බීම නැවැත්තුව එක ගැන නම් මාර සතුටුයි. ඕක ගැන කතා නොකලේ කියනකොට උඹට තදවෙන නිසා.

උඹට අවුලක් තියෙනවා කියල මට තේරිලා තිබුන. ඔය කියන තරම් ජීවිතේට බලපාන දෙයක් කියල කොහොමවත් හිතුනේ නෑ.

එහෙම හිතුනනම් කීයටවත් පොඩි විහිලුවක්වත් කරන්නේ නෑ. මචන්, මම සාමාන්‍යයෙන් එක එක්කෙනාගේ පුද්ගලික ප්‍රශ්න මෙතනදී කියල විහිළු කරලා නෑ කවදාවත්. උඹල හැමෝම පහුගිය කාලේ යුරාට අනම් මනම් කියනකොට මම මොකුත් නොකීවේ ඒක නිසා. යුරාජ්, විකිය මේක හොඳට දන්නවා ඇති.
මීට පස්සේ උඹට ප්‍රශ්නයක් තියනකොට කියපන්. පොඩි විහිළුවක් වත් නොකර ඉන්නම්. මොකද උඹට මල පැන්න වෙලාවට අනිත් උන් බයිට් නෑ. උඹ ඉන්න තත්වේ දැනගෙන කවුරුහරි විහිළු කලානම් ඒකා වැරදි බව මම හිස මුදුනින් පිලිගන්නවා. ඒත් ඒක එහෙම උනාද කියල මම දන්නේ නෑ.
මට තව දෙයක් කියන්න ඕනි.
අපි සෙට් උන වෙලාවට වෙන යම් දේවල් වලින් සමහර දේවල් තියෙනවා එතන ඉන්න අය විතරක් දැනගත්තම ඇති. ඒවා අනිත් අයට කියන්නවත්, මඩ ගහන්නවත්, ආතල් ගන්නවත් යොදාගන්න එපා. මම දැක්කා කවුරු හරි පහුගිය දවසක බලු ටැග් එකක් දාල තිබුන. (අ ** බෙ** කියල ) අනිවා මේක දාන්න දන්නේ 4 දෙනෙක් විතරයි. දාපු එකා දන්නවා ඇතිනේ. මේවගේ දේවල් කරන්න එපා කියල කරුණාවෙන් ඉල්ලනවා.