අපේ උන්ට ලියන්න කියවන්න පුලුවන් උනාට, දේශපාලන සාක්ශරතාවය නම් බිංදුවයි. දැන් ලංකාවේ ම්නිස්සුන්ට හොරකම, වංචාව කියන එක normalize වෙලා තියෙන්නේ. nepotism වලට යට වෙලා, එක රටක් එක නීතියක් කිව්වට මිනී මරපු උන් ආයි ඇවිල්ලා ලැජ්ජාවක් නැතිව පාර්ලිමන්ට් එකෙයි, ආයතන වලටයි පොස්ට් දීලා. බහුතරයක් ලංකාවේ මිනිස්සුන්ගේ කොන්දක් කියලා ලබ්බක් නෑ. හැමදාම පාත් තැනින් වතුර ගලනවා වගේ සාමන්‍යය මිනිස්සුන්ගේ පිටින් තමයි යන්නේ. ඔක්කොම දෙකට නැවිලා වහල්කම්, ගැතිකම් කරනවා. නැත්නම් හොරකම් කරලා, මිනීමරපු උන්ට හුරේ දාන්න පිලි ගන්න යයිද?
ලංකාවේ ජනගහනයට සාපේක්ශව internet access සැලකිය යුතු ප්‍රමාණයකට නෑ. එහෙම තිබිලත් සාමාන්‍යයෙන් කිරියට එන්නේ පොඩ්ඩක් හරි මොලයක් තියෙන සෙට් එකක්. මේකේ උනත් සමහර දේවල් මිනිස්සු සාධාරණිකරනය කරන හැටි දැක්කම හිතෙනවා මුං ගුලි කාල ද මේවා දන්නේ කියලා. එතකොට, රටේ අනිත් මිනිස්සුන්ගේ thinking pattern එක ගැන හිතා ගන්න පුලුවන්නේ. අන්න ඒකා ඔය politicians දන්නවා, මේකේ උන් ඉගෙන ගත්තොත් උන්ට චන්දේ හම්බ් වෙන්නේ නෑ කියලා දන්න හින්දා තමයි හැමදාම ඔය budget එකේ educations වලට පොඩි ගාණක් දාලා, කොමිස් ගහන්න පුලුවන් sectors වලට සල්ලි වැඩිපුර දාන්නේ.
මාත් ගියා පාර ජාති ආලෙන් ඔද තෙද වැඩිලා, ජන්දේ දුන්නා රට බේර ගන්න තියෙන අන්තිම අවස්තාව තමයි කියලා, දැන් තමයි තේරෙන්නේ ඇයි 2015 මේ සෙට් එක එලෙව්වේ කියලා. රටක් විදියට නම් අපි හරිම බංකලොත් මරි මෝඩ හැතිකරයක්. හැමදාමා රෙද්දෙ 2500ක් ගගා ඇමිණෙනවා, කරපු ලබ්බක් නෑ සුද්දාගෙන් පස්සේ ගෑණු ටික අරාබියට් එක්ස්පෝර්ට් කරපු එක හැරෙන්න. ලංකාවේ ආතල් එකේ ඉන්න ඕනේ නම් ඉස්සෙල්ලම හොදට සල්ලි හම්බ කරපල්ලා, කන්ටැක්ට්ස් හදා ගනිල්ලා. නැත්නම් අපි ගෙවන ටැක්ස් වලට ප්‍රතිලාභයක් මිනිස්සුන්ට හම්බ වෙන, නීතිය සමානවා තියෙන රටකට පැනපල්ලා.