cookery Class -2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළ එළ.. ඔහොම යමු....

    ගෝදම්බ රොටී හදන විදිහ කියලා දෙන්න පුළුවන්ද ??
    කියල දෙන්න නං පුළුවන්....හැබැයි අර රොටිය ගහන එක ඉගැන්නිල්ල ඉතිං තැපෑලෙං සයිකල් වගේ තමා.....!!!!!:D

    ඔයා කරන වැඩේ‍ට බාධා කරන්න හදනවා නෙමෙ මම.මෙ රෙසපි ඔයා අත්හදා බලපු එවාද? මොකද මට නම් අත්දැකිම් තියෙනවා ඔය පොත් වල තියෙන එවා ගැන.
    දවසක් A/L ක්ලාස් තිබුනෙ නැහැ අපෙ සර්ට එන්න නොහැකිඋන නිසා.එදා අපි යාලුවෙක් ගෙ ගෙදර ගියා.එයා ට උයන්න පුලුවන්.එයා කිව්වා එයාගෙ අම්මා ලගදි ගෙනාපු cookery පොතක් තියෙනවා.එකෙන් පහසුවෙන් හදන්න පුලුවන් එකක් අපට හදලා දෙන්නම් කියලා.පිටු 300 විතර පොතක්.පොතේ නම මතක නැති උනාට ප්‍රකාශන සමාගමෙ නම මතකයි.යාලුවා හදන්න ගත්තෙ පාන්ටොස්ට් කරලා හදන එකක්.එකෙ paste එකට බිත්තර සහ වෙනත් එලවලු වර්ග දාන්න තිබුනා.පොතෙ විස්තර කරලා තිබුනෙ සිව්දෙනෙකට ප්‍රමානවත්ව සකස්කරන ආකාරය. අපි ඔක්කොම හතර දෙනෙක්හිටියෙ.ඉතින් පොතෙ තියන විදියට අමුද්‍රව්‍ය සහ ලුනු ඇබුල් දාලා හැදුවෙ.හැදුවට පස්සෙ කටෙ තියන්න බැහැ.මාහා අමුතු රසක් එන්නෙ.පස්සෙ යාලුවා කිව්වා මෙ බොරු රෙසපි දාලා තියෙනෙනෙ කියලා.අපි පොතෙ හැදින් විම බැලුවා. ලියපු කතෘ වරියගෙ නම ඡායාරුපය තිබුනාට දුරකතන අංකයක් හො ලිපිනයක් සදහන්වෙලා තිබුනෙ නැහැ.එයා ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙ.ප්‍රකාශන ආයතනයෙ දුරකථන අංකය තිබුනෙත් නැහැ.නැත් නම් කොල් කරලා ලුණු ඇබුල් ඇතුව හොදවයින් කියන්න හිටියෙ.පස්සෙ දවසක යාලුවාගෙ අම්මා කැමක්හදලා තියෙනවා. එකත් මෙලො රහක් නැහැලු.ඔය සමහර පොත් ලියන අය කරන්නෙ පොතෙ පිටු ගාන වැඩි කරගන්න ඕන උනහම වෙන කෙනකුගෙ පොතක තියෙන වට්ටොරුවක් අරගෙන පොඩි පොඩි වෙනස් කම් කරලා සමහර ද්‍රව්‍ය අයින් කරලා තව මොනහාරි එකතු කරලා තමන්ගෙ පොතට දානවා.එහෙම කරන්නෙ තව කෙනෙකුගෙ දෙයක් කොපි කරලා පලකලා කියලා කෙස් එන නිසා.ඉතින් එ වගෙ වට්ටොරුවක් සෙට් උනොත් සොරිම තමා.මොන ලුණු ඇබුල් දාලාවත් ගොඩ ගන්න බැහැ.
    සහෝ, කියන දේ අම්බානක ඇත්තක් තියනවා......මම නං ‍ත්‍රෙඩ් දෙකයි තාම දැම්මේ........කෑම හැදීම ගැන...හැබැයි දෙකම මම ම හදලා ෆොටෝ අරං දැම්මේ........බලන්න.........:yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1143081

    http://www.elakiri.com/forum/showthread.php?t=1146076
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කියල දෙන්න නං පුළුවන්....හැබැයි අර රොටිය ගහන එක ඉගැන්නිල්ල ඉතිං තැපෑලෙං සයිකල් වගේ තමා.....!!!!!:D

    ඒකට කමක් නෑ... මම ඒක බලාගෙන ඉගෙන ගන්නං හන්දියෙ කඩේකිං...
    මිස්රනේ අනන විදිහ කියන්න.. :yes::yes::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකට කමක් නෑ... මම ඒක බලාගෙන ඉගෙන ගන්නං හන්දියෙ කඩේකිං...
    මිස්රනේ අනන විදිහ කියන්න.. :yes::yes::D

    මේක වෙනම ත්‍රෙඩ් එකක් විදියට දාන්නම්.....!!!ෆොටෝ එක්කම......මොකද ෆොටෝ වලින් ඉස්සර වෙලා ම මේ වැඩේ කරන අයට වැඩේ පහසු වෙනවා.......නමුත් ටිකක් කල් යයි....කමක් නෑ නේද??????
    ඒ එක්කම ගෙදරදි ම කොත්තු හදන හැටි දාන්නම්.........!!!!!!
    :D:D:yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    thanks..ehema wenama dapu eka hoday..math hithuwe oya kama hadanna...eth apahu ikmanta hoyagane kohomada kiyla hithuwe..dan lesiy.thanks...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක වෙනම ත්‍රෙඩ් එකක් විදියට දාන්නම්.....!!!ෆොටෝ එක්කම......මොකද ෆොටෝ වලින් ඉස්සර වෙලා ම මේ වැඩේ කරන අයට වැඩේ පහසු වෙනවා.......නමුත් ටිකක් කල් යයි....කමක් නෑ නේද??????
    ඒ එක්කම ගෙදරදි ම කොත්තු හදන හැටි දාන්නම්.........!!!!!!
    :D:D:yes::yes:

    ආ.. ඒක හොදයි..... එළ... අපි ආස කෑම අපිට ගෙදරදීම හරියට හදා ගන්න කියලා දීලා කිඹුලා මචං හෙන පිනක් කර ගන්නේ.... කඩේට වියදං කරනවාට වඩා ෆන් මේක.. අනික අපි හරියට හදා ගත්තොත් අපි දන්නවා නේ ඒ කෑම එක ගැන ඔක්කෝම විස්තර... :):)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Sunday very busy dawasa nisa EK aawe ne. Ada Biriyani (Buriyani) hadana widiya pictures ekkama daanawa!!! Hebei tikak hawas wei.....!!!

    fnbxcj.jpg
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔයා කරන වැඩේ‍ට බාධා කරන්න හදනවා නෙමෙ මම.මෙ රෙසපි ඔයා අත්හදා බලපු එවාද? මොකද මට නම් අත්දැකිම් තියෙනවා ඔය පොත් වල තියෙන එවා ගැන.
    දවසක් A/L ක්ලාස් තිබුනෙ නැහැ අපෙ සර්ට එන්න නොහැකිඋන නිසා.එදා අපි යාලුවෙක් ගෙ ගෙදර ගියා.එයා ට උයන්න පුලුවන්.එයා කිව්වා එයාගෙ අම්මා ලගදි ගෙනාපු cookery පොතක් තියෙනවා.එකෙන් පහසුවෙන් හදන්න පුලුවන් එකක් අපට හදලා දෙන්නම් කියලා.පිටු 300 විතර පොතක්.පොතේ නම මතක නැති උනාට ප්‍රකාශන සමාගමෙ නම මතකයි.යාලුවා හදන්න ගත්තෙ පාන්ටොස්ට් කරලා හදන එකක්.එකෙ paste එකට බිත්තර සහ වෙනත් එලවලු වර්ග දාන්න තිබුනා.පොතෙ විස්තර කරලා තිබුනෙ සිව්දෙනෙකට ප්‍රමානවත්ව සකස්කරන ආකාරය. අපි ඔක්කොම හතර දෙනෙක්හිටියෙ.ඉතින් පොතෙ තියන විදියට අමුද්‍රව්‍ය සහ ලුනු ඇබුල් දාලා හැදුවෙ.හැදුවට පස්සෙ කටෙ තියන්න බැහැ.මාහා අමුතු රසක් එන්නෙ.පස්සෙ යාලුවා කිව්වා මෙ බොරු රෙසපි දාලා තියෙනෙනෙ කියලා.අපි පොතෙ හැදින් විම බැලුවා. ලියපු කතෘ වරියගෙ නම ඡායාරුපය තිබුනාට දුරකතන අංකයක් හො ලිපිනයක් සදහන්වෙලා තිබුනෙ නැහැ.එයා ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙ.ප්‍රකාශන ආයතනයෙ දුරකථන අංකය තිබුනෙත් නැහැ.නැත් නම් කොල් කරලා ලුණු ඇබුල් ඇතුව හොදවයින් කියන්න හිටියෙ.පස්සෙ දවසක යාලුවාගෙ අම්මා කැමක්හදලා තියෙනවා. එකත් මෙලො රහක් නැහැලු.ඔය සමහර පොත් ලියන අය කරන්නෙ පොතෙ පිටු ගාන වැඩි කරගන්න ඕන උනහම වෙන කෙනකුගෙ පොතක තියෙන වට්ටොරුවක් අරගෙන පොඩි පොඩි වෙනස් කම් කරලා සමහර ද්‍රව්‍ය අයින් කරලා තව මොනහාරි එකතු කරලා තමන්ගෙ පොතට දානවා.එහෙම කරන්නෙ තව කෙනෙකුගෙ දෙයක් කොපි කරලා පලකලා කියලා කෙස් එන නිසා.ඉතින් එ වගෙ වට්ටොරුවක් සෙට් උනොත් සොරිම තමා.මොන ලුණු ඇබුල් දාලාවත් ගොඩ ගන්න බැහැ.

    කතාව බොහෝදුරට ඇත්ත!! පොත් වල තියන රෙසිපි ගොඩක් බොරු තමා!! මටත් අනන්ත ඔය වැඩේම වෙලා තියනවා!! මම දාලා තියන ඒවා අනේක වාරයක් මමම හදපු ඒවා!! රෙසිපිත් මමම ටිකෙන් ටික දියුණු කර ගත්ත ඒවා!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    machan eka hari dapan.....
    drinks hadanna dannawad??????
    machan ara pizza eka hadana hati dapan hode...

    හදලා ෆොටෝ එක්කම දාන්න ඔනේ!! නමුත් ඒක කරන්න වෙන්නෙ weekend එකක තමා!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    fnbxcj.jpg

    මෙන්න මේ චිකන් බිරියානි එක තමයි අද හදන්න යන්නෙ!!
    ඒක කන්න මින්චි සම්බෝල, මික්ස් රයිතා සහ චිකන් ග්‍රේවී (හොද්ද) හදන හැටිත් කියලා දෙනවා!!

    මුලින්ම හදා ගන්න ඕනේ බිරියානි මසාලා පව්ඩර් එක.

    2cwtoi0.jpg

    1.කොත්ත මල්ලි
    2.සූදුරු
    3.මාදුරු
    4.වසාවාසි
    5.ගම්මිරිස්
    6.ස්ටාර් අනීස්
    7.කරදමුංගු
    8.කරාඹුනැටි
    9.කුරුදු
    10.බේ ලීෆ්
    ඊට අමතරව රතු මිරිස් කුඩු සහ කහ කුඩුත් ස්වල්පය බැගින් අවශ්‍ය වෙනවා!!

    මේ සියල්ල කබලේ යන්තම් බැද කුඩු කර ගන්න.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ ඔක්කොම දාලා බිරියානි මසාලා එක හරියට ආවෙ නැත්තම් ඔක්කොම අප්සෙට්!!
    අනෙක ස්ටාර් අනීස් හොයන්න ගියාම පණ යනවා!!

    ඒ නිසා දැනට මාකට් එකේ තියන හොදම රෙඩිමේඩ් මසාලා එක පාවිච්චි කරමු!!

    n2bj9s.jpg

    මීළගට තියෙන්නෙ චිකන් ටික මැරිනේට් කරන එක!!

    අවශ්‍ය දුව්‍ය-

    චිකන් ඩ්‍රම්ස්ටික් හෝ තයිස් ග්‍රෑම්500 -750ක්
    Shan Bombay Biriyani Masala Powder paket 1/2
    ලුණු කුඩු තේ හැදි 1ක්
    මුදවපු කිරි මිලි ලිටර් 250ක්

    මුලින් චිකන් ඩ්‍රම්ස්ටික් හෝ තයිස් ගෙන රූපයේ විදියට කැපුම් යොදා ගන්න!!

