EK Traveler .. ( සංචාරකයා )

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Wind power plants in Puttalam

එලකිරි සංචාරකයා තුලින් අද අපි ඔයාලව එක්කන් යන්න හදන්නේ ලංකාවේ අපිට වැඩිය පුරුදු නැති දෙයක් වෙන සුළං විදුලිය බලය
(Wind power plants)
නිපදවන තැනක් වෙත එක්කන් යන්නයි..

මෙය පිහිටලා තියෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේයි..

ඉතිං මෙදා සැරේ එලකිරි සංචාරකය තීරණය කලා පුත්තලම සුළං විදුලි බලාගාරය
(Wind power plants in Puttalam)
ඔයාලට පෙන්වන්න බලන්න යන්න.. :)

.....................


  • ගමන් මාරගය මෙහෙමයි :-


40133_114352795293495_100001563261148_121592_7119107_n.jpg




  • ගමනට ඕන කරන දේවල් :-

වතුර බෝතලයක් දෙකක් ගෙනියන්න..
මොකද පුත්තලමේ වතුර කිවුල්..ඒ නිසා ඒකට පුරුදු නැති අය වතුර බෝතලයක් 2ක් ගෙනියන්න මතක් කරල


අව්ව සැරයි...
Capඑකක් , sun glass ගෙනිච්චට කමක් නෑ
:rolleyes:

.........

එහෙනම් ගමන පටන් ගමු නේද?
:rolleyes:

අපිට ගම්න් කලේ කොළඹ - පුත්තලම ගමන් මාරගයේ..
අතරමග හම්බෙනවා "තනි වැල්ලේ දේවාලේ"..



33478_114349445293830_100001563261148_121517_1249361_n.jpg



යන හැමෝම මෙතනින් බැහැල පඩුරක් දාල යන්න අමතක කරන් නෑ..
අපි උනත් පොඩි කාලේ ඉන්දල පුරුදු වෙලා තියෙන්නේ බස් එකේ යද්දි උනත් ඔතන පහුකරන් යද්දි ඉන්දන් ඉන්න ශීට් එකෙන් පොඩ්ඩක් නැගිටින්න..


72520_114349535293821_100001563261148_121519_4795557_n.jpg



එතන බලයක් තියනවා කියල විශ්වාසයක් තියනව..මෙතනට සම්බන්ද ජනප්‍රවාදයකුත් තියනවා.,.පුත්තලම ගැන ඉදිරියේදී සංචාරයක් තුලින් මේ ගැන වැඩි විස්තර ඔයාලට බලාගන්න පුලුවන්:)

36042_114349498627158_100001563261148_121518_7732186_n.jpg




විශේෂයෙන් කියනන් දෙයක් තියනවා..ඔයාල වාහනේක යනව නම්,..
නිදිමතේ වාහනය පදවන්න එපා..:no::no:
මොකද මෙහෙ පාරවල් ගොඩක් දුරට තනි කෙලින් වගේ තියෙන්නේ
:baffled:



37125_114349551960486_100001563261148_121520_1355157_n.jpg



පුත්තලමට ආව..

73040_114349571960484_100001563261148_121521_2602565_n.jpg



පුත්තලම කලපුව



69116_114349601960481_100001563261148_121522_6205680_n.jpg


39529_114349698627138_100001563261148_121524_4412668_n.jpg



ඔයාල යන්න ඕනේ මන්නාරම් පාරේ



67454_114349658627142_100001563261148_121523_5945056_n.jpg




මේ තියෙන්නේ පුත්තලම කොළඹ ඉදන් එද්දි ඇතුලු වෙන තැන..
ඔතනින් කෙලිම යන පාර තමා මන්නාරම් පාර..
වට රවුමෙන් දකුනට හැරුනොත් අනුරාධපුර පාර




73143_114349728627135_100001563261148_121525_6366306_n.jpg


මේ පාර මේ දවස් වල හදනවා

72793_114349761960465_100001563261148_121526_2210466_n.jpg



කලපුව අයින දිගට ජනතාවගේ ප්‍රධාන ජිවන උපායවල් තමා
ධීවර කර්මානතය හා ලුනු කර්මාන්තය

71499_114349811960460_100001563261148_121528_7123460_n.jpg


72729_114349841960457_100001563261148_121529_1176766_n.jpg


71558_114349998627108_100001563261148_121535_5534216_n.jpg


66584_114349975293777_100001563261148_121534_4835047_n.jpg



ඈත පුංචියට කුලුනක් වගේ දෙයක් පේනවද?
ඒ තමා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය


67620_114349871960454_100001563261148_121530_3989713_n.jpg



තො‍ටුපොලක් ද?:rolleyes:

71978_114349891960452_100001563261148_121532_936339_n.jpg


33577_114349931960448_100001563261148_121533_1342063_n.jpg



පුත්තලමේදී දැකිය තවත් දෙයක් තමා කඩොලාන


66391_114350145293760_100001563261148_121540_6983561_n.jpg


71827_114350938627014_100001563261148_121567_4656254_n.jpg



වියලි රටා

71692_114351071960334_100001563261148_121569_2526781_n.jpg




කෙමෙක් කෙමෙන් සුළං විදුලි බලාගාරය බලා...........



71747_114352401960201_100001563261148_121590_3498774_n.jpg



66382_114350038627104_100001563261148_121536_4333287_n.jpg



ලගට යනකල් ඉවසිල්ලක් නෑ :rofl:

33721_114350118627096_100001563261148_121539_6688406_n.jpg


68817_114350085293766_100001563261148_121538_3191714_n.jpg



මෙන්න කුලුනු ඔක්කොම එකට..


65906_114350061960435_100001563261148_121537_6084156_n.jpg




ඔන්න අපි ළගටම ආවා :D


71684_114350198627088_100001563261148_121542_6975056_n.jpg



ඔයාල බලනව ඇති ඇයි මේ එක කුලුනක් විතරක් රතු පාට , අනිත් ඒවා සුදු පාට කියල..ගුවන් යානා වලට දැකගන්න පහසුවත් , අයිනේ කනු දෙක ඈතට පහසුවෙන් වෙනකර අදුන ගන්න පුලුවන් කමත් නිසා තමා එහෙම කරල තියෙන්නේ.


  • මෙතන කුලුනු 25ක් තියනවා

  • මේ එක කනුවක් මීටර 80ක් විතර උසයි

  • මෙ ත‍ටුවල RPM අගය 1500 පමණ වෙනවලු

  • මේ කුලුණු ගෙනත් තියෙන්නේ ඉන්දියාවෙන්ලු

  • මගින් මෙගවොට් 20 විදුලිබල ධාරිතාවයක් නිපදවනු ලබන සදහන් වේ

  • මේ කනුත් හරියට ලයිට් හවුස් එකක් වගේ..:rolleyes:

  • මෙතන මුහුන දුන්න ලොකු ප්‍රශ්නයක් තමා මේ කනු වල බරත් සමග පොළවට සම්බන්ද කිරීම..මොකද කලපුවට ගොඩක් සමීපව පිහිටලා තියන නිස පොළව හාරද්දි වතුර තියෙන නිසා..ඒ සදහා විශාල වෑයමක් අරන් පොළව හදල , කනුවල බරත් සසදලා පොළවේ කොන්ක්‍රීට් දාල තමාලු මේව සවි කරල තියෙන්නේ

  • මේ ත‍ටු හිමීට කැරකෙනව තමා පේන්නේ..ඒ උනාට ළගට ගියාම නම් මාර සද්දෙයි :baffled:

" මේ සදහා ස්පාඤ්ඤයෙන් ආනයනය කරන ලද සුළං ටර්බයින් යන්ත‍්‍ර යොදා ගැනේ. මෙහිදී විදතාමුණි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා නව ටර්බයින් යන්ත‍්‍ර 13 ක්ද, සෙගුවාන්ති බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සදහා නව ටර්බයින් යන්ත‍්‍ර 12 ක්ද, උපයෝගී කර ගැනීමට නියමිතයි.

හරිත බලශක්ති සංකල්පය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් කිසිදු අයුරකින් පරිසරයට හානියක් සිදු නොවන අතර ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන සුළං බලයෙන් ක‍්‍රියාත්මක කෙරෙන එකම විදුලි උත්පාදන බලාගාරයද මෙය වනු ඇත

info from :- The official government news portal of srilanka "


71765_114350231960418_100001563261148_121543_7442193_n.jpg


72470_114350305293744_100001563261148_121546_969722_n.jpg


67733_114350288627079_100001563261148_121545_2341626_n.jpg


71712_114350245293750_100001563261148_121544_4481677_n.jpg



මේ සවි කරල තියන ත‍ටු ගේන්නේ මේ වගේ එකක් ඇතුලේ දාල

72206_114350408627067_100001563261148_121549_1691264_n.jpg


68789_114350438627064_100001563261148_121550_671945_n.jpg



මේකෙ වැඩ කරන්නේ මේ වගේ වාහන..


73191_114350458627062_100001563261148_121551_2630023_n.jpg


73228_114350491960392_100001563261148_121552_6100991_n.jpg


72592_114350911960350_100001563261148_121566_1643428_n.jpg



office එක මෙතනයි

71805_114350578627050_100001563261148_121555_5931438_n.jpg


66587_157326220972650_143349459036993_297477_4796768_n.jpg


අපේ වෙලාවට සවි කරන්න ගෙනාපු ත‍ටු 3ක් බිම තිබ්බ..

69427_114350598627048_100001563261148_121556_6370393_n.jpg


66665_114351118626996_100001563261148_121571_80173_n.jpg


68815_114350731960368_100001563261148_121560_611301_n.jpg




බලන්න මේ ත‍ටු වල විශාලත්වය :confused:


69045_114350671960374_100001563261148_121558_3759391_n.jpg


33464_114350861960355_100001563261148_121564_5337101_n.jpg



මේ තියෙන්නේ ත‍ටු වල සැකැස්ම


33704_114350695293705_100001563261148_121559_3184941_n.jpg



අවසාන වතාවටත් ලස්සන බලමුද මේ සුළං කුලුණු වල?:rolleyes:


65953_157331420972130_143349459036993_297531_6372805_n.jpg


37199_114350518627056_100001563261148_121553_2745511_n.jpg


33449_114350795293695_100001563261148_121562_7120412_n.jpg


67669_114350538627054_100001563261148_121554_7295179_n.jpg


40746_114350978627010_100001563261148_121568_7069463_n.jpg



ඉතිං ඔන්න ඔහොම එලකිරි සංචාරකයාගේ තවත් එක සංචාරයක් අවසන් උනා..

පුත්තලම ගැන සංචාරයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න :rofl:

එතෙක්.., ‍

රැදී සිටින්න දිගටම ELAKIRI TRAVELER සමග...


........................


 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගස්~පෙරේරා

    ගස් වල තියනවා අමුතුම කලාවක්. ඉතින් මම කොහෙ ගියත් මේ කලාව තියන ගහක් එහෙම දැක්කොත් මගේ කැමරාව අල්ලන්න අමතක කරන්නේ නෑ.:P
    පහුගිය දවස් වල ලොකු මඩ ව්‍යාපාරයක් ගියා එලකිරි එකේ මම ගස් අස්සට කැමරාව අල්ලනවා කියලා. ඕවා ඉතින් රට්ටු කියන කතා නේ. මට නමකුත් දාලා ගස් පෙරේරා කියලා. :angry:

    උඩවලවේ ගියපු වෙලාවක ඉර බැහැගෙන යනකොට පෙරේරා දැක්කා ඔය කිව්ව ජාතියේ ගස් කිහිපයක්. ටක්ගාලා අතේ තිබ්බ කැමරාව ඇල්ලුවා. මෙන්න මේ විදියට තමයි ඒවා කැමරාවේ සටහන් උනේ. බලන්න හොඳද කියලා.

    75027_117229681672473_100001563261148_140890_5510780_n.jpg


    75373_117228798339228_100001563261148_140878_4133612_n.jpg


    73146_117228835005891_100001563261148_140879_8359385_n.jpg


    76077_117228898339218_100001563261148_140880_4127722_n.jpg


    75622_117228981672543_100001563261148_140881_2617912_n.jpg


    68770_117229035005871_100001563261148_140882_5944888_n.jpg


    68781_117229095005865_100001563261148_140883_3282216_n.jpg


    76240_117229165005858_100001563261148_140884_4504973_n.jpg


    150214_117229251672516_100001563261148_140885_2973843_n.jpg


    74438_117229291672512_100001563261148_140886_7929249_n.jpg


    148129_117229325005842_100001563261148_140887_3133917_n.jpg


    76164_117229395005835_100001563261148_140889_4171945_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Historic Aluwihare Temple - Mathale

    කතාවට කියනවා කේතලෙන් මල්ලක් ගන්නවා කියලා. එහෙම කියන්නේ මාතලෙන් කෙල්ලෙක් ගන්නකොට. මාතලේ කෙල්ලො ලස්සනද?
    :P:P:P

    මාතලේ පැත්තේ ඉන්න අපේ සාමාජිකයෙක් උත්තර දෙමුකෝ බලන්න.

    අද කියන්න යන්නේ මාතලේ ගෑණු ළමයි ගැන නම් නෙමෙයි. අද කියන්න යන්නේ මාතලේ තියන අතිශයින්ම වැදගත් ස්ථානයක් ගැන. බෞද්ධයෝ හැටියට ගොඩක් වැදගත් ස්ථානයක්.

    මාතලේ අළු විහාරය

    74550_114923461903095_100001563261148_126197_4267_n.jpg



    මාතලේ ඉඳලා දඹුල්ල පාරේ කිලෝමීටර තුනක් උතුරට ගියාම තමයි ඓතිහාසික පන්සල අපිට හම්බ වෙන්නේ.

    අලුවිහාරය කියන්නේ ගල් ගුහා වලින් සෑදිච්ච ලෙන් විහාරයක්. මේ ලෙන් විහාර ගැන ගොඩාක් කතා ජනවහරේ තියනවා.

    මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස රජ සමය වෙනකන් දිවෙනවා. සමහරු විශ්වාස කරනවා දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ කරවපු කුඩා විහාරයක් මෙහි පැවතුනා කියලා. ඒ විහාරයේ හිමිනමක් වාසය කළ බවත් ඒ හිමිනමට වාසයට සුදුසු ආකාරයට සක්‍ර දේවේන්ද්‍රයා විසින් ලෙන් විහාරය ආලෝක කළ බවත්. එහෙම කියන්නේ සාධක ඇතුවයි. මේ ලෙන් විහාරයේ ප්‍රධාන ලෙන විශාල පර්වතයකින් ආවරනය වෙලා තිබුනත් ලෙන තුල කිසිම කලුවරක් නෑ. ගොඩක් ආලෝකමත්. මේ නිසා මේ ගුහාව ආලෝක ලෙන කියලා හදූන්වලා තියෙනවා. අලෝක ලෙන, අලු ලෙන බවටත්. පසුව සඟ ආරාමය ඉදි වූ පසු අලු විහාරය වූ බවටත් තමයි කියවෙන්නේ.

    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම

    ලංකා ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක් තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම. මේ උතුම් අවස්ථාවට මූලික උනේ මාතලේ අළුවිහාරයයි. මේ සිද්ධියට සෙවනක් උනේ අළු ලෙනයි. සංඟයා වහන්සේලා 500 නමක් මූලික වෙලා කරපු මේ පුන්‍යකර්මයට වසර 03යි මාස 03යි සති තුනක කාලයක් ගත වෙලා. හරියටම වෙසක් පින් පෝය දවසක තමයි නිම වෙලා තියෙන්නේ.

    ඒ වෙනකොට රට පාලනය කරපු වලගම්බා රජතුමා විශාල උත්සවයක් සංවිධානය කරලා තියෙනවා මේ ප්‍රීතිය නිමිති කරගෙන.

    71646_114923568569751_100001563261148_126202_4248496_n.jpg


    වලගම්බා රජතුමා විසින් අති විශාල පහන් පූජාවක් සිදුකළ බවට තමයි ඉතිහාසයේ කියවෙන්නේ. මුලු මාතලේ ප්‍රදේශයම පහන් ආලෝකයෙන් එලිය වැටී තිබුනාලු. ඒ පූජාව ලංකාවේ සෑම විහාරයකල සිදු කරලා තියෙනවා.

    67280_114923491903092_100001563261148_126198_3124990_n.jpg


    අධිරාජ්‍යවාදී සමයේ මේ විහාරයට එල්ල වෙච්ච අතුරු ආන්තරා බොහොමයි.
    ඒ උනත් කොහොම හරි ඒ සියල්ලකගෙන්ම ආරක්ශාවෙලා ගොඩාක් අයගේ උදව් ඇතිව විහාරය අද වෙනකොට මේ තත්වයෙන් තියෙනවා.

    66685_114923538569754_100001563261148_126201_5483964_n.jpg


    67576_114923511903090_100001563261148_126199_5046646_n.jpg


    39550_114923378569770_100001563261148_126194_4762523_n.jpg


    74075_114923428569765_100001563261148_126196_4866576_n.jpg



    අපේ ඉදිරි පරපුර වෙනුවෙනුත් අපි මාතලේ අළු විහාරය ආරක්ශාකරගමු.
    එලකිරි සංචාරකයා තුලින් ගෙනෙන පණිවිඩය එයයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Tour to Ginigathhena

    ගිනිගත්හේන කියන්නේ අපිට භූ විද්‍යාත්මක අතින් වැදගත් නගරයක්. පොඩි කාලේ භූගෝලය විෂයට ගිනිගත්හේන දුර්ගය ගැන කියලා දෙනවා මට මතකයි.

    ගිනිගත්හේන කියන්නේ ගොඩාක් ලස්සන නඟරයක්. එක පැත්තකින් කිරිගල්පොත්ත කදූවැටිය. තවත් පැත්තකින් කැළණි ගඟ. ඒ වගේම ලංකාවේ හොඳම තේ නිෂ්පාදනය කරන කර්මාන්ත්ශාලා කිහිපයක්ම ගිනිගත්හේන ප්‍රදේශයේ පිහිටලා තියෙනවා.

    ගිනිගත්හේනට කොළඹ ඉඳලා දුර හරියටම කිලෝ මීටර 101
    යි. බස් එකේ යනවා නම් හැටන්-කොළඹ බස් එකේ ගිනිගත්හේනට යන්න පුළුවන්. වාහනේක යනවා නම් A7 මාරගයේ යන්න ඕනා. ගිනිගත්හේන තරමක සීතල දේශගුණයක් සහිත නඟරයක්.

    මම ටික කාලයකට කලින් කළ සංචාරයක මතක සටහන් කිහිපයක් තමයි අද එලකිරි සංචාරකයා තුලින් ඔයාලාට ගෙන එන්නේ.

    මේ තියෙන්නේ කෙනිල්වර්ත් වතුයාය. හැටන් පාර අසලම තමයි මේ වතු යාය පිහිටලා තියෙන්නේ. ලංකාවේ ලස්සනම වගේම හොඳම තේවතු වලින් එකක්.

    67601_116332348428873_100001563261148_135266_3562376_n.jpg


    73415_116332005095574_100001563261148_135256_4433278_n.jpg


    39598_116332555095519_100001563261148_135272_1290122_n.jpg



    මේ තියෙන්නේ කෙනිල්වර්ත් වතු බංගලාව. ගොඩාක් ලස්සන ස්ථානයක්. මම පළමු දිනයේ. නැවතිලා හිටියේ මේ ස්ථානයේ.

    73189_116331838428924_100001563261148_135253_7039016_n.jpg



    මේ දැවැන්ත උණ පදූරේ සිසිල තවමත් මට මතකයි.

    73403_116331905095584_100001563261148_135254_2665516_n.jpg



    දෙවෙනි දවස ගෙවුනේ ස්ත්‍රෑතඩන් වතු යායේ. ගිණිගත්හේනට කිලෝ මීටර 20 ක් විතර එහායින් තියන තවත් අලංකාර වතුයායක්. වටවල තමයි මේ අලංකාර වතුයාය පිහිටලා හියෙන්නේ. වටවල කියන්නේ ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශය.

    75851_116331978428910_100001563261148_135255_3844462_n.jpg


    33626_116332415095533_100001563261148_135269_5101274_n.jpg


    73728_116332775095497_100001563261148_135275_3390457_n.jpg


    33555_116332858428822_100001563261148_135276_958172_n.jpg


    75143_116333038428804_100001563261148_135279_738008_n.jpg


    75884_116333371762104_100001563261148_135285_6566543_n.jpg


    71577_116333421762099_100001563261148_135286_5827229_n.jpg



    මේ තියෙන්නේ ස්ත්‍රෑතඩන් වතු බංගලාව. තවත් අපූරු නවාතැන් පොලක්.

    74112_116332041762237_100001563261148_135257_1298157_n.jpg


    කප්පාදු කල තේ ගස්.

    72455_116332155095559_100001563261148_135258_2515453_n.jpg


    ගෙදර එන අතර මඟ පොඩි අනතුරක් වෙලා තියනවා දැක්කා. ඩිමෝ බට්ටෙක් පාරෙන් ඉවතට පැනලා. වාසනාවකට කාටවත් කරදරයක් නෑ කියලා තමයි ආරංචිය.

    73426_116332618428846_100001563261148_135274_469149_n.jpg


    75375_116332485095526_100001563261148_135271_2438393_n.jpg


    :angry: කට්ටිය කෑ ගහන නිසා ගස් වල ඡායාරූප ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටිනවා. :angry:
    (මඩ නෑවා ඇති.)

    67770_116332931762148_100001563261148_135277_6335531_n.jpg


    මේ කැළණි ගඟේ ඡායාරූප කිහිපයක්.

    37182_116332968428811_100001563261148_135278_3733204_n.jpg


    73654_116333291762112_100001563261148_135283_8383522_n.jpg


    73828_116333321762109_100001563261148_135284_3523000_n.jpg


    72765_116333111762130_100001563261148_135280_252196_n.jpg


    73156_116333251762116_100001563261148_135282_5992143_n.jpg



    තවත් ලංකාවේ ලස්සන ඉසවුවක් කරා ඔයාලාව ගෙනියන පොරොන්දුව දෙන ගමන් එලකිරි සංචාරකයා තුලින් අදට සමුගන්නවා.
     
    කැළණිය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහනුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත. දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ

    කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රඡාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය කැළණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.:yes:

    තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.:yes:

    තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. කැළණිය විශ්ව විද්‍යාලයය :Dකැළණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

    කැලණිය රජමහා විහාරය නැතහොත් කැලණි විහාරය ‍යනු ශ්‍රී ලංකාවෙහි කොළඹින් සැතපුම් 7 ක් පමණ දුරින් ඇති කැලණිය ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරයකි. කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති වන්නේ ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේය.
    ලෝ පුරා බෞද්ධ බැතිමතුන්ගේ විශ්වාසයට අනුව කැලණිය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවූයේ බුද්ධත්වය පසක් කොටගෙන වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින් කැලණිය පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැක.


    ඉහත විස්තර විකිපීඩියා ඇසුරිනි



    කොළඹ ඉදන් කැළණි පන්සලට යනව නම් මෙන්න මාර්ගය


    පිටකොටුව බස් නැවතුම් පොලෙන් කිරිබත්ගොඩ-පිටකොටුව (කැළණිය හරහා) යන බස් එහෙක නැග්ගොත් යන්න පුලුවන්
    76583_163393350361639_100000729254577_329633_8049884_n.jpg


    පිවිසුම් දොරටුව
    75693_163393707028270_100000729254577_329637_7385791_n.jpg



    ප්‍රධාන විහාර ගෙය



    72247_163393227028318_100000729254577_329629_2520161_n.jpg



    36152_163393360361638_100000729254577_329634_5958327_n.jpg



    කැළණි චෛත්‍යය
    74537_163393010361673_100000729254577_329622_5543618_n.jpg



    මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව
    74500_163393043695003_100000729254577_329623_2221499_n.jpg



    දුෂ්කර ක්‍රියා කරන
    සිදුහත් බෝසතාණන්
    76196_163393267028314_100000729254577_329630_1703289_n.jpg

    ෆොටො එක ගන්න කොට කවුද කෙල්ලෙක් පැන්නනෙ:P


    ධාතු කරඩුව

    149527_163393150361659_100000729254577_329626_533315_n.jpg


    148151_163393180361656_100000729254577_329627_1696551_n.jpg


    ප්‍රධාන විහාර ගෙය තුළ ඇති සැතපෙන පිළිමය

    149568_163393113694996_100000729254577_329625_5612874_n.jpg


    ප්‍රධාන බුදුගෙය තුළ ඇති
    හිඳි පිළිමය

    76582_163393077028333_100000729254577_329624_8362190_n.jpg


    විහාර ගෙය තුළ දසුන්

    74416_163393210361653_100000729254577_329628_4495904_n.jpg



    කැළණි විහාරය වදින්න ඔයාලත් ගියොත් අනිවාර්යෙන්ම එගොඩ කැළණියට යන්න නම් අමතක කරන්න එපා

    එගොඩ කැළණි විහාරය
    74872_163392993695008_100000729254577_329621_6192038_n.jpg


    76154_163393337028307_100000729254577_329632_7860968_n.jpg



    පවුලේ කට්ටියත් එක්ක ආවොත් මේ වගේ බෝට්ටු සවාරියකුත් යන්න අමතක කරන්න එපා,
    :D
    76655_163392957028345_100000729254577_329620_4817692_n.jpg


    නිමි

    පොඩි පොඩි අඩු පාඩුකම් නිසා ෆොටොස් වැඩිය කොලිටි නැතුව ඇති, ඊලග සැරේ මීට වැඩිය හොදින් කරන්න බලාපොරොත්තු වෙනව
     
    Last edited:
    රත්නපුර



    හොද නම් රෙප් එකක් දෙන්න අමතක කරන්න එපා:D

    රත්නපුර යනු ශ්‍රී ලංකාවේ සබරගමු පාළාතේ පළාත් බද අගනුවරයි.එය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ.නුතන නම බ්හිව් ඇත්තේ මේම ප්‍රදේශයේ පරමිපරිකව නිශ්පාදනය කල තල් සුකිරි වන හකුරු සදහා වන පෘතුගිසි නම වන රාපඳුර යන වචනයෙන් ඛව සමහරෙක් කියති. නමුත් වඩාත් පිලිගත් මතය වන්නේ එය බිහිවි ඇත්තේ මැණික් යන අදහස ඇති” රත්න “සහා නගරය යන යන අදහස ඇති “පුර “යන වචන එකතුවිමෙන් බවයි. රත්නපුර යන්න ඉංග්‍රිසි භාෂාවේදි Ratnapura සහා Rathnapura ලෙස අක්ෂර විනය්‍යාසය දක්වයි. කොළඹ නගරයට කි.මි 110 පමන ගිනිකොනින් පිහිටා ඇති මෙම නගරය දර්ඝ ඉතිහාසයක් සහිත කර්මාන්තයක් වන ආර්නුල් සහ රතු වැනි අගනා මැණික් වර්ග ලබා දෙන පතල්කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි.පතල්කර්මාන්තයට අමතරව මෙම නගරය වී සහා පලතුරු ගොවිතැන සදහා ප්‍රසිද්ධ නගරයකි. මෙම නගරය පුරා විශාල තේ සහා රබර් වගාවන් දැකිය හැක. මේම කලාපයේ තේ පහතර තේ නමින් හදුන්වයි. රත්නපුර නගරයේ සුප්‍රතිෂ්ධිත සංචාරක කර්මන්තයක් දැකිය හැක. සිංහරාජ වනරක්ෂිතය,උඩවලව ජාතික වනෝද්‍යානය,කිතුල්ගල සහ සිරිපාදය සංචාරකයන් අතර විශේෂයෙන් ජනප්‍රිය ස්ථාන වේ.1901 දි රත්නපුර නගරයේ ජනගහනය 4,084 වන අතර 2001 දි එය 46,309 දක්වා වර්ධනය විය. 2001 දි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 1,008,164 විය. ඒයින් 86.42% ක් බෞද්ධ ජනතාවද සහ 9.88% ක් හින්දු ජනතාවදවු අතර අනිත් පිරිස කතෝලික සහා මුස්ලිම් ජනතාව විය.

    මුලින්ම අපි වන්දනා කලේ රත්නපුර මහ සමන් දේවාලය

    මේම සිද්ධස්ථානය සමන්දෙවියන්උදෙසා ඉදිකරනලද්දකි.සමන්දෙවියන් බෞද්ධ දෙවියෙකු වන අතර රත්නපුර අඩවිය භාර දෙව්යන් ලෙස සලකයි.පෘතුගිසින් විසින් රත්නපුර යටත් කර ගත්පසුව ඔවුන් විසින් මෙම ස්ථානයේ තිබු පැරණි සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලදි.සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත්පසුව එම පල්ලිය ඉවත් කර වත්මන් සිද්ධස්ථානය ඉදිකරන ලදි. පැරණි සිද්ධස්ථාන යේ නටබුන් කිසිවක් වර්ථමානයේදි දක්නට නොලැබුනත් එය හින්දු කෝවිලක ස්වරැපය ගත් බව සදහන්වේ. වර්ථමානයේදි මේම සිද්ධස්ථානය බෞද්ධ යන්ගේ වැදගත් පුජනිය ස්ථානයකි.
    මේ තියෙන්නෙ සමන් දේවාලයේ ඉදිරිපස පෙනුම

    DSC08046.jpg


    දේවාලය ඇතුලේ ඡායාරුප ගැනීම සපුරා තහනම්ලු:baffled:

    මේ ඡයාරුපයත් සමන් දේවාලයේ ඇතුලත ගත්ත එකක් ( හොරෙන් ගත්තෙ):rofl:
    76367_1579592324052_1062984269_31418383_4985869_n.jpg


    මේ තියෙන්නෙ සමන් දේවාලයෙ තිබෙන පුරාන ස්ථුපයක්

    76847_1579592764063_1062984269_31418386_5899098_n.jpg


    මේ පින්තුරය ගැන නම් මම දැනුවත් නැහැ, මේක තියෙන්නෙත් සමන් දේවාලයෙ උඩ මලුවෙ
    155637_1579593324077_1062984269_31418388_3921311_n.jpg


    ඇත් ගොව්වන් කියන පරිදි මේ අලියාගෙ බඩ යටින් ගියොත් සියලු අපල උපද්‍රව දුරු වෙනවලු

    75759_1579594524107_1062984269_31418395_7775337_n.jpg


    ඊලගට අපි ගියේ රත්ගග බුදු රජ මහා විහාරයට

    74813_1579595124122_1062984269_31418398_1986959_n.jpg


    විහාරය ඇතුලත ඡායා රුප
    75674_1579595404129_1062984269_31418399_2797744_n.jpg


    75669_1579596044145_1062984269_31418401_8096203_n.jpg


    පිටත ඡයා රුප

    148383_1579597284176_1062984269_31418405_7669238_n.jpg


    154562_1579597844190_1062984269_31418408_1566035_n.jpg


    76788_1579598164198_1062984269_31418409_5584569_n.jpg


    150316_1579598484206_1062984269_31418410_8285926_n.jpg


    තවම සාදා නිම කර නොමැති පුන්චි දඹදිව, මේක ඔයාල හිතනවාට වැඩිය අති විශාලයි, ගිහිල්ලම බලන්න
    154371_1579598764213_1062984269_31418411_1574108_n.jpg



    154343_1579601284276_1062984269_31418422_6984761_n.jpg



    76329_1579602244300_1062984269_31418426_2606882_n.jpg



    149601_1579601604284_1062984269_31418423_8209083_n.jpg


    අති විශාල දාගැබ තුල තවත් දාගැබක් දැක ගත හැක

    76194_1579599244225_1062984269_31418413_3741306_n.jpg


    155594_1579603004319_1062984269_31418429_5473479_n.jpg


    අපි ඊලගට ගියේ දිවා ගුහාව බලන්න

    බුදුරජානන්වහන්සේ ශ්‍රීපාද කන්ද ට වැඩමකල අවස්ථාවේදි උන් වහන්සේ මෙම ස්ථානයේ පන්සියක් භික්ෂුන් වහන්සේලා සමග විවේක සුවයෙන් වැඩ හිටි බව සදහන්වේ. මේය මහාවංශයේ සදහන් වන පරිදි බුදුරජානන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදි උන් වහන්සේ වැඩමකල ස්ථාන නමයෙන් එකක් වෙයි. මේම ස්ථානයට සමනල කන්ද දිස්වන ආකාරය සහ මේම ගුහාව එකවර පන්සියක් පිරිසකට සිටිය හැකි තරම් ව්ශාලත්වයකින් යුක්ත විම නිසා මේම ස්ථානය දිවා ගුහාවම බව විස්වාස කරයි. රත්නපුර සිට කිලෝමිටර් 10 ක් පමන කොළඹ දෙසට පිහිටා ඇති කුරුවිට නගරයේ සිට කිලෝමිටර් 5ක් පමන ඇතින් දිවා ගුහාවට ප්‍රවේශය ලබා දෙන සමනල කන්දට වැටි ඇති ඉපැරණි මාර්ගයක් වන ඒරත්න මාර්ගයේ පිහිටා ඇත.

    148105_1579605724387_1062984269_31418441_8054488_n.jpg

    154683_1579606084396_1062984269_31418442_5636074_n.jpg


    150313_1579606484406_1062984269_31418443_58286_n.jpg


    150860_1579606804414_1062984269_31418444_4538321_n.jpg


    දිවා ගුහාව ඇතුලත දර්ශන

    151020_1579607004419_1062984269_31418445_5323731_n.jpg


    75778_1579607204424_1062984269_31418446_4735113_n.jpg


    149189_1579607484431_1062984269_31418447_7249900_n.jpg


    154467_1579607844440_1062984269_31418448_4216124_n.jpg


    150999_1579608284451_1062984269_31418452_4022298_n.jpg


    දිවා ගුහාවේ සිට අවට පෙනෙන අසිරිය

    76410_1579608884466_1062984269_31418455_1105630_n.jpg


    148870_1579609524482_1062984269_31418458_6964687_n.jpg



    අපි බෝපත් ඇල්ල බලන්න යනකොට හොදටම වහිනව, බොපත් ඇල්ල බලන්න ඔනෙ නම් රුපියල් 10 ටිකට් පතක් මිලදී ගත යුතුබව කරුනාවෙන් සලකන්න

    154313_1579609684486_1062984269_31418459_383985_n.jpg


    150582_1579610004494_1062984269_31418460_1900911_n.jpg





    නිමි
    :)
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඉහළ කොත්මලේ කිව්වට මේක තියෙන්නේ තලවකැලේ.
    අපි ගියේ මේ විදිහට පේරාදෙණිය--->නාවලපිටිය----> තලවාකැලේ
    තව හැටන් සිට තලවාකැලේ, නුවර එළිය සිට තලවකැලේ, දක්වා එන්නත් පුලුවන්
    කොහෙන් ආවත් තලවාකලේට තමා එන්න ඕනේ.
    හෝව් හෝව් කියන්න බැරි වුනානේ
    කෝච්චියේ ඇවිල්ල තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් බැස්සහමත් හරි එතන ඉදන් පොඩි දුරක් යන්න තියෙන්නේ (පයින් යන්න පුලුවන් දුරක්)




    මේ දියඇල්ලේ නම මොකද්ද කියල නම් දන්නෙ නැහැ

    76884897.jpg



    මේ තියෙන්නේ සෙන්ට්ක්ලෙයාර් දියඇල්ල.
    ඔය දියඇල්ල වැහෙනවා කියලා තමා පහුගිය දවස් වල කතාබහක් ඇති වුනේ.
    විනාඩි 30 කට සැරයක් වතුර එවන නිසා දියඇල්ල සුන්දරත්වය හොඳින් බලා ගන්න පුලුවන්ලු.

    14819191.jpg


    මේ යද්දි ගත්තු photos ටිකක්; වහිද්දි ගත්තේ ඒක හින්දා සමහර photo වල සුදු තිත් තියනවා
    ඒ වැහි බින්දු වලට flash එක වැදිලා

    15755134.jpg


    96454410.jpg


    72531474.jpg


    36781827.jpg


    46098955.jpg


    මේ Dam එක පාරට පෙනෙන විදිහ

    71283533.jpg


    76114602.jpg


    44285111.jpg


    34820864.jpg



    මෙතනින් තමා උමගට වතුර යන්නෙ

    44239183.jpg


    ඔය කොල පාට රෙද්දත් එක්කම තියන සුදු පාට blower එකෙන් තමා උමග ඇතුලට ඔක්සිජන් සැපයෙන්නේ.
    ඇතුලේ වැඩ කරන මිනිස්සු හුස්මගන්නත් ඕනෙ හින්දා තමා ඕක දාලා තියෙන්නේ. තවත් සරලව කිව්වොත් උමග ඇතුලේ ඔක්සිජන් නැතිතරම්.:rolleyes:
    කොල පාට රෙද්ද ඉවර වෙන තැනින් තමා උමග ඇතුලට යන්න පුලුවන්

    19715897.jpg


    මේ තියෙන්නේ ඒ blower එක

    175qd.jpg


    අපි දැන් යන්නේ උමග බලන්න
    අපි එතෙන්ට යනකොට (තලවාකැලේට) උදේ 8.30 ය්
    එතකොටත් සෑහෙන්න පෝලිම :rolleyes:
    දැන් කියහන් පාලම උඩ මොනවදෝ වෙනවා කියලා:P

    81512253.jpg


    75433628.jpg


    40730647.jpg


    මේ තියෙන්නේ තලවා කැලේ දුම්රිය ස්ථානය එතෙන්ට පෙනෙන විදිහ

    10597739.jpg


    81825135.jpg


    ඕං දැන් බස් එකට නගින්න ලඟයි. උමග ඇතුලට යන්නේ බස් වල. බස් 5ක් මේ සඳහා යොදාගෙන තියනවා.
    රටේ ජනතාවට උමග පෙන්වීම මෙම ව්‍යාපෘතියේ කොටසක් නිසා බස් වලට සල්ලි ගන්නෙ නෑ
    කොහොමද පෝලිම

    73643741.jpg


    245hs.jpg


    කලින් තියන photo එකේ වතුර වෙනම උමගකින් පිටකරනවා
    Dam එක හදන්න ඕනෙ හින්දා ඒ උමග තමා මේ

    60616463.jpg


    එතනින් ඇතුලට යන වතුර පිට වෙන්නේ මෙතනින්
    Dam එක හදලා ඉවරවුනහම මේක වහලා දානවා

    43783181.jpg


    ඔන්න අපි Dam එකෙන් එහාපැත්තට යනවා
    Dam එකේ වැඩ ඉවරවුනාම මේකත් වහලා දානවා

    28638828.jpg


    68683073.jpg


    මේතනින් තමා කොන්ක්‍රීට් හදන්නේ Dam එකේ වැඩ වලට

    265eo.jpg


    උමගට යන්නයි යන්නේ

    57575224.jpg


    29544993.jpg


    44738738.jpg


    උමග ඇතුලේ ලයිට් දාලා තිබ්බට photos වලට එළිය මදි
    මේ උමග හදලා තියෙන්නේ කලු ගලක් විදලා
    ඒකේ දැඩි බව නිසා උමග කොන්ක්‍රීට් වලින් හදලා නැහැ

    75754913.jpg


    උමග ඇතුලේ ටිකක් ගිහිල්ල හරවගෙන ආපහු එනවා
    ඔන්න එළියට ආවා

    37010934.jpg


    13983212.jpg


    Dam එක ඈතට පෙනෙන ආකාරය

    15677646.jpg


    49026703.jpg


    40189960.jpg


    19221267.jpg


    17 වෙනිදා ඉඳන් 22 වෙනිදා දක්වා නැවත බලන්න දෙනවා
    එතකොට පුලුවන් නම් යන්න. යනවානම් එතෙන්ට උදෙන්ම යන්න
    මොකද Dam එක හැදුවට පස්සේ උමගෙ යන්නෙ වතුර විතරයි එතකොට ඉතින් අයේ ජීවිතේට වත් යන්න හම්බවෙන්නෙ නැහැ (වතුරට පැනලා තමා යන්න වෙන්නේ):no:
    යනවානම් සීතලට හරියන ඇදුමක් අරන් යන්න. ඒ පැත්ත ටිකක් සීතලයි
    තව පොඩ්ඩෙන් වැදගත්ම දේ අමතක වෙනවා. ඒ පැත්ත සීතල නිසා ඉක්මනට ලෝඩ් වෙනවා.
    ඒක හින්දා පරිසරයට විනාඩියක් දීලා ඒ වැඩේ අහවර කරගෙන පෝලිමට යන්න


    මේක copy paste කිරීමේදී දෝෂයක් වී ඇත්නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.
    Original එකට මෙතනින් යන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=912411
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

    එලකිරි සංචාරකයා තුලින් මෙදා සැරේ අපි ඔබව රැගෙන යන්න හදන්නේ ලංකාවේ අපිට තියන ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ලංකාවේ පිහිටි අති සුන්දර ජාතික වනෝද්‍යානයක් වන
    හෝටන් තැන්න
    වෙතටයි

    ____________________



    ගොඩක් අය හොටන් තැන්න නැරඹීමට ගිහිල්ල තිබ්බට දුම්රියේ ගිහින් නැතුව ඇති කියල හිතනව..අනිත් දේ තමා ලංකාවේ ලස්සන බලන්න ගොඩක් අය ආසයි..ඒ වගේම තමා ගොඩක් අයට නිවාඩු නෑ...ඒ වගේම නවාතැන් පහසුකම්...මේ සංචාරයෙදී ඔයාලට ඕන වෙන්නේ එක දවස් එක හමාරක විතර නිවාඩුවක්..නවාතැන් පහසුකම් ඕන වෙන්නේ නෑ..:D
    ඒ වගේම අපි සංචාරකයා තුලින් ඔයාලට පෙන්වන්නේත් අමුතු හැමෝම නොදකින ලස්සන දේවල්


    ___________________



    • කොහොමද යන්නේ? (Transport)

    ඔයාල කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් යනව නම් රාත්‍රී 8ට බදුල්ල බලා පිටත් වෙන දුම්රියෙන් යන්න..

    (you can take The night mail leaves from Colombo fort at 8pm..
    your destination is Pattipola Railway station..)

    (කලින් ගියොත් හොදයි , මොකද ශීට් එකක් අල්ල ගන්න බැරි උනොත් හිටන් තමා යන්න වෙන්නේ..එහෙම නැත්නම් ඉතිං බිම තමා)

    (try yo go there early..because there may be crowed)


    3න් වෙනි පංතියේ ටිකට් එකක් 170 වගේ තමා වෙන්නේ

    (කෝව්වි වල වේලාව සහ අනෙකුත් දේ දැන ගැනීමට www.railway.gov.lk )


    පට්ටිපොළ දුම්රිය ස්ථානයේ සිට ලෝකාන්තය මාර්ගයේ වාහන නවත්වල තියනව...හෝටන් තැන්නට ගිහින් එන්න ගන්නේ 2800ක් වගේ ගානක් ..
    මං හිතන්නේ එහෙම යන එක පහසුයි

    (hired van takes around 2800LKR to up & down to Horton Plains to Pattipola)

    එහෙම නැත්නම් ඔයාලට පට්ටිපොළ ඉදන් පයිම යන්නත් පුලුවන්..
    ඒත් හෝටර්න් තැන්නේ 2වනි ගේට් එක ගාවට 11km තියනව

    එතන ඉදන් ආයේ 8km විතර තියනවා..ඉතිං ගමන ගොඩක් දුෂ්කරයි..ඒ නිසා තමා හෝටර්න් තැන්නට යානකල් වාහනේක යන්න කියල මං යෝජනා කරන්නේ

    (you can chose whether you are going to Horton Plains walk on foot or hire a Van..I think it is best you hire a van..cause you have passed 11km to 2nd gate of Horton Plains..and so there may be 8km..so choose the best way which you feel suit)


    • ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි (route)


    Colombo > Pattipola / Ohiya > Horton plains
    (return also same route)


    • නවාතැන්? (Accommodation)

    ඇත්තටම මේකට නවාතැන් නම් අවශ්‍ය වෙන්නේ නෑ...
    මොකද යන්නේ එන්නේ දෙකම කෝචියේ නිසා..

    (no need accommodation)


    • ගෙනියන්න ඕන මොනවද (what should we bring with us)?

    වතුර බෝතලයක් අනිවාර්යයෙන්ම ගෙනියන්න...
    (water Bottle)

    ඊට අමතරව සීතලින් ආරක්ෂා වීම සදහා අවශ්ය සියලුම දේ ගෙනියන්න..
    (where is so cold..so bring jacket)

    සැහැල්ලු, ක්ෂනික අහාර ගෙනියන්න..
    (fast foods)

    හදිසි වැසි වැටෙන නිසා ඒවයෙන් ආරක්ෂා වීමට වැහිකබා ගෙනියන්න පුලුවන්නම් ගොඩක් හොදයි
    (Rain coat)

    පොලිතින් භාවිතය අවම කරන්න
    (Reduce the using of Polythene)

    *හෝටර්න් තැන්න ඇතුලට පොලිතීන් කවරයේ දාපු බිස්කට් පැකට් වත් ගෙනියන්න දෙන්නේ නෑ

    (you are not allowed to bring biscuits packets with polythene cover inside to the Horton Plains)



    • විශේෂ (Special Note)



    * හෝටර්න් තැන්නේ යන විට හිටි හැටියේම මීදුමක් එනව,..ඒ මීදුම සමහර විට අපි එක ළග ඉන්න දෙන්න පේන්නේ නැති තරමට ඝනව පැතිරෙනව..ඒ වෙලාවට ඔයාල කරන්න ඕනේ...ඉන්න තැනම එහෙමම සිටීමයි..කොහෙටවත් ඇවිදින්න එපා..මීදුම ඉවර වෙනකල් එතනම ඉන්න..ඔයාල කණ්ඩායමක් යනව නම් එක් එක් කෙනාගේ අත් අල්ලන් කන්ඩායම එකටම ඉන්න මීදුම ඉවර වෙනකල්,..

    * යන්න තියන පාරෙන් පිට පනින්න එපා..පාරක් හදල තියෙන්නේ ඒක භාවිත කරන්න..


    * හෝටර්න් තැන්නේදී ඔයාලට සමහර විට ගෝන්නු හම්බෙන්න පුලුවන්...කරුනාකර ඒ සතුන්ට කෑම දීමෙන් වලකින්න


    * කැලෑවේ තිබෙන ලස්සන මල්, ශාක කඩන්න එපා..ඒව එතනම තියෙන්න අරින්න..හෝටර්න් තැන්නක් ගෙදරට ගෙන්න හදන්න එපා..


    * මෙම පරිසර පද්දතිය ලෝක උරුමයකි...එහි කිසිම දේකට කිසිම අයුරින් හානියක් නොකිරීමටත්, පොලිතීන් ආදී අපද්‍රව්‍ය නිසි තැන් වලින් බැහැර කිරීමටත් වග බලා ගන්න



    හෝටර්න් තැන්න ලෝක උරුමයකි..අපේ අභිමානයකි...මෙය අපට විතරක් පොදු දෙයක් නොවේ...අපේ අනාගත පරපුර සදහා ‍රැක ගැනීම ඔබේත් මගේත් යුතු කමකි




    _______________________________



    සංචාරය පටන් ගමු.........:D



    ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි (route)


    Colombo > Pattipola / Ohiya > Horton plains
    (return also same route)

    155546_121876421207799_100001563261148_170510_2720522_n.jpg





    • අපේ සෙට් එක (our Crew)



    මෙම සංචාරය පෞද්ගලිකව මට ගොඩක් වැදගත් සංචාරයක් උනේ එලකිරිය තුලින් හදුනා ගත් අපේම සහෝදරයන් පිරිසක් සමග යන්නට ලැබීමයි...

    සංචාරය සදහා සහභාගී වු අපේ Elakiri Traveler Team එකේ අය



    chamikawp Bolt Nic BC_Dilum JAASBandara

    image.php
    image.php
    image.php
    image.php
    image.php



    jkadithya Mr PERERA

    image.php
    image.php





    _________________________________




    අපි ගමන පටන් ගත්තේ මෙහෙමයි..

    රාත්‍රී 7.15 වෙද්දී කලින් කතා කරගත්ත විදිහට අපි කට්ටිය කො‍ටුව දුම්රිය ස්ථානයට එකතු වුනා..



    150068_122107044518070_100001563261148_172230_7651580_n.jpg




    chamikawp, bolt, BC_Dilum මං එතනට යනකොට ඇවිත් හිටිය..ඊට පස්සේ අපි පහුවදා දවල් ආහාරය සදහා ගන්න පාන් සහ සැමන් ගත්තා..ඊට අමතරව පොඩි අඩුම කුඩුම ටිකකුත් දා ගත්තා..බිස්කට් වගේ ඒවා:rolleyes:



    154748_122106994518075_100001563261148_172228_5133270_n.jpg




    අවසාන මොහොත වෙනකල් එන් නෑ කියල හිටපු අපේ Perera අංකල් එතනට කඩාපාත් උනේ ඒ වෙලේ..
    :rolleyes:


    කොළඹ කො‍ටුව - පට්ටිපොළ ටිකට් ගත්ත අපි අපේ සංචාරය පටන් ගත්තා..

    ටිකට් එකක ගාන උනේ එක්කෙනෙක්ට 170ක් විතර වගේ 3න් වෙනි පංතියේ

    (කෝව්වි වල වේලාව සහ අනෙකුත් දේ දැන ගැනීමට www.railway.gov.lk )



    75666_122107077851400_100001563261148_172231_3548736_n.jpg




    ගමන පිටත් වීමට කලින් දුම්රිය එන්ජිම හා අනිත් කොටස් පරීක්ෂාවකට ලක්වෙනවා


    75330_122107137851394_100001563261148_172232_5038608_n.jpg


    74848_122107511184690_100001563261148_172241_4863258_n.jpg


    155410_122107417851366_100001563261148_172239_249065_n.jpg




    තැපැල් දුම්රියෙන් අපි ඕන් ගමන ඇරඹුවා



    149896_122107274518047_100001563261148_172235_7385193_n.jpg



    අපේ කණ්ඩායමේ ඊළග සමාජිකයෝ 2න්න වෙන Nic රාගමිනුත්, JAASBandara ගම්පොළිනුත් අපිත් එක්ක එකතු වුනා..දැන් අපේ කට්ටිය සම්පුර්ණයි


    149119_122107301184711_100001563261148_172236_4776414_n.jpg


    154756_122107331184708_100001563261148_172237_3239199_n.jpg



    රෑ කෝච්චිය වේගයෙන් ඉදිරියට ඇදෙනවා...ටිකෙන් ටික සීතලත් එනව...කෝච්චියේ සෙනග ගොඩක් පිරිල..සති අන්තයක් නිසා ගොඩක් අය ගමේ යනව...තවත් අය අපි වගේම යනව..එක එක අයගේ ජීවිකා එක එක විදියයි


    76471_122107191184722_100001563261148_172233_3427821_n.jpg


    155713_122107371184704_100001563261148_172238_4742834_n.jpg


    149680_122107457851362_100001563261148_172240_675746_n.jpg


    මෙන්න මේ වෙලේ තමා අපේ චාමික අපිට අපි නොදැකපු අපේ සමහර මෙම්බර්ස්ලව අපිට පෙන්නුවේ...බැලින්නම් ඒ හැමෝම කෝච්චියේ ඉන්දල :P
    තවත් සමහර මිනිස්සු ගාවට ගිහින් චාමික ඔවුනව සංගීතයෙන් පිනෙවුව..ඒ වගේම අපිට හිනාව නවත්ව ගන්න බැරි තරමේ වැඩත් කලා
    :rofl::rolleyes::lol:



    .............................


    පාන්දර 4.30 විතර වෙනකොට අපි පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන් බැස්ස..ඒ වෙලේ නම් හොදටම සීතලයි....


    150878_122115537850554_100001563261148_172383_3656145_n.jpg




    155796_122112941184147_100001563261148_172366_6880477_n.jpg



    ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය තමා පට්ටිපොළ කියන්නේ..


    155854_122112984517476_100001563261148_172367_1212723_n.jpg




    * අපි මෙච්චර උදෙන් මෙතනට එන්න තවත් හේතුවක් තියනවා.
    ඒ තමා මෙතන තියන දුම්රිය නිල නිවාස වල පිටි පස්සට ගියාම ලස්සනට හිරු උදාව දකින්න පුලුවන් සිරීපාදේ වගේ...හැබැයි ඉතිං එතනට යන්න විශේෂ අවසරයක් අවශ්‍ය වෙනවා


    74197_122107531184688_100001563261148_172242_632030_n.jpg




    මේ දුම්රිය නිල නිවාස වල උවත් වගා කටයුතු කරන් යනවා...
    මේ බලන්න එහි අපූරුව



    155653_122107664518008_100001563261148_172246_3858117_n.jpg


    148690_122106221184819_100001563261148_172206_5844765_n.jpg



    75668_122107614518013_100001563261148_172245_4591521_n.jpg




    150839_122107747851333_100001563261148_172249_7602330_n.jpg


    74313_122107807851327_100001563261148_172251_7558911_n.jpg



    ගෝවා වගාව



    74114_122113104517464_100001563261148_172371_5026676_n.jpg




    පට්ටිපොළ දුම්රිය ස්ථානයට මුහුනලා තියන පාරෙන් ගියාම හොද කෑම කඩයක් හම්බෙනවා...ඔයාලට උදේට කනවනම් කටට රසට කන්න පුලුවන් ඒ කඩෙන්



    75345_122112914517483_100001563261148_172365_5525889_n.jpg




    අපි නම් හොද බඩගින්නේ හිටියේ...ඉතිං අපි උදේට පොල් රොටී කාල , කෝපි බිවුව...සිතලටත් එක්ක නියමයි ඒ ටික නම්,..



    148164_122113151184126_100001563261148_172372_653757_n.jpg




    (අපේ එක් සමජිකයෙක් නම් යොගට් එකකුත් කන්න ඕන කිවුවා..ක්‍රීම් බනිස් එකකුත් කන්න ඕන කිවුවා..අන්තිමට ජුජුස් දැකලා ඒවා ඔනේ කියල ඇඩුවම අපි ඒව අරන් දීල ශේප් උනා..)


    මෙතන කඩේ එක්කෙනාට කිවුවම එයා ඔයාලට හෝටර්න් තැන්නට යන්න වාහනයක් කතා කරල දෙයි..

    අපිට
    නම් ගිහින් එන්න වාහනේට උනේ 2800ක් වගේ ගානක්..වෙලාවෙ හැටියට ඒක පාඩු නෑ

    .......

    උදේට කාල එහෙම අපි එතන ඉද්දි ඔන්න වාහනේ ආවා..
    ඔන්න අපි හෝටර්න් තැන්නට යන්න පිටත් උනා



    155186_122107844517990_100001563261148_172252_4420924_n.jpg



    76583_122107904517984_100001563261148_172253_3303390_n.jpg





    හෝටර්න් තැන්නට ඇතුලු වීමේදී අපිට දොර‍ටු 2ක් හම්බ වෙනවා..



    148864_122108011184640_100001563261148_172254_4508057_n.jpg



    මේ පලමු දොර‍ටුව



    74127_122108274517947_100001563261148_172259_4448403_n.jpg


    149671_122108457851262_100001563261148_172261_523312_n.jpg



    ඔතන ඉස්සරහින් ටිකක් අරන් තමයි ඇතුලු වෙන්න ඕන...එක්කෙනෙක්ට 60ක් විතර වෙනව...වාහනේට 250ක් වෙගේ ගානක් වෙනව..


    76157_122108111184630_100001563261148_172256_387716_n.jpg



    ටිකක් කවුන්ටරය ගාව ලස්සන

    155692_122108157851292_100001563261148_172257_7675497_n.jpg


    154854_122108221184619_100001563261148_172258_787391_n.jpg



    සිතියම


    154368_122108501184591_100001563261148_172262_5800648_n.jpg



    Message to all

    154236_122108414517933_100001563261148_172260_1469220_n.jpg



    දෙවැනි දොර‍ටුවට යන අතර මග ගෝනෙක් දැක්ක..අවාසනවාට අපිට ඌව සම්පුර්ණයෙන් දකින්න පුලුවන් උනේ නෑ:(


    154122_122108531184588_100001563261148_172263_6044700_n.jpg


    මහ රත් මල

    149661_122108071184634_100001563261148_172255_1213043_n.jpg



    ඔන්න අපි ආවා හෝටන් තැන්නේ 2වනි දොර‍ටුව වෙතට..
    මෙතන ඉදන් අපිට යන්න වෙන්නේ පයින් තමා

    154183_122113191184122_100001563261148_172373_6131570_n.jpg




    මෙතන කැන්ටිමක් තියන්වා..ඔයාලට ඕනේ නම් Energy Drink එකක් එහෙම අරන් යන්න පුලුවන් මෙතනින්


    150390_122108567851251_100001563261148_172264_7116375_n.jpg





    ඇතුල් උනාම තිබ්බා සංචාරක මධ්‍යස්ථානයක්..
    අපි පොඩ්ඩක් ඒකටත් ඔලුව දාල බැලුවා


    149818_122108611184580_100001563261148_172265_5429324_n.jpg


    එලකිරි සංචාරකයා විස්තර කියවමින්

    148333_122108654517909_100001563261148_172266_3116704_n.jpg


    74459_122108701184571_100001563261148_172267_4261176_n.jpg



    ඇතුල් වෙන තැනම තියන මේ ගහ සහ මේ බෝඩ් ට්ක පොඩ්ඩක් බැලුවොත් හොදයි කියල..


    149505_122108737851234_100001563261148_172268_8131451_n.jpg



    75148_122108784517896_100001563261148_172269_2470476_n.jpg


    154325_122108844517890_100001563261148_172270_1197435_n.jpg


    155455_122108891184552_100001563261148_172271_868661_n.jpg

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    හෝටන් තැන්නේ පිහිටීම


    ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න මහ එළිය නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම තැනි තලා භුමිය යි. මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින් මධ්‍යම කදුකරයේ පිහිටා ඇත. එසේම නොයෙක් විද්වතුන් ‍මෙය විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත. එල්.සී කුක් (1930)නිරක්‍ෂිය වනාන්තර හා පහත් තණ බිම් කාණ්ඩයට ද ,චැමිපියන් (1936) කදුකර වනාන්තර ලෙසට ද, චැප්ටන් (1947) නිවර්තන සදා හරිත වනාන්තර ලෙසට ද හදුන්වා ඇත.


    පුරාවිද්‍යාත්මක වටිනාකම

    1920 දශකයේ ඉංග්‍රීසි ජාතික කපිතාන් විළියම් පිෂර් ,කර්නල් ඇල්බට් වොටිසන් යන දෙදෙනා විසින් මුලින්ම හෝටන් තැන්න සොයා ගෙන ඇත. එහෙත් මෙයට හෝටන් තැන්න යන නාමය ලැබී ඇත්තේ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුවයි. 1969 දී මෙම වනාන්තරය ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලදි.හෝටන් තැන්න පිළිබඳ ව කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ දෙස අවධානය යොමු කළහොත් 1992 අරබණ ලද පර්යේෂණවලදී හෝටන් තැන්නේ අතීත පාරිසරික තත්වය ,දේශගුණික තත්වය ,හා පැළෑටි වල ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කර තිබුණි.කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ස්වීඩනයේ ස්ටොන්හොම් විශ්ව විද්‍යාලයේ චතුර්තක භූ ගර්භ විද්‍යා ආයතනය හා උත්සලා විශ්ව විද්‍යාලයේ විද්වතුන් එකතු ව මෙම පර්යේෂණ සිදු කරන ලදි.


    ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රේමතිලක මහතා සඳහන් කරන ආකාරයට මෙහි දී සොයා බලන ලද්දේ ලෝකයේ අවසාන ම අයිස් යුගයේ එනම් ප්ලයිස්ටොසීන යුගයේ ලංකාවේ පැවති පාරිසරික තත්වය පිළිබඳවයි. මෙහිදී අනාවරණය කර ගත් තොරතුරු අතර

    • වසර 20000 කට පමණ පෙර ලංකාවේ කඳුකර වැසි වනාන්තරවල ස්වභාවය
    • මීවන ශාකවල තත්වය
    • මිනිසා ඇසුරේ වැඩුණ ශාක
    • ක්‍රි.පූ.8000 තරම් ඈත යුගයේ වගා කටයුතු
    ආදිය පිළිබඳව ලත් තොරතුරු ලක් ඉතිහාසයට වැදගත්ය. මෙහි දක්නට ලැබෙන යෝධ මී වන හා මහ රත් මල ඉතා ඈත අතීතයේ සිටම පැවති ඒ වාය.
    එමෙන්ම මීට වසර 9000 කට පමණ පෙර පරිසර උශ්නත්නය ඉහළ යාම නිසා වර්ෂාපතනය අධික වී විවිධ ස්ථානවල ඇති වූ ජලාශ හෝටන් තැන්නේ ද ඇති වූ බව සොයා ගැනුණී.මෙහි මධ්‍ය ශිලා යුගයේ (Mesolithc Man)මානවයා වාසය කළ බවත් ඔවුන් කෘෂිකාර්මික යුගයට පරිවර්තනය වූ බවත් මේ ආශ්‍රිතව කෙරුණ පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.එසේ ම හෝටන් තැන්න ‍‍ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් වූවකි.


    ජෛව විවිධත්වය

    1992 දී සිදුකරණ ගද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇත.ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඒ වාය. බහුතරයක් හෝටන් තැන්නට පමණක් ආවේනික ඒවා වීම විශේෂ වුවකි. ඇතැමුන් මෙහි පොදු ශාකය ලෙස වල් කදුරු (innamounonalifolium) හඳුන්වන අතර ඇතැමුන් දඹ (Syzygium ravolutum) යැයි පවසති. හෝටන් තැන්නේ ශාක ඝනත්වය එනම් හෙක්ටර්යාර එකක ඇති ශාක සංක්‍යාව 2.861 කි. මෙහි පක්ෂීන් විශේෂ 98 ක් ද ක්ෂීරපායින් විශේෂ 14 ක්,උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන ඇත.

    info from Wikipedia