mulin ponnaya novi daruwek hadapan

rata wate poyiya kiayawa kiyawa yanne nathiwa ubala wage makko innawaa hamathanama
තැටිය රත් කළේ රොටිය හදන්න‘ මාදුළුවාවේ හිමියෝ ජනපතිට දොස් කියයි
2015 මාර්තු මස 01 16:32:38 | . , ඩයනා උදයංගනී
වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවේ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (1) පැවසූහ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම බලයට පත්වී මාස හයකින් ඉටු කරන ලෙස ජනාධිපතිවරණ සමයේ යෝජනා කළ විට එය දින සීයකින් කළ හැකි බව කීවේ එතුමාම යැයි කී සෝභිත හිමියෝ දැන් විධායකයේ බලතල භාවිතා කර එම පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලති.
ජාතික විධායක සභාවට තමා සහභාගී වන්නේ නැත්දැයි සමහරුන් තමාගෙන් ප්‍රශ්න කරන බවද කී උන්වහන්සේ තමා ඊට පත් කර ඇති බව පුවත්පත්වල පළවී තිබුණද ඒ සඳහා පත්වීම් ලිපියක් හෝ රැස්වීම්වලට සහභාගීවන ලෙස ආරාධනයක් මේ වනතුරු ලැබී නැතැයිද කියා සිටියහ.
මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ බව පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානය මගින් ‘සාධාරණ සමාජයක් - අපි කතා කරමු‘ තේමාව යටතේ කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමුළුවක් අමතමිනි.
‘තැටිය රත් කළේ රොටිය හදන්න‘
සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
දිශාන් 2015-03-01 11:14:05
හාමුදුරුවොත් ඉඟුරු දීල මිරිස් ගත්තද?(දිල්)
සමන්ත 2015-03-01 11:18:52
අපිට නං කියන්න එපා අපි ඕවා කලින්ම කිව්වා..! (ර)
සමන් 2015-03-01 11:19:17
අපි නම් කලින් ම දන්නවා ඔය ටික... (ර)
සොපී 2015-03-01 11:29:12
විධායකය අහෝසි කිරීම නුවනට හුරු නැහැ. ඒක රට බෙදන්න උඩගෙඩි දීමක්. (ර)
වැකෝ 2015-03-01 11:30:55
හාමුදුරුවනේ, ඕව හිතපු තරම් පහසු නැහැ. තව අවුරුදු 5 ඉන්න ඉවසගෙන. (ර)
විරාජ් 2015-03-01 11:38:42
මේක සටනක් අපේ හාමුදුරුවනේ. අත හරින්න එපා. තාම අවස්ථාව තියනවා. දැන් මහජනතාව අතරට ප්‍රශ්නය ගෙනියන එක තමා සුදුසුම. මෛත්‍රී මහත්තයා ඕනවට වඩා නිස්ශබ්දයි. අරගලය ජනතාව සතුයි. (ර)
ඉසුරන්දි 2015-03-01 11:44:00
ඊලග පාර අපි කාටද ඡන්දෙ දෙන්න ඕනේ එතකොට. දැන් ඉතින් මේ මහ පක්ෂ දෙකට පොඩ්ඩක් ආයුබෝවන් කියලා වෙන පක්ෂයක අපේක්ෂකයෙක් පත් කරගන්න උත්සහ කරමුද? දුම් පිඹ පිඹ තැටි රත් කලාට වැඩක් නැහැ අන්තිමට ඒ තැටියටම කරවෙන්නේ රටේ අපිවගේ ජනතාවයි. (ර)
ප්‍රියන්ත 2015-03-01 11:44:58
බෝට්ටුවේ තිබුණු පැත්ත හොදයි, පෙරලුනු පැත්තට වඩා. (ර)
වැකෝ 2015-03-01 11:54:29
විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට අත්‍යවශයි. (ර)
