වයර් අදින වැඩේ කරන්නෙ මම නෙමේ
බාස් ඔක්කොම කරනව
මට තියෙන්නෙ ඔක්කොම කනෙක්ට් කරල අන්තිමට සෙටිංස් ටික හදල දෙන්න
වයර් අදින විදියෙ වැරැද්දක් තිබුණොත් මට කියල දුන්නැකි ඉතිං...
තියරිවලට අනුව අවුල් කොහොමත්
ටිප්ස් නේ ඕන
BNC gahala practice wenna, aru cable addata haraka wade adala tibboth noice awama baninne umbata. anith athata uu kochchara hodata cable tika adala thibbath umba bnc tika kawoth eeth awul.
අඩුම ගානෙ හොඳ උල් අඩුවක්. වයර් කටර් එකක්. දිගින් අඩු පුන්චිම ෆ්ලැට් ස්කෲ ඩ්‍රයිවර් එකක් සහ අර ඇඟිල්ලෙ දාල කරකවන්න පුළුවන් කේබල් ස්ට්‍රිපර් එකක් වත් ගන්න. ඒක ලොකු ගාණක් නෑ. පේපර් කටර් වලින් කරන්න ගිහින් තමයි ගොඩක් උන් නා ගන්නෙ.
DVR එක ඇතුලෙ කනෙක්ටර් ටික ඔක්කොම එනව, හාඩ් එකක් ගද්දි සවේලන්ස් කියන ඒවා විතරක් ගන්න ලාබෙට ඩෙක්ස්ටොප් දාන්න එපා.
DVR එක ඇතුලෙ කම්මැලි නැතුව කනෙක්ටර් ගහල. ස්කෲ ටික දාගන්න. හැකි නම් හොඳ උනත් නැතත් අළුත් `CMOS ` බැටරියක් දාන්න. පෙට්ටි වල කොච්චර කල් තිබිච්චද දන්නෙ නෑනෙ. DVR එක හොඳට ග්‍රවුන්ඩ් කරන්න. ලාවට හරි කරන්ට් වදිනව නම් ලොවෙත් නොයිස් එනව, හාඩ් යනව.
පුළුවන් නම් වයර්ලස් මවුස් එකක් ගන්න. උඩ බලන් ඉද්දි අමාරුයි ප්‍රැක්ටිකලි.
ඔක්කොම කනෙක්ට් කරල DVR එක ගහපු ගමන් ගොඩක් ඒවයෙ එන්නෙ වෙලාව හදන්න, ඊලඟට මාස්ටර් පාස්වර්ඩ් එක හරි පැටන් එක හරි දාන්න. ඕවා කම්පියුටර් වල වගේ ජම්පර් එහෙ මෙහෙ කරල රීසෙට් කරන්න බෑ. අමතක වෙන්නෙ නැති සරල එකක් දාගන්න දැනට.
ඊට පස්සෙ හාඩ් එක ෆෝමැට් කරන්න ඒවි. ඒක කරන්න. ඊට පස්සෙ ඩිස්ප්ලේ එකට එනව කැමර ටික ඔක්කොම හරි නම් ගොඩ. ඉරි යනව නම් ශේප් එකේ පස්ස වයර් අත ගාල බලන්න පොඩ්ඩක් හෙල්ලුවම හරියන කේස් තියෙනව මුලින් කරද්දි.
ඊලඟ සෙටින්ස් කියන්න බෑ ඩීවීආර් එකෙන් එකට වෙනස් සහ කස්ටමර්ට ඕන දේ මත වැඩේ තියෙන්නෙ, උදා හාඩ් එක ෆෝමැට් කලාම එතනින් පස්සෙ ඔන්ලයින් බලන එක සෙටප් කරන්න පුළුවන්, QR තියෙන්නෙ. වැදගත්ම දේ ඔය වැඩ කරන ඒවයෙ ඉස්සරහට යන්න ලෙෆ්ට් ක්ලික්. කැන්සල් කරන්න රයිට් ක්ලික් තියෙන්නෙ. ඕක දන්නැතුව මුලදි මම නෑවා