EK Married Club-11

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :frown: යකෝ ඔය යටම ෆොටෝ එක අයින් කරපන්..... මම ඔච්චර ලොකු නෑ...... :P
    :rofl::rofl::rofl:මම දැක්ක බුකියෙ ඔය උඹ තව අවුරුදු දෙක තුනකින්... මගෙත් කට ආයෙ කීවොත් කීව :P
    :rofl: එහෙම එකක් නෙවේ.... ඔය විකියගේ කට ටිකක් අවුල්..... ඒකයි...... :baffled:
    8.gif
    දැනුවත් කරපු එක හොදයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දින දිවිමගේ 36 වෙනි උපන් දිනය සමරන
    සර්ව බලපරාක්‍රමයෙන් තේජෝපූජිත නමුත් වයිපරේට ගූ බය,
    පාත්තයෙක් ගේ බස් හිමි, සුනඛ ප්‍රේමී, ටොෂීබා ප්‍රේමී, පල්සර් ප්‍රේමී, ලේලන්ඩ් ප්‍රේත නමුත් ටාටා ඇලර්ජි මුත් ඒවායේ ට්‍රිප් යන,
    එළකිරි මැරීඩ් ක්ලබ් හි ගරු ත්‍රෙඩ් භක්ෂක නාමධාරී,
    බස්ලබ්බා යන අන්වර්ථ නාමෝපලක්ෂිත,
    එකක් ළග නැවූ විට මරු කියවමින් වැටෙන,
    අයිජීඅයි ශාස්ත්‍රෙයහි කෙල පැමිණි,
    සුරේඛාවන් ගේ කීකරු බලු කුකු වල්ලභයා වන,
    රත්නසිරි ට්‍රැවල්ස් හි හීනෙන් සහ ටෙක් ස්මාර්ට් ලංකා හි අධිපති තැන්පත්

    යුරාජ් ධීමන්ත රත්නසිරි

    හෙවත් වල් බඩා හෙවත් බස් ලබ්බා හෙවත් ටොෂිබා ලබ්බා හෙවත් ලේලන්ඩ් ලබ්බා හෙවත් ත්‍රෙඩ් ඛාන් හට
    සියළු පැතුම් ඉටුවන,
    ඉක්මනින් ම පිය පදවි ලැබෙන,
    වාසනාවන්ත සුබ උපන් දිනයක් පතමි!!!!!!!
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද දින දිවිමගේ 36 වෙනි උපන් දිනය සමරන
    සර්ව බලපරාක්‍රමයෙන් තේජෝපූජිත නමුත් වයිපරේට ගූ බය,
    පාත්තයෙක් ගේ බස් හිමි, සුනඛ ප්‍රේමී, ටොෂීබා ප්‍රේමී, පල්සර් ප්‍රේමී, ලේලන්ඩ් ප්‍රේත නමුත් ටාටා ඇලර්ජි මුත් ඒවායේ ට්‍රිප් යන,
    එළකිරි මැරීඩ් ක්ලබ් හි ගරු ත්‍රෙඩ් භක්ෂක නාමධාරී,
    බස්ලබ්බා යන අන්වර්ථ නාමෝපලක්ෂිත,
    එකක් ළග නැවූ විට මරු කියවමින් වැටෙන,
    අයිජීඅයි ශාස්ත්‍රෙයහි කෙල පැමිණි,
    සුරේඛාවන් ගේ කීකරු බලු කුකු වල්ලභයා වන,
    රත්නසිරි ට්‍රැවල්ස් හි හීනෙන් සහ ටෙක් ස්මාර්ට් ලංකා හි අධිපති තැන්පත්