නිරූප 2015-03-01 11:58:17
මම කලපනා කරන්නේ හිනා වෙන්නද නැත්නම් අඩන්නද කියල. (ර)
ප්‍රියන්ත 2015-03-01 12:01:56
නොදන්නා යකාට වඩා දන්නා යකා හොද බව අහලම නැද්ද ? රාජිත මහත්තයත් වහෙන් ඔරෝ දැන් ඔය කියවන්නේ (බ)
කරුණාරත්න 2015-03-01 12:07:54
ඊළම ළගදීම අපිට (බ)
හැරී 2015-03-01 12:09:44
අනේ මේ...ඔයාල තමයි මෙයාලව නග්ගල තිබ්බේ..නිකන් දැන් රොටි ගැන කියවනවා ! කෝ අර රතන හිමි (බ)
අනුර 2015-03-01 12:10:42
මේ ගොල්ලොත් හරියට වැඩකරන්නේ නැත්නම් කරන්න තියෙන්නේ ආපහු අනිත් පැත්තට ඡන්දෙ දෙන එක නෙවේ. රටට වැඩකරන උගත් මිනිස්සු පත්කරගන්න එකයි අරක නැත්නම් මේක මානසිකත්වයෙන් වැළකෙමු. (බ)
සංජය 2015-03-01 12:18:25
අපේ හාමුදුරුවනේ, අාපහු මහින්ද මහත්තයව ගෙනල්ලා එයාගේ අඩු පාඩු හදා ගත්තනම් හොඳයි කියල අපට දැන හිතෙනවා. යන්තම් මෙයාල අාව විතරයි අන්න ඊළාම් කාරයෝ උතුරේ නැට්ට උස්සගෙන (නදී)
අනුෂි 2015-03-01 12:24:18
අතීතයේ වැඩ විසු හාමුදුරුවරුන් රට ජාතියේ ආරක්ෂාව ප්‍රදාන කරලයි දිවි හිමියෙන් සේවය කළේ. (නදී)
හිමාල් 2015-03-01 12:28:44
විධායක බලයෙන් නෙවෙයි ඔය කියන ඒවා කරන්නේ. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යයි. යම් හෙයකින් විධායක බලය අහෝසි වුනොත් ඒක පාර්ලිමේන්තුවට ලැබෙනවා. (ර)
මදු 2015-03-01 12:49:11
රටට වෙන්නේ මොකක් ද කියලා කාට කාටත් තේරුනොත් හොදයි. (ර)
1977 ඉඳන් කුරුවල් කරපු ඔළුගෙඩි ඇති මිනිසුන් යහපත් සමාජයක් කරා ගෙනයන්න බෝම අපහසුයි.අනික ඔය අශුද්ද හවුලත් එක්ක ඒ සමාජය ඇති කිරීමට සිතීමත් සිනයක්ම තමා. (බ)
රාජා 2015-03-01 13:13:44
අන්න රාජිත ඇමතිතුමා තැටිය මාරු කළා කියල පළවෙලා. ඉතින් දැන් ඔබවහන්සේ අපිට වුනු පොරොන්දුවලට මොකද වෙන්නේ. අපිට තවදුරටත් ඔබලාව විශ්වාස කරන්න පුලුවන්ද? (බ)
නිමල් 2015-03-01 13:16:43
බළල්ලු ලවා කොස් ඇට බාවනවා කිව්වේ ඕකට තමා. හැබැයි දැන් කාලේ බළලුන්ටත් ඔයිට වැඩිය මොලේ තියෙනවා. (බ)
අනුරුද්ධ 2015-03-01 13:18:38
විධායක බලතල සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කළ යුතුයි. රටේ පාලකයා වශයෙන් ජාතික ආරක්ෂාව තමන් අතට ගන්න එක හොඳයි. එත් ඒක අනිසි විදියට භාවිතා කරන විධායකයකින් ඵලක් නෑ. ආරක්ෂක තනතුරු දෙන්න ඕන සුදුස්සාට. නුසුදුසු අය තවමත් ඉන්නවා ආරක්ෂක ලොකු පුටුවල. ඒවා ඉවත් කරන්න තමයි විධායකය භාවිතා කළ යුත්තේ. (බ)
කබල රත්කර භාර දෙන්නේ කාටද කියලා අපිනම් මුලදීම දැක්කා. (ර)
බංඩාර 2015-03-01 14:18:55
අපේ හාමුදුරුවෝ, එක නායකයෙක් පත් කරලා විතරක් වැඩක් නැහැ. අපේ රටට මෛත්‍රී වගේ නායකයෝ දොළොස්දෙනෙක් පත් කරන්න ඕන මේ රට හදන්න නම්. (ර)