ඔන්න මචන්ල , ryzen එකකටම ගියා, ගොඩක් උන් ඒක ගැන කියලත් තිබ්බ .
මෙන්න මේවා තමයි සෙට් කරේ .
power එක - 650W එකක් ගත්ත (gamdias kiala බ්‍රෑන්ඩ් එකක් , bronze )
Processor - Ryzen 5 5600G එකක් ගත්තා
Board එක - MSI B550 VDH Wifi එකක් ගත්ත
m2 - Lexar 512 mb
casing gamdias එකෙන්ම - fan 4ක් එනවා . ඉස්සරහ 3යි , පිටිපස්සේ එකයි . උඩින් රේඩියේටර් එකක් ගහන්න පුළුවන් .
RAM - 32G - kingstan - FURY (16 X 2) - speed 2400
පරණ ග්‍රැපික් කාඩ් එකත් ගැහුවා ඔන්න ඔහේ කියල . - RX 580 - 8GB එකක් . පස්සේ හොද එකක් බලල ගන්න ඕන මචන්ලා .
ඔන්න ඔය ටික සෙට් කරලා වැඩේ ගොඩ දාගත්ත .
ඔක්කොම ගත්තේ uniti plaza එකෙන් . අරන් ඇවිල්ල මමම අසේම්බල් කර ගත්ත . ඔය pc එකක් අසේම්බල් කරේ අවුරුදු 15කට විතර පස්සේ . තක්ශනේ වෙනස් වෙලා හින්ද ටිකක් බයෙන් බයෙන් තමයි , වැඩේට අත දැම්මේ .
ඕක ගන්න විස්තර හොයන කොට ෆේස් බුක් එකේ තොග පිටින් ඇඩ් එනවා , කොම්පියුටර් කඩ ගැන දාල . ඒ කඩ කීපයකින් විස්තර ඇහුව . උන් නිකන් මේ , බලෙන් බිස්නස් කරගන්න එන ලයින් එකක් තමයි කස්ටමර්ලට දෙන්නේ . හැබැයි , දාල තියෙන්නේ නම් සුපිරි riview . උන් තමයි , හොදම සර්විස් එක දෙන්නේ , හොදම කොලිටි එතකොට හොදටම කරන්නේ කියල . සිංහල උන්ට බිස්නස් කෙලවෙන්නේ ඔන්න ඔය පඩ මහන්තත්ව කම හින්ද .
පස්සේ ඕන එකක් කියල , ගියා නැනෝ ටෙක් එකට , උන්ගේ ළග බෝඩ් එක නැහැ . ඉතින් , ඕන එකක් කියල එහා පැත්තේ uniti plaza එකට ගිහින්, බඩු ටික ඔක්කොම ගත්ත බන් .
දැන් බැලුවේ , මේකට පොඩි රේඩියේටර් කෑල්ලක් වගේ ගහල දාන්න .
මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තිබ්බ දේවල් සෑහෙන්න උදව් උනා මචන් .
තැන්කිව් උබලා හැමෝටම . !