Ow machan, api karapuwa nam mama puluwan puluwan vidiyata podi ekata hadala denawa / kiyala denawa.
eth machan api kara wage na.
Api bata thuwakkuwak hadanna giyama api podi un ganciya yanawa kaleta gihin bata kapa gena balu dan kada gena gedara avith hadanawa.
ita passe team 2kata bedila vedi thiya gannawa.
ඔව් බන්. පුවක් කොළ පතේ ගිහින් තියෙනවද ? පොඩිම කාලේ කුරුම්බැට්ටි මැෂින් හැදුවා. රබර් ඇටෙන් රූං පෙති හදනවා. අවුරුදු කාලෙට පංච දානවා.කැට ගහනවා.ටීක් ගහනවා.වෙසක් එකට කූඩු හදනවා.ඒ කාලේ ප්ලාස්ටික් ජරා කූඩු නෑ.හැම ගෙදරකම වගේ ලයිට් දාලා කූඩු හදනවා.ලයිට් නැති ගෙවල් වල පහන් පත්තු කරනවා ඉටි පන්දම් ගහනවා කූඩු වල.
ලුඩෝ,ස්නේක් ඇන්ඩ් ලැඩර්ස්,මොනොපොලි ගහනවා වහින දවසට. එළියේ පාරේ ක්‍රිකට් ගහනවා. වතු අවුට්. දහම් පාසල් ගියා.සිල් ගත්තා. කොහොමහරි ඒ වැඩත් කරා. ට්‍රිප් ගියා.ඇලිවල,ගංගාවල,මුහුදේ නෑවා.කොරෝනා කාලෙට කලින් උනත් ට්‍රිපක් යන්න මිනිස්සු ඉස්සර වගේ උනන්දු නෑ.
90 ගණන් වල මිනිස්සුන්ගේ පඩි ලොකු නැති උනාට බඩු මිල දැනට සාපේක්ෂව මාර සාධාරණයි. පාන් 5.50,3.50 ට තිබ්බේ.පොල් ගෙඩියක් රුපියල් 10 වගේ උනේ.ඩීසල් 1L රුපියල් 13. සමහර ගෙවල්වල ඩීසල් ජෙනරේටර් පවා තිබ්බා කරන්ට් ගිය වෙලාවට.ඉඩම් එහෙමත් අසාමාන්‍ය ගණන් නෑ. ගොඩනැගිලි ද්‍රව්‍ය සාධාරණ මුදලට තිබ්බා.
ඒ කාලේ ලංකාව ඇතුලෙත් සෑහෙන්න දේවල් හැදුවා.
මිනිස්සුන්ට පුළුවන් විදියට ඒ කාලේ කරපු ඒවා තමුන්ගේ ළමයින්ට පෙන්නන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි.