View attachment 83448
මචංලා ,
මම දැනට ශ්‍රී ලන්කන් insurance එකේ life insurance එකක් දාලා තියනවා. 2015 දැම්මේ. ගෙවන්නේ රුපියල් 35,346 අවුරුද්දකට. අවරුදු 21 ක්. 2036 expire වෙන්නේ. premium එක රුපියල් 500,000 ක්. හදිසි මරණයක් උනොත් හෝ disable උනොත් රුපියල් 1,000,000 හම්බෙනවා.තව HCP කියලා හොස්පිටල් cover එකක් තියනවා දවසකට රුපියල් 5,000 ක්. තාම claim එකක් අරන් නම් නැහැ මචන්ලා.කල් පිරීමේදී රුපියල් 500,000 + bonus හම්බෙනවා. 2018 වෙද්දී bonus එකතුව රුපියල් 100,000 ක්. එක අවුරුද්දකට bonus එක රුපියල් 25,000 ක් කියලා එනවා. ඒ කියන්නේ කල් පිරීමේදී රුපියල් 1,025,000 ක මුදලක් මට හම්බවෙයි. ඇත්තටම මේක මම දාද්දි ලොකුවට හිතුවේ සහ හෙව්වේ නැහැ. හරි අවබෝදයක් ඇතිව නෙමේ වැඩේ උනේ. මගේ හොදම යාළුවා accident එකක් වෙලා නැති උන නිසා මම දැම්මේ අම්මලා ගැන හිතලා, ඒ දවස් වල මගේ ආර්ථිකේ හැටියට. මේ insurance එක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර කතා කරමු.
දැන් මචන් හිතිලා තියෙන්නේ insurance එකක් දාන්න family එකට. marry කරන්න නම් තව අව්රුද්දක් දෙකක් යයි. මට ඕනේ මම දාන insurance එකෙන් සේරම cover වෙන්න (partner , children , hospital charges ) සහ කල් පිරීමේදී investment එකක් වෙන විදියට වැඩේ කරගන්න.
Insurance ගැන දන්න කට්ටිය උපදෙසක් දෙන්න පුළුවන් නම් වටිනවා. ඒ වගේම කට්ටිය දැනට දාලා තියන insurance plan , ඒවගේ benefits, අරගත්ත claims ගැන එහෙම කතා කරමු.
best family cover is given by softlogic life days
