EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒත් කමන්නෑ කියල හිතෙනව බන් :P

    :rofl::P

    1450204_632890336776135_52061710_n.jpg



    මැදමූලන මරාගේ "සිකියුරිටි හීනමේනියාව": ශිරාගේ මොන්ටිසෝරියේ ලමයින්ගේ කක්කා සෝදන්නෙත් පීඑස්ඩීයෙන්: පොලිසියෙන් පමණක් 6852 යි..!----

    (ලංකා ඊ නිව්ස් -2013.දෙසැ.10, ප.ව.11.30) මැදමූලන මරා සහ පිරිවර ආරක්ෂා කිරීම සඳහා විවිධ හමුදා සහ පොලිසි වලින් ජනාධිපති ආරක්ෂක අංශයට (පීඑස්ඩියට) දස දහසකට අධික ආරක්ෂක භට පිරිසක් සිටින බවත් ඉන් 6852 ක්ම පොලිසියෙන් බවත් 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වෙත වාර්තා වේ.

    ජනාධිපති ආරක්ෂක අංශයට හෙවත් පීඑස්ඩීයට අනුයුක්ත කර ඇති මෙම 6852 යනු 83,862 ක් වන ශ්‍රී ලංකාවේ සමස්ථ පොලිස් බලකායෙන් සියයට 8 ක් වන අතර එම සියයට 8 නඩත්තු කිරීම සඳහා මුළු පොලිස් දෙපාර්තමේන්තුවේම වියදමින් සියයට 50 ක් පමණ වැය කිරීමට සිදුව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

    පොලිස් දෙපාර්තමේන්තුවට දරා ගත නොහැකි මෙම මහා විශාල වියදම නිසා මුළු ජීවිත කාලයම පොලිසියට කැප කර විශ්‍රාම යන පොලිස් නිලධාරියෙකුට ගෙවිය යුතු විශ්‍රාම දීමනා ගෙවා ගත නොහැකි වී ඇති අතර මේ වන විට ගෙවන්නේ 1992/93 වසරේ විශ්‍රාම ගිය අයගේ දීමනා වන අතර සමහරුන් මේ වන විට මිය ගොස් ඇතැයිද වාර්තා වේ.

    පීඑස්ඩියට අනුයුක්ත කර සිටි 2000 ක් වූ පොලිස් පිරිස එක්වරම 5000 ක් දක්වා වැඩි කරන ලද්දේ වික්ටර් පෙරේරා පොලිස්පතිව සිටි අවදියේ වන අතර දැන් එම ගණන 6852 ක් දක්වා වැඩි වී ඇත. මීට අමතරව යුද, නාවික, ගුවන්, එස්ටීඑෆ්, එස්එෆ් ආදී හමුදා වලින් විශාල පිරිසක්ද ඛෙලි අත්ත, වීරකැටිය මැදමූලන ආදී ප්‍රදේශවල සිටින මරාගේ රහසිගත මිනීමරුවන් ද ජනාධිපති ආරක්ෂක අංශයට බඳවා ගෙන සිටින අතර ජනාධිපති ආරක්ෂාවට කියා සිටින සමස්ථ පිරිස 10,000 ක් ඉක්මවා තිබේ.

    නායකයෙක් ආරක්ෂා කිරීමට කියා මේ තරම් ඇදහිය නොහැකි තරමේ විශාල පිරිසක් නඩත්තු කිරීම ලෝකයේ කිසිදු රටක සිදුවනවා දැයි නොදනී.

    පීඑස්ඩී පොලිස් 6852 පාලනය කරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහය. ඔහු යටතේ ජනාධිපති ආරක්ෂක අංශය, ඇමැති ආරක්ෂක අංශය, විශේෂ ප්‍රභූ ආරක්ෂක අංශය, අධිකරණ ආරක්ෂක අංශය, ආදී සියල්ල පවතී. ඔහුගේ සහායට තවත් නියෝජ්‍ය පොලිස්පති වරුන් දෙදෙනෙක් සිටිති. ඔවුන් නම් ධම්මික තුඩුවේවත්ත සහ මාන්නනායක දෙදෙනාය.

    ඔවුන් යටතතේ එස්.එස්.පී. සහ එස්.පී. වරුන් 11 කි. ඒ.එස්.පී ලා 34 කි. ප්‍රධාන පොලිස් පරීක‍ෂක වරුන් (සීඅයි) 97 කි. අයි.පී ලා 89 කි. එස්.අයි ලා 243 කි.

    බෆල් රථ, ස්කොඩ් ජීප්, මිනි ආමඩ් බෆල්, බස් රථ, ඇම්බියලන්ස්, වීඅයිපී කාර්, වෑන් ආදී වාහන විශාල තොගයක්ද නඩත්තු කරති. පීඑස්ඩීය සතු සියළු වාහන සඳහා ඉන්ධන සීමාවක් නැත.

    මරාගේ බිරිඳ ශිරාගේ මොන්ටිසෝරියේ ආරක්ෂාවට පවා යොදවා ඇත්තේ පීඑස්ඩී ආරක්ෂාවය. මොන්ටිසෝරියේ පුංචි එවුන්ගේ කක්කා චූ හේදීම පවා පීඑස්ඩියේ කාර්ය අතරට එක්ව තිබීම ඛේදවාචකයකි.

    පීඑස්ඩී ආරක්ෂාව සපයන පුද්ගලයන් සහ ස්ථාන මෙසේය.

    පුද්ගලයන් : ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, සහ රෝහිත රාජපක්ෂ.

    ස්ථාන:
    අරලියගහ මන්දිරය,
    කාල්ටන් නිවස,
    කාල්ටන් පෙර පාසැල,
    මැදමූලන මහ ගෙදර (වීරකැටිය පොලිස් වසම)
    නෙළුම් පොකුණ රඟහල,
    කොළඹ ජනාධිපති මන්දිරය,
    මහනුවර ජනාධිපති මන්දිරය,
    නුවරඑළිය ජනාධිපති මන්දිරය,
    අනුරාධපුර ජනාධිපති මන්දිරය,
    මහියංගන ප්‍රසිඩන්ට් රිසෝට්,
    මොණරාගල ඔක්කම්පිටිය නිවාසය.

    මැදමූලන මරා කිසියම් ප්‍රදේශයකට යන්නේ නම් යන දිනට සතියකට පෙර එම ප්‍රදේශයට පීඑස්ඩීයෙන් නිලධාරීන් 600 ක් පිටත් කර යවති. ලබන නිදහස් දිනය වෙනුවෙන් ඩියුටි සැලැසුම දැනටමත් සිදුකර ඇති අතර ඒ සඳහා 4000 ක් පාරේ ආරක්ෂාවට යොදවනු ලැබේ.

    මැදමූලන මරා යන සියළු ප්‍රසිද්ධ රැස්වීම් සඳහා පීඑස්ඩීයෙන් අවම වශයෙන් 5000 ක් පමණ පිරිසක් සාමාන්‍ය වැසියන් සේ වෙස් ගන්වා යොදවනු ලැබේ.

    දිනක වියදම ලෙස රුපියල් දෙකෝටි තිස්පන් ලක්ෂයක් වියදම් කරන මැදමූලන මරාගේ මෙම වියරුව ලෝකයේ මෙතෙක් පහළ වූ සියළු ඒකාධිපතියන්ටත් එහා ගිය විකෘති මානසික තත්ත්වයකි. යුද්දයෙන් පසුවත් මේ තරම් ආරක්ෂක පිරිසක් තබා ගැනීම මානසික විකෘතියකි.

    උදාහරණයක් ලෙස අයර්ලන්ත ගරිල්ලා වරුන් සමග වසර 30 කට වඩා යුද්දයක් කළ දැන් දේශපාලන විසඳුමකින් එය නිරාකරණය කරගෙන සිටින එංගලන්තයේ එලිසඛෙත් මහ රැජින ලන්ඩනයේ සිටී නම් ඇයට යොදන ජීවිත ආරක්ෂකයන් ප්‍රමාණය මෙසේය.

    ඉහල නිලධාරීන් 1 යි
    කෝප්‍රල් මේජර් නිලධාරීන් 1 යි
    කොමිෂන් නොලත් නිලධාරීන් 2 යි
    ට්‍රම්පට් නිලධාරීන් 1 යි
    සන්නද්ධ සෙබළුන් 11 යි

    මෙම ප්‍රමාණය හඳුන්වන්නේද 'ලෝන්ග් ගාඩ්' ලෙසය. ඇය ලන්ඩනයේ නොමැති නම් 'ෂෝට් ගාඩ්' එකක් ලෙස පිරිස තවත් අඩු වේ. එවිට යොදන්නේ කොමිෂන් නොලත් නිලධාරීන් 2 ක් සහ සන්නද්ධ සෙබලූන් 10 ක් පමණි.

    වරක් බි්‍රතාන්‍ය අගමැති කැමරන් ඩවුනින් වීදියේ තම කාර්යාලයට යද්දී වාහන තදබදයකට හසුවිය. වහාම සිය නිල රියෙන් බැස්ස අගමැතිවරයා ට්‍රැෆික් හසුනොවන උමං දුම්රියට නැගී කාර්යාලයට ගියේය. ඔහු දුම්රියට නගිද්දී ඔහු සමග ගියේ ආරක්ෂක නිලධාරීන් 2 ක් පමණි. මගීහු කිසිවෙක් අගමැති වරයා දුම්රියේ ගියාද නැතිද පවා නොදත්හ.

    මැදමූලන ගං කබරයන් රටේ ජාතික ධනය විනාශ කරමින් නටන හීනමාන නාඩගමේ තරම මෙයින් තේරුම් ගත හැක.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::P

    1450204_632890336776135_52061710_n.jpg



    මැදමූලන මරාගේ "සිකියුරිටි හීනමේනියාව": ශිරාගේ මොන්ටිසෝරියේ ලමයින්ගේ කක්කා සෝදන්නෙත් පීඑස්ඩීයෙන්: පොලිසියෙන් පමණක් 6852 යි..!----

    මොනව නැතත් දැන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් ™ :nerd:

    29xbtox.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Suba udasanak wewa :P
    ලොක්කා මොකද නින්ද යන්නේ නැද්ද.....
    නැත්නම් උදේම නැගිටලා සීසන් එකට බැහැලම වැඩද....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටනම් එළි වෙනකන් ඇහැරිල හිටියත් මෙච්චර උදෙන් නැගිටින්න බෑ :baffled:
    ඔය උඹ ඇහැරලා නෙමෙයිද එතකොට.......:baffled:
    මොනවා කරන්නද මචන් උදේම නැගිටින්න වෙනවා වැඩ ටිකක් තියෙනවා ඉවරකරන්න.........:dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය උඹ ඇහැරලා නෙමෙයිද එතකොට.......:baffled:
    මොනවා කරන්නද මචන් උදේම නැගිටින්න වෙනවා වැඩ ටිකක් තියෙනවා ඉවරකරන්න.........:dull:

    මොන :dull: ... තාම වැඩ ... තව ටිකකින් නිදාගන්න ඕන
     
    Status
    Not open for further replies.