කැම්පස් වල cctv සවිකරන එක හොඳයි ඒත් ප්‍රමුකතාවය දෙන්න ඕන මේ ශ්‍රී ලංකා රේගුව වගේ දේවල් වලට නේද ? මටනම් හිතෙන්නේ කැම්පස් වල cctv සවිකරන එක වගේ මතෘකා ගේන්නෙම මේ වගේ වංචාවල් යටගහන්නම තමයි කියලයි
ගුවන් තොටුපළේ රේගු මංතීරුවල CCTV කැමරා සවි කිරීමට ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති ඉඩ දෙන්නේ නැද්ද? ඒ ඇයි ?
ගුවන් තොටුපළේ CCTV පද්ධති ඇතත් රේගු මංතීරුවල ඒවා නැත.
රේගුවේ සිදුවන වංචා දුෂණ ගැන විමර්ශන ගනන්වක්ම පෙර කාලවල සිදුව තිබේ. එහෙත් එම විමර්ශන කිරීමට හෝ මේ රේගු නිලධාරීන් ඉඩ ලබාදෙන්නේ නැත. රේගුවේහි ඇතැම් ප්‍රදේශවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හෝ ඇතුළුවීම ද මේ රේගු නිලධාරීන් තහනම් කර ඇත. රේගුව CCTV කැමරා පද්ධතියකින් ආවරණය වූවද ඊට හසු නොවෙන සුවිශේෂී ප්‍රදේශ ද තිබෙන බව පොලිසිය වරක් හෙළිකර තිබිණි. එම ස්ථාන වංච දූෂණ තිප්පොළවල් බවට තොරතුරුද ලැබී තිබිණි. එහෙත් මේ කිසිවක් පොලිසියට පරික්ෂා කරන්න ඉඩ නොදෙන තරමට මේ රේගු නිලධාරීන් අතිශයින්ම බලවත්ය.
වරක් රෙගුවේ දූෂිත කටයුතු ගැන ගෙන විමර්ශනයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොමිසම හමුවේ හෙළිකර සිටියේ
රේගුවේ ඇත්ත ආදායම ලංකාවේ අයවැය හිඟයෙන් සියයට 75 ක පමණ ආවරණය කිරීමය තරම් විශාල එකක් බවය.
යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසමේ දී
රේගු දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බදු මුදල් වංචා අක්‍රමිකතා නිසා රජයට රුපියල් බිලියන 6550 මුදලක් අහිමි වී ඇති බවට තොරතුරු හෙළි විය.
facebook.com/funkyboy2021/photos/a.105161981580212/107823457980731
https://sinhala.lankanewsweb.net/04/19/51483/