මේ ලඟදි මරු වැඩක් උනා බං, මගේ බයික් එකේ ටැපට් කවරෙ ප්ලාස්ටික් එකක් තියෙන්නෙ
දවසක් දැක්ක ඔතනින් ඔයිල් ලීක් වෙනව, පොඩ්ඩයි ලීක් එක තිබ්බෙ, පස්සෙ නවත්තල තියන තැනටත් වැටෙන ගානට ලීක් එක වැඩි උනා,
ඔන්න ඉතින් දවසක් මම ඔතන අස්සට එන රබර් පැකින්ග් එක එහෙම අරන් ඔය ගමන්ම ටැපටුත් එජස්ට් කරගන්නව කියල හිතාගත්ත..
මැනුවල් එකේ කියල තියෙන්නෙ ඉන්ලට් වෑල්ව් දෙක 0.05 සහ එක්සෝස්ට් වෑල්ව් දෙක 0.1 ට තියන්න කියල,
මගේ ගාව ෆීලර් ගේජ් එකක් තිබ්බෙ නෑ. අඳුරන ගරාජ් එකකින් ඇහුව
ඌ කියපි මම නම් ටැපට් තියන්නෙ හොලවල බලල ඇහේ මිම්මට කියල.
කෝකටත් ඉන්නකො කියල මගෙන් ඕන කරන සයිස් එක අහගෙන උගේ කඩේ පෙරලල පතුරු දෙකක් ගෙනල්ල දුන්න.
ඒවගෙ සයිස් ගහපුව මැකිල. මම ඇහුව ශුවර් එකටම සයිස් හරි නේද කියල,
ඒපාර කිව්ව ඉස්සරම ඕවගෙන් තමා තිබ්බෙ ඔය දෙක එලකිරි වගෙ හරි කියල..
මාත් ඉතින් අරන් ඇවිල්ල වැල්ව් ක්ලියරන්ස් තිබ්බ කියහන්කො, ඔක්කොම කරල රබර් පැකින්ග් එක දාල වැඩි හොඳට ගැස්කට් සීලන්ට් ගම් එකකුත් ඒකෙ ගාල සේරම ෆිට් කරල ගම් වේලෙනකන් බලං ඉඳල ස්ටාට් කරා,
හරිම සන්තෝසයි පින්වතුනි ලෑන්ඩ් මාස්ටරයක් ස්ටාට් කරා වගේ සද්දෙ ටැපට් වල..![]()
ඉතින් මොකෝ කරන්නෙ වැඩට ගිහින් ඇවිල්ල රෑ වෙලවක තමා හදන්න ගත්තෙ
බයික් එක ඊලග දවසෙ ගෙදර දාල වාහනේ තමා වැඩටත් යන්න උනේ. කොකටත් අර ෆීලෙර් ගේජ් එකේ පතුරු දෙකත් අරන් ගියා.
Office එක පැත්තෙ පට්ටලයක් තියනව උගේ මයික්‍රෝ මීටරේ අරං බැලුව අර පතුරු දෙක
එකක් 0.3 අනික 0.2![]()
ඔන්න බලපන් ඉතින් රටක් වශයෙන් ඉස්සරහර යන්නෙ කොහොමද කියල,
ඒපාර උගෙන් ෆීලර් ගේජ් එකක් ඉල්ලං ඇවිල්ල ආපහු ගලවල ගම් සුද්ද කරල වෑල්ව් ක්ලියරන්ස් හදල වැඩේ ගොඩදාගත්ත..
අරුට අර පතුරු දෙක ගිහින් දීල විස්තරෙත් කිව්ව.. ඌ ඉස්සර තිබ්බෙ ඒකෙන්ලු![]()
හපෝයි... අපරාදෙ කියන්න බෑ හෙනගහන්න වගේ වෑල් ක්ලියරන්ස් හිටින්න ඇති අර දුන්න එකට.














