හුලක් දෙනා බලනව ඇති හදපු කෙනා ගේ නම් මිකායීල් කලාෂ්නිකොව් වෙලා වෙපන් එක AK-47 වුනේ මොකද කියල.
රුසියානුන් මේ වෙපන් එක නම් කරන්නේ අවුටමැට් කලාෂ්නිකොවා (කලාෂ්නිකොව් කියන නමේ ස්ත්‍රී ලිංග වාචී පදය තමා කලාෂ්නිකෝවා කියන්නේ. කොහොමත් ඔය ආයුධ, නැව් වගේ වස්තූන් අපි හදුන්වන්නේ කාන්තාවන් විදියට..ඒ තියන ආදරය, ඒ භාණ්ඩය සමග සොල්දාදුවන් ගේ තියන අනුරාගාන්විත බැදීම පෙන්වන්න කියල තමා කියන්නේ!) කියලා. මේ වචන දෙකේ මුලකුරු වලින් තමා වෙපන් එක හදුන්වන්නේ.
දැනට අපට තියන දත්ත අනුව කලාෂ්නිකොවා පවුලට සම්බන්ධ වෙපන් මේ වන විට මිලියන 100ක් පමණ ලෝකයේ භාවිතා වෙනවා.(ලෝකයේ භාවිතා වෙන සියළු ම ගිනි අවි ගනන දල ලෙස මිලියන 500ක්) අර කිව්ව මිලියන 100නුත් 75%ක්ම බේසික් කලාෂ්නිකෝවා අවි.