මචන්, වැරදි කොනෙකින් මේක බැලුවම හිතෙන්නේ අපේ ප්‍රොසෙසින් පවර් එකට සල්ලි ලැබෙනවා කියල. ඇත්තටම එහෙම දෙයක් නෙවෙඉ වෙන්නේ. මේක නිකම් කනා මුට්ටි ගහනවා වගේ වැඩක්. පතලක කැනීම් කරනකොට අපි දන්නේ නෑ කොහෙද ඉල්ලම තියන්නේ කියල. අපි පතල කණින වේගෙට සමාන ඉල්ලමක් අපිට ලැබෙන්නෙත් නෑ නේ. ප්‍රොසෙසින් පවර් එක අපි පතල කනිනවා වගේ. අපිට ඉල්ලම ලැබෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.
ගණිත ගැටලුව කියන්නේ ඇත්තටම බිට් කොයින් හුවමාරු වෙන විදිය තමයි. මේක හෑෂ් අගයක් තියන්නේ. අපේ පරිඝනකය එක එක අගයවල් සසඳලා බලනවා අපිට එන උත්තරේ බින්දුව එනකම්. (නිකම් කනා මුට්ටි ගහනවා වගේ. පොල්ල වන වන යනවා මුට්ටියට වදිනකම්

) කට්ටිය ඔක්කොම මේ වැඩේ කරනවා. ඔන්න මම එක අගයක් බැලුව ඒක නෙවෙයි උත්තරේ. හිතන්න මට පස්සේ වෙන කෙනෙක් ඒ අගයම ගහල බැලුව කියල. හැබැයි ඊට කලින් මම එක බලල නිසා පස්සේ බලපු එකාගේ ඉල්ලීම රිජෙක්ට් වෙනවා. (මෙන්න මේ නිසා තමයි වේගය වැඩි වෙන්න ඕන). ඔහොම ගොඩාක් කට්ටිය පොලු වන වන යනකොට කොහොම හරි හරි උත්තරේ ලැබෙනවා. ඊළඟට එතන ඉඳන් අපහු ඉතිරි ටික හොයනවා..... ඔන්න ඕකයි වෙන්නේ. හරි උත්තරේ ලැබුණු ගමන් ඒ දායක උන අයට බිට් කොයින් 25 බෙදිලා යනවා. බිට් කොයින් කවුරුවත් දෙන්නේ නෑ. (අපේ සල්ලි අච්චු ගහන්නේ මහා බැංකුව. ඒ කියන්නේ එක එක තැනක තියනවා. හැබැයි බිට් කොයින් එක තැනක කියල නැහැ. මම කලින් කිව්වේ ටෝරරන්ට් වගේ කියල). මේ බිට් කොයින් එන්නේ ඇල්ගොරිදම් එකෙන්ම තමයි. හරි උත්තරේ හොයාගතපු ගමන් බිට් කොයින් 25ක් මුළු පද්දතියට එකතු වෙනවා.
හිතන්න රුපියල් සීය කියන්නේ කොලයක් විතරයි නේ? ඕක අච්චු ගහන්න ඒ තරම් වියදමක් යන්නේ නෑ නේ. රුපියල් 100 වටිනාකම තීරණය වෙන්නේ රජයේ ආර්ථිකය මත (උදාහරණයක් විදියට 1950 රු. 100 යට ගන්න පුළුවන් දේවල් සහ අද ගන්න පුළුවන් දේවල් ගැන හිතන්න. නමුත් එදා රු. 100 කියන්නෙත් කොලයක් අද රු. 100 කියන්නෙත් කොලයක්.). ඒ වගේ තමයි බිට් කොයින් එකක වටිනාකම තියන්නේ ඉල්ලුම සහ සැපයුම මත.