මට නම් හිතෙන විදිහට බැන්ඳා නොබැන්ඳා කියලා නෑ. හැමෝටම ප්‍රශ්න තියෙනවා. මාත් බැඳලා. මටත් හිතෙන්නෙ නොබැඳ හිටපු කාලෙ පාඩුවෙ හිටියනෙ දැන් ප්‍රශ්න කියලා. ඇත්තටම මගේ වයිෆ් නැති ප්‍රශ්න ඇති කරන රණ්ඩු කරන කෙනෙක් නෙමෙයි. එහෙමත් උනා නම් පිස්සු හැදෙයි.
ඒත් පවුල් ජීවිතය කියන එකේ ප්‍රශ්න.
1. ළමයින්ගේ ප්‍රශ්න, ඉස්කෝල ප්‍රශ්න, උන් ලෙඩ උනාම ප්‍රශ්න
2. ගෙවල් හැදිල්ල, නඩත්තු කිරිල්ල, බිල් ගෙවිල්ල. හැමදාම උදේට මොකක් හරි තියෙනවා කරන්න.
3. අසල්වාසීන්ගේ නදෑයන්ගේ දාන, මළ, මඟුල් ගෙවල් කවර් කිරිල්ල.
4. කෑම වේල් සපයන එක. බඩු ගේන එක, උයන එක, අස්පස් කරන එක.
5. රෙදි හේදිල්ල
ඉතින් ඔය වගේ බඳින්න කලින් දෙමව්පියො කරලා දීපුවල වගකීම එනවා බැන්ඳට පස්සෙ. විශේෂයෙන් ළමයි ඉපදුනාම.
2, 3, 4, 5 බැන්දෙ නැතත් කරන්න එපෑ. බැන්දම දෙගුණෙ ගානෙ කරන්න වෙනව
ඔය වගේම තමයි තනිකඩයොන්ටත් ප්‍රශ්න.
1. සමහර එවුන් ජීවිතේම දුක් වෙනවා කසාදයක් ඹඳ ගන්න බැරිවෙච්චි එක ගැන.
2. සමහර එවුන්ට පාලුයි. අනික් උන් කසාශ බැන්ඳලා බිසී උනාම උන්ට කතා කරන්න කවුරුත් නෑ.
3. තව උදව් ගන්න කවුරුත් නෑ. වගේම ඌ තනිකඩයිනෙ කියලා අනික් උන් ඌව කඩේ යවනවා.
අන්තිමේදි කියන්න තියන්නෙ දේවල් වල දුක හරි සතුට හරි තීරණය වෙන්නෙ තමුන් ඒක ගන්න විදිහ අනුව.
------ Post added on Jun 12, 2023 at 4:01 AM
පාලුවට කසාදයක් කරගත්තා කියන්නෙ බනිසයක් කන්න බේකරියක් ගත්තා වගේ සීන් එකක් නෙ

ඔය තනිකඩ ජීවිතේ ආතල් කියන්නෙ ඕක තමා. අවුරුදු 30ක් විතර වෙනකන් ඔක්කොම අම්මල තාත්තල කරල දෙනවනෙ. කන්න බොන්න දෙනව රෙදි ටික හෝදල දෙනව. අම්මල තාත්තල හදපු ගේ තියෙනව ඉන්න. උබ කිවුව බිල් ගෙවන ඒවා , ලෙඩ උනාම ප්‍රශ්න, මළ ගෙවල් මගුල් ගෙවල් ඔක්කොම අම්ම තාත්තා මැනේජ් කරනව. පරපෝෂිතයෙක් වගේ එතන වැටිල ඉන්න එක තමයි ඔය ආතල් එක.
ඔය ටික කවද හරි තනියෙන් කරන්න ගද්දි තමා තේරෙන්නෙ අමාරුව.
ඔය ටික කොහොමත් තනියෙන් කරන්න වෙනවනෙ බැන්දත් නැතත්. මොකෝ ගෝඩ්ට අම්මල කරල දෙනවෑ