avengers infinity war ??

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මිනිහ බුද්ධිමත් ජීවියෙක් කියන්නෙ කව්ද මිනිහමයි :baffled:
    කවුරු හරි මිනිහෙක් මං මාර බුද්ධිමත් කිය කිය ගියොත් ඌ ගැන හිතෙන්නෙ මොකක්ද කියල කල්පනා කරල බලපංකො :sorry: ඌ පිස්සෙක්නෙ :baffled:
    තමන්ගෙ වර්ගයා බුද්ධිමත් කියල කියාගන්න වර්ගයා ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ :sorry:
    එහෙම බැලුවොත් ඉතින් මිනිස්සු පරිසරේ විනාස කරනවා කියන්නෙත් මනුස්සයම නෙ. උඹ හිතන්නේ මේ ලෝකෙම හෙට කාන්තාරයක් වෙලා ගියත් සොබාවධර්මයට අබ ඇටේක ගානක් තියෙයි කියලද. සොබාවදර්මෙට මේ ලෝකේ අඟහරු වගේ වෙලා එක ජීවියෙක්වත් නැතිවුනත් වෙනසක් නෑ ඒකත් සොබාදහම තමා. ආය ජීවියෝ හිටියද නැද්ද හැමෝම සන්තෝසෙන් කාල බීල ඉන්නවද සොබාදහමට වැඩක් නෑ මීට වඩා ජීවියෝ ලක්ෂ කෝටි ගණන් එක දවසෙන් නැතිවෙච්ච සිද්දි ලෝක ඉතිහාසේ ඕනේ තරං වෙලා ඇති. ඉන්න උන් හිටපියව් බැරි උන් මැරිලා වඳවෙලා පල තියරිය සොබාදහමට තියෙන්නේ.

    අපි අපේ පහසුවට අපිට ලස්සන සොබාදහමේ වර්ෂන් එකක් මවාගෙන ඉන්නවා ගහකොළ තියෙන අපිට හුස්ම ගන්න සුදුසු වාතය තියෙන දියඇලි ගංගා ගලන කොළ පාට පරිසරයක් තමා නියම සොබාදහම කියල. අපිම හිතනවා සත්තු පව් උන් වඳ වෙන එක පව් එහෙම හොඳ නෑ එයාලත් අපි එක්ක ඉන්න ඕනේ කියල. ඒ ඔක්කොම අපි හදාගත්තු ඒවා අපේ පහසුවට. වෙන කිසි සතෙක් ඕවා හිතන්නේ නෑ උන් කෑවා බීවා පැටව් පුළුවන් තරං හැදුවා මැරිලා ගියා. අපි විතරයි මෙහෙම හරි මේව ගැන වද වෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඌ කොහෙද හැම ලෝකෙකම මැරුවෙ. ලෝකෙ විනාශ කරන්න පුලුවන් ගානට දියුණු වෙලා ලෝකෙ විනාශ කරගෙන යන මිනිස්සු වගේ ජීවින් ඉන්න ලෝක වල විතරනෙ බාගයක් මැරුවෙ. අනික සත්තු මැරුනෙ නෑනෙ :eek:
    විශ්වයේ ඉන්න හැම ජීවී කොට්ටාසයකම බාගයක් මැරුව කියල නේද කියන්නේ. ආය හොඳ නරක බල බල හිටියේ නෑ.
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63

    තානොස් හරි බන් උගේ කිසිම අසාධාරණයක් නෑ , මමත් ඔතන හිටියනම් තානොස්ට හෙන සප් එකක් දෙනවා තෝර් ව හරි මරල දාල, ඊට පස්සේ ඉතින් මමත් ඌ එක්ක අමුඩයක් හරි ගහගෙන අර වෙලේ පැල්පතට වෙලා කන්ද පැත්ත බලාගෙන ආතල් එකේ ඉන්නවා:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක තමයි බං කිව්වේ Planet of the Apes වගේ කාලයක් එනකම් බලන් ඉන්නවා
    හරි උන්ට අපිට වඩා මොලේ තියෙනවා කියන්නේ උන්ද?අපිමනේ බං
    එතකොට අපි බුද්ධිමත්ව සත්තු කියන උන් අපිට වඩා මුන් බුද්ධිමත් කිව්වම උබ එක පිළිගන්නවද :baffled:

    එකෙක්වත් බුද්ධිමත් නෑ :baffled: එක එකා එක එක අංශ වල දක්ශයො මිනිස්සු තමා දැනට බිහිවුන විනාශ කරන්න දක්ශම සතා :sorry:

    :)මමනම් කියන්නේ බන් මිනිසා කරලා තියෙන්නේ යම් විදිහකින් පරිසරය කළමනාකරණය කිරීමක් විතරයි, අපි වගේම අනිත් සත්තුත් පරිනාමය උනානම් මේ වෙද්දීත් මිනිහට යන එන මං නැති වෙලා ඉවරයි, ඉතින් දැනට තියෙන සම්පත් කළමනාකරණය කරලා ඒවගෙන් තව ටික කාලයක් යනකල් මේ ඉන්න උන්ට අවශ්‍යතා සපුරගන්න පුළුවන් වෙයි, ඒකත් නිකන් නෙමෙයි කැලෑ කපල දහස් ගනන් අහිංසක සත්තු ජිවිතේ පරිත්‍යාග කරලයි ඕක වෙන්නේ. ඉතින් කාලයක් ගියාම මිනිසාටම තේරෙයි ජන සංහාරය තමයි එකම ගැලවීම කියල.මොකද අපිට තියෙන සම්පත් වල මූලික ද්‍රව්‍ය නැති උනාම ආයෙ කොහෙන් කියල හදන්නද. එදාට planet එකේ භාගයක් නෙමෙයි මුළු මිනිස් සංහතියම වන්දි ගෙවයි
    ඉතින් ඊට කලින් මේක උනොත් හොදයි කියල මිනිසාටම හිතෙන නිසයි තානොස් වගේ characters create වෙන්නේ

    :yes: :sorry:

    එහෙම බැලුවොත් ඉතින් මිනිස්සු පරිසරේ විනාස කරනවා කියන්නෙත් මනුස්සයම නෙ. උඹ හිතන්නේ මේ ලෝකෙම හෙට කාන්තාරයක් වෙලා ගියත් සොබාවධර්මයට අබ ඇටේක ගානක් තියෙයි කියලද. සොබාවදර්මෙට මේ ලෝකේ අඟහරු වගේ වෙලා එක ජීවියෙක්වත් නැතිවුනත් වෙනසක් නෑ ඒකත් සොබාදහම තමා. ආය ජීවියෝ හිටියද නැද්ද හැමෝම සන්තෝසෙන් කාල බීල ඉන්නවද සොබාදහමට වැඩක් නෑ මීට වඩා ජීවියෝ ලක්ෂ කෝටි ගණන් එක දවසෙන් නැතිවෙච්ච සිද්දි ලෝක ඉතිහාසේ ඕනේ තරං වෙලා ඇති. ඉන්න උන් හිටපියව් බැරි උන් මැරිලා වඳවෙලා පල තියරිය සොබාදහමට තියෙන්නේ.

