Anxiety හින්ද ගෙදරට වෙලා ඉන්න උන්ට මගේ සත දෙක.

helplesser

Well-known member
  • Nov 20, 2017
    15,961
    24,834
    113
    35
    Mirihana
    alis.alberta.ca
    Anxiety වලට බෙහෙත් බොන ගමන් රස්සාවක් කරන කෙනෙක් හැටියට මගේ අදහස .

    දැනට anxiety symptoms වලට treat කරන්න සැහෙන බෙහෙත් ප්‍රමාණයක් තියනවා.
    හැබැයි මේ හැම එකක්ම හැමොටම සෙට්‌ නෑ. තමන්ට හරියන එක සෙට් වෙනකම් try කරන්න ඕන.
    ඒත් බෙහෙත් වලට සල්ලි හොයා ගන්න ජොබ් එකක් කරන්න ඕන.
    ඒත් ජොබක් කරන්න බෑ anxiety හින්ද. ඒක තමා අවුල.

    මේකට විසදුම තමා ලොකු ක්‍රවුඩ් එකක් නැති මිනිස්සු 5-8 වගේ ඉන්න තැනක් සෙට් ගන්න එක.
    මොකෙක්වත් නැති ජොබ් කොහෙවත් නෑනේ. පලවෙනි පඩිය හම්බෙනකම් කට්ට කාගෙන ඉන්න වෙනවා හැබැයි. නමුත් මිනිස්සු අඩු නිසා manage කරගන්න ලේසියි. පුලුවන්නම් ජොබ් එකට යන්න කලින්ම හොද ඩොක්ටර් කෙනෙක් channel කරපන්. ගොඩක් වෙලාවට හොද ඩොක්ටර්ස්ලට මාසයක් විතර ඉස්සරහට booking full. ඒ හින්දා මාසෙකට කලින් book කරන එක වටිනවා. එතකොට පලවෙනි salary එක හම්බුනු ගමන් ඩොකා ගාවට යන්න පුළුවන්. ගොඩක් වෙලාවට මාසෙට බෙහෙත් දෙයි. ඔය ටිකට රුපියල් 3000-5000ක් විතර ගානක් යයි. මේ මාසේ පට්ට critical. බෙහෙත් ගත්ත ගමන් බොහෝ විට anxiety වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා benzo එකක් වගේ ඉල්ලා ගන්න එක වටිනවා බෙහෙත් ටික ඇගට අල්ලනකම්. බොහෝ විට මාසයක් විතර යද්දී anxiety ගතිය 40% - 60%ක් විතර manageable වෙන්න පුළුවන්. ඊලග doctor visit එකේදී බින්දුවක්වත් අඩු නැත්තම් අනිවා ඩොකාව convince කරගන්න වෙන බෙහෙතකට මාරු වෙන්න. ටිකක් හරි හොද නම් බෙහෙතට තව ටිකක් කල් දීපන්. අනිවා මාස 2ක් යද්දී සෑහෙන manageable වෙනවා. ඔය විදියට ගියොත් මාස 6ක් විතර යද්දී උබට ගොඩක් දේවල් manage කරගන්න පුළුවන් වෙනවා. එකම දේ මුලින් පොඩි කට්ටක් කන්න වෙනවා මාසයක් විතර.
    මම freelance කර කර ඉද්දි 2015 වගේ තමයි panic attacks ආවේ. මේ වෙද්දී daily මම 30000ක් විතර earn කරා. පස්සේ මොකුත් කර ගන්න බැරිව අවුරුද්දක් විතර නිකන් හිටියා. ආපහු මම පටන් ගත්තේ ඔය උඩ තියන විදියට. මේ අවුරුදු 9ම මම බෙහෙත් ගන්නවා. ඒ අතරතුර ජිවිතේ අනිත් දේවලුත් කරගත්තා. කලින් හම්බ කරපු නිසා financially ප්‍රශ්න තිබ්බේ නැති උනත් සල්ලි නැතිම එකෙක්ට උනත් මේ විදියට කරොත් ගොඩ යන්න බැරි වෙන එකක් නෑ @AnuradhaRa @EKGuest වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එක දැකල මේක ලියන්න හිතුවේ. අතාරින්නෙ නැතුව අල්ලන් එක තමයි එකම KEY එක මට හිතෙන විදියට.

    මේ account එකත් 2017 forex කරන්න ගිහින් කෙලවිලා depression වැඩි වෙලා ඉද්දි හදපු account එකක් මට මතක විදියට. ලොල්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    13,884
    1
    10,950
    113
    Anuradhata nan tiyernne Kammali kama. Oka lede hoda unath jobak karana ekek nemei. Gedatta wela kaka bibi athal eke idala u kamathi na aith job ekakata gihin katta kanna.
     
