තව පොඩි ප්රශ්නයක් තියනවා.
මගෙ නම උප්පැන්නේ තියෙන්නෙ මෙහෙම
"රුවන් සදමාල් වීරසිංහ" කියලා හිතපන්කෝ
තාත්තගෙ වාසගම "ගුරුලුවෙල ගලගෙදර චාමර වීරසිංහ" කියලා හිතපන්කෝ.
එතකොට මගේ නමට තාත්තගේ වාසගම auto ගන්නවා නේද? "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා?
ඒලවල් රිසාල්ට් ශීට්, ඩිග්රී සෙටිෆිකේට්, ID හැම එකේම තියෙන්නෙ "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා
බඳින්න නම් ප්රසිද්ද කරන්න යද්දි රෙජිස්ට්රාර් ගෑණි කිව්වනෙ උප්පැන්නේ මගේ නමට
ගුරුලුවෙල ගලගෙදර නැතිව රුවන් සඳමාල් වීරසිංහ විතරක් තියෙන එක අවුල් කියලා.උප්පැන්නේ නම වෙනස් කරන්න වේවි කිව්වා. ලෝයර් කෙනෙක්ගෙන් මම ඕක ඇහුවම ඌ එහෙම ඕනේ නෑ කිව්වා.
matath oya case eka thiyenawa bn
full name ekama hema certificate ekema thiyenawa, but birth certificate eke nama thiyena thena thiyenne mage nama witharai. normally nam thaththage wasagama auto enawa. dan eka eka widihata kiyanwa kattiya.
නැ හැම එම්බසියම පිලිගන්නැ.
ඔක ඇත්තටම පටලවන්නේ රෙජිස්ටාර්ලා.
නිතියට අනුවත් නම කියන තැනට දාන්නේ දරුවාගේ නම. පියාගේ වාසගම හා පෙලපත ඔටෝ එනවා.
දැන් රෙජිස්ටාර්ලා පටලවලා මුලු නමම දාන්න ඕනා කියලා.
පස්සේ දැන් ඕක එම්බසි වලිනුත් අල්ලගෙන කේස්. 13 වෙනි කොටුව සංශෝධනය කරගන්න කියනවා වාසගම නම හා පෙලපත්නම දාලා.
මට මගේ දුවලාගෙත් හදන්න උනා.උබට මම කියන්නේ පුලුවන්නම් මුලු නමම දාගනින් 13 වෙනි කොටුවේ සංශෝධනය කරලා. ඕවා පස්සට කේස් වෙනවා, එම්බසි වලින් ලිගලයිස් වලදි.
------ Post added on Sep 27, 2022 at 8:43 PM
13 kotuwata daganna, mehema amendment ekak karaganna process eka mokakdda? kachcheriyeda wede wenne?
------ Post added on Sep 27, 2022 at 9:19 PM