    යුරාජ් ධීමන්ත රත්නසිරි

    හෙවත් වල් බඩා හෙවත් බස් ලබ්බා හෙවත් ටොෂිබා ලබ්බා හෙවත් ලේලන්ඩ් ලබ්බා හෙවත් ත්‍රෙඩ් ඛාන් හට
    සියළු පැතුම් ඉටුවන,
    ඉක්මනින් ම පිය පදවි ලැබෙන,
    වාසනාවන්ත සුබ උපන් දිනයක් පතමි!!!!!!!
    :rofl::rofl::rofl:
    11.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද දින දිවිමගේ 36 වෙනි උපන් දිනය සමරන
    සර්ව බලපරාක්‍රමයෙන් තේජෝපූජිත නමුත් වයිපරේට ගූ බය,
    පාත්තයෙක් ගේ බස් හිමි, සුනඛ ප්‍රේමී, ටොෂීබා ප්‍රේමී, පල්සර් ප්‍රේමී, ලේලන්ඩ් ප්‍රේත නමුත් ටාටා ඇලර්ජි මුත් ඒවායේ ට්‍රිප් යන,
    එළකිරි මැරීඩ් ක්ලබ් හි ගරු ත්‍රෙඩ් භක්ෂක නාමධාරී,
    බස්ලබ්බා යන අන්වර්ථ නාමෝපලක්ෂිත,
    එකක් ළග නැවූ විට මරු කියවමින් වැටෙන,
    අයිජීඅයි ශාස්ත්‍රෙයහි කෙල පැමිණි,
    සුරේඛාවන් ගේ කීකරු බලු කුකු වල්ලභයා වන,
    රත්නසිරි ට්‍රැවල්ස් හි හීනෙන් සහ ටෙක් ස්මාර්ට් ලංකා හි අධිපති තැන්පත්

    යුරාජ් ධීමන්ත රත්නසිරි

    හෙවත් වල් බඩා හෙවත් බස් ලබ්බා හෙවත් ටොෂිබා ලබ්බා හෙවත් ලේලන්ඩ් ලබ්බා හෙවත් ත්‍රෙඩ් ඛාන් හට
    සියළු පැතුම් ඉටුවන,
    ඉක්මනින් ම පිය පදවි ලැබෙන,
    වාසනාවන්ත සුබ උපන් දිනයක් පතමි!!!!!!!

    ඔව් ඔව් බඩෝ දැන් වයස හින්දා අවයව වැඩකරන්නේ නැතුව යන්න පුලුවන් තව ටික කාලෙකින්.. ඉක්මන් කරන එක හොඳයි..:yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඔව් බඩෝ දැන් වයස හින්දා අවයව වැඩකරන්නේ නැතුව යන්න පුලුවන් තව ටික කාලෙකින්.. ඉක්මන් කරන එක හොඳයි..:yes::yes::yes:
    උඹේ ඊටත් වඩා කලින් අක්‍රිය වෙන්න පුළුවන් ඔය වැල බිස්නස් එක නතර කලේ නැත්තං සහෝ!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹේ ඊටත් වඩා කලින් අක්‍රිය වෙන්න පුළුවන් ඔය වැල බිස්නස් එක නතර කලේ නැත්තං සහෝ!!!

    613.gif


    මං කරන වැල බිස්නස් එකක් නෑ...:frown:

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වී එම් එක දෑක්කෙ නෑතියි:rolleyes:
    ඒක කියවල නෑ කුකුලෝ.....
    බාන්න වෙන්නෙත් දැන් තමා මොකද ඩේට නැතුව හිටියෙ......
    අර අර අරූ වගේ වල බාල නෙවෙයි, රේඩියෝ කරන්න ඕන කරන සිංදු හොයල ඩේට ඉවරයි!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් බඩෝ දැන් වයස හින්දා අවයව වැඩකරන්නේ නැතුව යන්න පුලුවන් තව ටික කාලෙකින්.. ඉක්මන් කරන එක හොඳයි..:yes::yes::yes:

    :oo: වැලසිරි සහෝ...... ඔයාගේ ඔය අතේ මැහිල්ලේ වැඩි කමට ඔයාට නම් ඕක වෙන්න ඉඩක් තියේ...... :yes:
     
    ඒක කියවල නෑ කුකුලෝ.....
    බාන්න වෙන්නෙත් දැන් තමා මොකද ඩේට නැතුව හිටියෙ......
    අර අර අරූ වගේ වල බාල නෙවෙයි, රේඩියෝ කරන්න ඕන කරන සිංදු හොයල ඩේට ඉවරයි!

