දැන් උඹල රට ගිය එකේ විශේෂත්වය මොකද්ද? උඹල මෙහෙන් ගියේ මෙහෙට වඩා සල්ලි එන හින්දනේ. එහෙනම් මෙහෙ ඉන්න උන් නේ තුට්ටු දෙකකට කඹුරන්නේ. එහෙනම් මෙහෙ උන්ට නේ සලකන්න ඕන දුක දිහා බලල සලකනවා නම්. විදේශ විනිමය ගෙන හින්දද? එහෙනම් මෙහෙ ඉන්නවා ෆ්රීලාන්ස් කරලා ගොඩක් හම්බ කරන උන්. එහෙනම් උන්ට නේ සලකන්න ඕන.
දැන් උඹ කියන්නේ උඹ රට ගිය හින්ද උඹට මෙහෙ එද්දී තරු පහේ හෝටල් දෙන්න ඕන කියලද? නැත්නම් "ඌ රට ඉඳල ආපු හින්ද උගේ කොරෝනා කමක් නෑ" කියල උඹව අතාරින්න ඕන කියලද?
මේ රටේ ආර්ථික මට්ටමක් තියනවා. රෝහල් සහ අනික් පහසුකම් දෙන්නේ ඒ මට්ටමට. උඹල රට ඉඳල ආව කියල විශේෂයෙන් දෙන්න බෑ. ඕන නම් මෙහෙ විදිහට ඉඳපන් බැරි නම් පලයන්. ඕකයි කතන්දරේ. එහෙමත් නැතුව විශේෂයෙන් ඉන්න ඕන නම් පුද්ගලිකව සල්ලි වියදම් කරලා කොරන්ටින් වෙයන්. උඹයි දැන් මෙතන ඩබල් ස්ටෑන්ඩඩ් ඉල්ලන්නේ. එහෙම නේද?