AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    මම O/L විතරයි පාස්. A/L කරන්ඩ ගියාට විභාගෙ කළේ නෑ..

    මගේ O/L වල රිසල්ස් එක මෙහෙමයි

    ගණිතය D
    විද්‍යාව D
    සාමාජ අධ්‍යයනය හා ඉතිහාසය D
    ඉංග්‍රීසි S
    අනිත්ව ඔක්කොටම C

    මම A/L කරන්ඩ හැදුවෙ Maths
    ඒත් Combined Maths මට තේරුම් ගන්ඩ අමාරු වුණා. chemistry, physics හොඳට තේරුණා..
    හෙන ආසාවෙන් ඒව ඉගෙන ගත්තෙ..
    ඒත් මට ගැටළු විසඳද්දි හිත එක තැන තියාගෙන කල්පනා කරන්ඩ අමාරුයි..

    මම එළකිරියෙ දාල තියෙන ත්‍රෙඩ් දැක්කම උඹල මට කියනවනෙ ආයෙ A/L කරන්ඩ කියල. ඒත් පොඩි අවුලක් තියෙනව. මම කිසි දෙයක් එක පාරට හරියට කල්පනාවට එන්නෙ නෑනෙ.
    ෆිසික්ස් ගත්තොත් මොකක් හරි එක කරුණක් ගැන ඒ වෙලාවට විතරක් ගැඹුරට හිතන්ඩ පුලුවන්. ඒත් ඒක ඊළඟ දවසට ඉක්මනට ඔලුවට එන්නෙ නෑ. ප්‍රශ්න පත්තරේට එක මාතෘකාවක් විතරක් නෙමේනෙ එන්නෙ. මට කිසි දෙයක් ඉක්මනට මතක් කරගෙන යන්ඩ බෑ.
    අනික තමා මට පාඩම් කරන්ඩම බෑ. අමතක වෙනව. ඒ හින්ද වෙන දෙයක්වත් A/L වලට කරන්ඩ බෑ..
    උඹලට කියන්ඩ මම අන්තිමට කොමසුත් කළා. අන්තිමට අපේ ගෙදර එකෙක්ගෙන් Logic හිටං ඉගෙන ගත්ත. ඒත් විභාගෙ ලියන්ඩ ඒ වෙලාවට කිසි දෙයක් ඔලුවට කල්පනාවට එන්නෙ නෑ. අමතක වෙනව. මොකක් හරි එක දෙයක් අල්ලං මොහොතකට විතරක් ටික ටික මතක් කරගන්ඩ පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    මම කැතයි මාව කවුරුත් ගනන් ගන්නෙ නෑ. හිතපු විදියට A/L කරගන්ඩත් බැරි වුණා. ඔහොම නෙගටිව් විදියට ඒ කාලෙ මම හිතන්ඩ පුරුදු වුණා. මම සම්පූර්ණයෙන්ම සමාජෙන් වෙන් වෙලා දුක රස කරන එක තමා කෙරුවෙ. පන්තියෙත් පැත්තකට වෙලා කොන් වෙලා වගේ හිටියෙ. ඒත් මාව කවුරුත් කොන් කළේ නෑ. ඇවිල්ල ඇහුව ඇයි ඔහොම ඉන්නෙ කියල.
    මම A/L කරන්ඩ වෙන ඉස්කෝලෙකට ගියෙ. ඉතිං ඔය කාලෙ තමා මගේ ඔලුව විකාරම වුණේ.
    අන්තිමට නිදි පෙති 80ක් විතර බීල ජීවිතේ නැති කරගන්ඩ තීරණය කෙරුව. ඊට කලිනුත් මැරෙන්ඩ ඕන කියන අදහස තිබුණ. මාර වැඩේ කියන්ඩ දැං වගේ අම්මල, ගෙදර අය ගැන කිසිම වගක් නෑ. මං මැරුනොත් එයාල දුක් වෙනව කියලවත් හිතෙන්නෙ නෑ.
    මගේ ඔලුවෙ තිබුණෙ මං මැරුණට පස්සෙ මේ ඔක්කොගෙන්ම නිදහස් වෙලා යනව කියන එක විතරයි. ඒ සිතුවිල්ල මට මාර ෆන් එකක්..
    මට මේ කිසි දෙයක් අම්මලාට කියන්ඩත් බෑ. මට ඉස්කෝලෙ යන්ඩ බෑ කියන එක අම්මලාට කියාගන්ඩ බෑ මට. ඒලෙවල් කරගන්ඩ බැරි නිසා සමාජෙට මුහුණ දෙන්ඩත් බෑ වගේ තේරුණ

    ඇත්තටම එදා කළුවර වැටීගෙන එනකොට ඇඟ හෝදල බත් පිඟානක් එහෙම කාල :D බෙහෙත් පෙති ටික ඔක්කොම වගේ බිව්ව. පෙති 100ක් ලෑස්ති කරං හිටියෙ. බෙහෙත් බීල නිදා ගන්ඩ මම ඇඳ ලෑස්ති කරල නෙට් එකත් දාල තිබුණෙ. මොකක් හරි හේතුවක් නිසා මම ඇඳට යන්නෙ නැතුව සාලෙට ගිහින් :baffled: අන්තිම මොහොතෙ ගෙදර අයව මතක් වුණාද දන්නෙ නෑ. සාලෙ පුටුව උඩ දබක් ගාල මාව වැටුණලු. කටින් කෙලත් ආවලු..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    අන්තිමට මාව ඉස්රපිරිතාලෙට ගෙනිහින්.
    එක දොස්තර කෙනෙක් මාව බලල කිව්වලු මොකුත් කරන්ඩ අමාරුයි කියල. එහෙම කියල මාව පැත්තකට කරල තිබ්බලු..
    වෙන දොස්තර කෙනෙක් ඇවිල්ල බටයක් දාල බඩ හේදෙන විදියට බෙහෙත් ටික අරං.
    මට යාන්තමට කල්පනාව ආවෙ පහුවෙනිද හවස..
    උඹල දන්නවනෙ මෙහෙම වුණාට පස්සෙ මනෝවෛද්‍යවරයෙක් ගාවට යොමු කරනව කියල

    මං හිතන්නෙ එයාල මාව ඩයග්නෝස් කළේ schizophrenia කියල...

    ඒත් මට අනං මනං කනට ඇහෙන්නෙ නෑ
    කවුරුවත් මාව මරන්ඩ හදනව කියල බොරු දේවල් විස්වාස කලේ නෑ

    එකම වැරැද්ද මම කලුයි කැතයි මට මොකුත් බෑ කියන ඍණ සිතුවිල්ල රස කරපු එකයි. මම සමාජෙන් අයින් වෙලා ඉන්ඩ හැදුව. අනිත් ළමයින් වගේ සාමාන්‍ය විදියට හිටියෙ නෑ කියලයි මට දැං හිතෙන්නෙ.. අත පය ගොඩක් හෝදන එක ඒ දවස්වලත් තිබුණ. සාලෙ පුටු හරියටම කෙලින් තියෙන්ඩ ඕන :D

    මට බෙහෙත් විදියට දුන්නෙ antipsychotic එකකුයි (නම හරියට මතක නෑ) artane කියන පෙත්තයි. අම්මෝ ඒව බීල ඉන්ඩ බෑ බං. මුළු ඇඟම හිරිවැටෙනව. එක විදියකට ඉන්ඩම බෑ.

    කොහොමත් මම ඒ බෙහෙත් බිව්වෙ නෑ. ඒත් කාලෙ ගෙවිල යද්දි මට ඔය සෘණ අදහස් එන එක ටික ටික අඩු වුණා. මොකක් හරි වැඩක් පලක් කරල අනිත් අය වගේ ඉන්ඩ ඕන කියල හිතුණ. ගෙදර අයත් මාව තේරුම් අරං මට ඕන විදියට ඉන්ඩ දුන්න.

