Dibetes, Fatty Liver, Heart ගැන කතා කරමුද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Dibetes, Fatty Liver, Heart ගැන කතා කරමුද

    1) Diabetes
    2) Fatty Liver
    3) Heart Desease

    මේ ලෙඩ තුනම එකකට එකක් සම්බන්දයි

    ප්‍රධාන වශයෙන්ම වෙන්නෙ අග්න්‍යාශයට ඉන්සියුලින් නිපදවන්න බැරි උනාම ආහාර ජීරණයේ ප්‍රශ්න ඇති වෙන එක

    ඒ හේතුවෙන් රුධිරයේ සීනි සහ මේදය ඉහල යන නිසා එය අක්මාවට බල පානවා

    මේ ලෙඩ වලින් වලකින්නෙ කොහොමද, සුව කර ගන්නෙ කොහොමද කියල කතා කරමුද
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?

    ඔබට දැනටමත් දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 Diabetes Mellitus) වැළඳීමට හේතුවන අවදානම් සාධක එකක් හෝ ඇත්නම්, දියවැඩියාව වළක්වා ගැනීමට ගතහැකි උපාය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම නුවණට හුරු වේ. ඔබට දියවැඩියාව වැළඳීමට කිසිඳු අවදානම් සාධකයක් නොමැති වුවද, දියවැඩියාව වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් විය හැක. ශරීරයේ සීනි පාලනය කිරීමේ හැකියාව දුර්වල වූ (Impaired glucose tolerance) අය, ආහාර ගන්නා රටාව වෙනස් කිරීම සහ ප්‍රමාණවත් පරිදි ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම ආදිය අනුගමනය කලහොත්, දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීම වළක්වා ගත හැක.

    සෞඛ්‍ය සම්පන්න බරක් ඇතිකර ගෙන එය පවත්වා ගන්න.

    ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5 ත් 24.9 ත් අතර පවත්වා ගන්න. එය 23 ක් පමණ වනසේ පවත්වා ගැනීම වඩාත් උචිතය. ශරීරයේ බර සෞඛ්‍ය සම්පන්න පරාසයට පැමිණි පසු, ඔබ ආහාර මගින් ලබාගන්නා කැලරි ප්‍රමාණය (Calorie intake) සහ ඔබේ එදිනෙදා කැලරි දහනය (Calorie burn) තුලනය කරගනිමින් බර පාලනය කරගන්න.

    තන්තු බහුල ආහාර වැඩිපුර ආහාරයට ගන්න.
    එළවළු
    පළතුරු
    පලා වර්ග
    ධාන්‍ය සහ ඇට වර්ග
    බෝංචි වර්ග සහ මෑ කරල්
    මාශ භෝග
    කුරුට්ට සහිත සහල්
    කුරුට්ට සහිත ධාන්‍ය වලින් සෑදූ පාන් සහ වෙනත් ආහාර
    මේදය අඩු (Low-fat) හෝ මේදය රහිත (Fat-free) ආහාර තෝරාගන්න.
    පළතුරු සහ එළවළු නිර්දේශිත ප්‍රමාණ වලින් පහක් දිනකට ආහාරයට ගන්න.
    පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් වළකින්න.
    හැකි පමණින්, සරළ සීනි අඩංගු ආහාර සහ පානයන් ආහාරයට එක්කර ගැනීමෙන් වළකින්න.
    තෙලෙන් බදින ලද හා තෙම්පරාදු කරන ලද ආහාර සහ ක්ෂණික ආහාර භාවිතයෙන් වළකින්න.
    ප්‍රධාන ආහාර වේල් මගහරින්න එපා. විශේෂයෙන් උදෑසන ආහාර වේල මගහැරීමෙන් වළකින්න.
    මත්පැන් පානයෙන් වළකින්න.
    සැමවිටම, ආහාර වල ලේබලයෙහි ඇති පෝෂණ අගයන් කියවීමට පුරුදු වන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර පමණක් තෝරාගන්න.

    නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.

    හැකි සෑමවිටම, කෙටි දුරක් ගමන් කිරීමට ඇවිදීම හෝ බයිසිකල් පැදීම තෝරාගන්න.
    ගොඩනැගිල්ලක ඉහළ මහල් වලට ගමන් කිරීම සඳහා විදුලි සෝපානය වෙනුවට පඩිපෙල තෝරාගන්න.
    එදිනෙදා කටයුතු සක්‍රීයව කරන්න.
    දිනපතා කරන කටයුතු ගොන්නට බයිසිකල් පැදීම, ඇවිදීම, දිවීම, පිහිනීම, ගෙවත්තේ වැඩකිරීම, හෝ ස්වායු ව්‍යායාම වැනි අංගයක් එකතු කරගන්න.
    රූපවාහිනිය නැරඹීම, වීඩියෝ ක්‍රීඩා වල නියැලීම, පරිගණකය ඉදිරිපිට කටයුතු කිරීම වැනි දේවල් වලට යොදන කාලය අඩු කරන්න.
    ඉඳගෙන යම් කාර්යයක් කරනවාට වඩා, හැකිනම් එම කාර්යය සිටගෙන කිරීමෙන් ඔබගේ ශරීරයේ පරිවෘත්තීය සීඝ්‍රතාවය (Metabolic rate) 20%-100% කින් පමණ වැඩිවේ.
    බර අඩු කරගැනීම සඳහා ඵලදායී ශාරීරික ක්‍රියාකාරකම් වැඩසටහනකට සහභාගී වන්න.
    සතියක් තුළදී, ශරීරයේ අඩු කරගන්නා බර ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට වඩා වැඩි නොවීමට වග බලාගන්න.
    සතියකට අවම වශයෙන් දින පහක් වත්, මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් (Moderate-intensity physical activities) දිනකට විනාඩි 30-45 ක් පමණ කරන්න.
    ඔබ අධික බරකින් (Overweight) හෝ තරබාරුකමින් (Obesity) පෙළේ නම්, ශරීරයේ බර පාලනය කිරීම සඳහා දිනකට විනාඩි 60-90 ක් පමණ ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලීම අවශ්‍ය විය හැක.
    ඔබ ආහාර මගින් ලබාගන්නා කැලරි ප්‍රමාණය පාලනය කරන්නේ නැතිනම්, දිනකට විනාඩි 45-60 ක් පමණ මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් කිරීම අවශ්‍ය වේ.

    අධික රුධිර පීඩනය පාලනය කරන්න.

    ඔබට අධික රුධිර පීඩනය ඇත්නම්, එය නිසි අයුරින් පාලනය කිරීම ඉතා වැදගත් වේ.
    අධික රුධිර පීඩනය සඳහා නිර්දේශ කරන ලද ඖෂධ නිසි අයුරින් භාවිතා කරන්න.
    ලුණු අඩු (Low-salt), මේදය අඩු (Low-fat), සහ සීනි අඩු (Low-sugar) ආහාර භාවිතයට හුරු වන්න. දවසකට භාවිතා කරන ලුණු ප්‍රමාණය කපන ලද තේ හැන්දක ප්‍රමාණයට (ග්‍රෑම් 5 කට) සහ සීනි ප්‍රමාණය කපන ලද තේ හැඳි හයක උපරිමයකට සීමා කරන්න.
    දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.

    ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න.

    ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන ලද ඖෂධ නිසි අයුරින් භාවිතා කරන්න.
    මේදය අධික ආහාර, පිටි ස්වභාවය වැඩි ආහාර, සහ සීනි අධික ආහාර හා පානයන් ආහාරයට ගැනීම සීමා කරන්න.
    නිතර ව්‍යායාම කරන්න.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    lipitor කියන බෙහෙත prescription එකක් නැතුව ගන්න පුලුවන්ද pharmacy වලින්
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹල කන කෑම ශක්තිය බවට හරවන්න ශරීරයේ ඉන්සියුලින් මදි උනාම ඒ කෑම තෙල් බවට පත් වෙලා අක්මාවේ තැන්පත් වෙනවා. ඒක තමයි fatty liver කියන්නෙ
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113


    ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයෙන් ශ්‍රාවය කරන හෝමෝනයකි. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි. දියවැඩියාව (Diabetes mellitus) යනු ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවීම, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම (Insulin resistance), හෝ එම කාරණා දෙකම නිසා දිගුකාලීනව රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් ඇතිවන තත්ත්වයකි. ඉන්සියුලින් ඌණතාවය සහ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම නිසා ශරීරය තුළ ග්ලූකෝස් භාවිතා වීම අඩුවන අතර, ග්ලූකෝස් නිෂ්පාදනය ද වැඩිවේ. එමනිසා, රුධිරයේ සීනි මට්ටම වැඩිවේ.

