කසිප්පුවෝ පොඩි අවුලක්
පුරස්න අංක 1
ඊයේ හෝන් එක වදින්නේ නැතුව ගියා.පස්සේ සෙල්ෆ් ස්ටාට් ගැහුවහම කිසිම සද්දයක් නැතුව ඩිස්ප්ලේ එකේ ලයිට්ස් ඕෆ් වෙලා යනවා.හෝන් එකට දාපු ෆියුස් එකත් එක්ක තියෙන වයර් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ගත්තම හොඳ එක වැඩ කරනවා.ආයේ නැතිවෙනවා.සෙල්ෆ් ස්ටාට් වැඩ කරන්නෙත් නෑ.කික් එකෙන් ස්ටාට් කරන්න පුළුවන්.
පස්සේ මම සෙල්ෆ් ස්ටාට් වැඩ කරන විදිහට හදාගෙන ආවා.හොඳ රිලේ එකත් වැඩ.
මොකේද අවුල ඇත්තේ.රිලේ එකට ෆියුස් එකේ ඉදන් යන වයර් එක සෙට් වෙලා තියෙන කනුව ටික බුරුල් වගෙත් තියෙනවා.
කොහොමත් අද නැත්නම් හෙට ඒ වයරින් එක සම්පුර්ණයෙන්ම අලුතින් දාන්න ඉන්නේ.
පුරස්න අංක 2
LED බ්‍රේක් ලයිට් එකක් තිබේ ඒකේ වයර් 3ක් තිබේ.කළු,නිල් සහ රතු
සවි කරන ආකාරය මෙසේ සඳහන් කර ඇත.
Connection : Ground: black Small for 50%, light Blue: Turn signal or brake for 100%,light : red
බයික්කේ පස්චාත් ලයිට් එකටත් මේ පාටින්ම වයර් 3ක් සෙට් වෙලා තියෙනවා.ඒවාටම මේකත් සෙට් කලොත් හරියයි නේද ?
මෙන්න බලුප් එක
බැට්‍රි කණු වල වයර් දෙකම ගලෝල සුද්ද කරලා දාන්න. කණු පොඩ්ඩක් වැලි කඩදාසියක්වත් දාල සුද්ද කරන්න. ඔය රිලේ එකේ බලපෑමක් නෑ මෝටරේ වදින්න.
මෝටරේට තව තඩි රිලේ එකක් තියනවා.. මෝටරේ සොලනොයිඩ් එක කියල කියන්නේ.. සීට් එක යට හරියෙ හරි බැට්‍රිය ගාව හරි තියෙන්නෙ ඒක. ඒකෙ අවුලක් නම් ටොක් ටොක් ගාල ඒක අහුවෙනව ඇහෙනව මෝටරේ හරියට වදින්නැතුව.
මට නම් පේන්නේ එක්කෝ බැට්‍රි වයර් ලූස් වෙලා.. නැත්නම් බැට්‍රිය හොඳටම බැහැලා...
මල්ටිමීටරයක් අරන් බලන්න චාජ් වෙනවද කියල.
ස්ටාර්ට් කරල එන්ජිම තරමක් රේස් කලාම වෝල්ට් 13ක් 14ක් විතර එනවනම් හරි.
බැට්‍රි වතුරත් බලන්න අඩුවෙලාද කියල.

කණු සුද්ද කරල හරි නොගියොත් කියන්න. රෙගියුලේටරේ වයර් එහෙම හයිකරල නැද්ද දන්නෑ සර්විස් එකෙන් හරියට. බැට්‍රි ඉන්ඩිකේටර් එක පත්තු වෙනවද?
ඇයි බොල ඔය බ්‍රේක් ලයිට් එක ගැන සිංහලෙන්ම කියල තියෙන්නේ....

Ground: black කලු එක රින.
for 50%, light Blue 50% කියන්නේ බාගෙට පත්තුවෙන්නේ... මේක දාපිය පාර්කින් එකට....


පොඩ්ඩක් ස්විච් එක දාල පාර්කින් වයර් එක හොයාගන්න පාට ෂුවර් නැත්නම්.
for 100%,light : red රතු එක බ්‍රේක් වයර් එකට....

හපොයි මුනට පරිවර්තනය කරලත් දෙන්න වෙලානේ...

පවිත්‍රය කිව්ව වගේ හයිකරන්න වැඩ කරයි...
