AMD ද Intel ද සිලෙක්ට් කරන්නෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    AMD ද Intel ද සිලෙක්ට් කරන්නෙ

    AMD සහ Intel කියන්නෙ කොම්පීතර් වලට අවශ්‍ය CPU හදන ප්‍රදාන කොම්පැනි දෙක කියල දන්නවනෙ . මේ කොම්පැනි දෙකේ ඉතිහාසය බැලුවොත් intel පටන් අරන් තියෙන්නෙ 1968 සහ AMD 1969. Farechiled කියන සෙමි කන්ඩක්ටර් හදන කොම්පැනි එකෙන් වෙන් උන දෙගොල්ලක් තමා මේ කොම්පැනි දෙක හදාගෙන තියෙන්නෙ . මුලින්ම IBM එක PC එක හැදුවහම ඒකෙ මයික්‍රොසොෆ්ට් ඩොස් OS එක දුවන්න ඕන විදිහට 32 bit චිප් ආකිටෙක්චර් එක ගත්තෙ intel එකෙන් . ඒත් Intel එකට අවශ්‍ය ප්‍රමාණය දෙන්න තරම් හැකියාවක් තිබුනෙ නැති නිසා AMD එකට ඇග්‍රිමන්ට් එකකින් තමන්ගෙ ටෙක්නොලොජි එක දීල IBM ලට අවශ්‍ය CPU නිපදවගත්ත .


    කොහොම හරි 1991 වෙනකොට වලි ගිහිල්ල Intel ලත් එක්ක නඩු කියල දෙගොල්ලො වෙන් වෙලා තමන්ගෙ චිප් සෙට් වෙන වෙනම ටෙක්නොලොජි එක්ක ඩිවලොප් කරගෙන යනව . 2003 දි AMD ල 64 බිට් චිප් සෙට් එක එලිදක්වල Intel එකට දෙනව විසි වෙන්න පාරක් . කොහොම උනත් මේ වෙනකොට Intel එක මාකට් එක අල්ලල ඉවරයි .එයාලත් 64 බිට් එක හදල ආයෙ මාකට් එක වැඩි කරගන්නව .


    7EpZVxZ.jpg


    අපිත් AMD කිව්වොත් ගන්නෙම නෑනෙ ඉතින් . Intel ඒවමයිනෙ හෙව්වෙ . ඔන්න 2017 AMD ල Ryzen කියල මල්ටිකෝර් ප්‍රොසෙසර් සීරීස් එකක් හදුන්වල දෙනව . ඒකත් එක්ක මේ වෙනකොට AMD මාකට් ශෙයාර් එක වේගෙන් වැඩි වෙලා . විශේශයෙන්ම ගේමින් වලට වීඩියෝ එඩිටින් වලට මේ CPU සීරීස් එක පට්ට කියල තමා හැම රිවිව් එකකම තියෙන්නෙ . දැනට Ryzen සීරීස් එකේ 32 core වෙනකන් CPU තියනවලු :shocked::shocked::shocked::shocked:.Intel ලගෙ වැඩිම තියෙන්නෙ 18 core (දැනට)


    ඒ වගේම AMD CPU ගොඩක් ගනන් අඩුයි Intel ඒවට වඩා . Intel එකෙන් monopoly එකක් හදාගෙන හිටපු නිසා තමා එහෙම ගොඩක් ගනන් උනේ . ඒ වගේම Intel එකෙන් පාරිභෝගිකයො රැවැට්ටුව විවිද නම් වලින් . i3,i5,i7 කිව්වට ගොඩක් CPU වල තිබ්බෙ core 2ක් විතරයි . AMD ල අඩු මුදලට multi core චිප් හැදුවහම Intel ලටත් සිද්ද උනා core ගාන වැඩි කරන්න .;););););)


    ඉතින් උබල අලුතෙන් මැශින් එකක් ඇසෙම්බල් කරනවනම් AMD Ryzen CPU එක ගැන බලපන් . ඒක පට්ට . බොරුවට සල්ලි වියදම් කරන්න එපා . දැන් ලෝකෙ ට්‍රෙන්ඩ් එක Ryzen.
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    AMD ලගේ android studio එකේ සිමියුලේට් කරන්න බැරි සීන් එකක් තියෙනවා නේද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,805
    113
    Panadura
    මාත් ආයෙ පිසී එකක් හදන කාලෙක එ එම් ඩි එකක්‌ තමා ප්‍රොසෙසර් එක විදිහට තොර ගන්නෙ
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,926
    16,906
    113
    Colombo
    මාත් ආයෙ පිසී එකක් හදන කාලෙක එ එම් ඩි එකක්‌ තමා ප්‍රොසෙසර් එක විදිහට තොර ගන්නෙ

    අනික RYZEN APU එකක් එනව Vega Graphics එක්ක. එකත් පට්ට. :love::love:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,805
    113
    Panadura
    අනික RYZEN APU එකක් එනව Vega Graphics එක්ක. එකත් පට්ට. :love::love:

    ඔව් එක පට්ට මට ඉන්ටෙල් එපා උන අනික් කාරනාව තමා අවුරුද්දෙන් අවුරුද්ද සොකට් එක මාරු කරන එක
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Things are rapidly developing. Intel announced a while ago up-to 56-core, 4GHz 14nm second-generation Xeon SP chips,
    AMD recently announced 64 core Epyc chips using 7nm technology.