ඉන්ෆිනිටි කියන්නෙ හොණ්ඩා නෙමෙයි නිසාන්.
මට infinity, acura පැටලුන. මම ඒකෙන් අදහස් කලේ වල ev විතරක් නෙමේ ice වලත් drive by wire එනව කියන්න. එස්සරහට ice & hybrid vehicle වලත් තව drive by wire එයි කියන එක.
ප්ලේන් සහ පාරෙ යන වාහන කම්පෙයා කරන්න බෑ, එකක්. ප්ලේන් වල ෆ්ලයි බයි වයර් සිස්ටම් දැන් අවුරුදු 50ක් විතර කාලෙක ඉඳල පාවිච්චි වෙනව මං හිතන්නේ. ඒක අදාල නෑ මෙතනට. මොකද එයාක්‍රාෆ්ට් ග්‍රේඩ් සහ ඔටෝමෝටිව් ග්‍රේඩ් කියන්නෙ වෙනස්ම සෙනාරියෝ දෙකක්.
අවුරුදු 50ක් තිස්සෙ යූස් කරනව කියන්නෙම උනුත් අවුරුදු 50කට කලින් කරල නැති දෙයක් නෙ, එහෙම කියල උන් ඒක එදා නොකර හිටියෙ නෑනෙ. ඒ වගේ මේකත් දැනට අඩු වුනාට තව කාලෙකින් නෝමල් වෙනව.
කොලම් එක මැන්ඩටරි කරල තියෙන්නෙත් US වල විතරයි මම හිතන්නෙ.
එහෙනම් ඒක අනිත් රටවල්ත් ලෝ එක අනුව බැකප් 2ක් ද,3ක් ද, 100ක් ද ඕනෙ කියන එක තීරණය කරන්න ඕනෙ. ඒක ටෙක්නොලොජි එකේ අවුලක් නෙමේ. නීතියෙ තියෙන වෙනස්කම්.
හැමතිසෙම ඉම්පෲව් වීමක් වෙනව කියන්න බෑ.
අලුත් ටෙක්නොලොජි එකක් ආවහම අන්තිමට අපිට වාසි වෙනව.
සමහරවිට අපි නොදැනිම කම්පැනියට වඩා ලාභදායී ඔප්ෂන් එකට හැඩ ගැහෙනවා. ගැහෙනව නෙමෙයි ගස්සනවා. අපේ ලයිෆ් ඉම්පෲ වෙනවට වඩා වෙනව කියල අපිට කන්වින්ස් කිරීමක් තියෙන්නෙ. ඇත්තටම අපිට අනවශ්‍ය දේට අපිව යොමු කරනව උන්ගෙ පහසුව සහ ලාභය තකා.
කොම්පැනියට ලාබයි කියන්නෙ ෆයිනල් ප්‍රොඩක්ට්, සර්විස් එකේ මිල ටිකක් හරි අඩු වෙනව. කොම්පැනියක් අලුත් ටෙක්නොලොජි පාවිච්චි කරල මැනුෆැක්චරින් ස්පීඩ් එක වැඩිකලොත් කස්ටමස්ල වේටින් ඉන්න ඕනෙ කාලෙ අඩුයි & යුනිට් එකේ ප්‍රයිස් එකත් අඩු වෙන්න ඒකත් හේතු වෙනව
සරලම දේ ඒ ටෙක්නොලොජි එක ෆීචර් එක තමන්ට වැඩක් නැත්නම් ඒක නොගෙන ඉන්න එක, නැතුව ටෙක්නොලොජි එක අලුත්වෙන එක, ලෝකෙ ඉස්සරහට යන එක හොද නෑ, කම්පනි කාරයොන් ගෙ ට්‍රික්ස් විතරයි කියල කියන එක වැරදී.
ටෙලිකොම් සයිඩ් එක ගැන දැනුමක් නෑ. ඒ නිසා මට ඕකට මුකුත් කියන්න අමාරුයි.
ටෙලිකොම් සයිඩ් එකේ විතරක් නෙමේ හැම අංශෙම මිල මේ ගානට තියෙන්නෙ china නිසා.(india වත් ටික ටික ඒ තත්වෙට එනව දැන්) හැමදේම made in us, Europe වුනානම් බේසික් ෆෝන් එකක් 100,000 විතර වෙයි. වොශින් මැශින් එකක් 80,000ක් විතර වෙයි.
සාමාන්‍යෙන් IBM HP වගේ කම්පනි වල ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් බඩු වල කල් පැවැත්ම ගැන කතා කරන්න දෙයක් නෑ. මම යූපීඑස් නම් දැකල තියෙනවා ඕන තරම් චයිනීස් ජරාවල්. යුරෝපියන් ජැපනීස් ඇමරිකන් බ්‍රෑන්ඩ් වල හොඳ බඩු තියෙනවා අවුරුදු විස්ස තිහ වැඩ කරනව කිසි කේස් එකක් නැතුව.
