~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hu6W6dvWDS.gif
     
    • Like
    Reactions: STU26015

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැතු පැතුම් ඉටුවන සිතු සිතුම් සඵල වන වැඩ අඩුවන ඉක්මනට ගෙදර යන්න ලැබෙන වසනවන්ත දවසක් වේවා!!!
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එලඹෙන සති අන්තෙම මූසල වෙන්නෙ මේ හිමිදිරි උදෑසන මගෙන් සුභපැතුම් :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පොලිසිය මාර්ග නීති උල්ලංඝනය කිරීම් කිහිපයක් සඳහා අවම දඩ මුදල රුපියල් 25,000ක් බවට පත් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබෙයි.
    මේ අනුව රුපියල් 25,000ක අවම දඩයක් පැනවීම සඳහා නිර්දේශ වී ඇත්තේ පහත සඳහන් රථ වාහන වැරදි සඳහා ය.
    •වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම.
    •රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම.
    •මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය.
    •දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම.
    •වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය.
    මීට අමතරව තවත් මාර්ග නීති කිහිපයක් උල්ලංඝනය කිරීම් සඳහා වූ අවම දඩය සංශෝධනය කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
    රථ වාහන අධික වේගය
    මේ අනුව අධික වේගයෙන් රිය පැදවීම සඳහා වන අවම දඩය, වාහනය පැදවූ වේගය අනුව නියම වන අතර එය රුපියල් 3,000 රුපියල් 5,000 රුපියල් 10,000 සහ රුපියල් 15,000 වශයෙන් සඳහන් වෙයි.
    වමෙන් ඉස්සර කිරීම සඳහා වූ අවම ස්ථානීය දඩය රුපියල් 2000 දක්වා වැඩි කෙරෙනු ඇත.
    වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අවම ස්ථානීය දඩය රුපියල් 10,000 කි.
    අපරීක්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කළහොත් පැනවෙන අවම දඩය රුපියල් 10,000ක් දක්වා වැඩි කර තිබේ.
    ප්රධාන වැරදි හතකට දඩය රු 25,000
    නියමිත වයසට අඩු වයසකින් යුත් පුද්ගලයෙකු රිය ධාවනය කළවිට පැනවෙන අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කෙරේ.
    මෝටර් වාහන පනතේ ප්‍රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කරගනු ලබන පොදු දණ්ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ නංවා ඇත.
    මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා ඉහත කී දඩ මුදල් සංශෝධනවලට අමතරව පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනා ද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිණ.
    •රියදුරු ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම.
    •රිය අනතුරු බහුලව සිදුවන ස්ථාන ආශ්‍රිතව CCTV කැමරා ස්ථාපනය කර එම තොරතුරු මත පදනම්ව වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
    •ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම සම්බන්ධයෙන් රුපියල් 2,000ක ස්ථානීය දඩයක් නියම කිරීම.
    •රථවාහන වැරදි සඳහා වන ස්ථානීය දඩ මුදල් අය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් යොදාගැනීමේ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
    •අධිවේගී මාර්ගවල සහ මහා මාර්ගවල වේග සීමා පුවරු විධිමත්ව ප්‍රදර්ශනය කිරීම.
    •ශ්‍රීලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට අදාළව ඒකාබද්ධ කාලසටහන් හෝ සුදුසු වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
    •ත්‍රි රෝද රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ හා වාන් රථ නියාමනය පිණිස නියාමන ආයතන පිහිටුවීම.
    •මගී ආරක්ෂාව සුරක්ෂිත කෙරෙන කාර්යක්‍ෂම පොදු ප්‍රවාහන සේවයක් ස්ථාපනය කිරීම.
    •රථවාහන නීතිය ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් නිලධාරීන් විසින් සිදු කරනු ලැබිය හැකි විවිධ අක්‍රමිකතා අවම කිරීම සඳහා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ විනිවිද භාවය ඇතිකරලීම සඳහා නවීන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම.
    උපුටා ගැනීම - BBC සිංහල