Dialog TV Help - Urgent

DHE

Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    Screenshot 2023-04-29 224331.png


    Link: https://www.face book.com/groups/offersfirst/permalink/1636338893505727/


    Screenshot 2023-04-29 223459.png




    මට Satellite TV ගැන ලොකු දැනුමක් නෑ. මම පොඩිකාලේ ඉදන් අපේ ගෙදර තිබ්බේ බටපොල එකක්. මට මේ ප්‍රශ්න වලට පොඩි හෙල්ප් එකක් ඔනේ.

    (
    අපි දැන් රෙන්ට් එකට ඉන්න ගෙදරට indoor සිග්නල් තියනවා. හැබැයි තව මාස 6කින් වගේ අපි අපේ ගෙදරට යනවා. එහෙට outdoor සිග්නල් තියෙන්නේ.

    මට ඩිශ් එක විතරක් තියෙද්දියි හබ් එක වෙනම තියෙද්දියි වැඩ කරන විඩිහ තේරෙනවා. දෙකම එකට තියෙද්දි කොහොමද වෙන්නේ කියලා තේරෙන්නේ නෑ)


    1. මේ DTV Full pack කියන එකෙන් dish එකයි TV Hub එකයි දෙකම හම්බෙනවද?(FB පෝස්ට් එකේ එහෙම තියනවා ඒත් දැනගන්න අහන්නේ)

    2. එතකොට router එක off කරලා dish එකෙන් විතරක් බලන්න පුලුවන්ද? වහින වෙලාවට වගේ router එකෙන් බලන්න පුලුවන්ද? එහෙම නැත්තම් හැම වෙලාවෙම දෙකම standby තියන්න ඕනෙද?

    3. Catch-up TV/ VOD බලන්න පුලුවන් router එකෙන් විතරද?

    4. Postpaid plan එකෙන් prepaid එකට මාරු වෙන්න පුලුවන්ද?


    Thanks in advance:love:

     
    • Like
    Reactions: Kavindu1221

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    1. E wage penne. Kokatath Dialog customer care eken verify karaganna.
    2. Dish only -- ba, router only -- puluwan (STB eka on wenna internet connection ekak one)
    3. Ow
    4. Danna tharamin ba. ViU Hub eka denne Postpaid connections walata witharai da koheda.
     
    • Love
    • Like
    Reactions: Kavindu1221 and DHE

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,186
    113
    1. මේ DTV Full pack කියන එකෙන් dish එකයි TV Hub එකයි දෙකම හම්බෙනවද?(FB පෝස්ට් එකේ එහෙම තියනවා ඒත් දැනගන්න අහන්නේ)
    Ow Full pack means dish+stb &all wires etc.
    2. එතකොට router එක off කරලා dish එකෙන් විතරක් බලන්න පුලුවන්ද? වහින වෙලාවට වගේ router එකෙන් බලන්න පුලුවන්ද? එහෙම නැත්තම් හැම වෙලාවෙම දෙකම standby තියන්න ඕනෙද?
    Router eka off karoth oka on wena ekk na sometimes. Dish eka natath wada karanawa but primary source eka dish.
    3. Catch-up TV/ VOD බලන්න පුලුවන් router එකෙන් විතරද?
    Ow
    4. Postpaid plan එකෙන් prepaid එකට මාරු වෙන්න පුලුවන්ද?
    Normally they don't allow it.
     
    • Love
    Reactions: DHE

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මගේ තියෙන්නේ ප්‍රිපේඩ් බජට් පැක් එකට ඒ කියන්නෙ දවසට රුපියල් 8 ක් හා බදු කැපෙන පැකෙජ් එක මම මේකට ViU Hub 2.0 එක ගත්තා. ප්‍රිපෙඩ් වලට ViU hub 2.0 දෙන්නැ කියලා කස්ටර්මර් සර්විස් එකෙන් කියන්නේ. හැබැයි ආකේඩ් එකකටගිහින් දැනට ප්‍රිපේඩ් එකක් තියෙනවනම් 15990 කට වගේ සහ අලුතෙන්ම ගන්නමනම් 18 ක් 19 ක් වගේ යනවා.

    පෝස්ට්පේඩ් වලට එච්චර වියදම් කරන්නනඕන නැහැ ඔය දාලා තියෙන ගනන් වලට ගන්න පුලුවන් ඇති දැනට බාවිතා කරන මොබයිල් එකට, රවුටරයට හරි මොකක් හරි ඩයලොග් එකක් තිබිලා ඔෆර් එකක් තිබුනොත් තවත් අඩුවට ගන්න පුලුවන්. කොහොම ගත්තත් දැන් එන අලුත් කනෙක්ශන් වලට අවුරුද්දයි වොරන්ටි ඊට පස්සෙ කැඩුන කොටස මුදල් ගෙවලා ගන්න වෙනවා.

