5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    පට්ට මචන්
    වැඩ පිලිවෙලයි
    ඉතුරු ටිකත් ෆොටෝ දාන්න
    මේ කොහෙද බන් ඒරියා එක
     
    • Like
    Reactions: NRTG and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    SLAB eka uda hai kale komada ?
    කලින් තමයි ස්ලැබ් එක උඩ හයි කරන්න හිතන් හිටියෙ පස්ස උඩ තට්ටුව හදලා වහල උඩම හයි කරා
    මචං මේ ග්‍රෝවොට් ඉන්වර්ටර් එකේ ඩස්ට් කේස් එකක් තියෙනව මාත් පට්ට බයෙන් ඉන්නෙ කොයි වෙලාවෙ ෂොට් එක හම්බවෙයිද කියල. Dust Filters දැම්මොත් කිසිම අවුලක් නෑ කියනව ඒකත් පොඩ්ඩක් බලපං.
    ඔවු ඉන්වර්ටරේ හයි කරලා ටික කාලයක් නිසා ලාවට ඩස්ට් එක වගේ තිබුනා
    ෆිල්ටර් එකක් තියනවා නං දාන්න ඕන

    ඔච්චර ළග Mounting Bracket ගහන්නේ නෑ. එහෙම ඕනෙත් නෑ.

    වැඩේ ඉතුරු හරිය පේන්නත් එක්ක ඒවයෙත් ෆොටෝ දාන්න.
    එක බාර් එකට බ්‍රැකට් 4 ගානෙ ගත්තෙ. පස්සෙ මට හිතුනා වහලෙ පහල පැත්තට එක්ස්ටෙන්ඩඩ් බ්‍රැකට් හයි කරා නං roof angle එකට වඩා පැනල් ඈන්ගල් එක අඩු කරලා එෆිශන්සි එක තව වැඩි කරගන්න පුලුවන් කියලා. කලින් ගෙනාපු බ්‍රැකට් තියාගෙන වැඩකුත් නැති නිසා හයි කරලා දැම්මා
    හරි නං බාර් එකට බ්‍රැකට් 4යි ඕන මම 8ක් දාල තියනවා
    වහලෙ පහල පැත්තට බ්‍රැකට් 6ක් දාල තියනවා අර බාර් දෙකට කපලා ගෙනාපු නිසා ජොයින්ට් එක දෙපැත්තට බ්‍රැකට් දෙකක් දාල තියනවා

    බම්ප් මචන් :love:

    පැනල් ෆ්‍රේම් earth කරාද? මම කරන්නෑ කියල ඉන්නෙ. අහක යන අකුනු කඩාපාත් වෙයිද කියල හිතෙනව :sorry:
    ඔවු මචන් 6mm වයර් එක දාල තියෙන්නෙ තාම පැනල් ටික earth එකට කනෙක්ට් කරේ නැහැ

    තව දෙයක් පැනල් & වහල අතරෙ ස්පේස් එක මදිවගේ හිතෙනව. ස්පේස් එක තියන තරමට හොඳයි මොකද Mono Panel රත් වෙද්දි ටක්ගාල Efficiency අඩුවෙනව. හොඳ ඉඩක් තිබ්බම පැනල් ඉක්මණට කූල් වෙනව....

    නෑ මචං එර්ත් කරන්න ඕනමයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. පැනල් අර්ත් කරේ නැත්නම් පොඩි කරන්ට් එකක් වදිනව Frame එකේ. පොඩ්ඩක් අල්ලල බලන්නකො
    ------ Post added on Oct 10, 2022 at 11:09 PM
    ස්පේස් එක අර බ්‍රැකට් එකෙන් ආපු ස්පේස් එකමයි තියෙන්න ඒක ඇති කියලා හිතුනෙ
    පහල පැත්තෙ තියෙන්නෙ එක්ස්ටෙන්ඩඩ් බ්‍රැකට් එක ඒක නිසා ඒ පැත්තෙ ඔය ෆොටෝ එකේ පේනවට වඩා ඉඩක් තියනවා

