225 ආදායම බෙදීම කෝටි දෙක

rusiyanuwa

Active member
  • 225 ආදායම බෙදීම කෝටි දෙක

    ලංකාව දියුණු රටක්ලු. ඒකපුද්ගල ආදායම $13000 වෙලාලු. එතකොට මට නොලැබුනු ඉතිරි මුදල ගත්තෙ කවුද?

    මේ කියන ගණන් හිලව් හරිනම් ඇත්තටම ලංකාවෙ ආදායම් විෂමතාවය හරිම උග්‍රවෙලා. නැතිනම් මිනිස්සු රු1000 දවසෙ පඩියට වැඩ කරද්දි අවුරුද්දට රුපියල් 2100000 හම්බ කරන්නෙ කොහොමද?

    සමහරවිට 225යි වටේ ඉන්න සෙට් එකෙයි වාර්ෂික ආදායම රටේ ජනගහණය වෙන කෝටි දෙකෙන් බෙදුවම මේ ඒක පුද්ගල ආදායම ලැබෙනවා වෙන්න පුලුවනි.


    උපුටාගැනීම- http://nethnews.lk/article/58871

    ‘‘ සමහරුන් හිතාගෙන ඉන්නේ තවම මේ රට ගමක්, අඩු ආදායම්ලාභීන් වෙසෙන දුප්පත් රටක් කියලා. නමුත් මේ රටේ සමාජ යාතාර්ථය දිහා බැලූවහම මේ රට එවැනි රටක් නෙමෙයි කියලා අපි හැමෝටම පේනවා.

    මේ රටේ අද ඒකපුද්ගල ආදායම පිළිබඳව තිබෙන වැදගත්ම නව මිනුම් දණ්ඩ අනුව ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 13,000 (රුපියල් 2 198 820.00) ක් වෙනවා. මෙය විශාල අගයක්. එය මේ කලාපයේ විශාලම අගය වනවා වගේම,එය මිලදී ගැනීමේ හැකියාව පැත්තෙන් ලෝකයේ දියුණු රටක් යැයි හිතෙන තරම් විශාල අගයක් වනවා.

    ඒ නිසා මේ රට පැරණි දුප්පත් රට නෙමෙයි. මේ රටේ දුප්පත් යැයි කියන්න පුළුවන් අන්ත දුප්පත් පිරිස 6% කටත් වඩා අඩුයි. ඒ නිසා මේ රටේ විරැකියාව අද අනෙක් පැත්ත වන උගතුන් අතර පමණයි විරැකියාව තිබෙන්නේ. අද විරැකියාව 4% දක්වා අඩුවෙලා තිබෙනවා. අපේ ආර්ථික දිශානතිය දෙස බලන විට එය විශාල ජයග‍්‍රහණයක්.”
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    යකෝ මාසෙකට එතකොට 175 000යි නෙ..
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    යකෝ මාසෙකට එතකොට 175 000යි නෙ..




    දැන් බොගේ තුවාල හොදද? මම එදා අරන් දුන්නු ක්‍රීම් එක හැමදාම හවසට හවසට ගාපන් උණු වතුරින් තවලා.
     

    rusiyanuwa

    Active member
  • යකෝ මාසෙකට එතකොට 175 000යි නෙ..

    ඒකනෙ. මට එච්චර පඩියක් ලැබෙන්නෙ නෑ නෙ.පාඨලී අපි වැඩකරන තැනට එනවා දැකලා තියෙනවා. වෙලාවක හම්බෙලා අහන්න ඕන මගේ ඉතුරු සල්ලි ටික ගත්තු එකාව දන්නවද කියලා
     

    rusiyanuwa

    Active member
  • Koheda bun $13,000 kiyala thiyenne?

    කියපු වොයිස් කට් එකක්නම් නෑ. නෙත් එකේ දාලා තිබුනෙ. මුනුත් දෙපාර කියවන් නැතිව ආටිකල් පෝස්ට් කරන නිසා මුන්ගෙ බුලක් ද දන්නෑ. මාධ්‍ය නිදහසද මොකක්දලුනෙ.