    අපි අපේ පහසුවට අපිට ලස්සන සොබාදහමේ වර්ෂන් එකක් මවාගෙන ඉන්නවා ගහකොළ තියෙන අපිට හුස්ම ගන්න සුදුසු වාතය තියෙන දියඇලි ගංගා ගලන කොළ පාට පරිසරයක් තමා නියම සොබාදහම කියල. අපිම හිතනවා සත්තු පව් උන් වඳ වෙන එක පව් එහෙම හොඳ නෑ එයාලත් අපි එක්ක ඉන්න ඕනේ කියල. ඒ ඔක්කොම අපි හදාගත්තු ඒවා අපේ පහසුවට. වෙන කිසි සතෙක් ඕවා හිතන්නේ නෑ උන් කෑවා බීවා පැටව් පුළුවන් තරං හැදුවා මැරිලා ගියා. අපි විතරයි මෙහෙම හරි මේව ගැන වද වෙන්නේ.

    උඹ හිතන්නෙ උඹ මැරිල ගියා කියල උඹට ගානක් තියේ කියලද :D උඹ සෛල ගොඩක්නෙ :D සෛල ගොඩ හැදිල තියෙන්නෙ පරමාණු ගොඩකිංනෙ :D උඹේ ඇඟේ සෛල කීදාහක් මැරිල යනව ඇද්ද :D කොච්චර මිනිස්සු මැරිල මේ වෙනකොට මැරිල කුණු වෙලා ගිහිං තියෙනවද. ඒ කියන්නෙ උඹට උඹට මොනා වුනත් එකයි ගානක් නෑ කියන එකද?

    උඹ ඔය සොබාදහමට කිසිම දෙයක් වැඩක් නෑ කියන්නෙ උඹ සොබාදහම දකින්නෙ නියම කිහිපෙකට යටත්ව ක්‍රියා කරන යන්ත්‍රයක් විදිහට දකින නිසා බං. ඕක තමා මේ විනාශයේ පදනමම :yes: සොබාදහම ඇතුලු හැම දෙයක්ම යන්ත්‍රයක්. කොටස් කොටස් වෙනස් කල්ල මුලු යන්ත්‍රෙම අපිට ඕනෙ විදිහට වෙනස් කලෑකි. කොහෙ හරි අවුලක් වුනොත් ඒ අවුල හැදුවාම හරි. යන්ත්‍රයේ පාලනේ මිනිසා අතට ගන්න ඕනෙ etc. වර්තමාන ලෝක දැක්මෙ පදනමේම තියෙන්නෙ ඕක. හැම දෙයක්ම යන්ත්‍ර විදිහට දැකීම. යාන්ත්‍රික විදිහට අර්ථ කතන ඉදිරිපත් කිරීම. යන්ත්‍රයක් විදිහට වෙනස් කරල තමන්ගෙ ප්‍රායෝජනේට ගන්න එක. ඔය දැක්ම හින්ද තමා ඉර දෙවියො හඳ දෙවියො ගස් වැල් දෙවියො හරක දෙවියො විදිහට දකින ශිෂ්ඨාචාර මාර ගෝත්‍රික නූගත් ප්‍රාථමික සමාජ විදිහට දකින්නෙ. කැලෑව දෙවි කෙනෙක් විදිහට දකින සංස්කෘති වල මිනිස්සුන්ට හිනාවෙනව මෝඩයො කියල ඒ හිනාවෙන්නෙ කැලෑව කියන්නෙ යන්ත්‍රයක් කියන මිථ්‍යාවෙ ඉඳන් කියල තේරුම් ගන්නෑ.

    මේවට තමා ආගම් කියන්නෙ. ආගම් කියල ලේබල් කල්ල තියෙන්නෙ බෞද්ධ ක්‍රිස්තියාන් හින්දු etc පොඩ්ඩක් වුනාට හැම ශිෂ්ඨාචාරෙකම පදනමේ ආගමක් තියෙනව. ආගම කියන්නෙ ඔප්පු කිරීම් වලිං තොරව ඇත්ත කියල පිළිගන්න මූලික axiom ටික වගේ විශ්වාස ටික. නූතන තාක්ශණෙන් දියුණු පරිභෝජනවාදී සමාජයේ පදනමේ තියෙන ආගමේ මූලික විශ්වාස සියල්ල නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍ර, ද්‍රව්‍ය පරිභෝජනයෙන් සැනසීම ලැබේ etc.

    ඒත් ලෝකය වනාන්තර සොබාදහම යන්ත්‍ර විදිහට දකින්නැතුව ඒව දකින්න වෙනත් ආදේශක තියෙනව. එකක් සොබාදහම දෙවි කෙනෙක් විදිහට දකිනව. සමහර ශිෂ්ටාචාර අම්ම කෙනෙක් විදිහට දැක්ක. තව සමහරක් තවත් වෙනම ජීවියෙක් විදිහට දැක්ක. මේවගෙන් යන්ත්‍රයක් විදිහට දකින්නැතුව ඊට වඩා හොඳට සොබාදහමෙ හැසිරීම් තේරුම් ගන්න පුලුවන් සමහර අවස්ථා වල. යන්ත්‍රයක් මිනිස්සුන්ට ඕනෙ විදිහට වෙනස් කරගෙන ගියාම දෙවි කෙනෙක්ව එහෙම කරන්න බෑ ඕනෙවට වඩා තමන්ට ඕනෙ විදිහට වෙනස් කරන්න ගියොත් වෙන්නෙ අනික් පැත්තට දඬුවම් විඳින්න වෙන එක. ඔය දේශගුණ විපර්යාස කියල වෙන දේවල් ඒ විදිහට දැක්කෑකි. පොලොවට ඕනෙවට වඩා වස ගහගෙන ගියොත් වෙන්නෙ ඒ පැත්ත කිසිම ජීවියෙක්ට ජීවත් වෙන්න සුදුසු නැති වෙලා විනාශ වෙලා යන එක. ඒක පොලොව ජීවියෙක් විදිහට දැක්කෑකි.