    කියවලා බලකෝ.... අපිට ඉන්ජෙක්සොන් එක දීලා තියෙනවා ලෙසටම:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Labbataa suba upan dinayak pathami :D ada raa kama gedara emi :P (oney nam kosawath aran ennam :rofl: )

    :cool: තොට දැන්ද මාව මතක් උනේ.....?? :angry:

    උඹට අද ඈවිත් දෙයියන්ව තමා බලාගෙන යන්න වෙන්නේ..... මම මේ මාතලේ හරහා පොළොන්නරු යන ගමන්...... :yes::P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ වු මොන්නේ?

    ඇත්තටම හැමෝම නිතර අහන ප්‍රශ්නයක් තමයි මේක.
    අර අරයා(ඔව් ඔව් එයා තමයි) ගැන හැමෝම මේ දවස් වල විපරමින් ඉන්නේ.
    ඒ හින්ද අපි හිතුවා විශේෂ දවසක එයාගේ සුන්දර කැදැල්ල වෙත ගිහින් ටිකක් සතුටු සාමීචියේ යෙදිලා එන්න...
    එයා ගැන පොඩි විස්තරයක් කියනවනම්, එයා තමයි එයා.(වෙන කෙනෙක් නෙවෙයි)
    ලංකාවේ ටොෂිබා කිව්වොත් කොතැනක හරි මෙයාගේ හෙවනැල්ල හරි වැටිලා තියෙනවා ඒ ළඟ පාතක.

    ඒ වගේම අද තාක්ෂණය කොච්චර දියුණු වෙලා තියෙනවද කියල ඕගොල්ලන්ට අමුතුවෙන් අටුවා ටීකා සපයන්න ඕනේ නැහැනේ. ඉතින් මේ ශීඝ්‍රයෙන් ත්වරිත වත්මන් තාක්ෂණයේ බිහිදොර අභියස තමුන්ගේ දස්කම් පාන තරුණයෙක්(සෑහෙන කාලෙකට කලින්) ගැන තමයි අපි මේ කියන්න යන්නේ.මිනිසාගේ පරිණාම ඉතිහාසය ගත්තහම ගල් යුගයටත් කලින් ඉඳල එක එක මෙවලම් භාවිතා කරපු බවට සාක්ෂි අනන්තවත් ලැබිල,තහවුරු වෙලා තියෙනවා.
    මේ තියෙන්නේ පුරාණතම මිනිසා භාවිතා කරපු මෙවලම් කිහිපයක්.
    6a0120a77b966b970b014e5fab4d40970c-pi


    එදා එහෙම උණාට අද කාලේ මෙන්න මේ වගේ නවීනතම මෙවලම් භාවිත කරනවා මිනිසා තමුන්ගේ වැඩ පහසු කරගන්න
    net_lab1.jpg

    1.0x0.jpg


    ඉතින් මේ මොන දේ තිබුනත් අපේ කතා නායක තුමා මෙන්න මේ වගේ ආවුද උපකරණ වලින් තමයි නවීන තාක්ෂණය එක්ක ගැටෙන්නේ.
    tool1.jpg

    broken-computer-repair-man-laptop-frustrated-user-attacking-hammer-31228655.jpg

    8.jpg


    අලවංගුවකිනුයි මිටියකිනුයි මෙන්න මේ වගේ නවීනතම උපකරණ අලුත්වැඩියා කරන්න පුදුම හැකියාවක් තියෙන්නේ අපේ මේ මිත්‍රයට.
    ඉතිං මෙහෙම කිව්වාම ඕගොල්ලෝ දන්නවා ඇති අපි මේ කා ගැනද කියන්නේ කියල.
    (ඔව් ඔව් එයා තමයි)
    ඕනෑම හාර්ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් අවුලක් හදන්න මෙතුමාට ඕනේ කරන්නේ කටුවයි මිටියයි විතරයි.


