wade hari ada haduwa patta kaden gaththa wwagemai..soy sauce tikakuth damma gindara wage awa...tks siriko bn soy sauce???????????
wade hari ada haduwa patta kaden gaththa wwagemai..soy sauce tikakuth damma gindara wage awa...tks siriko bn soy sauce???????????
kohenda ganne? thank you machan..sira sira..mamath try karanna one..ara haal tika pisa ganna hatith kiyala dipanko 


ela ela![]()
මම හදන්න යන්නෙ Basic Fried Rice එක හෙවත් Egg Fried Rice එක.
මේ ඇසුරින් ඔයාලට ඕනෙ අනෙකුත් sea food හෝ Mix Fried Rice හදා ගන්න පුලුවන්!!
අවශ්‍ය දෙවල්-
![]()
සිහින්ව කපා හෝ ග්‍රෙට් කරගත් කැරට් අලයක්
සිහින්ව කපාගත් ලීක්ස් හෝ ලූනු කොළ ස්වල්පයක්
සිහින්ව කපාගත් ඉගුරු හා සුදුලූනු තේහැදි 2 බැගින්
බිත්තර 2-3ක්
කුකින් ඔයිල් හෝ මාජරින් මේස හැදි 3ක්
ලුණු සහ ගම්මිරිස් තේ හැන්ද බැගින්
අජිනමොටෝ තේ හැදි 1/2ක් හෝ සුප් කැටයක් (කැමති අය සදහා පමණි)
සීනි තේ හැන්දක්
සෙසමි ඔයිල් බිංදු 4-5ක්
![]()
මාජරින් හෝ තෙල් වල ඉගුරු සුදුලූනු බැද ගන්න.
![]()
කැරට් එක් කර විනාඩියක් බැද ගන්න.
![]()
කැරට් පසෙකට කර බිත්තර එක්කරන්න.
![]()
හොදින් කූරු ගාමින් බිත්තර කුඩා කැබලි සාදාගන්න.
ලුණු, ගම්මිරිස්, අජිනමොටෝ එක්කර ගන්න.
sea food හෝ Mix Fried Rice හදන අය තම්බාගෙන සිහින්වට කපා ගත්
මස්, මාලු, ඉස්සන්, දැල්ලන් හෝ සොසේජස් එක් කරන්න.
![]()
ලීක්ස් හෝ ලූනු කොළ අන්තිමට එක්කර වහාම බත්ද එක්කරන්න.
![]()
පිසගත් බත් (හාල් කෝප්ප 2ක පමණ) එකතු කරන්න. සීනි සහ සෙසමි ඔයිල් එක් කරන්න.
මස් හෝ ඉස්සන් තම්බාගත් වතුරෙන් (stock ) බත් උයාගත හැකිනම් රසයෙන් ඉහලය!!
![]()
ඔන්න හරී!!
මේක කන්න Deviled Chicken & Chilli Paste මෙතනින් ගන්න!!
http://www.elakiri.com/forum/showthread.php?t=1156556
http://www.elakiri.com/forum/showthread.php?p=10509835#post10509835