    Ade patta mchn, lassana place ekak, complete offgrid unath yanna puluwan ne :love:

    ehema akunu enawada bn? hondama earth kuurak damme, ehema enne nane? :confused:
    ------ Post added on Oct 10, 2022 at 11:19 PM
    පැනල් earth කරන්න ඕන මචන්
    නැත්නං පැනල් වලට අකුනක් වගේ ආවොතින් ගෙදර තියන සේරම බඩු විනාස වෙලා යයි. earth එකක් දාල තිබ්බොතින් ඒක දිගේ earth වෙලා ප්‍රොටෙක්ශන් එකක් තියනවා
    පැනල් වහලෙ උසම දේ නොවෙන නිසා ඩිරෙක්ට් අකුනක් වදින්න චාන්ස් එක අඩුයි නමුත් indirect එන්න පුලුවන් අකුනකින් ලොකු ආරක්ශාවක් panels earth කරන එකෙන් එනවා
    කොහොමත් direct අකුනක් earth කරන්න ඔය පොඩි earth වයර් එකට බැහැ .

    fatttaaa.....oyada personel import kore ?
    නැහැ මචන්
    ඉන්වර්ටරේ ඉම්පෝට් කරන කෙනෙක්ට කියලා ගෙන්න ගත්තා
    අනෙක් බඩු සැරින් සැරේ මෙහෙන් ගත්තෙ
    චයිනා වලින් ඉම්පෝට් කරන වැඩේ ශුවර් පිට කරන්න කන්ටැක් එකක් තිබ්බෙ නැහැ

    Owata Badu ganna tiyenne koheda bro matat thaniyama ekak karanna...ganna ona items gana danne natuwa hiawela inne....danna kenek innawanam share karanna
    ඉන්වර්ටරේ බඩු import කරන කෙනෙක්ට කියලා ගෙන්න ගත්තා
    පැනල් මෙහෙන් ගත්තා
    සමහර ඉලෙක්ට්‍රිකල් අයිටම් සහ වයර් General power electricals කියලා තැනකින් ගත්තා
    AC ඉලෙක්ට්‍රිකල් අයිටම් මෙහෙන් ඉලෙක්ට්‍රිකල් ශොප් වලින් ගත්තා

    supiri ban.. uba oka thaniyama nokala nam thama pudume... diy pissane uba... elama paressam krganna system.. koheda mchn me area1.. patta lassanayine..:love2::love2:
    area එක වැලිගම පැත්තෙ
    ගාලු පාරෙ ඉදන් 1.5km වගේ ඇතුලට වෙන්න

    මචන් වහල මේ විදියට හිල් කරාම වතුර ලීක වෙන්නේ නැද්ද ?
    නෑ මචන්
    හිල් කරලා එතනට no-leak කියලා තාර ශීට් වගේ පටියක් තියනවා, ඒක තියල තමයි බ්‍රැකට් එක හයි කරන්නෙ. ඇණේ තද කරද්දි අර පටිය තද වෙලා සිදුර සීල් වෙනවා
    ලීක් වෙන්නෙ නැහැ

    වැඩිනෙ බන් 16lks 5KW වලට
    මං හිතන්නෙ දැන් කරන්න ගියොත් ඔයිට වඩා ලොකු ගානක් යයි
    මගේ බැටරි දෙකක් තියන නිසා තමයි ගාන ටිකක් වැඩි වෙලා තියෙන්නෙ. එක බැටරියක් උනා නං තව 3.5ක් අඩු වෙනවා

    මේ ඉර තියෙන පැත්තට solar panel automaticaly tilt වෙන්න හදන්න බැරිද බන්. එතකොට ගොඩක් efficient නේද?
    ලංකාවෙ එහෙම කරන එක පාඩුයි. ඒ යන වියදමෙන් තව පැනල් එකක් හරි දෙකක් හරි දැම්මා නං එක කවර් කරන්න පුලුවන්
    මම අද උදේ 7ට බලද්දිත් 2000W වලට ආසන්න generation එකක් තිබ්බා. පොඩි එෆිශන්සි ගේන් එකකට ඒ තරං මහන්සි වෙන එක අපරාදෙ
    මොකද moving parts තියනවා කියන්නෙ මේන්ටේන් කරන්න ඕන නේ ඒවත් කරදරයි. ඕවට ඕන කරන ලීනියර් ඇක්චුවේටර්ස් එහෙම මෙහෙ ගන්න තියනවා ඕනම නං

    Dan thiyena ganan balapanko.

