුවෙ මිනිස්සුන්ගෙ ඒකමතික මතකයකින් අලුත්ම බලවේගයක් මතුවෙලා රටේ නායකයා වෙයි කියලයි :rofl::baffled: බලන්ගියාම මේ මනුස්සයා මුල ඉදන්ම එයා support කරන party එකටනෙ කඩේ ගිහින් තියෙන්නේ:rofl::rofl:

    :rofl: