මචන්ලා, මගේ සීසීටීවී එකේ රෙකෝඩ් වෙච්ච එකක් ඩිලීට් වෙන්න කලින් පෙන් එකකට දාගන්න ඕන. මං ඒ අදාල ක්ලිප් එක පෙන් එකට එක්ස්පෝට් කරගෙන බලන්න ගත්තම ප්ලේ වෙන්නේ නෑනේ බන්. ලැප් එකේ ප්ලේයර් එක Pot Player එක. Seeking කියලා වැටෙනවා ඒත් ප්ලේ වෙන්නේ නැහැ. තව දෙයක් තියෙනවා. මං ටයිම් සිලෙක්ට් කරලා අදාළ ක්ලිප් එක විතරක් එක්ස්පෝට් කරාම, ඒ සිලෙක්ට් කරපු ටයිම් එකට එහා ටයිම් එකේ ඒවයි පෙන්නන්නේ. වීඩියෝ ෆයිල් එකට වඩා වැඩි ගානකුත් පෙන්නනවා. මේකට මොකක්ද බන් කරන්නේ? විදිහක් තියේද?