    ඔහොම කාලෙ ගෙවිල ගියා. දැං මට තියෙන්නෙ OCD එකයි Social Anxiety කියන එකයි.
    කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වුණේ නෑනෙ. පස්සෙ මට දොස්තරල Clomipramine විතරක් දුන්න. අවුරුදු ගාණක් බිව්ව මම ඒක.
    තාම ඉතිං OCD, Anxiety වලින් මම පීඩා විඳිනව. ජොබ් එකක් කරගන්ඩත් බෑ.. :(
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    යකෝ උබ කිරියේ හොඳට වල බැහැලා ඉන්නේ ඒ වගේ ඇත්ත ජිවිතේදීත් ඉඳපන් මචං
    කවුරුත් කැතයි කියලා නෑ.. එහෙම කියලා කොන් කරන්නෙත් නෑ උබ ඕක හිතින් හදාගත්තු දෙයක්.
    ඔය දේවල් ටිකක් අමතක කරලා පොඩ්ඩක් සමාජෙට බැහැලා බලහන් කීදෙනෙක් උබ එක්ක ඉන්නවද බලන්න :yes::yes:
    ඔය හැම දේටම මුල උබේ හිත තමයි. සෘණ විදියට හිතන්න හිතන්න හිත දුර්වල වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    යකෝ උබ කිරියේ හොඳට වල බැහැලා ඉන්නේ ඒ වගේ ඇත්ත ජිවිතේදීත් ඉඳපන් මචං
    කවුරුත් කැතයි කියලා නෑ.. එහෙම කියලා කොන් කරන්නෙත් නෑ උබ ඕක හිතින් හදාගත්තු දෙයක්.
    ඔය දේවල් ටිකක් අමතක කරලා පොඩ්ඩක් සමාජෙට බැහැලා බලහන් කීදෙනෙක් උබ එක්ක ඉන්නවද බලන්න :yes::yes:
    ඔය හැම දේටම මුල උබේ හිත තමයි. සෘණ විදියට හිතන්න හිතන්න හිත දුර්වල වෙනවා

    :love::)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මොකක් හරි රස්සාවක් කරන්න පටන් ගනින්...
    අඩුම ගානෙ සල්ලි ටිකක් හොයාගෙන සිල්ලර කඩයක් වත් දාගනින්...:dull:
     
    මම O/L විතරයි පාස්. A/L කරන්ඩ ගියාට විභාගෙ කළේ නෑ..

    මගේ O/L වල රිසල්ස් එක මෙහෙමයි

    ගණිතය D
    විද්‍යාව D
    සාමාජ අධ්‍යයනය හා ඉතිහාසය D
    ඉංග්‍රීසි S
    අනිත්ව ඔක්කොටම C

    මම A/L කරන්ඩ හැදුවෙ Maths
    ඒත් Combined Maths මට තේරුම් ගන්ඩ අමාරු වුණා. chemistry, physics හොඳට තේරුණා..
    හෙන ආසාවෙන් ඒව ඉගෙන ගත්තෙ..
    ඒත් මට ගැටළු විසඳද්දි හිත එක තැන තියාගෙන කල්පනා කරන්ඩ අමාරුයි..

    මම එළකිරියෙ දාල තියෙන ත්‍රෙඩ් දැක්කම උඹල මට කියනවනෙ ආයෙ A/L කරන්ඩ කියල. ඒත් පොඩි අවුලක් තියෙනව. මම කිසි දෙයක් එක පාරට හරියට කල්පනාවට එන්නෙ නෑනෙ.
    ෆිසික්ස් ගත්තොත් මොකක් හරි එක කරුණක් ගැන ඒ වෙලාවට විතරක් ගැඹුරට හිතන්ඩ පුලුවන්. ඒත් ඒක ඊළඟ දවසට ඉක්මනට ඔලුවට එන්නෙ නෑ. ප්‍රශ්න පත්තරේට එක මාතෘකාවක් විතරක් නෙමේනෙ එන්නෙ. මට කිසි දෙයක් ඉක්මනට මතක් කරගෙන යන්ඩ බෑ.
    අනික තමා මට පාඩම් කරන්ඩම බෑ. අමතක වෙනව. ඒ හින්ද වෙන දෙයක්වත් A/L වලට කරන්ඩ බෑ..
    උඹලට කියන්ඩ මම අන්තිමට කොමසුත් කළා. අන්තිමට අපේ ගෙදර එකෙක්ගෙන් Logic හිටං ඉගෙන ගත්ත. ඒත් විභාගෙ ලියන්ඩ ඒ වෙලාවට කිසි දෙයක් ඔලුවට කල්පනාවට එන්නෙ නෑ. අමතක වෙනව. මොකක් හරි එක දෙයක් අල්ලං මොහොතකට විතරක් ටික ටික මතක් කරගන්ඩ පුලුවන්.

