(CNC) Computer Numerically Controlled
අද ලෝකයේ වෙන තාක්ශණ දියුණුව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
. මේ දියුණුවේ හැටියට අන්තිමට අපිට කෙල වෙනකන් අපිම දන්නේ නෑ.
ඉතින් මේ C.N.C. Machine කියන්නේත් ලෝකයේ දියුණු වන තාක්ශණයේ ප්‍රතිපලයක්.
එලකිරි එකේ මේ සම්බන්ධව පරතෙරටම ගිය සහා සෑහෙන්න දැනුමක් තියන අය ඇති.
ඉතින් මම එයාලට ආරාධනා කරන්නේ ඔයාලා දන්න දෙයක් අපිටත් කියලා දෙන්න කියලා.
ලංකාවෙනම් අපි ඔය කියන්නේ ලියවන පට්ටලේ, lathe වැඩ කරන තැන, අරක මේක කියලා..
ඉතින් ඔන්න ඔය lathe වැඩ, milling වැඩ, grinding වැඩ වගේ ලියවන පට්ටලයක කරන වැඩ ඉස්සර නම් අනිවා කලේ එහෙන් පිටින්ම මිනිසාගේ මැදිහත් වීමෙන්.
ඒ කියන්නේ manual විදිහට.
ඉතින් තාමත් ඒ විදිහට වැඩ වෙනවා.
නමුත් මේ C.N.C. කියන එකේ තියෙන්නේ මේ Lathe , Milling, Grinding වැඩ ටික Machine එකෙන් මයි කරන්නේ.
සිද්දිය වෙනකොට මිසාගේ මැදිහත් වීමක් වෙන්නේ නෑ.
කට ඇරන් බලන් ඉන්න තමා තියෙන්නේ. 
ආහ් මේ ටික මුලදි කියන්න ඕන ටිකක්.සමාවෙන්න.
මම ජර්මන් ටෙක් එකේ Part Time Course එකක් කරනවා.
ඉතින් ඒ Part Time Course එකේ Tool machine කියන Section එකේ පැය දහයක පොඩි Training එකක් තියනවා.
මුල දවසේ කරන්නේ Section එකේ තියන Machine ගැන පොඩ්ඩක් කියලා දෙනවා.
එදා තමා මම C.N.C. ගැන දැන ගත්තේ.
Sir පොඩි විස්තරයක් කලා.. Video වගෙකුත් පෙන්නුවා.
මම ඉතින් ගෙදර ඇවිත් youtube එකේ video බලලා තව ටිකක් Idea එකක් ගත්තා.
ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ මම දන්න ප්‍රමාණය.
ඇත්තම කිව්වොත් මම මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ හා සමානයි.
ඒත් දන්න ටික කියන්නම්.
වැරදි තියනවානම් ඒවා කියලා දීලා මගේ දැනුමටත් අනිත් අයගේ දැනුමටත් එකතු වෙන්න තව මොනවා හරි කියලා දෙන්න කියලා දන්න අයට බොහොම ගෞරවයෙන් අරාධනා කරනවා.

මම මේක කිව්වේ මුලදිම නොදන්න බව කියන එක හොඳයිනේ.
නිකන් දන්නවා වගේ පොර talk දෙන්න ගිහින් අන්තිමට පුක බිම ඇන ගන්නේ නැතුව. 
හරි ඒක ඉවරයි එහෙනම් ආයෙත් කතාවට යමු..
අපි අපිට ඕන Design එක.
ඒ කියන්නේ අපිට කපා ගන්න ඕන දේ එහෙම නැත්නම් විද ගන්න ඕන දේ Computer එකෙන් Design කරලා ඒක වෙනත් Software එකකින් Program එකක් බවට Convert කරන seen එකක් තියෙන්නේ.
ඒ කියන්නේ Numbers බවට පත් කරනවා.
ඉතින් machine එකෙන් මේ Numbers ටික Read කරලා එයා කපාගෙන විදගෙන ගාගෙන යනවා. අවසාන ඵලය අපේ Design එක..
ඔන්න ඕක තමා සරලව සුකමව වෙන්නේ.
තව පොඩ්ඩක් කියනවානම් මේ Cutting Tool එක අක්ශ තුනක් ඔස්සේ චලනය වෙනවා.
අපි අර ඉගෙනගෙන තියෙන්නේ යම් කිසි තලයක් ඒ කිව්වේ සිරස් අතට තිරස් අතට ප්‍රස්ථාර අඳිනකොට අපි X, Y, Z, කියලා අක්ශ ගන්නේ අන්න ඒ සීන් එක තමා වෙන්නේ.
ඒ වුනාට අලුත් C.N.C. Machine වල තල එහෙම නැත්නම් අක්ශ පහක් ඔස්සේ චලනය වෙන්න පුලුවන්...

මේ C.N.C. වලින් වැඩ කරනකොට තියන විශාලම වාසිය තමා කරන කාර්යය අපිට ගොඩාක් ඉක්මනින් කර ගන්න පුලුවන් වීම සහ ඒ කරන කාර්යය අධික නිරවද්‍යතාවයකින් යුතුව කර ගන්න පුලුවන් වීම.
අපි Manual විදිහට යම් කිසි lathe කිරීමක් milling කිරීමක් කලොත් අපි ඒක කරනකොට අපිට හැම තිස්සෙමෙ vernier caliper එක තිය තිය බල බල කරන වැඩේ measurement බලන්න වෙනවා.
ඒත් මේ C.N.C. වල ඒ measurement වලට යන කාලය සම්පූර්නයෙන් ඉතිරියි.
. කැපුවොත් කැපුවා හරියටම හරි.
(හිතන්න millimeter කියන්නේ කොච්චර පොඩි දෙයක්ද ඒකෙනුත් දාහෙන් පංගුවකට නිවැරදි වෙනවා කියන්නේ වරදින්න තියන සම්භාවිතාව කොච්චර අඩුද?
වැරදුනොත් වරදින්නේ millimeter යෙන් දාහෙන් පංගුවක් තරම් කුඩා ප්‍රමාණයක්.)
හැබැයි දාහෙන් පංගුවට වැඩ කරනවානම් Workshop එක A/C කරලා තියන්න ඕනා..
නැත්නම් නියත උෂ්ණත්වයක පද්ධතිය තිබ්බේ නැත්නම් Millimeter යෙන් දාහෙන් පංගුවේ නිරවද්‍ය තාවයට වැඩ කරන්න බෑ. මොකද උෂ්ණත්වය වෙනස් වෙනකොට ලෝහ ප්‍රසාරණය වෙලා Measurement අවුල් වෙන්න පුලුවන්..
නමුත් Millimeter යෙන් සීයෙන් පංගුව නිරවද්‍ය තාවයට වැඩ කරන්න පුලුවන් සමාණ්‍යය උෂ්ණත්වයේදී.
අනිත් වැදගත් දේ තමා මේ විදිහට Work piece අපි සීයක් කැපුවොත් ඒ සීයම එක විදිහට තියනවා.
හිතන්න අපි ඒක Manual කරන්න ගියානම් කොහොමද..
අනිවා ඩෙෆා සීයක් කැපුවොත් සීයම එක විදිහට ගන්න බෑනේ..
අනිත් එක lathe එකේදි milling එකේදි manual කරන කොට cutting tool අවශ්‍ය වෙනකොට සැරින් සැරේ අපි මාරු කරන්න ඕනේ..
ඉතින් මේ C.N.C. එකේ Cutting Tool යම් කිසි ප්‍රමානයක් load කරලා තියන්න පුලුවන්. (හරියටම කීයක් තියන්න පුලුවන්ද කියලා මම නොදනිමි) එතකොට එයා Auto ම ඒ Cutting Tool එක මාරු කර ගන්නවා..
ඔය විදිහට මට මතක් වෙන මතක් වෙන දේවල් ගැන කිව්වා.
ඒ වුනාට පොඩ්ඩක් හිතන්න.
මේ Machine එකෙන් කරන්නේ ඉස්සර මිනිස්සු කරපු දේවල්ද.
ඒ කියන්නේ Machine එක නිසා මිනිස්සුන්ගේ රැකියා අවස්ථා අහිමි වෙනවා.
කලින් මිනිස්සු දහදෙනෙක් ඕන වෙච්ච workshop එකකට මේ machine එකක් තියනවානම් මිනිස්සු තුන් හතර දෙනෙක් ගෙන් දැන් shape වෙන්න පුලුවන් වෙයි..
අපි මෙතනින් නව තින්නේ නෑනේ.
මිනිස්සු හදන්නේ මේ Machine එක තම Develop කරන්න.
නිමක් නැති ආසාවන් පස්සේ යනවා අවසානේ මොකක් වෙයිද? කවද කොතනින් නවතීද? කවුද දන්නේ.
ඒ වගේ ප්‍රශ්නයක් අවසානයේ ඉතිරි වුනත් අඩුකාලයකින් වැඩි නිරවද්‍ය තාවයකට වැඩි work pieces තොගයක් හදා ගන්න පුලුවන් වටිනා Machine එකක් මේක..
මම මේ thread එක දාන්න හිටපු විදිහට නෙමේ අන්තිමට ඉවර වුනේ..
මම youtube එකේ video බලනකොට එලකිරි සමග මී පැනි වගේ මේ සම්බන්ද video ටිකක් හම්බ වුනා. මම ඒ ටික එලකිරි එකේ share කරන්න කලින් නොදන්න අයට පොඩි හැදින් වීමක් තමා උඩ කලේ.
ඉතින් මම පල්ලෙහා video ටික දාන්නම්.. ඒවා අනිවා බලන්න. වැඩේ වෙන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් ගන්න පුලුවන්...බොරු කියන්න ඔනේ නෑනේ මමත් ඔක්කොම බැලුවේ නෑ.
බලපු ටිකේ නම් තිබ්බේ විනාඩි තුනයි ගණන් වල video..
13 විතර තිබ්බද කොහෙද මම ඔක්කොම දාන්නම්.
පුලුවන් වෙලාවක ඔක්කොම බලන්න..
මෙතන ඔක්කොම දාන්නේ නෑ.
play list එකේ link එක දැම්මා පල්ලෙහා..
කස්ටිය බලන්න
play list එකේ link එක දැම්මා පල්ලෙහා..
කස්ටිය බලන්න
Last edited:
