~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඉතින් රාවණා ඇල්ලෙ සිරි නරඹලා අපි ගියා බංඩාරවෙල හරහා හපුතලේ අපේ නවාතැනට.... රාවණා ඇල්ලෙ ඉදන් බංඩාරවෙලට දුර කි.මී.18 ක් වගේ තියෙනවා.. ඔය පාරෙ එන අතරතුර දෝව පන්සල මුණ ගැහෙනවා. වෙලාව ප්‍රශ්නයක් තිබ්බ නිසා ඒ පන්සලට යන්න බැරි වුනා. ඉතින් එදා හපුතලේ නැවතුනා..
    අපි හිටපු නවාතැන අවට පින්තූර ටිකක්... අපිට ඇති තරම් කඩාගෙන කන්න ජෑම් පේර ගෙඩි තිබ්බ ගස් වල පිරෙන්න..
    :D:D:D
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    පහුවදා උදෙන්ම අපි ලිප්ටන් සීට් බලන්න යන්න පිටත් වුනා.. ලිප්ටන් සීට් කියන්නේ හපුතලේ ඉදන් දඹේතැන්න පාරෙ යද්දි අපිට මුණ ගැහෙන සුන්දර ස්ථානයක්.. හපුතලේ ඉදන් කි.මී.16 ක් විතර සුන්දර තේ වතු මැදින්, බෑවුම් වලින් කදු වලින් යන්න තියෙන ඒ පාර නන් සුපිරි අත්දැකීමක්..