    Mamath me tike gahanawa:
    - Jinko 540W panel (84,000 each) x 5
    - SRNE hybrid inverter: 265,000
    - Aluminium 20' rail (8,000 each) x 2
    - Clamps, bolts, etc: 10,000
    - 35mm DC cable: 2,300/m
    - 6mm DC cable: 350/m
    - 4mm AC cable: 320/m

    Battery eka thama lokuma cost eka. Mama nam leaf batteries danna inne.
    ලීෆ් බැටරි දැං හොයා ගන්න තියේද
    ඊට වඩා ලාබයි LiFePO4 සෙල් ගෙනත් බැටරියක් හදා ගන්න එක.

    Motorized holder ekakata gahala karanna puluwan. Mamath me tike gahana gaman inne solar system ekak.

    Panel ekak 30kg wage thiyenawa ban, oya wage motorized arm ekak patta ganak wei, specially programmable ekak.

    Panel ekata direct sunlight eka enawata wada podi angle ekakin eddi thamai efficient. North-south roof elala south facing 8° tilt ekak thamai lankawata hariyanne. East-west roof ekaka west side eka.
    මගේ වහල තියෙන්නෙ east-west ඒත් මම east facing තමයි පැනල් හයි කරේ
    හේතුව
    මෙහ ටිකක් කෝස්ටල් සයිඩ් එක නිසා උදේ 6.30 වෙද්දි අවුව වැටෙනවා හොඳට. 7 වෙද්දි හොඳටම රස්නෙ තියෙන්න අවුව තියනවා
    හවස 4 වගේ වෙද්දි අවුව සැර ගොඩක්ම වගේ අඩු වෙනවා ඒක නිසා මට හිතුනෙ east facing කරන එක හොඳ වෙයි කියලා එහෙම කරා
    අනික වහින කාලෙ මාස 3-4ක් තියනවා ඒ කාලෙ හවස 12න් පස්සෙ තමයි වහින්නෙ එතකොට ඒ කාලෙ west facing කරා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් නැහැ

    පට්ට මචන්
    වැඩ පිලිවෙලයි
    ඉතුරු ටිකත් ෆොටෝ දාන්න
    මේ කොහෙද බන් ඒරියා එක
    area එක වැලිගම
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    Motorized holder ekakata gahala karanna puluwan. Mamath me tike gahana gaman inne solar system ekak.

    Panel ekak 30kg wage thiyenawa ban, oya wage motorized arm ekak patta ganak wei, specially programmable ekak.

    Panel ekata direct sunlight eka enawata wada podi angle ekakin eddi thamai efficient. North-south roof elala south facing 8° tilt ekak thamai lankawata hariyanne. East-west roof ekaka west side eka.
    මරු බන්. එක X-axis එකේ tilt වෙන්න විතරක් හැදුවම ඇතිනේ. කල්පනා කරොත් වියදම 3/4ක්‌ අඩු වෙන ක්‍රම තියෙනවා. 🌚
     
    • Like
    Reactions: NRTG and NEMISIS

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මරු බන්. එක X-axis එකේ tilt වෙන්න විතරක් හැදුවම ඇතිනේ. කල්පනා කරොත් වියදම 3/4ක්‌ අඩු වෙන ක්‍රම තියෙනවා. 🌚
    Hithala balanna one ban.
    Mage solar array eka 5x540W, total weight eka 150kg + 10kg for mounts, rails, and clamps.

    20-30cm movement ekak witharai one, ekata gears dapu motor ekakin wade karaganna bari kamakuth na. Mama issaralama panels Tika gahala iwara karala poddak balanna one.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Dan thiyena ganan balapanko.

