මහ වසල කාළකණ්නි ඉන්නෙ බං.
මටත් ඔය වගේම වැඩක් උනා.
මම පාරෙ යද්දි කාළකණ්නි බයික් කාරයෙක් මේ පටු පාරෙ තව බයික් එකක් overtake කරගෙන ආව පොඩි වංගුවක. වංගුවක් උනාට ඉස්සරහ පේනව ටික දුරක්.
මේ හරකා පිඹගෙන එනව දැකලා මම car එක (30-40ට මම ආවෙ) පාරෙ නවත්තල (දැන් speed එක 0 මගෙ), හෝන් එක උඩ නැගගෙන ඉද්දිත් අරූ ආපු වේගෙන්ම ඇවිත් ඇන්නනෙ කාර් එකේ හරි මැදින්ම.
ඊට වැඩියෙ අයින් කරගන්න විදිහකුත් නෑ ඒ පාරෙ. මූ ගෙම්බ ගැහුවා වගේ bonnet එක උඩ වැදිලා A Pillar එකේ යට නළල වැදිල බිම වැටුනා. බයික් එක buffer එකේ වැදිලා මුගෙ එල්ලලා තිබ්බ යකඩ පටි දාල තිබුණ bag එකක් මගෙ headlamp එක කුඩු කරන් ඇතුළට ගිහින්. මට නේද මරන්න කේන්තියි.
මුගෙ නළල පැළිලා ලේ එනවා. බූරුවගෙ license ත් නෑ. බයික් එකක් උගෙ නෙමෙයි. එහෙම්මම 1990 ambulance එකක දාල ඌව යැවුවා hospital.
මම car එක හොල්ලන්න කළින් photos ගහගත්ත ටිකක් දුර තියලා හැම angle එකෙන්ම. ඊළගට අර මගුල් බයික් එකත් අයින් කරන්න කියල මම ගියා ළඟම පොලිසියට. ගිහින් කතාව කිව්වම පොලිස් කාරයො දෙන්නෙක් ආවා accident එක උන තැනට. ඇවිත් බලලා photos ටිකත් අරගෙන ගියා අරූ ඉන්න hospital එකට.
උගෙ කකුළ කැඩිලා. වසලය ඉන්නව උඩ බලං. පොලිසියෙ ඩබල අරූට බැන්න හොඳටම මෙහෙමද යකෝ පාරෙ යන්නෙ කියල.
මගෙන් ඇහුව entry එකක් දානවද? අත ඇරලා දානවද කියල.
අරූ හොස්පිටල් නිසා, නඩු දැම්මොත් වාහන දෙකම තියාගෙන උසාවියෙන් තීන්දුව දෙනකන් වාහන පොලිසියෙන් ගන්න බැරි නිසා අතෑරලා දාන්න තීරණේ කරා.
නඩු දැම්මනම් උසාවියෙන් අර සාක්ෂි බලල අරූ වැරදිකාරය කරල තීන්දුව දුන්නම තමයි මගෙ වාහනෙත් ගන්න වෙන්නෙ. ඒකෙනුත් පරිප්පුව කන්න වෙන්නෙ අහක උන්න මට නිසා නිකන් හිටියා.
උඹේ කේස් එකට;
අරූට යන්න බැරි උනාට, පොලිසියෙ එකෙක් ගිහින් අරූගෙන් අහනවනම් උඹට විරුද්ධව නඩු දානවද කියල, අරූ නෑ කිව්වොත් උඹේ වාහනේ release කරනවා.
හැබැයි අරූ ඔව් කිව්වොත් උඹට ඉන්නයි වෙන්නෙ. ඌ උසාවියෙන් පච වෙලා එයි නඩු දැම්මත්.
උඹ photos ටිකක්වත් ගත්තෙ නැද්ද?
මහ ලබ්බෙ නීති තියෙන්නෙ බං ලංකාවෙ!