adhuru wechcha jiwithayakata goda enna udaw karapalla -pls

Mar 3, 2012
61
12
0
මචන්ලා..... මම අද උබලගෙන් වැදගත් උදව්වක් ඉල්ලන්නයි මෙ කතා කරන්නෙ
මට අවුරුදු 25 යි මට තාම තියෙන්නෙ A/L විතරයි
දැන් උබල අහයි මෙච්චර කල් මොකද කලෙ කියලා
කෙටින්ම කිව්වොත් මට පහුගිය ටිකෙ ගොඩාක් කරදර තිබ්බ එකයි කිසිම දෙයක් කරගන්න බැරි වුනෙ
මම A/L කලෙ ගනිත අන්ශෙන්(combined maths)
මම ආස Science and technology,maths ,Engineering වගෙ එවට

මට දැන් හිතෙනව degree එකක් කරොත් හොදයි කියලලා
ලන්කාවෙ තියෙන හොද ඉල්ලුම වැඩි Degree මොනවද.... IT එහෙම නම් කියන්න එපා දැන් හැම එකාම it කරනවනෙ
අනික ලන්කාවෙ සල්ලි දිලා ඉගෙන ගන්න හොද Degree බොහොම අඩුයි කියල මම දන්නවා..
රට යන්නනත් අදහසක් තියෙනවා.....
ගනන් අඩුවට රට Degree එකක් කරගන්න පුලුවන් නම් කියපල්ලා
part time job එකක් කර කර වගෙ

අනෙ please මචන්ලා අදුරු වෙච්ච ජිවිතයක් ගොඩ ගන්න උඩව්වක් කරපල්ලා
 
Last edited:

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    part time job kara kara nm degree karanna amarui bn....
    bt hoda supiri metarayk nm uba ehma pluwan... :)
    uba kamathi mona wage field ekakatada?
    uba lankwe nathuwa wena rataka gihn karanna oni nm uba ada field eka gana kiyala ahapn machn.ethkota e e aya udaw karai elakiriye inna.
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ලැට්වියා ද මොකද්ද රටක degree කරන්න පුළුවන් ලු ගොඩක් අඩු ගානට. යුරෝපේ රටක් ලු. EDEX එකේදී ගැනියෙක් බලෙන්ම වගේ මට invitation 1ක් දුන්න. ටිකක් හොයල බලපන්.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ ජොබ් එකක් කරලම නැද්ද? කරල තියේනම් working experience එක්ක උඹේ degree එකේ කාලය අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන් business management පැත්තේ වගේනම්. නැත්නම් හොඳම දේ edexcel Higher National diploma එකක් කරලා, degree එකක final year එකට සෙට් වෙන එක. කාලයත් අඩුයි, වියදමත් අඩුයි. උඹ ජොබ් එකක් කරලා නැත්නම් මම නම් කියන්නෙ මුලින්ම පොඩි හරි ජොබ් එකකට යන්න. උඹ maths වලින් AL කරලා අඩුමගානේ Banking trainee කෙනෙක් විදියට වත් සෙට් උනා නම් ඉවරයි. ඒත් දැන් ඒවට යන්න උඹේ වයස වැඩි. ඒ හින්ද ඉක්මනට ජොබක් සෙට් කරගෙන ඊට පස්සෙ ඉගෙන ගනින් පාට් ටයිම්. නැතුව ජොබ් එක පාට් ටයිම් කරලා ඉගෙන ගන්නවා කියන්නෙ වෙන්නෙ නැති වැඩක්. මොකෝ ලංකාවේ ඒ වගේ පාට් ටයිම් ජොබ්ස් නෑ. උඹ ඉගෙන ගන්නම විතරක් තව අවුරුදු 3 ක් 4 ක් අයින් කරනවා කියන්නෙ උඹ ජොබ් එකක් හොයන කාලේ වෙද්දී උඹට 28ක් 29ක් අඩුම. ඒ කාලේදී උඹ degree එකක් තියන් ඉඳල විතරක් මදි වෙනව මගෙ අත්දැකීම් අනුවනම්. මොකෝ දැන් OL ඉවර උන ගමන් ගොඩක් අය degree එක complete කරගෙන job market එකට බහින්නේ අවුරුදු 20න් 21න්. උඹ 28න් 29න් ඒ qualification එක්ක යනවා කියන්නෙ උඹේ salary එක එතකොට බහිනවා.

    උඹට කඩ්ඩ පුළුවන්නම්, කොළඹ කිට්ටුවනම් ඉන්නෙ මට PM එකක් දාපං. අපේ office එකේ මේ දවස් වල recruit කරනවා. උඹට studies කරන්නත් පුළුවන්. මොකද උඹ company එක පිළිගන්න course complete කරොත් course fee එකත් company එකෙන් ගෙවනවා. ඒ වෙනුවට අවුරුද්දක් දෙකක් යනකන් උඹට resign වෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ. උඹේ තියෙන ප්‍රශ්නත් එක්ක මම නම් හිතන්නෙ උඹට හරියන්නේ ඒ වගේ option එකක් තමයි.
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    උඹට කඩ්ඩ පුළුවන්නම්, කොළඹ කිට්ටුවනම් ඉන්නෙ මට PM එකක් දාපං. අපේ office එකේ මේ දවස් වල recruit කරනවා. උඹට studies කරන්නත් පුළුවන්. මොකද උඹ company එක පිළිගන්න course complete කරොත් course fee එකත් company එකෙන් ගෙවනවා.
    :shocked::cool::cool: 8+