    Mamath me tike gahanawa:
    - Jinko 540W panel (84,000 each) x 5
    - SRNE hybrid inverter: 265,000
    - Aluminium 20' rail (8,000 each) x 2
    - Clamps, bolts, etc: 10,000
    - 35mm DC cable: 2,300/m
    - 6mm DC cable: 350/m
    - 4mm AC cable: 320/m

    Battery eka thama lokuma cost eka. Mama nam leaf batteries danna inne.
    නොගහ හිටියනන් ඕකුන් අඩු කරයි ඕවල ගනන්...අපරාදෙ සල්ලි නැත්තන්
     
    • Like
    Reactions: NEMISIS

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පට්ට බන්... එලකිරි... Long term රිවීව් එකකුත් ඕනෙ හොඳේ... :yes: :yes:

    ab4611_aafd18ec3ce84477b09390f2adfebc1d~mv2.gif
     
    • Like
    Reactions: PHBhagya

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Dan thiyena ganan balapanko.

    Mamath me tike gahanawa:
    - Jinko 540W panel (84,000 each) x 5
    - SRNE hybrid inverter: 265,000
    - Aluminium 20' rail (8,000 each) x 2
    - Clamps, bolts, etc: 10,000
    - 35mm DC cable: 2,300/m
    - 6mm DC cable: 350/m
    - 4mm AC cable: 320/m

    Battery eka thama lokuma cost eka. Mama nam leaf batteries danna inne.
    LFP ma danna. tachyon eken cells gennaganna. 5kwh capacity 4lak walin karaganna puluwan BMS dala case ekak gahala.
     
    • Like
    Reactions: NEMISIS

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    නියමයි නමිසිස් මාමේ.... සුපිරි වැඩක්...
    නූලත් ගොඩක් වටී...👍👍👍

    මාත් මේ වැඩේට කොහොම හරි අතගහන්න ඕනෙ...
     
    • Love
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පැනල් හයි කරලා තියන සිංහලුන්ගෙ ජෙනරේශන් එක කොයි වගේද
    මගේ 465W පැනල් 8න් උපරිම ගන්න පුලුවන් උනේ 2800W වගේ (5KW ලෝඩ් එකක් දාල බැලුවෙ), තියරිටිකලි 3700W එන්න ඕන. මම හිතුවෙ 3000ක් වත් එයි කියලා
    දැනට ජෙනරේශන් එක මට අවශ්‍ය ප්‍රමානෙටත් වඩා තියනවා, නමුත් උපරිම කොයි තරම් ගන්න පුලුවන්ද කියලා දැනගන්න ඕන උනා
    අද ලාවට වගේ වලාකුලු දෙක තුනක් තිබ්බා ඒක නිසා අවුට්පුට් එක අඩු උනාද දන්නෙ නැහැ

    මම පැනල් east facing දාපු එක ගැන සතුටු වෙනවා
    උදේ 5.45ට ජෙනරේට් වෙන්න පටන් අරන් තියනවා, 8.30 වෙද්දි 2300W පැනල් වලින් ජෙනරේට් වෙලා තියනවා (සමහරවිට මීටත් වඩා වැඩි ජෙනරේශන් එකක් තියන්න ඇති ඒ වෙලාවෙ ලෝඩ් එක 2300W තියෙන්න ඇත්තෙ)
    හවස ගත්තම හවස 4 වෙද්දි අවුව හරිම අඩුයි දැන් ඒ තරම් රස්නයක් නැති ලා ඉර එලියක් තියෙන්නෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    mage 3.56 kW. 3.4kW wage enawa awwa thiddi. goo yanna awwa pawwama 4kW uth giya dawasak
     