    සොබාදහමට කිසිම දෙයක් ගැන ගානක් නෑ, මනුශ්‍ය ශරීරෙට වෙන්නෙ මොකක්ද කියල ගානක් නෑ දෙකම නිකං නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍ර විදිහට දකිනවට වඩා මම ආස සොබාදහම දෙවි කෙනෙක් හරි ජීවියෙක් විදිහට හරි දකින දර්ශනේට :yes: ඒත් පරිසරේ යන්ත්‍රයක් විදිහට දකින නූතන සමාජය පදනම් වෙලා තියෙන ආගමේම තියෙන අනික් axiom එක තියෙන්නෙ එක සත්‍යයි. ඉතිං සොබාදහම යන්ත්‍රයක් විදිහට නැතුව වෙන ක්‍රමේකට දකින අනික් සියල්ල මිථ්‍යාවන් :( fuck modern religion. මම සොබාදහම දෙවි කෙනෙක් විදිහටයි, ජීවියෙක් විදිහටයි, දෙවි වරු ගොඩක් විදිහටයි, ජීවියො ගොඩක් විදිහටයි, අම්ම කෙනෙක් විදිහටයි, අම්මල ගොඩක් විදිහටයි හැම ක්‍රමේකටම දකිනව :cool:

    සොබාදහමට ගානක් නැත්තෙ නෑ. ලෙඩ වෙනව. ඒව හොඳ වෙනව. ලෙඩ දරුණු වෙනව. අසාධ්‍ය වෙනව. ලෙඩ කරන අයට සොබාදහමෙ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් දඬුවම් දෙනව. ලෙඩ නරන උන්ට වඳ වෙලා යන්න වෙනව. හොඳ වෙනව. කවද හරි මැරිල යනව :(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    මම නම් හිතන්නෙ නැ එයා එහෙම දෙයක් කරාවි කියලා.කවුද ඉල්ලන් කන්නෙ...අනික කොහොමද තොර් ගෙ ඇහැ ආයෙ රිකවරි උනෙ:love::rolleyes:

    ei kelle ara Rabbit ehe denne :rofl: fake ehek eka ( guardian of galaxy set eke nariya )
     
    [/QUOTE]

    ඒ අතින් වැද්දෝ great බන් උන් ගස් ගල් වලට වැන්දා සොබාදහමට ගරු කළා. උන්ගේ ජිවන රටාවට සොබාදහම වෙනස් කරන්න ගියේ නෑ ඒ වෙනුවට උන් සොබාදහමට අනුකුලව ජිවත් උනා, පස්සේ ආවා ලබ්බේ දෙවිවරු සෙට් එකක් බලපන් සත්තු කීදෙනෙක් බොරුවට මැරුවද බිලි පුජා කියල. අම්මපා ඔක්කොටම කලින් දේවාල ටික ගිනිතියලා එන්න නෑනේ :frown:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡
    ඔව් ෆිල්ම්ස්වලින් මාර්වල් ඉස්සරහින් ඉන්නවා .
    අර වොනර් බ්‍රදර්ස්ලාට අච්චර හොද චරිත සිද්ධි තිබිලා එක හොද ෆිල්ම් එකක් හදාගන්න බෑනේ .:(
    ඌන්ට චරිත ටික වෙන වෙනම හදුන්වා දීලා ජස්ටිස් ලීග් එක පස්සේ හදන්න තිබ්බා. අනික බැට්මැන් ,සුපර්මෑන් ගේ වැදගත්ම ගතිගුණ වෙනස් කරලා .
    shazam එකෙන්වත් වෙනස් වෙයිද බලමු
    හැබැයි මෙහෙක්කාලෙකට ආපු හොදම සුපර්හිරෝ ෆිල්ම් එක ඩාර්ක් නයිට් .
    (මාර්වල් ලගේ මුල් ෆිල්ම්ස් මටනම් එච්චර ප්‍රබල නෑ. එහ් තෝර් රැග්නොරැක් එකයීන්ෆිනිටි වොර් එකයි ප්ලොට් හොල්ස් තිබ්බට පට්ට.)

    eke inna actor balahanko ban kisima feel ekak enne nae super hero movie ekak kiyala :dull: mannam hithanne goda yai kiyala
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මොකො බන් ඇස් කරකවන්නේ .

    කියන විදියට නම් legion of doom ප්ලැන්ස් දැනට අත ඇරලා තියෙන්නේ .

    මට සැක් එක්ක තියෙන අවුල පොර බැට්මෑන් සුපර්මැන් චරිතවල ප්‍රධානම ගත්ගුණ අතහැරිම.
    ඒ දෙන්නගෙම නෝ කිල් රුල් එක නෑ.
    අනික බැට්මැන් ටිකක් ඩාර්ක් චරිහයක්වුනත් සුපර්මැන් කියන්නේ බලාපොරොත්තුව සන්කෙතවත් කරන චරිතයක්. එත් මේ ඩිසි යුනිවර්ස් එකේ සුපර්මැනුත් ඩාර්ක් චරිතයක්.
    නොලන් බැට්මැන්ට කරපු සාධාරණය සැක් ජස්ටිස් ලීග් එකට කලේ නෑ.
    (හැබැයි නොලනුත් මැන් ඔෆ් ස්ටීල් එකෙ ස්ක්‍රිප්ට් රයිට්ටර් කෙනෙක් විදියට වැඩ කලා.පොරත් සුපර්මැන්ගෙ චරිතය වෙනස් කරන්න දායක වුනා.)

    legion of doom අයින් කරලා නෑ JL එකේ කරපු වැරැද්ද උන් ආයේ කරන්නේ නැති නිසා තමයි waiting තියෙන්නේ ඔය ෆිල්ම් එකට අවශ්‍ය ප්‍රධාන villain සෙට් එක තාම ෆිල්ම් එකෙන් ෆිල්ම් එකට introduce කරගෙන යන්නේ ( උදා :- Cheetah)

