මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙන Ex-Alien ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුනා.
හ්ම් කාලෙන් කාලෙට එක එක රැලි .. ආගම් වාදී ..ජාති වාදී.... දැන්...? දැන් මේ පොඩි කෙල්ලක් අල්ලගෙන...
ඒ පුන්චි කෙල්ලට හිතේ හැටියට, ඉතාමත්ම පහත් විදිහට ,කුනුහරපෙන් බනිනවා,, ඒ වෙන මොන එහෙකටවත් නෙවෙ,
තම තමන්ගේ හිත්වල තියෙන පහත් අසහනයන් පිට කර ගන්න මේක හොඳ අවස්ථාවක් නිසා..
අසහනකාරයින් කියන විදිහට නම් මේක එක්තරා විදිහෙ "ෆන් එකක් " ..
තමන් ඒ සින්දුවට අකමැතිනම් අකමැති බව ප්‍රකාශ කරන්නට ඕනම කෙනෙකුට අයිතියක් තියෙන බව ඇත්ත,
නමුත් අමු තිත්ත කුනුහරප වලින් බැන බැන බල්ලො බලල්ලු වගේ තමන්ගේ අසහනයන් පිට කරගන්ට අර පුන්චි කෙල්ලව අල්ලගෙන ඉන්න එක සාදාරන ද ?
මෙවැනි පහත් මානසිකත්වයෙන් පෙලෙන්නන්ට ඇත්තටම සහෝදරියන් නැද්ද ? තමන්ගේ අක්කට නංගිට මෙවැනි දෙයක් කරනවට වෙනවට තමුන් කැමතිවෙයි ද ?
එක දෙයක් හොඳට මතක තියා ගන්න ඔයගොල්ලන් ඔය සෙල්ලමට අරන් තියෙන්නේ අහින්සක ජීවිතයක් කියන එක.
කෙල්ලෙක්ට මේ වගේ දෙයක් කරන්නට තරම් ඔය බූරු මොලගෙඩි පෙලඹීම ගැන ඔයගොල්ලන් ලැජ්ජ වෙන්න .
අද මහ හයියෙන් හිනා වේගෙන අර කෙල්ලට කරන මේ අපරාදය හෙට තමුන්ටත් සිද්ද වෙයි,.
අද කරන කියන කියන හැම දෙයක්ම විහිලුවක් වගේ පෙනෙයි නමුත් එක දෙයක් හොඳට මතක තියා ගන්න
අද ඔයගොල්ලන් එක රැල්ලට අර කෙල්ලගේ චරිතය කෙලෙසුවට, කර්මය පල දෙනකොට තනියම තමයි විඳවන්න වෙන්නේ...
එදාට තමුන්ට හිනා වෙන්නත් දහස් ගනන් සෙනග බලන් ඉදීවි.
-මධූ
සමාවෙන්න මධූ මෙහෙම කියනවට.....
මම ඔයාගෙ ඒ දේට එකග නෑ.....
පාරෙ යන කෙනෙක් දැනගන්න ඕන මූලික දෙයක් තමයි.. පාර මැද්දෙ ගියොත් පාරෙ යන වාහන වලට හැප්පෙන්න පුළුවන් කියන එක....
තව එකක්.....
මම කියවපු කථාවක තිබුනා කොහෙද මන්දා රටක රජකෙනෙක්ට ඕන උනාලු මෙතෙක් කිසිම කෙනෙක් ඇදපු නැති ජාතියෙ ඇදුමක්....(මම කථාවෙ ඉතිරි ටික කියන්නෙ නම් නෑ) අන්තිමට එයා ඇදුමක් නැතිව නගරෙ ඇවිද්ද ලු.... මින්ස්සු හූ කිව්වලු.....
කොහොමින් කොහොම හරි... කියන්න තියෙන්නෙ මෙච්චරයි...
තමන් කරන දේ ට ලැලෙන ප්‍රථිඵලය මොකක් උත් ඒක එයාට බාර ගන්න වෙනවා..... තමන්ට දැනෙන දේ විවෘතව ප්‍රකාශ කරපු අයට බැනලා වැඩක් නෑ.... යටින් ගිනි නොතිය ඒවා එලිපිට කියපු එක ගැන සතුටු වෙන්න ඕන.....
ලැජ්ජ වෙන්න ඕන සින්දුව කියන කෙනාද සින්දුව අහන අයද කියලා හොදට කල්පනා කරලා බලන්න.....
අනික තමයි මගෙ අක්කා හරි නංගි හරි කෙල්ල හරි ඔය වගේ සින්දුවක් හදලා අපිට නොකියා අන්තර්ජාලෙට එක්කරලා තිබුනොත්..... අනිවාර්යයෙන්ම මම ඒකිගෙ දත් 10 ක් 12 ක් ගලවලා දානවා ෂුවර්.....
(එයා ඔයාගෙ කවුද....? එයා ඔය සින්දුව හදලා නෑදෑයොන්ටවත් අහන්න දීලා නැද්ද...? මට හිතෙන්නෙ එයා scurvyගෙ නංගි වෙන්න ඇති.. )