    • Like
    Reactions: NEMISIS

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332

    ඒක තමයි කිව්වෙ පැනල් තව ටිකක් උස්සන්න කියල බං. මගේ 545 ඒව 6ක්. පැනල් & වහල අතර ගැප් එක අඩියකටත් වැඩිය තියල තියෙන්නෙ. ඇවරේජ් 2700ට එහා අනිවා එනව. 10-11 අතරෙ 3200ට කිට්ටුවෙන් එනව. අඳුරු වෙලා එකපාරටම එළිය ආවොත් 3300පැනලත් එනව. ඇත්තටම හිරු එළියයි පැනල් එකේ උෂ්ණත්වයයි අතරෙ තමයි වැඩේ තියෙන්නෙ. මගෙත් 5.45ට වගේ පටන් ගන්නෙ හවස 4 පැනපු ගමන් වොට් 300ට වගේ ඩොප් වෙනව. හවස 5 පැනපු ගමන් තේරුමක් නෑ. හොඳටම එන්නෙ 10-2ත් අතර වගේ. 8,9,3ටත් ගොඩක් හොඳට එනව.
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    mage 3.56 kW. 3.4kW wage enawa awwa thiddi. goo yanna awwa pawwama 4kW uth giya dawasak
    ela
    තව දවස් දෙක තුනක් බලන්න ඕන
    ඒක තමයි කිව්වෙ පැනල් තව ටිකක් උස්සන්න කියල බං. මගේ 545 ඒව 6ක්. පැනල් & වහල අතර ගැප් එක අඩියකටත් වැඩිය තියල තියෙන්නෙ. ඇවරේජ් 2700ට එහා අනිවා එනව. 10-11 අතරෙ 3200ට කිට්ටුවෙන් එනව. අඳුරු වෙලා එකපාරටම එළිය ආවොත් 3300පැනලත් එනව. ඇත්තටම හිරු එළියයි පැනල් එකේ උෂ්ණත්වයයි අතරෙ තමයි වැඩේ තියෙන්නෙ. මගෙත් 5.45ට වගේ පටන් ගන්නෙ හවස 4 පැනපු ගමන් වොට් 300ට වගේ ඩොප් වෙනව. හවස 5 පැනපු ගමන් තේරුමක් නෑ. හොඳටම එන්නෙ 10-2ත් අතර වගේ. 8,9,3ටත් ගොඩක් හොඳට එනව.
    කොහොමද මචන් පැනල් ඉස්සුවෙ
    සෙරේටඩ් ඈන්ගල් බ්‍රැකට් එකෙන් ගන්න පුලුවන් උපරිම උස අරන් තියෙන්නෙ. ඒකට තව ඇලුමිනියම් බාර් එකක් ගහලා තමයි උස්සනවා නං උස්සන්න වෙන්නෙ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ela
    තව දවස් දෙක තුනක් බලන්න ඕන

    කොහොමද මචන් පැනල් ඉස්සුවෙ
    සෙරේටඩ් ඈන්ගල් බ්‍රැකට් එකෙන් ගන්න පුලුවන් උපරිම උස අරන් තියෙන්නෙ. ඒකට තව ඇලුමිනියම් බාර් එකක් ගහලා තමයි උස්සනවා නං උස්සන්න වෙන්නෙ.
    මේක උළු වහළක් බං. L bar ගහල ඉස්සුවෙ. ගොඩක් උසයි ඒ නිසා පට්ට ප්‍රොඩක්ෂන් එකක් තියෙන්නෙ. දවසකට පැනල් කැපෑසිටි වගේ 5ගුණයකට කිට්ටු ගානක් එනව. ඔය පැනල් වලට ඕනම කූල් එක මචං. හොඳට හුලං යනව නම් යටින් කූල් වෙනව නම් පැනල් කැපෑසිටි එකට වඩා එනව ෂුවර්.
     
    • Like
    Reactions: NEMISIS

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මේක උළු වහළක් බං. L bar ගහල ඉස්සුවෙ. ගොඩක් උසයි ඒ නිසා පට්ට ප්‍රොඩක්ෂන් එකක් තියෙන්නෙ. දවසකට පැනල් කැපෑසිටි වගේ 5ගුණයකට කිට්ටු ගානක් එනව. ඔය පැනල් වලට ඕනම කූල් එක මචං. හොඳට හුලං යනව නම් යටින් කූල් වෙනව නම් පැනල් කැපෑසිටි එකට වඩා එනව ෂුවර්.
    Wadiya ussanna giyama hulan parata panel yanna chance ekak nadda bun? Ape paththe samahara kala walata maha ukana hulangak thiyenne. Wahala galawala yayida kiyala bayayi.