    නෝ කිල් රුල් එක ගැන අහපු එක හොඳයි " MOS එකේ නම් sup මරපු එකම හේතුව superman වගේ දෙන්නෙක් හිටියොත් කොහොමද ඇතිවෙන තත්වේ පෘතුවියෙ. general zod හිර කරලා තියන්න එතකොට මෙහෙ තාක්ෂණයක් නෑ . Story එක ලියපු එකාගේ අදහස මේක

    Batman ඔය ෆිල්ම් එකේ ගෝතම් වල ගොඩක් වයසක චරිතයක් ඒවගේමයි Robin ගේ මරණයෙන් ගොඩක් කම්පනයට පත් වෙච්ච කෙනෙක් ඒ වගේ තැනක ඉද්දි superman ගේ ෆයිට් එකෙන් Bruce ට නැති උනා හිටපු හොඳම සගයෙක්වත් ( Jack )

    ඉතින් ඒකයි
    superman ව මරන්න තීරණය කරන්නෙත්

    " I'm older now than my father ever was. This may be the only thing I do that matters."

    මේ Writer කියපු කතාව Batman ගැන

    I think that it just came about that this particular Batman, he’s been jaded by the process. There’s a really amazing line in the movie, ‘20 years in Gotham, how many good guys are left? How many stayed that way?’ And let’s face it, he’s a very damaged guy... We see Robin is not around. The character has evolved, and he’s definitely a more brutal guy, and we wanted him to be right on that edge, right on that razor. And he has to be on the razor’s edge, or why would he get Superman’s attention?

    zack snyder kiyanneth supiri porak kiyala meh video eka beluwahama theruna :yes:

    https://www.youtube.com/watch?v=1kc0wtb3rt0

    :cool::cool::cool:

    eke inna actor balahanko ban kisima feel ekak enne nae super hero movie ekak kiyala :dull: mannam hithanne goda yai kiyala

    shazam කියන්නේ සයිස් එකෙන් ලොකු උනාට ඇතුලින් පොඩි එකෙක් :)
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    legion of doom අයින් කරලා නෑ JL එකේ කරපු වැරැද්ද උන් ආයේ කරන්නේ නැති නිසා තමයි waiting තියෙන්නේ ඔය ෆිල්ම් එකට අවශ්‍ය ප්‍රධාන villain සෙට් එක තාම ෆිල්ම් එකෙන් ෆිල්ම් එකට introduce කරගෙන යන්නේ ( උදා :- Cheetah)

    නෝ කිල් රුල් එක ගැන අහපු එක හොඳයි " MOS එකේ නම් sup මරපු එකම හේතුව superman වගේ දෙන්නෙක් හිටියොත් කොහොමද ඇතිවෙන තත්වේ පෘතුවියෙ. general zod හිර කරලා තියන්න එතකොට මෙහෙ තාක්ෂණයක් නෑ . Story එක ලියපු එකාගේ අදහස මේක

    Batman ඔය ෆිල්ම් එකේ ගෝතම් වල ගොඩක් වයසක චරිතයක් ඒවගේමයි Robin ගේ මරණයෙන් ගොඩක් කම්පනයට පත් වෙච්ච කෙනෙක් ඒ වගේ තැනක ඉද්දි superman ගේ ෆයිට් එකෙන් Bruce ට නැති උනා හිටපු හොඳම සගයෙක්වත් ( Jack )

    ඉතින් ඒකයි
    superman ව මරන්න තීරණය කරන්නෙත්

    " I'm older now than my father ever was. This may be the only thing I do that matters."

    මේ Writer කියපු කතාව Batman ගැන

    :cool::cool::cool:

    shazam කියන්නේ සයිස් එකෙන් ලොකු උනාට ඇතුලින් පොඩි එකෙක් :)

    මැන් ඔෆ් ස්ටිල් එකෙදි ක්ලාර්ක් කෙන්ට්ගේ චරිතය හරියට අරන් තිබ්බේ නෑ.
    අර ට්‍රක් එක පොඩි කරන සීන් එක එහෙම ක්ලාර්ක් කරන විදියේ දෙයක් නෙවෙයි.
    ජෙනරල් සොඩ් මරපු එක සාධාරණයි කියමුකෝ එත් බැට්මැන් වර්සස් සුපර්මෑන් එකෙ මිනිස්සු මරන එක.
    බැට්මැන් ගත්තොත් බැට්මැන්ට ජොකර් මරන්න හේතු හා aඅවස්ථාව තිබිලත් ජොකර්ව මරන්නේ නෑ මොරලි ජොකර්ගේ තත්ත්වයට වැටෙන එක ජෝකර්ටහ් අවශ්‍ය දේ වෙන නිසා. බැට්මැන්ගෙ තියෙන එකම නිතියත් නො කිල් රුල් එක විතරයි. එහෙම චරිතයක් මිනි මරන එක ඒ චරිහයට කරපු ලොකු අසාධාරණයක් .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ හිතන්නෙ උඹ මැරිල ගියා කියල උඹට ගානක් තියේ කියලද :D උඹ සෛල ගොඩක්නෙ :D සෛල ගොඩ හැදිල තියෙන්නෙ පරමාණු ගොඩකිංනෙ :D උඹේ ඇඟේ සෛල කීදාහක් මැරිල යනව ඇද්ද :D කොච්චර මිනිස්සු මැරිල මේ වෙනකොට මැරිල කුණු වෙලා ගිහිං තියෙනවද. ඒ කියන්නෙ උඹට උඹට මොනා වුනත් එකයි ගානක් නෑ කියන එකද?

    උඹ ඔය සොබාදහමට කිසිම දෙයක් වැඩක් නෑ කියන්නෙ උඹ සොබාදහම දකින්නෙ නියම කිහිපෙකට යටත්ව ක්‍රියා කරන යන්ත්‍රයක් විදිහට දකින නිසා බං. ඕක තමා මේ විනාශයේ පදනමම :yes: සොබාදහම ඇතුලු හැම දෙයක්ම යන්ත්‍රයක්. කොටස් කොටස් වෙනස් කල්ල මුලු යන්ත්‍රෙම අපිට ඕනෙ විදිහට වෙනස් කලෑකි. කොහෙ හරි අවුලක් වුනොත් ඒ අවුල හැදුවාම හරි. යන්ත්‍රයේ පාලනේ මිනිසා අතට ගන්න ඕනෙ etc. වර්තමාන ලෝක දැක්මෙ පදනමේම තියෙන්නෙ ඕක. හැම දෙයක්ම යන්ත්‍ර විදිහට දැකීම. යාන්ත්‍රික විදිහට අර්ථ කතන ඉදිරිපත් කිරීම. යන්ත්‍රයක් විදිහට වෙනස් කරල තමන්ගෙ ප්‍රායෝජනේට ගන්න එක. ඔය දැක්ම හින්ද තමා ඉර දෙවියො හඳ දෙවියො ගස් වැල් දෙවියො හරක දෙවියො විදිහට දකින ශිෂ්ඨාචාර මාර ගෝත්‍රික නූගත් ප්‍රාථමික සමාජ විදිහට දකින්නෙ. කැලෑව දෙවි කෙනෙක් විදිහට දකින සංස්කෘති වල මිනිස්සුන්ට හිනාවෙනව මෝඩයො කියල ඒ හිනාවෙන්නෙ කැලෑව කියන්නෙ යන්ත්‍රයක් කියන මිථ්‍යාවෙ ඉඳන් කියල තේරුම් ගන්නෑ.

    මේවට තමා ආගම් කියන්නෙ. ආගම් කියල ලේබල් කල්ල තියෙන්නෙ බෞද්ධ ක්‍රිස්තියාන් හින්දු etc පොඩ්ඩක් වුනාට හැම ශිෂ්ඨාචාරෙකම පදනමේ ආගමක් තියෙනව. ආගම කියන්නෙ ඔප්පු කිරීම් වලිං තොරව ඇත්ත කියල පිළිගන්න මූලික axiom ටික වගේ විශ්වාස ටික. නූතන තාක්ශණෙන් දියුණු පරිභෝජනවාදී සමාජයේ පදනමේ තියෙන ආගමේ මූලික විශ්වාස සියල්ල නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍ර, ද්‍රව්‍ය පරිභෝජනයෙන් සැනසීම ලැබේ etc.

    ඒත් ලෝකය වනාන්තර සොබාදහම යන්ත්‍ර විදිහට දකින්නැතුව ඒව දකින්න වෙනත් ආදේශක තියෙනව. එකක් සොබාදහම දෙවි කෙනෙක් විදිහට දකිනව. සමහර ශිෂ්ටාචාර අම්ම කෙනෙක් විදිහට දැක්ක. තව සමහරක් තවත් වෙනම ජීවියෙක් විදිහට දැක්ක. මේවගෙන් යන්ත්‍රයක් විදිහට දකින්නැතුව ඊට වඩා හොඳට සොබාදහමෙ හැසිරීම් තේරුම් ගන්න පුලුවන් සමහර අවස්ථා වල. යන්ත්‍රයක් මිනිස්සුන්ට ඕනෙ විදිහට වෙනස් කරගෙන ගියාම දෙවි කෙනෙක්ව එහෙම කරන්න බෑ ඕනෙවට වඩා තමන්ට ඕනෙ විදිහට වෙනස් කරන්න ගියොත් වෙන්නෙ අනික් පැත්තට දඬුවම් විඳින්න වෙන එක. ඔය දේශගුණ විපර්යාස කියල වෙන දේවල් ඒ විදිහට දැක්කෑකි. පොලොවට ඕනෙවට වඩා වස ගහගෙන ගියොත් වෙන්නෙ ඒ පැත්ත කිසිම ජීවියෙක්ට ජීවත් වෙන්න සුදුසු නැති වෙලා විනාශ වෙලා යන එක. ඒක පොලොව ජීවියෙක් විදිහට දැක්කෑකි.

    සොබාදහමට කිසිම දෙයක් ගැන ගානක් නෑ, මනුශ්‍ය ශරීරෙට වෙන්නෙ මොකක්ද කියල ගානක් නෑ දෙකම නිකං නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍ර විදිහට දකිනවට වඩා මම ආස සොබාදහම දෙවි කෙනෙක් හරි ජීවියෙක් විදිහට හරි දකින දර්ශනේට :yes: ඒත් පරිසරේ යන්ත්‍රයක් විදිහට දකින නූතන සමාජය පදනම් වෙලා තියෙන ආගමේම තියෙන අනික් axiom එක තියෙන්නෙ එක සත්‍යයි. ඉතිං සොබාදහම යන්ත්‍රයක් විදිහට නැතුව වෙන ක්‍රමේකට දකින අනික් සියල්ල මිථ්‍යාවන් :( fuck modern religion. මම සොබාදහම දෙවි කෙනෙක් විදිහටයි, ජීවියෙක් විදිහටයි, දෙවි වරු ගොඩක් විදිහටයි, ජීවියො ගොඩක් විදිහටයි, අම්ම කෙනෙක් විදිහටයි, අම්මල ගොඩක් විදිහටයි හැම ක්‍රමේකටම දකිනව :cool:

    සොබාදහමට ගානක් නැත්තෙ නෑ. ලෙඩ වෙනව. ඒව හොඳ වෙනව. ලෙඩ දරුණු වෙනව. අසාධ්‍ය වෙනව. ලෙඩ කරන අයට සොබාදහමෙ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙන් දඬුවම් දෙනව. ලෙඩ නරන උන්ට වඳ වෙලා යන්න වෙනව. හොඳ වෙනව. කවද හරි මැරිල යනව :(

    ඔච්චර දුර යන්න එපා එහෙම මේ සොබාදහම අපිට හූරල මිරිකලා කැමති විදිහට පාවිච්චි කරන්න තියෙන බාන්ඩයක් කියල කිවේ නෑ මම. සොබාදහම දෙවි කෙනෙක් විදිහට දකින එකේ කිසි වැරද්දක් නෑ ඔය අත් හතර පහේ හොර දෙය්යන්ට වඳිනවට වඩා ගහකට වඳින එක කොච්චර හොඳද.

