https://www.sbs.com.au/language/sin...school-bus-found-walking-alone-10km-from-homeකවුද බන් ඔය අස්සේ මුල්ලේ රිංගන්නේ. සිංහලු නං ඉතින් කෙලින්ම කැපිටල් එකට බහින්නේ, නැත්තං තියෙන ලොකුම නගරෙට.
පාසල් බස් රථයේ දමා ගිය වයස අවුරුදු 5 ක දරුවෙකු තම දෙමාපියන්ව සොයා තනිව කිලෝ මීටරයක දුරක් පයින්ම ඇවිද ආ සිදුවීමක් ඔස්ට්‍රේලියාවේ Coober Pedy කලාපයෙන් වාර්තා වේ.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Coober Pedy Area පාසලේ ඉගෙනුම ලබන එම දරුවාව අදාළ පාසල් බස් රථයේ දමා ගොස් යාමෙන් මෙම සිදුවීම හටගෙන තිබේ.
"මගේ දරුවා බස් රථයේ දොර විවෘත කර අපව සොයා ගැනීමට කිලෝමීටරයක් පමණ ඇවිදිමින් සිටියා." යනුවෙන් තිනුල ගේ පියා වන ගයාන් ඉඳුනිල් හෙට්ටිආරච්චි මහතා SBS පුවත් වෙත පැවසීය.
තිනුලගේ දෙමාපියන් විසින් විශ්වාස කරන පරිදි ඔහු තමන්ගේ පාසල් බෑගයත් සමග සෙල්සියස් අංශක 32 ක උෂ්ණත්වයක් තිබියදී පැයකට වැඩි කාලයක් නිවෙස සොයා ඇවිදිමින් ගමන් කර තිබේ.
තිනුල රයෝන් හෙට්ටිආරච්චි නමැති දරුවාගේ දෙමාපියන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් වන අතර ඔවුන් මීට වසර 4 කට පමණ පෙර මෙල්බර්න් සිට දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Coober Pedy වෙත පැමිණ තිබේ.