    දියවැඩියාව වැළඳුන පසු යලි සුවකල නොහැක. නමුත් එම රෝග තත්ත්වය පාලනය කල හැක. දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ. එවා නම්, විශාල රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Macrovascular complications) සහ කුඩා රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Microvascular complications) ය.

    විශාල රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Macrovascular complications)

    කිරීට හදවත් රෝග (Coronary heart disease) හෙවත් හදවත් රෝග
    අත් පා වල ප්‍රධාන වශයෙන් ඇතිවන පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease)
    අංශභාගය

    කුඩා රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Microvascular complications)

    ඇසේ දෘෂ්ටිවිතානයට හානි වීමෙන් පෙනීම දුර්වල වීම (Retinopathy)
    වකුගඩු රෝග (Nephropathy)
    ස්නායු දුර්වල වීම (Neuropathy)

    ඔබට දියවැඩියාව වැළඳුන පසු, දියවැඩියාව හොඳින් පාලනය කලද, විශාල රුධිර වාහිනී වල වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා ඇතිවීමේ අවදානම සම්පූර්ණයෙන් නැතිකිරීමට අපහසුය. නමුත්, එමගින් කුඩා රුධිර වාහිනී වල වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා ඇතිවීමේ අවදානම නැතිවී යයි.

    දියවැඩියා රෝගයේ ප්‍රධාන වර්ග

    දියවැඩියා රෝගය ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදනු ලැබේ.

    පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes mellitus)

    ශරීරය තුළ ඉන්සියුලින් හෝමෝනයේ දැඩි ඌණතාවයක් හටගැනීම නිසා පළමු වර්ගයේ දියවැඩියාව හටගනී. ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය කරන්නේ අග්න්‍යාශයේ ඇති ලැන්ගහැන්ස් ද්වීපිකා සෛල (Islets of Langerhans or Pancreatic islets) නම් වූ සෛල විශේෂයකිනි. මෙම සෛල සම්පූර්ණයෙන් හෝ විශාල වශයෙන් විනාශ වීම නිසා පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවේ. මෙම වර්ගයේ දියවැඩියා තත්ත්වය, අවුරුදු 40 ට අඩු අයට බහුලව වැළඳෙන වර්ගය වේ. මෙම රෝගය පාලනය කිරීම සඳහා දිනපතා ඉන්සියුලින් හෝමෝන නික්ෂේපන (Insulin injections) ලෙස විදීම, ආහාර පාලනය, සහ ජීවන රටාව වෙනස්කිරීම අවශ්‍ය වේ.

    දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus)

    අග්න්‍යාශයෙන් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය නොකිරීම හෝ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ශරීරය තුළ හටගැනීම දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට හේතුවේ. මෙය වැඩිපුරම ඇතිවන්නේ වයස අවුරුදු 40 ට වැඩි අයටය. දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීම සඳහා මුඛයෙන් ගන්නා ඖෂධ, ආහාර පාලනය, සහ ජීවන රටාව වෙනස්කිරීම අවශ්‍ය වේ. ඇතැම් රෝගීන් සඳහා ඉන්සියුලින් හෝමෝන නික්ෂේපන විදීම ද අවශ්‍ය වේ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම දන්න විදියට දැනට හොදම බෙහෙත් කෝස් එක කරන්නෙ ඩොක්ටර් වරුණ ගුණතිලක ( විශ සහ අන්තරායකාර ඖශධ පාලන සංගමයේ සභාපති / දියවැඩියා විශේෂඥ ) සීනි වලට කොලොස්ට්‍රූල් කිඩ්නි ලිවර් හාර්ට් ඔක්කොටම හරියට බෙහෙත් කරනවා...බෙහෙත් කෝස් එකක් තියෙන්නෙ....කවුරු හරි තමන්ගෙ සීනි මට්ටම ගැන අසතුටින් නම් ඉන්නෙ ඩොක්ටර් ව කන්ටෑක් කරලා ට්‍රීට්මන්ට් කරගන්න
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම දන්න විදියට දැනට හොදම බෙහෙත් කෝස් එක කරන්නෙ ඩොක්ටර් වරුණ ගුණතිලක ( විශ සහ අන්තරායකාර ඖශධ පාලන සංගමයේ සභාපති / දියවැඩියා විශේෂඥ ) සීනි වලට කොලොස්ට්‍රූල් කිඩ්නි ලිවර් හාර්ට් ඔක්කොටම හරියට බෙහෙත් කරනවා...බෙහෙත් කෝස් එකක් තියෙන්නෙ....කවුරු හරි තමන්ගෙ සීනි මට්ටම ගැන අසතුටින් නම් ඉන්නෙ ඩොක්ටර් ව කන්ටෑක් කරලා ට්‍රීට්මන්ට් කරගන්න

    thanks machan
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දියවැඩියාව පාලනය කරගන්න නම්
    එය නිවැරදිව හඳුනාගත යුතුයි

    තරුණ පරපුර දියවැඩියාව රෝගයට බහුලව ගොදුරු වෙමින් සිටින බව වාර්තා වී ඇත. ඕනෑම පුද්ගලයෙකුට හෘදයාබාධ සහ අංශ භාගයත්, වකුගඩු ආබාධ, අන්ධභාවය, පාද අහිමිවීම වැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇතිකරන මෙම දියවැඩියා රෝගය නිහඬ මරුවෙක්‌ ලෙස වෛද්‍යවරු හඳුන්වති.

    දියවැඩියාව යනු කුමක්‌ද?

    සෑම පුද්ගලයෙකුගේම රුධිරයේ පවතින යම්කිසි සීනි ප්‍රමාණයක්‌ අසාමාන්‍ය ලෙස ඉහළ යැම දියවැඩියාව ලෙස හැඳින්වේ. අපගේ රුධිරයට සීනි ලැබෙන්නේ අප ගන්නා ආහාර ජීර්ණය වී රුධිරයට උරා ගැනීමෙනි. රුධිරයට ලැබෙන මෙම සීනි සිරුරේ සෑම සෛලයක්‌ වෙතටම ලබාදෙමින් අපට අවශ්‍ය ශක්‌තිය ලබාදෙයි. සෛලවලට රුධිරය මෙලෙස ඇතුල් කිරීමට ඉන්සියුලින් අවශ්‍යය. සීනි අංශු සෛල තුළට ඇතුළු වන්නේ එහි ඇති දොරටුවකින් නම්, ඉන්සියුලින් යනු එම දොරටුව විවෘත කිරීමට අවශ්‍ය යතුර ලෙස සඳහන් කළ හැකිය. එම "යතුර" නොමැතිවිට සීනි, සෛල තුළට ඇතුල් නොවේ. එවිට රුධිරයේ සීනි මට්‌ටම ඉහළ යයි.

    දියවැඩියාවෙහි රෝග ලක්‍ෂණ

    රුධිරයෙහි සීනි සාන්ද්‍රණය ඉහළ යැම නිසා අධික පිපාසය ඇතිවේ. දිවා රාත්‍රි දෙකෙහිදීම මුත්‍රා පිටවීම වැඩිවේ. කෙන්ඩා පෙරළීම සහ ඇස්‌ පෙනීම දුර්වල වේ.

    සෛලවලට සීනි නොලැබීම නිසා

    තෙහෙට්‌ටුව, අප්‍රාණික බව සහ ශරීරය කෙට්‌ටුවීම සිදුවේ. සමහර විට මෙම රෝග ලක්‍ෂණ නොමැතිවද දියවැඩියාව වැළඳී තිබිය හැකිය.

    දියෑවඩියාවේ ප්‍රභේද 3 කි

    පළමු වර්ගය මෙහිදී ඉන්සියුලින් නිපදවීම අඩුවීම හෝ කොහෙත්ම නිපදවීමක්‌ සිදුනොවේ. මෙම තත්ත්වය ඇති වන්නේ කුඩා දරුවනට හෝ තරුණ අයටය. ප්‍රතිකාරයට ඉන්සියුලින්ම අවශ්‍ය වේ.

    දෙවැනි වර්ගය- මෙහිදී සිදුවන්නේ ඉන්සියුලින් තිබුණද ඒවා සෛල මගින් භාවිතා නොකිරීමයි. තරබාරුවීම සහ පරම්පරා ගති ලක්‍ෂණවල බලපෑම් මෙයට හේතුවී තිබේ. ආහාර පාලනය හෝ පෙති මගින් ප්‍රතිකාර කළ හැකි අතර සමහර විට ඉන්සියුලින් අවශ්‍ය වේ.