    යන්ත්‍රයක් විදිහට දැක්කත් දෙයියෙක් විදිහට දැක්කත් අවබෝධෙන් නොබැලුවොත් විනාස වෙන එක වලක්කන්න බෑ. ඉස්සර හිටපු මිනිස්සුත් ගස් කැපුවා, ගිනි තිබ්බා, සත්තු මැරුව නෙ. යන්ත්‍රයක් විදිහට දැක්කත් පිළිවෙලට රත් වෙන්නේ, කැඩෙන්නේ නැතිවෙන්න සෑහෙන කල් පාවිච්චි කරන බලාපොරොත්තුවෙන් පරිස්සමෙන් පාවිච්චි කරන්නත් පුළුවන් උදේ හවා නඩත්තුවක් නැතුව වැඩ අරන් සතියෙන් කඩාගන්නත් පුළුවන්. ඒක යන්ත්‍රයක් විදිහට දැකීමේ අවුලක් නෙවේ යන්තරේ හරියට පාවිච්චි කරන්න නොදන්නා කම.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒ අතින් වැද්දෝ great බන් උන් ගස් ගල් වලට වැන්දා සොබාදහමට ගරු කළා. උන්ගේ ජිවන රටාවට සොබාදහම වෙනස් කරන්න ගියේ නෑ ඒ වෙනුවට උන් සොබාදහමට අනුකුලව ජිවත් උනා, පස්සේ ආවා ලබ්බේ දෙවිවරු සෙට් එකක් බලපන් සත්තු කීදෙනෙක් බොරුවට මැරුවද බිලි පුජා කියල. අම්මපා ඔක්කොටම කලින් දේවාල ටික ගිනිතියලා එන්න නෑනේ :frown:

    අම්මප සහතික ඇත්ත ඔය හොර දේවාල වලට වඩා ගහකට සතෙක්ට වඳින එක කොච්චර හොඳද :yes: හරිනං දේවාල හදන්න ඕනේ ඉරට, වී ගහට, හරකට වගේ වඳින්න. අපි වඳින්නේ ජීවිතේට දැකල නැති හොර දෙයියන්ට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ අතින් වැද්දෝ great බන් උන් ගස් ගල් වලට වැන්දා සොබාදහමට ගරු කළා. උන්ගේ ජිවන රටාවට සොබාදහම වෙනස් කරන්න ගියේ නෑ ඒ වෙනුවට උන් සොබාදහමට අනුකුලව ජිවත් උනා, පස්සේ ආවා ලබ්බේ දෙවිවරු සෙට් එකක් බලපන් සත්තු කීදෙනෙක් බොරුවට මැරුවද බිලි පුජා කියල. අම්මපා ඔක්කොටම කලින් දේවාල ටික ගිනිතියලා එන්න නෑනේ :frown:

    :yes:

    ඔච්චර දුර යන්න එපා එහෙම මේ සොබාදහම අපිට හූරල මිරිකලා කැමති විදිහට පාවිච්චි කරන්න තියෙන බාන්ඩයක් කියල කිවේ නෑ මම. සොබාදහම දෙවි කෙනෙක් විදිහට දකින එකේ කිසි වැරද්දක් නෑ ඔය අත් හතර පහේ හොර දෙය්යන්ට වඳිනවට වඩා ගහකට වඳින එක කොච්චර හොඳද.

    යන්ත්‍රයක් විදිහට දැක්කත් දෙයියෙක් විදිහට දැක්කත් අවබෝධෙන් නොබැලුවොත් විනාස වෙන එක වලක්කන්න බෑ. ඉස්සර හිටපු මිනිස්සුත් ගස් කැපුවා, ගිනි තිබ්බා, සත්තු මැරුව නෙ. යන්ත්‍රයක් විදිහට දැක්කත් පිළිවෙලට රත් වෙන්නේ, කැඩෙන්නේ නැතිවෙන්න සෑහෙන කල් පාවිච්චි කරන බලාපොරොත්තුවෙන් පරිස්සමෙන් පාවිච්චි කරන්නත් පුළුවන් උදේ හවා නඩත්තුවක් නැතුව වැඩ අරන් සතියෙන් කඩාගන්නත් පුළුවන්. ඒක යන්ත්‍රයක් විදිහට දැකීමේ අවුලක් නෙවේ යන්තරේ හරියට පාවිච්චි කරන්න නොදන්නා කම.

    වැරදියි. නිකං ක්‍රියාව විතරක් වෙන් කරල ලෝකය තේරුම් ගන්න බෑ. මේක අර අනික් විශ්වාසය. සමස්තය කොටස් වල එකතුවක්, කොටස් වෙන් වෙන් වශයෙන් අරගෙන තේරුම් ගත්තාම සමස්තය තේරුම් ගන්න පුලුවන්. reductionism. ගස් කැපුව කියන ක්‍රියාව විතරක් අරගෙන සමස්ත ශිෂ්ඨාචාරයේම ගස් කැපිල්ල තේරුම් ගන්න බෑ.

    ඉස්සර ගස් කපපු විදිහයි දැන් ගස් කපපු විදිහ සත්තු දඩයම් කරපු විදිහ දැන් ක්‍රමෙන් වෙනස්. මිනිස්සු එලදෙනගෙන් කිරි දෙව්වෙ උට නිදහසේ යන්න ඇරල වහු පැටියට කිරි ඉතුරු කරල. gods must be crazy එහෙම බලල තියෙනවද ? ඒ මිනිස්සු සතාව දඩයම් කලේ කන්න හොයාගන්න දෙයක් නැති වුනාම සතාට සිහි නැති වෙන්න බෙහෙත් දාපු ඊතලේකිං විදල උට සිහි නැතිවෙනකං පස්සෙං ගිහිං සිහි නැතුව වැටුනට පස්සෙ ඌව මරාගෙන කන්න වුන හේතුව ගැන උට විස්තර කරල ඒ වෙනුවෙන් සමාව ඉල්ලල ස්තූති කරල. ගස් කපපු විදි ගැන කියන්න හරියට දන්නෑ. ඒත් ඒකෙත් ලොකු වෙනසක් තියෙන්න ඇති. රතු ඉන්දියන් කාරයන්ට එහෙම කැලෑව කියන්නෙ උන්ගෙ මුතුන් මිත්තන්ගෙ ආත්මයන් පිරිච්ච ශුද්ධ වූ භුමියක්.