    Sako 48v/100Ah Batteries 2 (7LKR)
    Me ganata patta labaine bun. Man dakka widihata CameraLK karayo 100v/100Ah wikunanne 650,000 kata.
    ------ Post added on Oct 11, 2022 at 7:43 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මේක උළු වහළක් බං. L bar ගහල ඉස්සුවෙ. ගොඩක් උසයි ඒ නිසා පට්ට ප්‍රොඩක්ෂන් එකක් තියෙන්නෙ. දවසකට පැනල් කැපෑසිටි වගේ 5ගුණයකට කිට්ටු ගානක් එනව. ඔය පැනල් වලට ඕනම කූල් එක මචං. හොඳට හුලං යනව නම් යටින් කූල් වෙනව නම් පැනල් කැපෑසිටි එකට වඩා එනව ෂුවර්.
    ටික දවසක් බලලා ජෙනරේශන් එක ගැන මදි වගේ හිතුනොත් පැනල් ටික උස්සනවා
    සෝලා ඇලුමිනියම් බඩු ගන්න ගියප තැනක තියනවා දැක්කා ටිකක් ගනකම ෆ්ලැට් බාර් එකක් හතරැස් සිදුරු තියන, එයින් බාර් එකක් ගත්තා නං පැනල් සෙට් එක තව අඩියක් උස්සන්න තිබ්බා

    Wadiya ussanna giyama hulan parata panel yanna chance ekak nadda bun? Ape paththe samahara kala walata maha ukana hulangak thiyenne. Wahala galawala yayida kiyala bayayi.

    Me ganata patta labaine bun. Man dakka widihata CameraLK karayo 100v/100Ah wikunanne 650,000 kata.
    ------ Post added on Oct 11, 2022 at 7:43 PM
    මෙහෙත් හුලඟ නං තියනවා ගේ වටේම තියන උස පොල් ගස් කැපුවා හුලඟ කාලෙට බලං ඉන්නත් බයයි ගෙට කඩං වැටෙයි කියලා, ඒ කාලෙට පොල් අතු එහෙම වැටෙන්නෙ ගහට වැඩිය 50-60m ක් ඈතින්
    100v නෙමෙයිනේ 48v/100Ah බැටරිය. ඔය බැටරි දෙකම ගේන්න ගියේ ඇත්තටම 6.85ක් වගේ. කොලඹ ඉඳන් ගෙදරට ගේන්නත් තව 15ක් විතර ගියා
    සාකො බැටරි සමහර ඒව නං පට්ටම කේස් වෙලා තිබුනා. මායි තව යාලුවො දෙන්නෙකුයි බැටරි 6ක් ගත්තා, එකා බැටරි 2 ගානෙ. අනෙක් එවුන් දෙන්නම බැටරි දෙක පැරලල් කරලා තියෙන්නෙ මම විතරයි තාම එක බැටරියක් හයි කරන් ඉන්නෙ. තාම අපේ බැටරි සෙට් එකම කියන්න තරං වරදක් නැහැ. කෑපෑසිටි එකත් අවුලක්ම නැහැ කැපෑසිටි එක දල වශයෙන් 4.5KWh විතර තියනවා අපි low voltage cut off එක ටිකක් වැඩි වෝල්ටේජ් එකක් සෙට් කරලා තියෙන්නෙ. BMS එකෙන්ම ඕෆ් වෙන ගානට යූස් කරොත් 5KWh ම ඇති
    සෙල් ටිකත් 99%ක්ම බැලන්ස් වෙලා තියෙන්නෙ සමහර වෙලාවට min/max සෙල් දෙකේ වෙනස 0.1V වගේ වෙලා තියනවා දැකලා තියනවා.
    (මෙහෙමයි කියලා කවුරුවත් අලුතෙන් සාකො බැටරි ගන්න යන්න එපා ටිකක් අඩුවට හම්බුනොත් ඇරෙන්න, ලක්ශ 4ක් විතර යද්දි 5KWh බැටරියක් සෙල් වෙනම අරං හදා ගන්න පුලුවන් මම හිතන්නෙ )