    • Wow
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    3,180
    5,501
    113
    Earth
    ඕකට බෙහෙත් ගත්තම වෙන්නෙ නිකන් alertness නැති වෙලා වෙන උන් බලන් ඉන්නවද අනම් මනන් හිතෙන් නෑ, ලැජ්ජවක් නෑ වගෙ එකක්ද? ඒක හෙන අවුල්නෙ බන් එතකොට සෙන්සස් මොට වෙනව වගේ එකක්නෙ. එක්කො කෘතිමව හොඳ්අ වයිබ් එකක් එන එකක් නෙමෙයි ද වෙන්නෙ. හරියට නිකන් motivation speech අහලා එන ගට් එකෙන් professional boxer කෙනෙක්ගෙන් ගේම ඉල්ලනවා වගේනෙ එතකොට.. ගට තිබ්බට ගුටි කන්න වෙනවා. ලැජ්ජාව දැණුන් නැති උනාට තම්න්ගෙ අඩු පාඩු එහෙම්ම තියනව සහ ඒව අනිත් උන් දකිනවා..

    ගුලි කෑවම ලෝකෙම සොඳ්උරුයි , කාලය හිමින් යන්නෙ වගේ දැණුනට ඇත්තටම එහෙම නෑනෙ. මන්නම් කියන්නෙ ඕකට බෙහෙත් ගන්න යන එකෙන් වෙන්නෙ තමන්ගෙ brain එකේ chemical balance එකත් නැති කරගෙන ෆක් කරගන්න එක.. අන්තිමට බෙහෙත්ම තමයි.

    ඊට වඩා ඇත්තට ෆේස් කරල බ්‍රෛන් එකයි සබ්කොන්සස් මයින් එකයි re-program කරගන්න එක හොඳ්අයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    57,334
    1
    38,880
    113
    මම ලැජ්ජ නැති හිගන්න වුණාට
    @EKGuest එහෙම නෑ. එයා මට කිව්වෙ නෑ මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න කියල
    මට නිකං හිතිලයි ඒ වගේ ත්‍රෙඩ් එකක් දැම්මෙ

    වරදක් වුණානම් සමාවෙන්න
    ඔයාල @EKGuest ගැන වැරදියට හිතන්න එපා.. :(

    J09As1N.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    57,334
    1
    38,880
    113
    ඕකට බෙහෙත් ගත්තම වෙන්නෙ නිකන් alertness නැති වෙලා වෙන උන් බලන් ඉන්නවද අනම් මනන් හිතෙන් නෑ, ලැජ්ජවක් නෑ වගෙ එකක්ද? ඒක හෙන අවුල්නෙ බන් එතකොට සෙන්සස් මොට වෙනව වගේ එකක්නෙ. එක්කො කෘතිමව හොඳ්අ වයිබ් එකක් එන එකක් නෙමෙයි ද වෙන්නෙ. හරියට නිකන් motivation speech අහලා එන ගට් එකෙන් professional boxer කෙනෙක්ගෙන් ගේම ඉල්ලනවා වගේනෙ එතකොට.. ගට තිබ්බට ගුටි කන්න වෙනවා. ලැජ්ජාව දැණුන් නැති උනාට තම්න්ගෙ අඩු පාඩු එහෙම්ම තියනව සහ ඒව අනිත් උන් දකිනවා..

    ගුලි කෑවම ලෝකෙම සොඳ්උරුයි , කාලය හිමින් යන්නෙ වගේ දැණුනට ඇත්තටම එහෙම නෑනෙ. මන්නම් කියන්නෙ ඕකට බෙහෙත් ගන්න යන එකෙන් වෙන්නෙ තමන්ගෙ brain එකේ chemical balance එකත් නැති කරගෙන ෆක් කරගන්න එක.. අන්තිමට බෙහෙත්ම තමයි.

