BIT digree එකට තියන පිලිගැනීම කොහොමද . Software engineering field එකේ පිලිගන්නවද.?
BIT වලට පිළිගැනීමක් තියෙනවා.ඒත් කිව්වත් වගේ IT Industry එකේ සහතික කොල තිබ්බට වැඩක් නෑ. වැඩ පුලුවන් නං එච්චරයි. සමහර කම්පනි වල ස්කිල් එක්ක තියන අධ්‍යාපන සුදුසු කම් තදින් බලනවා. නමුත් බහුතරයක් එහෙම නෑ. මම වැඩ කරල තියන කිසිම කම්පනි එකක මගේ අධ්‍යාපන සුදුසුකම් කටින් අහල තියනවා මිසක් සෙටිෆිකට් බලල නෑ.
ඒ වගේම මේක කියන්නේ ලොකු සීන් එකකට නෙවෙයි. සහතිකේටම හැම දේම කරගන්න බෑ කියන්න.
මට තියෙන්නේ ලංකාවෙ උසස් තාක්ෂණ ආයතනයෙන් ගත්ත HND in IT විතරයි. මට ඩිග්‍රි එකක් නෑ. නමුත් මං වැඩ කරන කම්පනි එකේ මං සෙක්ෂන් එකක ටෙක් ලීඩ්.මගෙ ජූනියර් ඩිවලොපර් මගේ වයසෙම එකෙක් Com science special එකක් තියන.
ඒ නිසා මචං හොඳ ඩිග්‍රි එකක් කරපං. ඒ එක්කම හැකියාව වැඩිදියුණු කරගනිනං. වරදින්නෙ නෑ එතකොට. ජය වේවා....