    පරිභෝජනයට සත්තු ගස්වැල් මරන්න කපන්න වෙනව තමා. ඒත් ඒව දැකපු විදිහක් තිබ්බ. සතාට සිහි නැති වෙන්න විදල ඒ වෙනුවෙන් සමාව ඉල්ලල මරාගෙන කද්දි සතාව මැරුවත් තමන් එක්ක සහයෝගයෙන් ජීවත් විය යුතු ජීවත් වීමේ අයිතිය තියෙන තමන්ට අයිති නැති ජීවියෙක් විදිහට දැක්කෙ. නිදහසේ යන්න අැරල වැඳල මල් මාලා දාල සලකල වහු පැටියට බොන්න ඉතුරු වෙන්න කිරි දෙව්වෙ හරක දෙවි කෙනෙක් විදිහට දැකපු නිසා.

    සොබාදහම ජීවියෙක්, දෙවිකෙනෙක් විදිහට දැකපු ඒ ජීවන රටාවෙන් මිනිස්සු අවශ්‍යතාවෙට සත්තු මැරුවට පරිසර දූශණයක් සිද්ද වුනේ නෑ. මරපු සතාගෙ පරිභෝජනයට ගන්න බැරි දේවල් පොලොවට පෝර වුනා. ඒත් ඔය දර්ශණයන් විනාශ කරගෙන ආපු සොබාදහම යන්ත්‍රයක් විදිහට දැකිමෙන් වුනේ එලදෙන කූඩුවකට ගාල් කල්ල දූශණය කල්ල පැටියව ඉපදුන හැටියෙ අැදගෙන වෙන තැනක ගාල් කරල අන්තිම බින්දුව වෙනකං මැශින් දාල කිරි ගන්න modern කිරි කර්මාන්ත ශාලා ඇති වුන එක. සපයන්න පුලුවන් සීමාව කොච්චරද බලන්නැතුව පුලුවන් තරම් ලාභය අරමුණු කරගෙන අලුත් අලුත් මනෝවිද්‍යාත්මක ක්‍රම පාවිච්චි කල්ල පුලුවන් තරම් මේක පරිභෝජනය කරන්න කියල මාධ්‍ය වලිං මිනිස්සු දක්කන සංස්කෘතියක් බිහිවුන එක. ඒ වැඩිවෙන ඉල්ලුම සපුරන්න තව තවත් සත්තු වගා කර කර තවත් තවත් කූඩු කර කර උන්ට දරාගන්න බැරි තරං stressful පරිසරේක ගාල් කරගෙන උන්ට පණ නැතුව ඇදගෙන වැටෙනකං ගන්න පුලුවන් සේරම අරගන්න එක. මැරුණට පස්සෙ වැඩකට නැති ටික පොලොවට පෝර වුනේ නෑ මහාපරිමාණෙන් බැහැර කරල පරිසර දූශණ වුනා. නිශ්පාදනේ වැඩි කරන්න උන්ට බෙහෙත් ගහල පෝර වුන උන්ගෙ මලද්‍රව්‍ය පොලොවට විස වුනා. පොලොවෙ පෝර අරගෙන හැදෙන පෙලොවෙ ගස් වැල් කාල ඒ ගස් වැල් කන සත්තුන්ව කාල ඒ සත්තුන්ගෙ මල ද්‍රව්‍ය පොලොවට පෝර වෙලා ඒ පෝර වල ගස් වැල් හැදෙන සොබාදහමෙ චක්‍රය මැද්දෙන් කඩල දැම්ම. පොලොවට පෝර වෙන මල ද්‍රව්‍ය පරිසර දූශක කාරක කලා. පොලොවට කෘතිමව වස විස ගහල බොන්න තියෙන වතුර ටික නැති කරගත්ත. ඒ වතුර බීල ලෙඩ හදාගෙන ඇඟේ කෑලි සවුත්තු වුනාම ඒව වෙනම දානව. ඒ කෑලි තවත්වගෙන යන්න වෙනම බේත් බොනව. ඒව බීල හැදෙන ලෙඩ වලිිං බේරෙන්න වෙනම බේත් බොනව. ඔය සේරටම මුල වුනේ ලෝකය යන්ත්‍රයක් විදිහට දැකීම. පරිස්සමිං පාවිච්චි කරන සංකල්පයක් ආවෙත් මේ මෑතකදි. පරිස්සමිං පාවිච්චි කරන්න ඕනෙ වුනේ නෑ. මිනිස්සු පාවිච්චි කලේ අවශ්‍යතා සංසිඳුවාගන්න මිසක් පාවිච්චි කිරීම වෙනුවෙන් නෙමේ.

    දැන් පරිභෝජනය කරන්නෙ පරිභෝනය වෙනුවෙන්. ජීවිතේ පරම සැපත හොයන්නෙ සැනසීම හොයන්නෙ පරිභෝජනයෙ. ද්‍රව්‍යවාදයයි පරිබෝජනවාදයයි පදනම කරගෙන හැදිල තියෙන ලෝකෙ මාධ්‍ය වලිං ප්‍රවර්ධනය කරන්නෙත් මේ ආගම. මේක පරිභෝජනය කරන්න ඊලඟට තව එකක් තියෙනව ඒක පරිභෝජනය කරන්න ඔහොම ඔහොම පරිභෝජනය කරගෙන ගියාම ජීවිතේ සැනසීම ලැබෙයි. salvation එක තියෙන්නෙ පරිභෝජනයෙ.

    ඉස්සර නිවන, ස්වර්ගය වගේ සංකල්ප වලිං ඉටු කරපු දේවල් තමා අද පරිභෝජනයෙන් ඉටු කරන්නෙ. මිනිස්සුන්ට salvation එකක් ගැන බලාපොරොත්තුවක් ඕනෙ ඒ බලාපොරොත්තුව සපුරන්න ඕනෙ කරන දේවල් ඉස්සර සමාජෙ දැන් ආගම් කියල ලේබල් කරල තියෙන දේවල් වලිං ලැබුන. දැන් ඒව නැතිවීගෙන යන්නෙ මිනිස්සුන්ට මාර අමුතු අවබෝධයක් ඇතිවීගෙන යනව කියන බොරුවෙන් අපි අපිවම රවට්ටගන්නව. ඇත්තටම වෙලා තියෙන්නෙ ඒ දීපු බලාපොරොත්තුව අද ද්‍රව්‍ය පරිභෝජනයෙන් දීල. මිනිස්සුන්ගෙ ආගම පරිභෝජනවාදය.
    පරිභෝජනවාදය ප්‍රවර්ධනය කරන වෙලඳ ආයතන වල තියෙන්නෙ වර්ධනය පදනම් කරගත්තු ආර්ථික ක්‍රමයක්. වර්ධනය පදනම් වෙලා තියෙන්නෙ සොබාවික සම්පත් සීමාවක් නෑ අසීමිතව පාවිච්චි කලෑකි කියන විශ්වාසයේ. ඒ විශ්වාසයට පදනම ලෝකය මිනිසාගේ පරිභෝජනය වෙනුවෙන් තියෙන මිනිසාට අවශ්‍ය ආකාරයට වෙනස් කරගත හැකි යන්ත්‍රයක් විතරයි කියන එක.