    ගර්භනී අවස්‌ථාවේදී ඇතිවන දියවැඩියාව-

    මෙය නිසි ලෙස පාලනය නොකළහොත් දරුවාටත් මවටත් හානි සිදුවිය හැකිය.

    දියවැඩියාව නිට්‌ටාවට සුවකළ නොහැකිය. එහෙත් පාලනය කළ හැකිය. රුධිරයේ සීනි මට්‌ටම පාලනය වීම යනු දියවැඩියාව නිට්‌ටාවට සුව වීමක්‌ නොවේ. දියවැඩියාවට ප්‍රතිකාර තිබේ. මෙම ප්‍රතිකාර නිසා රුධිරයේ සීනි මට්‌ටම නිසි පරිදි පාලනය කිරීම හා එම තත්ත්වය දිගටම පවත්වා ගැනීම තුළින් අතුරු ආබාධ නොමැතිව සාමාන්‍ය ජීවිතයක්‌ ගත කර පරම ආයුෂ විඳීමට හැකියාව ලැබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබගේ කැපවීමයි.

    රුධිර සීනි පාලනය කළ හැකි ක්‍රම

    ආහාර පාලනය සියලු රෝගීන් අනිවාර්යයෙන්ම කළ යුත්තකි.

    ශාරීරික ව්‍යායාම

    ඖෂධ ගැනීම (පෙති හෝ ඉන්සියුලින්)

    රුධිරයේ සීනි නිසි පරිදි පාලනය නොකළහොත් එය සිරුරේ වැදගත් අවයවයන් කිහිපයකටම අහිතකර ලෙස බලපානු ඇත.

    හෘදය- හෘදයට රුධිරය සැපයෙන රුධිර වාහිනි ඝනවීමට හසුවෙයි. එවිට හෘදයට රුධිරය සැපයුම අඩාලවී සම්පූර්ණයෙන්ම නැතිවී යා හැකිය. හෘදයා බාධයක්‌ හෙවත්, "හාට්‌ ඇටෑක්‌" යනුවෙන් හඳුන්වන්නේ එයයි. දුම්පානය හා කොලෙස්‌ටරෝල් මේ තත්ත්වය තවත් වැඩි කරයි.

    මොළය- මොළයට රුධිරය සැපයෙන රුධිරවාහනී ඝනවී රුධිරය සැපයුම අඩාල කරයි. අංශ භාගය ඇති වන්නේ මෙවැනි අවස්‌ථාවකදීය.

    ඇස- ඇසෙහි පිටුපස කොටසට රුධිරය සැපයෙන සියුම් නාලිකාවල ඇතිවන වෙනස්‌වීම් නිසා අන්ධභාවය ඇතිවේ. ඇසෙහි සුද ඇති වීමටත් රුධිරයේ අධි සීනි සාන්ද්‍රණය හේතුවේ.

    වකුගඩු- වකුගඩු සියුම් රුධිර වාහිනීවලට හානි පැමිණීම නිසා මුත්‍රා පෙරීමට බාධාවී වකුගඩු අක්‍රිය වේ. ලුණු අධික ආහාර ගැනීමත් අධිරුධිර පීඩනය පැවතීමත් මේ තත්ත්වය තවදුරටත් වැඩිකරයි.

    ස්‌නායු- ස්‌නායු සෛලවලට හානි පැමිණේ. මේ නිසා අත්පා දැවිල්ල, හිරිවැටීම, සංවේදන නොදැනී යැම සහ ලිංගික බෙලහීනතාවද ඇති වේ. මත්පැන් භාවිතය මේ තත්ත්වය තවත් වැඩිකරයි.

    දෙපා- දෙපාවල සංවේදන අඩුවීම නිසා ඒවාට හානි පැමිණීමට ඇති හැකියාව වැඩිවේ. හානි පැමිණුනවිට ඒවා විශාලවී නරක්‌වන තුරුම තමාට නොදැනේ. පාදවල පේශීවලට රුධිරය සැපයීම අඩාල වීම නිසා ඒවායෙහි වේදනාව ඇතිවන අතර තුවාලයක්‌ සිදුවූ විට එය සුවවීම පමා කරයි. රුධිරය සැපයුම සම්පූර්ණයෙන්ම නැවතුනහොත් එම කොටස නරක්‌වී පාද අහිමිවීම පවා සිදුවිය හැකිය.