    ViU Hub 2.0 එක ගන්නකොට 0 Rentel postpaid 4G Home Broadband රවුටර් එකක් දෙනවා. ඒක පොස්ට්පේඩ් වුනාට බිලක් එන්නෙ නැහැ. ඒක අනිවාර්යෙන් ViU HUb ඔන් කරන්න කලින් Wifi හරහා කනෙක්ට් කරන්න ඕන. නැත්නම් ViU Hub එක ඔන් වෙන්නෙ නැහැ. දැන් එතකොට අනිවාර්යයෙන් 4G රවුටර් එකට හොදට සිග්නල් තියෙන්න ඕන හොදට කියන්නෙ ඩවුන්ලෝඩ් ස්පිඩ් එක 4mbps වලින්වත් ඉහල. මොකද ඩිශ් එකෙන් එන සිග්නල් එක වැස්සකට ලොස් වුනොත් OTT Live කියන එකට ඉබේම මාරුවෙනවා. ඒක වැඩකරන්නෙ අර රවුටර් එකෙන් එක ඩේටා හරහා. ඩේටා හරහා කිව්වට මේකට ඩේටා වලට අයකිරීමක් නැහැ. කලින් කිව්වා වගේ 0 රෙන්ටල් රවුටර් එකක්.

    එතකොට දින 3 ක විතර වැඩසටහන් Catup TV Option එක හරහා බලන්න පුලුවන්. ඒකට Catup TV බට්න් එකක් තියෙනවා රිමෝට් එකේ.
    එවෙලේ ලයින් යන වැඩ සටහන පැය දෙකක් ආපස්සට රිවයින් කරන්න පුලුවන්.
    මෙතනදි පසුගිය වැඩසටහන් බලන්නපුලුවන් පැය දෙකයි. පැය දෙකට වඩා පරන ඒවා බලනවනම් කැචප් ටිවි කියන රිමෝට් එකේ බට්න් එකෙන්මමබලන්න ඕන කැචප් එකට ඇඩ් වෙන්නෙ වැඩ සටහනක් ඉවරවුනාම. කැචප් එක හා රිවයින් එක අතර පොඩි වෙනසක් ඒක.

    ඊලගට මේක ඇන්ඩ්‍රොයිඩ් ටිවි බොක්ස් එකක්. Google play Store එක තියෙනවා. Youtube තියෙනවා. හැබැයි අර 0 රෙන්ටල් රවුටර් එකෙන් Youtube බලන්න ඩේටා නිකන් දෙන්නෙ නැහැ ඒ සඳහා පොස්ට්පේඩ් රවුටර් වලට දෙන ඩේටා පැකේජ් එකක් ඇඩ් කරගන්නන වෙනවා එතකොට ඉිතින් ඒ පැකේජ් එකට අදාල ගාන ගෙවන්න වෙනවා මාසෙකට සැරයක්.
    ඔය දෙන රවුටර් එකට ගේ ඇතුලට සිග්නල් මදිනම් දැනටමත් අවුට්ඩේ ඩයලොග් රවුටර් එකක් තියෙනවනම් ඒක wifi හරහා කනෙක්ට් කරගන්නත් පුලුුුවන්. හැබැයි ඒක ඩයලොග් බ්‍රොඩ්බෑන්ඩ් අංශයට කතා කරලා අහලමකරගන්න එක හොදා. මම මගේ ප්‍රිපේඩ් අවුට්ඩෝ රවුටර් එක VIU HUB 2.0 එකට කනෙක්ට් කරන් තියෙන්නෙ. ප්‍රිපේඩ් එකේ ඩේටා කැපෙන්නෙත් නැහැ.

    * ඔය දාලා තියෙන එකේ Full pack කියක්නේ ViU hub 2.0 decoder එක, 4G router එක, ඩිශ් එක හා වයර් සේරම තමා.
    *නිකන්ම ඩිකොඩර් එකට වඩා පහසුකම් වැඩියි.
    *රවුටර් එකනම් ඔන් එකේ තියෙන්න ඕන. නැත්නම් ටිවි එක ප්ලේ වෙන අතරේ ටිවි එකේ ස්ක්‍රීන් එකේ⁣ මැද්දෙන් එරර් එකක් වගේ වැටෙනවා. අනිවාර්යෙන්ම රිවයින් එක වැඩ කරන්නේනේ ඩේටා හරහා විතරයි.
    ඒ වගේම ඩිශ් එකෙන් සිග්නල් එන වෙලාවටත් ඕනනම් රිමෝට් එකෙන් OTT Live මොඩ් එකට දම්මොත් ප්ලේ වෙන්නෙ රවුටර් එක හරහා. හැබැයි විනාඩි දෙක තුනකින් ආපහු ඩිශ් එකට මාරුවෙනවා.