    ඊට වඩා ඇත්තට ෆේස් කරල බ්‍රෛන් එකයි සබ්කොන්සස් මයින් එකයි re-program කරගන්න එක හොඳ්අයි
    ඔව් මට රිටලින් වැඩ කෙරුවෙ ටික කාලයයි
    මං හිතුවෙම මගෙ ලෙඩ ඔක්කොම ඉවරයි කියල

    ස්වාභාවික උත්තේජකයක් හැටියට හොද කෙල්ලෙක් හිටයනං හරි.. මට ඒ වාසනාව වත් නෑනෙ..
    තනිවෙලා ඉන්නෙ. ඒකනෙ කිරියට ඇවිත් හැම මගුලම මේකෙ කියවන්නෙ
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,701
    113
    මම anxiety වලට ලංකාවේ ඒ කාලේ හිටපු හොඳම ඩොක්ටර්ලගෙන් අවුරුදු 5ක් විතර බෙහෙත් ගත්තා, මෝහනය / CBT / group therapy කලා ඒ කිසිම දෙයකින් කිසි ගුණයක් ලැබුනේ නැහැ.

    anxiety කියන දේ හැමෝටම එකම මට්ටමින් නැහැ සමහරුන්ට අඩුයි සමහරුන්ට වැඩියි. බෙහෙත්වලින් සාර්ථකව පාලනය කරගන්න පුලුවන් අය ඉන්නවා. මෝහනයෙන් ලොකු සුවයක් ලැබුන අය මම දැක්කා (මාව මෝහනය වුනේ නැහැ ) . මාත් එක්ක Group therapy කරපු අයගෙන් සමහරුන්ට හොඳටම හොඳ වෙලා රූපවාහිනී වැඩසටහන් වලට පවා ගියා. මට ඔය එකකින්වත් වැඩක් වුනේ නැහැ. මට ඩොක්ටර්ලම කියල තියෙනවා මගේ anxiety level එක අනිත් අයට වඩා ගොඩක් වැඩියි කියලා.
     
    • Like
    Reactions: Debrovsky

    මට තියෙන්නෙ Anxiety අවුල නෙමේ
    මට තියෙන්නෙ ADHD Inattentive Type එක

    ඔයාට පිරිසක් ඉදිරියට ගියාම එයාල මං දිහා බලං ඉන්නව. මට කරදරයක් කරයි වගේ සිතුවිලි එනවද?
     
    • Like
    Reactions: kaviranga_ou

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,701
    113
    මට තියෙන්නෙ Anxiety අවුල නෙමේ
    මට තියෙන්නෙ ADHD Inattentive Type එක

    ඔයාට පිරිසක් ඉදිරියට ගියාම එයාල මං දිහා බලං ඉන්නව. මට කරදරයක් කරයි වගේ සිතුවිලි එනවද?

    ඔව් බය වැඩිකමට panic attacks එනවා. ඒ වගේ වෙලාවට හැසිරෙන්නේ හරිම මෝඩ විදියට. පොඩි සරළ වැඩක්වත් කරගන්න බෑ. මේ ළඟදී මට රුපියල් 20,000 ක් ගණන් කරගන්න බැරි වුනා කට්ටියක් ඉස්සරහ දෙපාරක්ම වැරදුනා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    57,334
    1
    38,880
    113
    ඔව් බය වැඩිකමට panic attacks එනවා. ඒ වගේ වෙලාවට හැසිරෙන්නේ හරිම මෝඩ විදියට. පොඩි සරළ වැඩක්වත් කරගන්න බෑ. මේ ළඟදී මට රුපියල් 20,000 ක් ගණන් කරගන්න බැරි වුනා කට්ටියක් ඉස්සරහ දෙපාරක්ම වැරදුනා.
    ඔතන තියෙන්නෙ ඔයාගෙ වැඩේට විතරක් අවධානෙ දෙන්න බැරි කම
    ඒ ආත්ම විස්වාසෙ නැති නිසා Anxiety කියල එකක් මතු වෙනව ඔයාට
    ADHD තියෙන අයට self esteem එක අඩුයි

    මම රිටලින් බොන්න ගත්ත දවස්වල සිංහය වගේ පාරෙ ගියෙ.. පස්සෙ ඒ ගැම්ම නැතුව ගියානෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    66,275
    57,519
    113
    ඔව් බය වැඩිකමට panic attacks එනවා. ඒ වගේ වෙලාවට හැසිරෙන්නේ හරිම මෝඩ විදියට. පොඩි සරළ වැඩක්වත් කරගන්න බෑ. මේ ළඟදී මට රුපියල් 20,000 ක් ගණන් කරගන්න බැරි වුනා කට්ටියක් ඉස්සරහ දෙපාරක්ම වැරදුනා.
    Ubata wedding ekak ehema gattoth sihi nethuwa wateine?
     
    • Like
    Reactions: Flappybird

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,701
    113
    Ubata wedding ekak ehema gattoth sihi nethuwa wateine?

    පුලුවන් තරම් මග අරිනවා. නොගිහින්ම බැරි නෑදෑයෙකුගේ වෙඩින් එකකට වගේ තමයි යන්නේ. ඒ ගියත් සෙනග මැද්දේ නැතුව කොහෙහරි අයිනක තමයි වාඩි වෙලා ඉන්නෙත්.