    ඕක තමා නීඩ්හම්ගෙ ප්‍රශ්නෙට උත්තරේ. එක්දාස් අටසිය හත්සිය ගනං වල යුරෝපෙ තිබ්බ දැනුම තාක්ශණය සියල්ල චීනෙ එක්දාස් එකසිය දෙසිය ගනං වගේ කාල වල තිබිලත් ඇයි කාර්මික විප්ලවේ චීනෙ ඇතිවුනේ නැත්තෙ. කාර්මික විප්ලවේ ඇතිවෙන්න අවශ්‍ය චින්තනේ චීනෙ තිබ්බෙ නෑ. පරිසරය යන්ත්‍රයක් විදිහට චීනෙ දැක්කෙ නෑ. පරිසරයත් එක්ක ජීවත් වුනා මිසක් පරිසරය තමන්ගෙ යටතෙ තියෙන පරිභෝජනය සඳහාම වෙන් වුන තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරගත හැකි යන්ත්‍රයක් කියන ආගම චීනෙ තිබ්බෙ නෑ. අද සමාජෙ පදනමම මේ ආගම.

    මිනිස්සු එක්ක සහයෝගයෙන් ජීවත් වෙලා උදව්වක් ඕනෙ වුනාම උදව් ඉල්ලල ඒ මනුස්සයන්ටත් ඕනෙ වුන වෙලාවක උදව් කරගෙන ජීවත් වීම වෙනයි.
    මිනිස්සු ටිකක් දම්වැල් දාල බැඳගෙන තමන්ගෙ වැඩ කරගැනීම වෙනයි.
    දෙකේදිම තමන්ගෙ වැඩ අනික් අය කරල දුන්න කියන තනි සිදුවීම වෙන් කරගෙන ඒකෙං වහල්ලු තියාගැනීමයි සුහදව ජීවත් වෙලා උදව් ඉල්ලගන්න එකයි එකක් වෙන්නෙ නෑ දෙක අහසට පොලොව වගේ එහෙම්පිටිංම වෙනස් දේවල් දෙකක්.
    ඉස්සර (ඉස්සර නෙමේ ඉස්සර වගේම දැනුත් සමහර ගෝත්‍රික යැයි සම්මත කරගෙන තියෙන (මෙහෙම සම්මත කරගෙන තියෙන්නෙත් නූතන සමාජෙ පදනමේ තියෙන ආගමෙන්)) මිනිස්සු ගස් කැපුව සත්තු මැරුව දැනුත් ගස් කපනව සත්තු මරනව දෙකම එකයි කියන එකත් වහල්ලු තියාගෙන ඉන්න මනුස්සය අනික් මිනිස්සුත් තව මිනිස්සු ලව්වා තමන්ගෙ වැඩේ කරවගන්නවනෙ කියල වහල් මෙහෙය සාධාරණීකරනය කරනවට සමානයි

    අන්තිමට කියන්න තියෙන්නෙ කොහොම ගියත් තානොස් හරි. පරිමිත ලෝකෙක පරිමිත සම්පත් ප්‍රමාණයක් මිනිස්සුන්ට අපරිමිත කාලයක් තිස්සෙ පරිභෝජනය කරන්න බෑ. සොබාදහම යන්ත්‍රයක් නෙමේ. සොබාදහම රේඛීය චින්තනෙන් දකින්න බෑ. සොබාදහම කොටස් වෙන් කරල දකින්න බෑ. එක විනාශයක් වුනා. ඒක එක විනාශයක් විතරයි. තව විනාශයක් වුනා ඒක තව විනාශයක් විතරයි විදිහට මේ විදිහට විනාශ වෙන්නෙ ටික ටික තව ගොඩක් කල් තියෙනව කියන විශ්වාසෙ තනිකරම වැරදියි. පොලොව වෙන විනාශ දරාගන්නව. සතෙක් ශරීර හානි දරාගන්නව වගේ. පොලොවට වෙන විනාශ හරියනව. කපන කැලේ වැවෙනව. සත්තු අලුතෙන් බෝවෙනව. ජලාශ පිරිසිදු වෙනව. සත්තු හානි වුන ශරීර කොටස් අලුත්වැඩියා කරගන්නව වගේ තුවාල හොඳ වෙන්නෙ. හැබැයි දරාගන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනව. ඒ සීමාව පන්නල හානි වුන දාක සතාට හානිය යතාතත්වෙට පත් කරගන්න බැරි වෙනව. වේගෙන් මැරෙන්න ගන්නව. ලෝකෙටත් වෙන්නෙ ඒක. කවද හරි මිනිහ කරන විනාශෙ දරාගන්න බැරි මට්ටමට ආපු දාක මිනිහ කරන විනාශෙට අමතරව සොබාදහමෙන්ම සොබාදහම විනාශ වෙන්න ගන්නව. පොලොව මැරෙන්න ගන්නව. එදා වෙද්දි හොඳටම පරක්කු වැඩියි. ඒ තතවෙන් බේරෙන්න නං එක්කො මිනිස්සු මේ අදහන ද්‍රව්‍යවාදී පරිභෝජනවාදී ඌනිත වාදී රේඛීයව සියල්ල දකින ආගම අතාරින්න ඕනෙ. නැත්තං මිනිස්සු වඳවෙලා යන්න ඕනෙ. මිනිස්සු වඳවෙලා යන එකයි හොඳම විසඳුම.
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    තෝරලා තමා නැති උනේ..හොදට හිතලා බලපන් ඉතුරු උන් සෙට් එකම 2012 first Avengers set එකම නේද කියලා.. :rofl::P

    Ant man ෆිල්ම් එකෙන් connect වෙනවා avengers infinity war එකට..ant man කාලය හරහා ගිහින් :rofl::rofl:

    :P:P:P