හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා මම දන්න,රාජකිය පණ්ඩිත උපාධිය කරලා ඉන්නෙ,පාලි Special 1st Class,ඉට අමතරව ඉංග්‍රීසි වලටත් ඩිප්ලෝමාවක් ද කොහෙද තියනවා,හාමුදුරුවෝ නම් දක්ෂයි,දැන් ඔස්ට්‍රෙලියාවේ යන්න හිතක් පහල වෙලා මගෙනුත් අහැව්වා,යන්න ඔනේ Phd එකක් කරන්නලු,ඉතින් දැන් අහන්න එපා ඇයි ලංකාවේ බැරි අරකද මේකද,එවා ඉතින් මම දන්නෙ නැ සහෝදරවරුනි...මට දෙන්න පුලුවන් උපදෙස් ටික උන්වහන්සේට දුන්නා,විශ්වවිද්‍යල දෙක තුනකුත් බැලුවා උන්වහන්සේට හරියන විශයන් තියනවද කියල..නමුත් තාම හරිහමන් එකක් හම්බවුනේ නැ,කරන්න බලාපොරොත්තු වෙන්නෙ පාලි භාෂාව,බෞද්ධ අධ්‍යනය,බෞද්ධ දර්ශණය වගේ විශයන්,හාමුදුරුවෝ කියනවා එයාට ආසයි ලු සුද්දන්ට කිරින්දේ ධම්මානන්ද හමුදුරුවෝ වගේ බණ කියන්න - ඉතින් මම කිව්වා පුලුවන් දෙයක් මමත් හොයලා දෙන්නම් කියල,ඔයාල බෞද්ධ අධ්‍යනය පැත්තෙ තියන ඔස්ට්‍රෙලියනු විශ්වවිද්‍යල ගැන දන්නවා නම් කියන්න,ඉට අමතරව දැන් අවුරුදු 28 විතර හාමුදුරුවෝ කෙනෙකුට ඔස්ට්‍රෙලියාවට ඇවිත් ජිවත් වෙන්න තියන තත්වය ගැනත් කියන්න.මොකද කියන්නෙ Full Schol එකක් ගහගන්න පුලුවන් වෙයිද මේ සුදුසුකම් වලට,එජන්සියක් හරහා යනවා නම් මොකක්ද ස්වාමින්වහන්සේ නමකට යන්න හොඳ ?

