මාතෘකාව දැක්කාම කට්ටිය බැලුවද දන්නේ නෑ මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. නුවරඑළියේ සංචාරයේ තවත් ලස්සන පින්තූර ටිකක් එලකිරි සංචාරකයා වෙනුවෙන් ඔයාලාට පෙන්නනයි මම හදන්නේ.
මේ පාර මම පෝස්ට් කරන්න යන්නේ ගස්. ගස් වලත් අමුතුම ආට් එකක් තියනවා කියලා මට හිතුනේ නුවරඑළියේ ගියපු වෙලාවකයි. මීදුමින් වැහිලා ගිය ගස් වල අපූරූ ඦායාරූප ටිකක් මට ගන්න පුලුවන් උනා. මම අන්තිමට නුවරඑළියේ ගිය වෙලේ ගත්ත ඒවා. ඒ 2009 අවුරුද්දේ.
මාත් ආසම මෙන්න මේ ගස් ටිකට... මී දුමෙන් වැහුනහම මාර අමුතු ගතියක් තියෙනවා.. නිකන් වෙන ළොකෙකට ගියා වගේ...







