~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙතනදි ගොඩක් අවාසනාවන්ත සිදුවීමකට මූනපාන්න සිද්ධ වුනා... කැමරා එකේ ගත්ත පින්තූර ඔක්කොම මෙමරි චිප් එකේ සේව් වෙද්දි කෙළ වෙලා.. පොටෝ එකක්වත් ගොඩ ගන්න බැහැ.. ඉතින් දැනට මේ තියෙන්නේ මොබයිල් එකෙන් ගත්ත පොටෝ තමයි..
    ඔය කුමාරයට හරි හමන් කැමරාවක් නෑ.. දැක්කද කියලා තියෙන බොරු:lol:
    :lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම ටික වෙලාවකට සමු ගන්නවා..

    ane kumaraa maama apiwa dala yanna epaa
    6129600.png
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේ තියෙන්නේ ලිප්ටන් සීට් කදුමුදුනෙ තියෙන පොඩි කඩේ කෑම.. අපිට උණු උණු රොටී, වඩේ ලැබුනා.. රොටීයි වඩෙයි කාලා හොදම ලිප්ටන් තේ දෙකක් බිව්වම පට්ට ෆිට් ඇගට.. ඒ කඩේ ගණන් එහෙමත් අපි හිතුවට වඩා ෂේප්... රොටී 5 යි, වඩේ 5 යි කිරි තේ දෙකටයි ගියේ රු. 400 යි. ඒ මිනිස්සු හෙන අහින්සක හොද මිනිස්සු. මරාගෙන කෑමක් නැහැ. ඒ වෙලාවෙ හැටියට ඒ කෑම රජබොජුන් වගේ
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    "wife".....?
    ඊට පස්සේ අපි ආයිත් හපුතලේට ඇවිත් බොරලන්ද වැලිමඩ පාරෙන් වැලිමඩට ආවා..කි.මී. 25 යි. ඒ පාරත් බොරලන්ද වෙනකල් කාපට් පාර. ඊට පස්සේ බොරලන්දෙ ඉදන් වැලිමඩ වෙනකල් සාමාන්‍ය පාර. පාර හොදයි.. යන්න පුලුවන් උපරිම.. ඉතින් අපි වැලිමඩට ඇවිත් වැලිමඩින් බෝඹුරැඇල්ල බලන්න යන්න පිටත් වුනා.. බෝඹුරුඇල්ල තියෙන්නෙ වැලිමඩ ඉදන් කි.මි.15 ක් දුරින්..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඊට පස්සේ අපි ආයිත් හපුතලේට ඇවිත් බොරලන්ද වැලිමඩ පාරෙන් වැලිමඩට ආවා..කි.මී. 25 යි. ඒ පාරත් බොරලන්ද වෙනකල් කාපට් පාර. ඊට පස්සේ බොරලන්දෙ ඉදන් වැලිමඩ වෙනකල් සාමාන්‍ය පාර. පාර හොදයි.. යන්න පුලුවන් උපරිම.. ඉතින් අපි වැලිමඩට ඇවිත් වැලිමඩින් බෝඹුරැඇල්ල බලන්න යන්න පිටත් වුනා.. බෝඹුරුඇල්ල තියෙන්නෙ වැලිමඩ ඉදන් කි.මි.15 ක් දුරින්..
    image

    865397.png
    865397.png
    865397.png
    865397.png

    ලස්සනයි බන් ඕක නම්
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    බෝඹුරු ඇල්ල කියන්නේ ලංකාවෙ මම දැකපු සුන්දරම දියඇල්ලක්..මේකට පේරවැල්ල ඇල්ල කියලත් කියනවා.. අපි වැලිමඩ ඉදන් කි.මී.15 ක් ආවට පස්සේ අපිට වාහන වලින් යන්න පුලුවන් සීමාව ඉවර වෙනවා. ඉතින් අපිට ගමක් මැදින්, අඩි පාරක කි.මී. 2 ක් විතර යන්න තියෙනවා. ඒ අඩි පාරනන් මාරම අපූරු අත්දැකීමක්. දිය පාරවල්, ගස් කොළන් එහෙම කියල වැඩක් නැහැ.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඉතින් ඒ කි.මී 2 ටිකක් අමාරුවෙන් ගියාට පස්සේ සුන්දර බෝඹුරු ඇල්ල හමුවෙනවා. අපිට වතුර අඩු කාලෙකට මේ දියඇල්ලෙ දකුණු පැත්තට දිය ඇල්ල හරහා යන්න පුලුවන්. ඉතින් අපිට ඒ වාසනාව ලැබුනා. මේ දවස් වල ඒ පැත්තට වැස්ස දැක්ක කාලයක් මතක නැහැලු.. ඉතින් මේ තියෙන්නේ ඒ සුන්දර බෝඹුරු ඇල්ලේ මොබයිල් එකෙන් ගත්ත පින්තූර (මේ වෙද්දිත් කැමරාවෙ අර මෙමරි කාඩ් ෆෝල්ට් එක තිබ්බ නිසා ගත්ත එකක්වත් සේව් වුනාට ඕපන් කරන්න බැහැ)