    ආසාදනවලට ලක්‌වීම

    දිලීර ආසාදන, මුත්‍රා ආසාදන, යෝනි මාර්ගයේ ආසාදන, මෙන්ම වෙනත් රෝග ඇතිවීම සඳහාද නැඹුරුතාවක්‌ දක්‌වයි.

    දියවැඩියා රෝගියකු ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

    නිවසේ සියලු දෙනාටම ගැලපෙන සේ සමබල ආහාර වේලක්‌ සකස්‌ කර ගතයුතුය. සමබල ආහාර වේලක පිෂ්ඨය, ප්‍රොaටීන, මේදය, ඛනිජ ලවණ හා විටමින් අඩංගු විය යුතුය. පිෂ්ඨය ලබාගත යුත්තේ කෙඳි බහුල පිටි සහිත ආහාරවලිනි. උදා- නිවුඩු හාල්, කුරක්‌කන්, උලුඳු පිටි, මු ඇට, කඩල (තිරිඟු) පිටිවලින් සාදන ආහාරවල කෙඳි සුළු ප්‍රමාණයක්‌ හෝ නැති නිසා ඒවා නුසුදුසුය) මේදය ලබා ගැනීමේදී දිනකට ලබාගන්නා මේද ප්‍රමාණය මෙන්ම මේද වර්ගය ගැන සැලකිලිමත් විය යුතුය. සෝයා තෙල්, සූරියකාන්ත තෙල් සුදුසුය. ඒවාද භාවිතා කළ යුත්තේ අඩුවෙනි. ඌරුමස්‌, චීස්‌, යොදය සහිත කිරි, බටර්වල ඇති තෙල් සුදුසු නැත. ලුණු භාවිතයද අඩුකළ යුතුය.

    නියමිත වේලාවට ආහාර ගත යුතුය. ආහාර වේල් මග නොහැරිය යුතුය. අතුරුපස ලෙස පලතුරු වර්ගයක්‌, මුදවන ලද කිරි. සීනි හෝ පැණි රහිතව ගත හැකිය. නොගත යුත්තේ පුඩිං වර්ග, වටලප්පන් හෝ වෙනත් පැණි රස කෑමය. ප්‍රධාන ආහාර වේල් අතරදී පළතුරක්‌ පැණි රස නැති බිස්‌කට්‌ එකක්‌, සීනි රහිත කිරි වීදුරුවක්‌ ගතහැකිය. නොගත යුත්තේ කැවිලි වර්ග, කේක්‌, පාන්, සීනි, හකුරු, රට ඉඳි, පැණි බීම, මෝල්ට්‌ඩ් මිල්ක්‌ වර්ගය.

    ඔබ තරබාරු නම් බර අඩුකර ගැනීමට උනන්දු වන්න. තරබාරු බව අඩුකර ගැනීමෙන් සමහර විට රෝගය සුව වීමටද ඉඩ තිබේ.

    ශාරීරික ව්‍යායාම-

    ව්‍යායාම මගින් තරබාරු බව අඩුකරයි. දියවැඩියා රෝගීන්ට ව්‍යායාම මගින් රුධිරයේ සීනි, සෛල තුළට ඇතුළු කිරීම වැඩිකර එමගින් රුධිරයේ සීනි මට්‌ටම පහළ බැසීමක්‌ ඖෂධවලට සෛල දක්‌වන සංවේදීතාව වැඩි කිරීමක්‌ සිදුකෙරේ. වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම විනෝදාංශයක්‌ ලෙස කරන්න. දිනකට විනාඩි 20 ක්‌ වත් වන ලෙස සතියකට දින 3-4 ක්‌ ව්‍යායාමයෙහි යෙදෙන්න.