    මම කැතයි මාව කවුරුත් ගනන් ගන්නෙ නෑ. හිතපු විදියට A/L කරගන්ඩත් බැරි වුණා. ඔහොම නෙගටිව් විදියට ඒ කාලෙ මම හිතන්ඩ පුරුදු වුණා. මම සම්පූර්ණයෙන්ම සමාජෙන් වෙන් වෙලා දුක රස කරන එක තමා කෙරුවෙ. පන්තියෙත් පැත්තකට වෙලා කොන් වෙලා වගේ හිටියෙ. ඒත් මාව කවුරුත් කොන් කළේ නෑ. ඇවිල්ල ඇහුව ඇයි ඔහොම ඉන්නෙ කියල.
    මම A/L කරන්ඩ වෙන ඉස්කෝලෙකට ගියෙ. ඉතිං ඔය කාලෙ තමා මගේ ඔලුව විකාරම වුණේ.
    අන්තිමට නිදි පෙති 80ක් විතර බීල ජීවිතේ නැති කරගන්ඩ තීරණය කෙරුව. ඊට කලිනුත් මැරෙන්ඩ ඕන කියන අදහස තිබුණ. මාර වැඩේ කියන්ඩ දැං වගේ අම්මල, ගෙදර අය ගැන කිසිම වගක් නෑ. මං මැරුනොත් එයාල දුක් වෙනව කියලවත් හිතෙන්නෙ නෑ.
    මගේ ඔලුවෙ තිබුණෙ මං මැරුණට පස්සෙ මේ ඔක්කොගෙන්ම නිදහස් වෙලා යනව කියන එක විතරයි. ඒ සිතුවිල්ල මට මාර ෆන් එකක්..
    මට මේ කිසි දෙයක් අම්මලාට කියන්ඩත් බෑ. මට ඉස්කෝලෙ යන්ඩ බෑ කියන එක අම්මලාට කියාගන්ඩ බෑ මට. ඒලෙවල් කරගන්ඩ බැරි නිසා සමාජෙට මුහුණ දෙන්ඩත් බෑ වගේ තේරුණ

    ඇත්තටම එදා කළුවර වැටීගෙන එනකොට ඇඟ හෝදල බත් පිඟානක් එහෙම කාල :D බෙහෙත් පෙති ටික ඔක්කොම වගේ බිව්ව. පෙති 100ක් ලෑස්ති කරං හිටියෙ. බෙහෙත් බීල නිදා ගන්ඩ මම ඇඳ ලෑස්ති කරල නෙට් එකත් දාල තිබුණෙ. මොකක් හරි හේතුවක් නිසා මම ඇඳට යන්නෙ නැතුව සාලෙට ගිහින් :baffled: අන්තිම මොහොතෙ ගෙදර අයව මතක් වුණාද දන්නෙ නෑ. සාලෙ පුටුව උඩ දබක් ගාල මාව වැටුණලු. කටින් කෙලත් ආවලු..

    අන්තිමට මාව ඉස්රපිරිතාලෙට ගෙනිහින්.
    එක දොස්තර කෙනෙක් මාව බලල කිව්වලු මොකුත් කරන්ඩ අමාරුයි කියල. එහෙම කියල මාව පැත්තකට කරල තිබ්බලු..
    වෙන දොස්තර කෙනෙක් ඇවිල්ල බටයක් දාල බඩ හේදෙන විදියට බෙහෙත් ටික අරං.
    මට යාන්තමට කල්පනාව ආවෙ පහුවෙනිද හවස..
    උඹල දන්නවනෙ මෙහෙම වුණාට පස්සෙ මනෝවෛද්‍යවරයෙක් ගාවට යොමු කරනව කියල

    මං හිතන්නෙ එයාල මාව ඩයග්නෝස් කළේ schizophrenia කියල...

    ඒත් මට අනං මනං කනට ඇහෙන්නෙ නෑ
    කවුරුවත් මාව මරන්ඩ හදනව කියල බොරු දේවල් විස්වාස කලේ නෑ

    එකම වැරැද්ද මම කලුයි කැතයි මට මොකුත් බෑ කියන ඍණ සිතුවිල්ල රස කරපු එකයි. මම සමාජෙන් අයින් වෙලා ඉන්ඩ හැදුව. අනිත් ළමයින් වගේ සාමාන්‍ය විදියට හිටියෙ නෑ කියලයි මට දැං හිතෙන්නෙ.. අත පය ගොඩක් හෝදන එක ඒ දවස්වලත් තිබුණ. සාලෙ පුටු හරියටම කෙලින් තියෙන්ඩ ඕන :D

    මට බෙහෙත් විදියට දුන්නෙ antipsychotic එකකුයි (නම හරියට මතක නෑ) artane කියන පෙත්තයි. අම්මෝ ඒව බීල ඉන්ඩ බෑ බං. මුළු ඇඟම හිරිවැටෙනව. එක විදියකට ඉන්ඩම බෑ.