යුරෝප් බ්‍රැන්ඩ් පවා දැන් හදන්නෙ චීනෙ. කිසි අවුලක් නෑනෙ. IBM ලගෙ ThinkPad ලැප්ටොප් සීරීස් එක දැන් චීනෙ Lenovo ලගෙ. තාම ඒ කොලිටි එකම තියෙනව. හදන රට අනුව හැමදේම කොලිටි හොදයි හෝ නෑ කියල කියන්න බෑ. iphone පවා චීනෙ, ඉඳියාවෙ හදන්නෙ කිසිම අවුලක් නෑ. දැන් Made in US කියල Chrysler, chevy වාහන රිලයබල් නෑනෙ කොරියන්, ජපන් වාහන තරම්. ඒ වගේ තමා. තමන් මොන රටේ හරි අඩු කොලිටි බඩු ගත්තොත් කෙලවෙනව තමා, හොද කොලිටි ගත්තොත් තියෙනව හොදට.
දැන් ඔයාම කිව්වනෙ ඔයාගෙ නොකිය එක සුපිරියට වැඩ කියල. ඒක Made in Finland ද? නෑනෙ. මගේ ලග තියෙන්නෙ Nokia 5.3 එකක්. Made In China සුපිරියට වැඩ.
ටෙස්ල් ඇමරිකන් වුනාට උන්ට බැටරි දෙනව චීනෙ BYD, CATL වලින්. ඒවයෙ කොලිටි එක ජැපනීස් Panasonic වලට වඩා හොදයි.
huawei full chinese වුනත් බ්‍රැන්ඩ් පට්ටම කොලිටි. ඒත් xiaomi, oppo වගේ ඒව කොලිටි අඩුයි. ලොකු කාලයක් යූස් කරන්න කැමති කෙනෙක් ඒවගේ වලින් අයින් වෙලා ඉන්න එක හොදයි. ඇමරිකන් වුන් පවා රිලයබල් වාහන ඕනෙ නම් Made in US ගන්නෙ නෑ ජැපනීස් Toyota, Honda වගේ ගන්නව. බැටරි වල දැන් ඒක තියෙන්නෙ චයිනීස් වලට. BYD Blade battery, CATL LFP තමා රිලයබල්ම.
චයිනීස් බ්‍රෑන්ඩ් වල ජරාවල් අවුරුද්ද දෙක යන්න ඉස්සෙල්ල ලෙඩ. කොස්ට් එක අඩු නිසා ජනප්‍රිය වුණාට ඇත්තටම හොඳ බඩු නෙමෙයි ඕව. හොඳ කොලිටි හොඳ බ්‍රෑන්ඩඩ් බඩු පාවිච්චි කලොත් චයිනීස් ජරාවල් දහ පාරක් මාරු කරද්දි අරව එකකින් දුවන්න පුළුවන් ඒ කාලෙ. ගාණ වැඩි වෙන්නෙ හේතුවක් ඇතුව.
කලින් කිව්ව රීසන් එකමයි මොන රටේ හැදුවත් ලෝ කොලිටි ප්‍රොඩක්ට් එකක් නම් අවුල්.
ලංකාවෙ ට්‍රාන්ස්ෆෝමර් එහෙම හදනව ජපන්, ජර්මන්, ඒවත් සෙකන්ඩ් වෙන්න. නැතුව ඒක මේ රටේ නම් අනිවා සුපිරි, මේ රටේනම් අජූතයි කියන්න බෑ.
දුකම සීන් එක තමා හොඳ බ්‍රෑන්ඩ් වල උනත් සවුත් ඒෂියා වලට එන්නෙ ජරාවල්. මම නම් බඩුවක් ගද්දි බ්‍රෑන්ඩ් එක අනිවාර්‍යෙන් බලනවා. ඒ කියන්නෙ රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් වීම අත්‍යාවශ්‍යයි. විවෝ ඔපෝ ජරාවකට වඩා සැම්සුන් එකක් තෝරගන්නව හැම වෙලේම. UI එකේ ඉඳල වෙනස තේරෙනව
samsung එකෙත් චයිනීස් පාට්ස් තියෙනව. google pixel, iphone මොකත් එහෙම තමා.
උන් ඒව ඇඟේ ගහන එකනෙ අවුල.
ඒක හරි. මම නම් සරල බව කල්පැවැත්ම තමා අගයන්නේ ෆැන්සි කෑලි බෑලි වලට වඩා. වාහන වල නම් අලුත් ට්‍රෙන්ඩ් ඔක්කොම අජූවයි. තඩි ටච් ස්ක්‍රීන් එකක් ගහන්නෙ අපිට ආදරේට නෙමෙයි ඉන්ඩිවිජුවල් ස්විච් ප්ලාස්ටික් පැනල් හදනවට වඩා උන්ට ලාභ නිසා. මහ විකාරයක් ඒක නම්
මමත් ආස නෑ ස්ක්‍රීන් තියෙන වාහන වලට ඒත් බහුතරයක් තරුණ අලුත් ජෙනරේශන් එකේ අය ආසයි ඒ ෆීචර්ස් වලට (eg: apple carplay, spotify, even netflix nowadays). ෆෝන් වල වුනත් කට්ටියක් කැමති බේසික් ෆෝන් වලට ඒත් බහුතරයක් කැමති ලොකු ස්ක්‍රීන් වලට. වැඩි මාකට් ඩිමාන්ඩ් එකක් තියෙන එක වින් කරනව අපි කැමති වුනත් අකමැති වුනත්. එක්කො අපි පරණ එකේම ඉන්න ඕනෙ නැත්නම් අලුත් එකට යන්න ඕනෙ. නැතුව අපි අනිත් උනුත් පරණ එකේම ඉන්න ඕනෙ, අලුත් එක වැඩක් නෑ කියන්න බෑ. මොකද ඒව 'පුදගලික කැමත්ත'. මාකට් එක demand වැඩි වෙන එක තමා දිනන්නෙ.
සොලිඩ් ඇක්සල් එකක් නෙමෙයිනෙ තියෙන්නෙ, අනිවාර්‍යෙන් ඩිෆරන්සල් එකක්, රෝද දෙකට ඩ්‍රයිව් ෂාෆ්ට්, ඒවට CV ජොයින්ට් ඕව එනතු වෙනවනෙ.
පවර්ට්‍රේන් නැතුව ඩ්‍රයිව්ට්‍රේන් එක ගත්තොත් බේසික් දේවල් ටිකක් තියෙනව. ඒකෙත් මේන් ඩ්‍රයිව් ෂාෆ්ට්/ ප්‍රොප් ෂාෆ්ට් නම් ඕනෙ නෑ, ඇක්සල් එකේම මෝටරේ තියෙන නිසා.
තනිමෝටරයක් විතරනම් තියෙන්නෙ මෝටර් හවුසින් එකේම ඩිෆරන්සල් එකක් තියෙනව. රෝද දෙකට ඩ්‍රයිව් ෂාෆ්ට්, CV ජොයින්ට් තියෙනව.
ඩුවල් මෝටර් නම් ඩිෆරන්සල් එකක් ඕනෙ නෑ. CV ජොයින්ට් තියෙනව.
තව වීල් හබ් එකේම මෝටර් දාල හදන වාහනත් තියෙනව. ඒකෙ ඩිෆරන්සල්, CV ජොයින්ට් ඔනෙ නෑ.
ev වල මෝටර් එකේම ක්ලච් එකක් තියෙනව විශේස හේතුවක් නිසා එකපාර රෝදෙ ස්ටක් වුනොත් ස්ලිප් කරල මෝටර් එක බේරන්න, ඒකත් ඩ්‍රයිවර්ට කන්ට්‍රෝල් කරන්න බෑ. හැමවෙලේම මේක යූස් වෙන්නෙ නෑ මොකද මෝටර් එක තත්පරේට 1000 විතර ECU එකෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරනව. එතකොට රෝද කැරකෙනව අඩු නම් එයා ස්පීඩ් එක අඩු කරනව හරියට ABS වල බ්‍රේක් කර්නකොට කරනව වගේම. ඒක නිසා ක්ලච් ගෙවිල මාරු කරන්න වෙන්නෙ නෑ.
ev එකක පවර්ට්‍රේන් , ඩ්‍රයිව්ට්‍රේන්, බැටරි පැක් ඔක්කොගෙම මූවින් පාට්ස් උපරිම ගත්තොත් 100ක් වගේ වෙයි. ev පවර්ට්‍රේන් එකෙන් & ට්‍රාන්ස්මිෂන් තමා ලොකුම සේවින්ග් එක වෙන්නෙ. මූවින් පාට්ස් සිය (maybe even thounsands) ගානක් අයින් වෙනව. ice එකක ගින්දර, වතුර, ඔයිල් අරව මේව ඔක්කොම අයින් වෙනව. අනිවාර්‍යයෙන් ප්‍රශ්න අඩුයි.
ඒ ටිකම සුපිරි වින් එකක්.
ට්‍රාන්ස්මිෂන් එකක් කියන්නෙ ගියර්බොක්ස් එකක්ම නෙමෙයි. ප්‍රයිම් මූවර් එකේ (එන්ජිම හෝ මෝටරේ) බලය රෝද වෙත සම්ප්‍රේෂණය කරන සිස්ටම් එක. ඩ්‍රයිව්ට්‍රේන් එක
ට්‍රාන්ස්මිෂන් එක කියන්නෙ ගියර්බොක්ස් එක තමා. ට්‍රාන්ස්මිෂන්/ගියර්බොක්ස් එක ඩ්‍රයිව්ට්‍රේන් එකේ කොටසක්.