    ඖෂධ භාවිතා කිරීම- ආහාර පාලනය හෝ ශාරීරික ව්‍යායාම මගින් සීනි පාලනය කළ නොහැකිවූ විට ඖෂධ භාවිතා කෙරේ. වෛද්‍ය උපදෙස්‌ අනුව ඖෂධ ආරම්භ කළ යුතුය. ඖෂධ වේල් මග හැරීම නොකළ යුතුය. ඖෂධ මාත්‍රාව අඩුකිරීම, වැඩි කිරීම හෝ අලුත් ඖෂධ වර්ග එකතු කිරීම වෛද්‍ය උපදෙස්‌ මත පමණක්‌ම කළ යුතුය. මේ සඳහා මසකට වරක්‌ රුධිර සීනි ප්‍රමාණය පරීක්‍ෂා කරගෙන වෛද්‍යවරයා හමුවී අවශ්‍ය උපදෙස්‌ ලබා ගත යුතුය. තමා පාවිච්චි කරන ඖෂධ වර්ගයේ නම, මාත්‍රාවේ ප්‍රමාණය මතක තබා ගැනීම වැදගත්ය.

    විශේෂඥ වෛද්‍ය
    දීපිකා වඩනම්බි
     
    • Like
    Reactions: saja

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අක්මාවේ මේදය තැන්පත් වීම තරමක් බහුලව ඇතිවෙන තත්වයකි. අක්මාවේ බරින් 5-10%ත් අතර ප්රමමාණයක් මේදය ඇති විට මෙම ත්ත්වය ඇති වේ. අක්මාවේ කාර්යහයන් ලෙස, පිත නිපදවීම, ඛ්නිජ හා විටමින් තැන්පත් කර ගැනීම, මේදය ජීරණය කිරීම හා හෝර්මෝර්ණ කොටස් කිරීම පෙන්වා දෙන්න පුළුවන්. මේද-අක්මා ගැටළුවේදී තම මේදය ජීරණය කර ගැනීමට නොහැකි වෙනවා. මේ මේදය අක්මාවේ තැන්පත් වී අක්මාව විශාල වෙනවා.

    මෙම අවධානම වැඩිවෙන හේතු:

    * මත්පැන් පානය

    * දියවැඩියාව


    * වයස

    * අධික කොලෙස්ටෙරෝල්

    * ජානමය තත්වයන්

    * තයිරොයිඩ් ග්රෙන්ථියේ ආබාධ

    * තරබාරු බව

    * ට්රායිග්ලිසරයිඩ් අධික වීම

    * ආහාර රටාවේ දුර්වලතා


    * මන්දපෝෂණය

    * ඇතැම් ඖෂධ

    මේදය තැන්පත් වීමට අමතරව, අක්මාව හානි වීම, එහි සෛල විනාශ වීම ඇතිවිය හැකි නිසා, ඒ ගැනත් පරීක්ෂා කර ගත යුතුයි. වයස මීට මූලිකවම බලපාන අතර, දැන් කාලයේ තරුණ පිරිස් ගන්නා අධික මේදය ඇති ආහාර නිසාත් එම අයත් මෙම අවධානමට ලක්වෙනවා. නමුත්, මීට බලපාන
    ප්රිධානම හේතුව වන්නේ ෆෘක්ටෝස් ය. පළතුරු පානයන්ගේ, මී පැණි වල, හා බඩ ඉඟුරු සිරප් වල ෆෘක්ටෝස් වැඩි වශයෙන් තියෙනවා. මධ්යපසාරය නිසා අක්මාවට හානි ඇතිවෙන බව ඔබ දන්නවා. ෆෘක්ටෝස් ශරීරයේ සෑම සෛලයකටම අවශ්ය වෙනවා. නමුත්, ෆෘක්ටෝස් පරිවෘත්තිය
    ඇතිවෙන්නේ අක්මාවේ පමණි. මේ නිසා, ෆෘක්ටෝස් සියල්ල අක්මාවේ තමයි තැන්පත් වෙන්නේ. මධ්යබසාරය හා විෂ ලෙසින්ම ෆෘක්ටෝස් නිසාත් අක්මාවට මේ නිසා හානි ඇතිවෙනවා. විශේෂඥයෙක් පවසන අන්දමට, ෆෘක්ටෝස් අක්මාවේදී මේදය බවට පත් වෙනවා. ඒවා ශක්තිය බවට
    පත්වෙන්නේ නෑ.