    කොහොමත් මම ඒ බෙහෙත් බිව්වෙ නෑ. ඒත් කාලෙ ගෙවිල යද්දි මට ඔය සෘණ අදහස් එන එක ටික ටික අඩු වුණා. මොකක් හරි වැඩක් පලක් කරල අනිත් අය වගේ ඉන්ඩ ඕන කියල හිතුණ. ගෙදර අයත් මාව තේරුම් අරං මට ඕන විදියට ඉන්ඩ දුන්න.

    ඔහොම කාලෙ ගෙවිල ගියා. දැං මට තියෙන්නෙ OCD එකයි Social Anxiety කියන එකයි.
    කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වුණේ නෑනෙ. පස්සෙ මට දොස්තරල Clomipramine විතරක් දුන්න. අවුරුදු ගාණක් බිව්ව මම ඒක.
    තාම ඉතිං OCD, Anxiety වලින් මම පීඩා විඳිනව. ජොබ් එකක් කරගන්ඩත් බෑ.. :(

    අනුරාධ ගේ වීරක්‍රියා
    අර උබව පැත්තකට කරේ රිදිලා වෙන්න බැරිද :baffled::baffled:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපරාදෙ උඹට හොඳ මොළයක් තියෙනවා උඹ‍ෙ thread වලින් කිව්වේ.තාම 35යි නේද තව කාලය තියෙනවා.freelancing මොනවා හරි පටන් ගන්න.සල්ලි ටිකක් එන කොට ඔය අදහස් නැති වේවි self confidence ඇති වේවි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    Podi Silva - පොඩි සිල්වා;22815369 said:
    අනුරාධ ගේ වීරක්‍රියා
    අර උබව පැත්තකට කරේ රිදිලා වෙන්න බැරිද :baffled::baffled:

    කවුද මාව පැත්තකට කෙරුවෙ :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    අපරාදෙ උඹට හොඳ මොළයක් තියෙනවා උඹ‍ෙ thread වලින් කිව්වේ.තාම 35යි නේද තව කාලය තියෙනවා.freelancing මොනවා හරි පටන් ගන්න.සල්ලි ටිකක් එන කොට ඔය අදහස් නැති වේවි self confidence ඇති වේවි.

    මට දැං ඍණ විදියට එහෙම ලොකුවට හිතෙන්නෙ නෑ..
    වැඩේ තියෙන්නෙ මට කරගන්ඩ බැරි එක..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,561
    113
    Nowhere

    harvesting-cassava-yield.jpg

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    මට ගෙදර වැඩක් කරං ඉන්ඩ පුළුවන්. පිට තැනකට ගියාම කරකෝල අත ඇරිය වගේ..

    මම ඔය ගාමන්ට් වගේ ඒවයෙ වැඩ කරන්ඩ ගිහින් පට්ට චාටර් වෙලා තියෙනව..
    බයට තවත් වැඩ ස්ලෝ වෙනව..
    එක ගෑනියෙක් මට කිව්ව ඔහොම වැඩ කලොත් හෙට එලි වෙයි කියල :rofl::P

    තව තැනක කිව්ව පොඩ්ඩක් අත ඉක්මන් කරල වැඩ කරන්ඩ කියල.. අත ඉක්මන් කරන්ඩ මෙලෝ දෙයක් කල්පනා වෙන්නෙ නෑ බං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    ලක්ෂ 3 000 000 ක් වගේ තිබුණන් ෆික්ස් පාරක් දාන්ඩ තිබුණ..
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මට ගෙදර වැඩක් කරං ඉන්ඩ පුළුවන්. පිට තැනකට ගියාම කරකෝල අත ඇරිය වගේ..

    මම ඔය ගාමන්ට් වගේ ඒවයෙ වැඩ කරන්ඩ ගිහින් පට්ට චාටර් වෙලා තියෙනව..
    බයට තවත් වැඩ ස්ලෝ වෙනව..
    එක ගෑනියෙක් මට කිව්ව ඔහොම වැඩ කලොත් හෙට එලි වෙයි කියල :rofl::P

    තව තැනක කිව්ව පොඩ්ඩක් අත ඉක්මන් කරල වැඩ කරන්ඩ කියල.. අත ඉක්මන් කරන්ඩ මෙලෝ දෙයක් කල්පනා වෙන්නෙ නෑ බං..

    personal development camps thiyenawa machan ekakata join wenna :yes: