abhyawakasha wasthuwa lankawata watena dawasa adai

Aug 12, 2012
4,169
652
0
ada thamai WT1190F abhyawakasha wasthuwa lankawata watena dawasa. :) galle, matara , hambantota inna aya parissamen inna honde :)


 
Last edited:

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අභ්‍යවකාශ කටයුතු පිළිබද අවදානයෙන් සිටින ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය අද (13) යොමුව ඇත්තේ ශී‍්‍ර ලංකාව දෙසටයි.

    ඒ, අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක යැයි සැක කෙරෙන කැබැල්ලක් අද (13) පෙරවරු 11.45 ට පමණ ශී‍්‍ර ලංකාවේ දකුණු මුහුදට කඩා වැටෙනු ඇති බවට මේ වනවිට පළ වී ඇති වාර්තාවටයි.

    එම ආකාශ වස්තුව නම් කර ඇත්තේ ඩබ්ලිව් ටී 1190 යි එෆ් යන නමින්.

    අමෙරිකාවේ ප්ලූටෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය විසින් එය පළමුවරට නිරීක්‍ෂණය කරනු ලැබ ඇත්තේ 2013 වසරේ නොවැම්බර් මාසයේදීයි.

    ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීද එම ආකාශ වස්තුව නිරීක්‍ෂණය කර තිබෙනවා.

    එය තවමත් පෘථිවි වායුගෝලයට ඇතුළත් වී නොමැති බවයි තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ.

    එම ආකාශ වස්තුව මීට වසර 40 කට පමණ පෙර චන්ද්‍රයා වෙත යවන ලද ඇපලෝ යානයේ කොටසක් ලෙසට විද්‍යාඥයින් විශ්වාස කරන බවයි ශී‍්‍ර ලංකා ග‍්‍රහලෝකාගාරයේ අධ්‍යක්‍ෂිකා පි‍්‍රයංකා කෝරලේගම මහත්මිය කියාසිටියේ.

    පවතින තත්ත්වය සලකා අදාළ අකාශ වස්තුව කඩාවැටෙනු ඇතැයි සැක කෙරෙන මුහුදු ප‍්‍රදේශය සහ ඒ ආශි‍්‍රත ගුවන් ප‍්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කිරිමටයි තීරණය කර ඇත්තේ.

    එබැවින් මෙම මුහුදු ප‍්‍රදේශයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි සියලු ධීවරයින් දැනුවත් කර ඇති බවයි ධීවර සහ ජලඡ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

    කෙසේවෙතත් මෙම ආකාශ වස්තුව කඩාවැටීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර ගත යුතු නැතැයි තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියාසිටියේ.
    එහෙත් කිසියම් හෝ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සදහා සියලු කටයුතු සූදානම් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ.

    - See more at: http://nethfm.com/article/87949#sthash.HrXnhhcm.dpuf