    ෆෘක්ටෝස් හා මධ්ය සාරය එකම ආකාරයටයි අක්මාවේදී පරිවෘත්තියට ලක් වෙන්නේ. මේ හේතුව නිසා, මේදය වශයෙන් අක්මාවේ තැන්පත් වෙනවා. ෆෘක්ටෝස්, ප්රෝෘටීන හා ප්රනතික්රිවයා කර වෙගයෙන් චලනය වෙන අණු නිපදවෙනවා. මින් අක්මාව ඉදිමෙනවා. මෙය එතනොල් වලින්

    ඇතිවෙන ක්රි‍යාවලියට සමාන වේ. සමහර සෝඩා පානයන් නිසාත් මේද-අක්මා යන තත්වය ඇතිවෙන්න පුළුවන්. මේ නිසා අක්මාවේ ඇති සෛල හානි වී මරණයට පත් වෙනවා. ෆෘක්ටෝස් නිසා යූරික් අම්ල ප්රකමාණයක් වැඩිවෙනවා.

    යූරික් අම්ලය වැඩිවෙන විට සෛල විනාශ වීමත් වැඩිවෙනවා. ෆෘක්ටෝස් වැඩි වශයෙන් ගැනීමෙන් සෛල වලට අවශ්යැවෙන ශක්තිය නැති වෙනවා. මේ නිසාත් සෛල මරණයට පත්වෙනවා. සෛල වැඩි වශෙයෙන් මරණයට පත්වෙන විටත් වැඩි වශෙයෙන් යූරික් අම්ලය ඇතිවෙනවා. යූරික්
    අම්ලය යනු රුධීරයේ ඇතිවෙන අපද්රවව්ය්කි. මේ නිසා, ෆෘක්ටෝස් අඩු පළතුරු පරිබෝජනය කරන්න. මතකයේ, තබා ගන්න, මින් අප කියන්නේ ඔබට ෆෘක්ටෝස් සම්පූර්ණයෙන්ම නවත් වන්න කියා නොවේ. මධ්යක වශයෙන් පරිබෝජනය කරන්න. ව්යා යාමය මඟින් ගැටළු රැසක් අඩු කර
    ගන්න පුළුවන්.

    මේද-අක්මාවේ මුල් ලක්ෂණ:

    * උඩු උදරයේ වේදනාව.


    * සම හා ඇස් කහ පැහැ වීම.

    * තෙහෙට්ටුව.

    * බර අඩුවීම.

    * මානසික කලබකාරී බව.

    * ඉදිමීම, අක්මාවේ විසින් නිපදවෙන ප්රෝ ටීන අඩුවෙන නිසා ඇතිවේ.

    * තුවාල වීම්.

    ඔබටත් ඉහත ලක්ෂණ ඇති නම්, වහාම වෛද්ය්වරයා හමුවන්න.

    මෙම අවධානම අඩු කර ගන්න ඔබට කළ හැකි දේ:

    * කිරි පැළෑටිය: මෙම පැළෑටියේ ඇති වර්ග දෙකම මේද-අක්මා තත්වයට ගුණ දෙන බව පරීක්ෂණ වලින් තහවරු වී ඇත.

    * ආහාර රටාවන්: ආහාර රටාවේ වෙනස් කම් මෙහිදී මහත් සහනයක් ලබා දෙනවා. ඉඟුරු, කෙසෙල්, අමු එළවළු, හා බතල පරිභෝජනය කළ යුතුයි. මධ්යකසාරය ගැනීමෙන් වැලකී සිටින්න.

    * බර: තරබාරු අයට මෙම අවධානම වැඩි නිසා බර පාලනය අත්යාසවශ්යන වේ. නියමිත ප්රබමාණයට වතුර පානය කරන්න. මෙමඟින් විෂ ශරීරයෙන් නිසි ලෙස බැහැර වෙනවා.

    * විටමින් E: බලවත් ප්රරතිශකතීකරණ. ප්රිතිශක්තීකරන පද්දතිය ශක්තිමත් කරයි. හෘදයේ සෞඛ්යි රැක දේ.

    * කහ: ජීරණය පහසු කරයි. මේද-අක්මාව නිසා ඇතිවෙන ඉදිමුම අඩු කරයි. දිනපතා මි.ගෑ 450කින් අරඹන්න්න.

    * හණ තෙල්: රෝග රැසක් සඳහා ගුණ දේ. මේද-අක්මා තත්වයට සහනය දේ. ඉදිමුම් ගති අඩු කරයි.