    *පෝස්ට්පේඩ් ඒවා බිල් නොගෙව ඉදලා ඩිස්කනෙකට් වුනාම වගේ ඔෆර් එකක් විදිහට දුන්නොත් මිසක් ඒ එකවුන්ට් එකම ප්‍රිපේඩ් කරන්න බැහැ.
     
    • Love
    • Like
    Reactions: DHE and jzx

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    * ඔය දාලා තියෙන එකේ Full pack කියක්නේ ViU hub 2.0 decoder එක, 4G router එක, ඩිශ් එක හා වයර් සේරම තමා.
    *නිකන්ම ඩිකොඩර් එකට වඩා පහසුකම් වැඩියි.
    *රවුටර් එකනම් ඔන් එකේ තියෙන්න ඕන. නැත්නම් ටිවි එක ප්ලේ වෙන අතරේ ටිවි එකේ ස්ක්‍රීන් එකේ⁣ මැද්දෙන් එරර් එකක් වගේ වැටෙනවා. අනිවාර්යෙන්ම රිවයින් එක වැඩ කරන්නේනේ ඩේටා හරහා විතරයි.
    ඒ වගේම ඩිශ් එකෙන් සිග්නල් එන වෙලාවටත් ඕනනම් රිමෝට් එකෙන් OTT Live මොඩ් එකට දම්මොත් ප්ලේ වෙන්නෙ රවුටර් එක හරහා. හැබැයි විනාඩි දෙක තුනකින් ආපහු ඩිශ් එකට මාරුවෙනවා.

    *පෝස්ට්පේඩ් ඒවා බිල් නොගෙව ඉදලා ඩිස්කනෙකට් වුනාම වගේ ඔෆර් එකක් විදිහට දුන්නොත් මිසක් ඒ එකවුන්ට් එකම ප්‍රිපේඩ් කරන්න බැහැ.
    Thanks machan godaaak:love2:
    scene eka okkoma theruna

    e wunath ganna wune na valid till 4/30 kiyaddi mama hithuwe 30 wenidath thiyei kiyala
    ada ude ganna baladdi iwara wela 🥲
    oya scene eka danagaththa eka hodai. 800 ganak postpaid gewanna one nane ethakota.. arcade ekata gihinma balanawa
    thanks again
     
    • Like
    Reactions: rangasaman

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    Thanks machan godaaak:love2:
    scene eka okkoma theruna

    e wunath ganna wune na valid till 4/30 kiyaddi mama hithuwe 30 wenidath thiyei kiyala
    ada ude ganna baladdi iwara wela 🥲
    oya scene eka danagaththa eka hodai. 800 ganak postpaid gewanna one nane ethakota.. arcade ekata gihinma balanawa
    thanks again
    ඉස්සරනම් පොස්ට්පේඩ් එකට Lifetime වගකීමක් තිබුනා. ඒක නිසා කැඩුනු කෑලී ටීම් එකක් ඇවිත් හදලා දුන්නා.

    දැන් පෝස්ට්පේඩ් ගත්තත්, ප්‍රිපේඩ් ගත්තත් අවුරුද්දයි වගකීම. LNB එකට මාස 06 යි. ඒ බව ඩයලොග් වෙබ් සයිට් එකේ දාලා තියෙනවා.
    එතකොට මූලීක ගෙවීම අඩුවට දුන්නට මාසිකව ගෙවන බිල්පත අවුරුද්දක් දෙකක් එකතු කරලා බලනකොට සෑහෙන ගානක් ගෙවලා අපි. ප්‍රිපේඩ් එකට අඩුම දැන් එන පැකෙජ් පන්සියගානක ඉදලා තියෙනවා.

    හැබැයිි චැනල් අඩුයි. තමන්ට අවශ්‍ය චැනල් ටික අමතර ගෙවලා ඇඩ් කරගත්තම බිල් එකට ගෙවන ගානටම සමානයිනම් බිල් එකක්ම ගන්න. නැත්නම් වැඩිය ටිවි බැලිල්ලක් නැත්නම් කාඩ් එකක් ගන්න.
     
    • Love
    Reactions: DHE

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    offer eka thawama thiyenawa.special offers mukuth nathi NIC ekakata me price eka.

    special offers ekka 5000ta aduwen ganna puluwan.
    Web capture_4-5-2023_19461_dlg.dialog.lk.jpeg
     

    mahesh13

    Member
    Oct 15, 2020
    7
    1
    3
    ඔබ ඔබේ Dialog TV සේවාව සමඟ ගැටලු අත්විඳින්නේ නම්, ගැටලුව විසඳීමට උත්සාහ කිරීමට ඔබට අනුගමනය කළ හැකි පියවර කිහිපයක් මෙන්න:

    බලය සහ සම්බන්ධතා පරීක්ෂා කරන්න:

    ඔබේ ඩයලොග් ටීවී සෙට්-ටොප් පෙට්ටිය හෝ ග්‍රාහකය බල ප්‍රභවයකට නිසි ලෙස සම්බන්ධ කර ක්‍රියාත්මක කර ඇති බව සහතික කර ගන්න.
    HDMI හෝ AV කේබල් වැනි සියලුම කේබල්, TV සහ set-top box යන දෙකෙහිම නිවැරදි වරායන් වෙත ආරක්ෂිතව සම්බන්ධ කර ඇති බව තහවුරු කරන්න.
    ලිහිල් සම්බන්ධතා හෝ හානි වූ කේබල් නොමැති බවට වග බලා ගන්න.
    උපකරණ නැවත ආරම්භ කරන්න:

    ඔබේ රූපවාහිනිය ක්‍රියා විරහිත කර රූපවාහිනියෙන් සහ ඩයලොග් ටීවී සෙට්-ටොප් පෙට්ටියෙන් හෝ ග්‍රාහකයෙන් විදුලි රැහැන විසන්ධි කරන්න.
    විදුලි රැහැන් නැවත ඇතුල් කිරීමට පෙර තත්පර 30 ක් පමණ රැඳී සිටින්න.
    රූපවාහිනිය සහ සෙට්-ටොප් පෙට්ටිය සක්‍රිය කර, සේවාව නැවත ක්‍රියා කරන්නේ දැයි පරීක්ෂා කරන්න.
    සංඥා ශක්තිය පරීක්ෂා කරන්න:

    සැටලයිට් ඩිෂ් ඇන්ටනාව නිසි ලෙස පෙළගස්වා ඇති බවත්, කිසිදු වස්තුවකින් බාධා නොවන බවත් සහතික කර ගන්න.
    සැටලයිට් ඩිෂ් සහ සෙට්-ටොප් පෙට්ටිය අතර ඇති කොක්සියල් කේබල් සම්බන්ධතාවය කිසියම් හානියක් හෝ ලිහිල් සම්බන්ධතාවක් තිබේදැයි පරීක්ෂා කරන්න.
    හැකි නම්, සංඥාව වැඩිදියුණු වන්නේ දැයි බැලීමට සෙට්-ටොප් පෙට්ටිය වෙනත් සැටලයිට් ඩිෂ් ඇන්ටනාවකට සම්බන්ධ කිරීමට උත්සාහ කරන්න.
    නාලිකා නැවුම් කරන්න:

    සමහර ගැටලු යල් පැන ගිය නාලිකා තොරතුරු නිසා ඇති විය හැක. නාලිකා නැවුම් කිරීමට, ඔබේ Dialog TV set-top box හි ඇති සැකසීම් හෝ මෙනු විකල්පය වෙත සංචාලනය කරන්න.
    ඔබට නාලිකා පරිලෝකනය කිරීමට හෝ සෙවීමට ඉඩ දෙන විකල්පයක් සොයන්න. නාලිකා ලැයිස්තුව යාවත්කාලීන කිරීමට නාලිකා ස්කෑන් කිරීමක් ආරම්භ කරන්න.
    පාරිභෝගික සහාය අමතන්න:

    ඉහත පියවර මගින් ගැටළුව විසඳා නොගන්නේ නම්, Dialog TV හි පාරිභෝගික සහාය කෙලින්ම සම්බන්ධ කර ගැනීම නිර්දේශ කෙරේ.
    ඔබ මුහුණ දෙන ගැටලුව පැහැදිලි කර අදාළ ඕනෑම විස්තරයක් ඔවුන්ට ලබා දෙන්න. ඔවුන්ට ඔබට තවදුරටත් සහාය වීමට හැකි වනු ඇති අතර ඔබේ තත්ත්වය මත පදනම්ව නිශ්චිත දෝශ නිරාකරණ පියවර සැපයිය හැකිය.

    මතක තබා ගන්න, මෙම පියවර සාමාන්‍ය යෝජනා වන අතර, දෝශ නිරාකරණ ක්‍රියාවලිය ඔබගේ නිශ්චිත සැකසුම සහ උපකරණ මත පදනම්ව වෙනස් විය හැක. වඩාත් නිවැරදි මගපෙන්වීම සඳහා පරිශීලක අත්පොත පරිශීලනය කිරීම හෝ පාරිභෝගික සහාය වෙත සම්බන්ධ වීම සැමවිටම හොඳ අදහසකි.
    ඔබට ඕනෑම රූපවාහිනියකට සහය දක්වන විකල්ප යෙදුමක් උත්සාහ කළ හැකි අතර කලාපීය නාලිකා ද සපයනු ලැබේ, Movieboc Pro (https://movieboxpro.download/)ඔබට සොයා ගත හැකි තාවකාලික විකල්ප මූලාශ්‍රය විය හැකිය.