එලකිරි.com කියන වෙබ් අඩවිය අනිත් හැම ෆෝරම් එකකටම වඩා වෙනස්. ඇත්තටම මේකට ගැලපෙනම වචනය පවුල කියන එකයි. අපි එක පවුලක්. 2006 පටන් ගත්ත මේ පවුල අද වෙනකොට වසර 06ක පවුලක්. සාමාජිකයන් අතර මත ගැටුම්, වාද විවාද, මඩ ගැසීම් වගේ දේවල් අනන්තවත් සිද්ධ වෙනවා. ඒ වගේම තමා දුකේදී මෙන්ම සැපේදීත් එකට ඉන්න සහෝදරයෝ පිරිසක් එලකිරි පවුල නිසා ඇතිවෙලා තියෙනවා. මුලින් සයිබර් අවකාශයට සීමා වෙච්ච මේ යාළුකම පස්සේ සැබෑ ජීවිතයටත් ගොඩාක් ලං උනා. මට වගේම ඔයාලටත් මේ අත් දැකීම් මේ විදියටම ඇති. කල්පනා කරලා බැලුවොත් එලකිරි අඩවියේ ජීවිතය සයිබර් අවකාශයේ එක් carrier එකක්. ඒ carrier එකේ රසබර මෙන්ම දුක්බර සිදුවීම් ගොඩක් තියෙනවා..
ඉතිං මේ එලකිරි පවුල වෙනුවෙන් දිග හැරෙන ත්රෙඩ් එකයි මේ...
ඉතිං එන්න මොනවා හරි කොටලා යන්න.