    2csiaf9.jpg

    ඉන් පසු භාජනයකට දමා මසාලා සහ ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න. පසුව මුදවපු කිරි දමා මිශ්‍රකර ශීතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.
    301ng1s.jpg

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මීලගට අවශ්‍ය දේවල්-
    fvinuu.jpg

    4.මිංචි කොළ
    5.කොත්තමල්ලි කොළ
    6.බී ලූනූ
    7.තක්කාලි
    8.අමු මිරිස්
    9.සුදු ලූනූ
    10.ඉගුරු

    සියල්ල පහත රූපයේ ආකාරයට කපා ගන්න.
    30cr9zc.jpg
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    aeumno.jpg

    භාජනයක් ලිපේ තබා තෙල් ටිකක් දාගන්න.

    2ykgx05.jpg

    කැපූ ලූණූ ටික දමා රන්වන් පාට වන තුරු බැද ගන්න.

    rancsp.jpg

    දන් සිහින්ව කපා ගත් ඉගුරු සුදුලූනු එක්කර බැදගන්න.

    jtkvt5.jpg

    දැන් මැරිනේට් කරගත් චිකන් එක්කරන්න.

    2j0bfxe.jpg

    අමතර 2.කුරුදු 3.කරාඹුනැටි 4.ස්ටාර් අනීස් 5.බේ ලීෆ් 6.වසාවාසි 7.කරදමුංගු ටිකක් එක්කරන්න.

    fef6e9.jpg

    පසුව කැපූ තක්කාලි හා අමු මිරිස් දමන්න.

    33ccfis.jpg

    දැන් කොත්තමල්ලි හා මිංචි කොළ එක්කරන්න.

    පියනකින් වසා මද ගින්නෙන් සෙමින් පිසින්න
    348giec.jpg
    .
     
    • Like
    Reactions: ranray

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    patta machan patta......:yes::yes::yes: keep up the good work... :yes::yes::yes:

    REP++
    :yes::yes:

    don't stop we need moreeee.......:love::love::love:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    2sb1fn5.jpg%20-13

    මී ළගට බාස්මතී හාල් හුණ්ඩු 2 1/2ක් (ග්‍රූම් 500ක්) පමණ අරගෙන සෝදා විනාඩි 15ක් පෙගෙන්න තියන්න. ඉන්පසු රයිස් කුකර් හෝ සාස්පානක දමා සහල් ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් වතුර දමන්න. තෙල් මේස හැන්දක් හා රම්පෙ කෑල්ලක් දමා බත බෙරි නොවී පිසගන්න.

    4kda2b.jpg

    බත් ඇට එකිනෙක වෙන්වන සේ හොදින් කූරුගාගන්න.බත හොදටම තැම්බී නැතිවුනාට කමක් නෑ!!

    10415s6.jpg

    දැන් තවමත් ඉදෙමින් පවතින චිකන් එක උඩට දමන්න.

    10fnz1c.jpg

    පසුව Egg Yellow Colouring බින්දු 4-5ක් ගෙන වතුර මේස හැදි 2-3ක දිය කර රවුමට වත්කර, පියන වසා ඉතා අඩු ගින්දරේ
    විනාඩි 5-10ක් තබන්න.

    i753k3.jpg

    පසුව බත් ඇට නොකැඩෙන සේ හෙමින් බත පෙරලන්න. ඉඩ ඇති භාජනයකට දමා ගත්තොත් වඩා හොදයි!!

    jhvjhk.jpg

    දැන් බිරියානි / බුරියානි ලෑස්තියි!!:):)
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බිරියානි කන්න මිංචි සම්බෝල, හොදි සහ රයිතා හදන විදිය මීළගට බලාපොරොත්තු වන්න!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    machan me ස්ටාර් අනීස් , බේ ලීෆ් koheda ganna tiyenne?:confused::confused:

    බේ ලීෆ් නම් සුපර්මාකට් වල තියෙනවා!! ස්ටාර් අනීස් තමා හොයන්න නැත්තෙ!! මමත් බැංකොක් වලින් අරගෙන ආවේ!! ඉන්දියා, සිංගපූර් වලත් තියෙනවා!! හෙව්වොත් පිටකොටුවෙත් නැතිවෙන්න බෑ!! අර Shan bombay biriyani powder එකට ඕවා දාලා තියන නිසා වෙනම නොදැම්මත් එච්චර අවුලක් නෑ!!