    ඔව්, ඔහු නමින් යුරාජ් දීමන්ත.(රිදුනද? නැහැනේ) මෙයාව වැඩිපුරම දන්නේ, බස් බඩා, බස් මාමා ,බ.ල., සුනඛ ප්‍රේමන්ත, කම්පීතර භක්ෂක,ලැප් පරිභාෂක වගේ නම් වලින්.
    ඔන්න අපි දැන් ගොඩවැදුනා එතුමාගේ පුංචි කැදැල්ලට,පොඩි සතුටු සාමීචියක යෙදෙන්න.


    නිවසට පා තබනවාත් සමගම අපිට දත් විලිස්සල දිව එලියට දාල මනරම් සිනහවකින් සංග්‍රහ කරපු යුරාජ් මහතා බඩත් අතගාමින් එලියට ආව.
    අපි-සුබ උදෑසනක් වේවා යුරාජ් මහත්මයා, අපි ****** පත්තරෙන්.ඔබතුමා ගැන විශේෂ ලිපියක් කරන්න හිතාගෙනයි අපි අද ආවේ.
    යුරා- හී හී හී....සුබ උදෑසනක් වේවා කුකුළෝ...ආ නෑ වැරදුණා.ඔගොල්ලන්ටත් සුබ උදෑසනක් වේවා.
    අපි-(මූණෙන් මූණ බලාගනිමින්)ඉතින් කොහොමද ඔබතුමාගේ වැඩ කටයුතු?
    යුරා- වරදක් නෑ ඉතින් ඉස්සර වගේම තමයි,ලේලන්ඩ් තමයි ඉතින්
    අපි-මොකද්ද මේ ලේලන්ඩ් කතාව මහත්තයා
    යුරා- නෑ නෑ ඒක මේ පොඩි ඇඩ් එකක්,මම කතා කරනවට එක එක කොම්පැණි වලින් ගෙවනවානේ.
    අපි-(නැවතත් මූණට මූණ බලාගනිමින්)කෝ...බිරිඳ එහෙම නැද්ද ගෙදර??
    යුරා-ආ..මේ..මේ එයා නේද,(ඔව් ඔව් එයා තමයි) ඉන්නවා ඉන්නවා
    "මේ.....ඇහුණද අර අර සඟරාවෙන් ඇවිත් ඉන්නවා,මේගොල්ලන්ට බොන්න මොනවහරි ගේනවා"
    (ගේ ඇතුලෙන් පිඹින සද්දෙකුත් එක මෙහෙම ඇහුනා ලාලිත්‍යවත් සුමධුර ලලනා හඬකින් "මට වැඩ තියෙනවා ඕයි,තමුසෙව හම්බෙන්න නේ ඇවිත් තියෙන්නේ ,තමුසෙම හදලා දෙනවකො මෙතන....රෙද්ද!!!") වයිෆ් කුරු කුරු ගාන්න ගත්තා.

    අපි ටිකක් විතර සලිත උණා....නමුත් වෙනසක් නොපෙන්වා අපි දිගටම පිළිසඳර ගෙනියන්න උත්සාහ කරා

    අපි- නෑ නෑ මහත්තමයා අවශ්‍ය නෑ.අපිට ඉතින් කියන්නකෝ බලන්න ඔබතුමාගේ විස්තර ටිකක්.
    මේකා උණ විකාරෙන් වගේ සමයං කියෙව්වා සෑහෙන වෙලාවක්,අපි එක සංක්ෂිප්ත කරලා ඕගොල්ලන්ට කියන්නම්.

    රැකියාව-පරිගණක භක්ෂණය
    කැමතිම කෑම - එළකිරියේ ත්‍රෙඩ් සහ ටැග්
    කැමතිම වාහනය- බජාජ් පල්සර් හා අශෝක් ලේලන්ඩ් (ඒ උනාට ට්‍රිප් යනවනම් ටාටා තමයි හොඳ.හැබැයි ඒක මේ පත්තරේ නම් දාන්නෙපා ඈ...{ඔන්න අපි දැම්මේ නෑලු ඈ})
    සුරතලා- අපේ මහගෙදර ඉන්න බල්ලා("මම බල්ලන්න හරිම ආදරෙයි,මේ ලෝකේ ඉන්න ලස්සනම සතා තමයි බලල කියන්නේ")
    විනෝදාංශය-බල්ලන් නෑවීම,උන්ව හුරතල් කිරීම,උන්ගේ කකුල් වල නියපොතු කැපීම
    කැමතිම ලැප්ටොප් වර්ගය- ටොෂිබා ටොෂිබා ටොෂිබා...
    කැමතිම බීම- රහසින්(බ්ලැක් බ්ලැක්)

    අපි- ඔබතුමා දන්නවා ඔබ තුමාට සෑහෙන රසික රසිකාවියෝ පිරිසක් ඉන්නවා කියල,
    ඔබට ඔවුන්ට කියන්න විශේෂ යමක් තියෙනවද?

    යුරා- ඔව්,ඔව් ගන්නවනම් ටොෂිබා ගන්න, HP නම් පැත්ත පළාතේ වද්දගන්න එපා,මල ජරාව(ඒ කියන වෙලාවේ යුරා මහත්තයා ඇඳගෙන හිටියෙත් ලා නිල්පාට HP ටී ෂර්ට් එකක්,අපි ඉතින් ද.නෑ.දැ.නෑ වගේ හිටියා )
    එතකොටම ගේ ඇතුලෙන් ඇහුනා නැවතත් මැතිනියගේ ලාලිත කටහඬ

    යුරාගේ බිරිය- ඕයි....
    යුරා- ඇ...ඇ...ඇයි නෝනේ
    යුරාගේ බිරිය- ඔය බහුබූතයෝ ටික තාම පතබෑවිල ඉන්නවද?දැන් වෙලාව කීයද,මුන් අද යන්නේ නැද්ද,තමුසේ මගේ රෙදි ටික අද හෝදන් නැද්ද මිනිහෝ...

    කමින් කලර් නොට් ගුඩ්යැ කියා වැටහුණු නිසා අපි එතනින් දිරාමාර් වෙන්න කියල හිතාගෙන පුටුවලින් නැගිට්ටා විතරයි මෝල් ගහක් බිත්තියක වදින සද්දේ ඇහුණා............
    විකාරෙන් වගේදඩ බඩ ගාල පුටු පෙල්ලගෙන ඇවිත් වෑන් එකට නගිනවා විතරයි මතක.
    කන්තෝරුවට ඇවිල්ල තමයි දොරවල් වහගත්තේ වාහනේ.............
    "නොවන් මෙවන් විපත්

    වනේ වන සතෙකුට වත්"
    සටහන,මලිත්තාගෙන්​

    මෙය වනාහී හුදෙක් මඩ ප්‍රචාරයක් නොව,යුරාජ් සහෘදයාගේ 38 වන ජන්ම දිනය(ඔව් ඔව් 38 තමයි,ඇයි අවුල්ද?) වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම තැබූ විශේෂ සටහනකි.
    අද දින සිය 38 වන උපන් දිනය සමරන බස් බඩාට සුභම සුභ උපන්දිනයක් වේවා......

    daoupl42f54.gif

    aceRzLqgi.gif