[FONT="]මේ ප්‍රශ්න කියන ඒවා ජීවිතයත් එක්ක බැඳී තියෙන දේවල් ඒක නිසා ඔය ගොල්ලෝ හිත කරදර කරගන්නත් එපා. අම්මටත් තේරුම් කරලා දුන්නොත් හරියයි. මට තේරෙන හොඳම විදිය කියන්නම්.[/FONT]
[FONT="]මේ කාරණය අම්මට පැහැදිලි කරලා දෙන්න ඔයා හෝ පවුලේ මුලින්ම කවුරුවත් ඉදිරිපත් නොවුනොත් හොඳයි. මොකද අම්මට තමාගේ වරද නිවැරදි කරගන්න ඒක ලොකු පහසුවක්. [/FONT]
[FONT="]ඔයගොල්ලෝ මේක දන්නේ නැති විදියට ඉඳල පිටස්තර කෙනෙක් ලව්වා මේකෙ කියවන එක හොඳයි. අම්මව බය කරන්නේ නැතිව, නින්දා කරන්නේ නැතිව, කවුරුත් අතින් වැරදි වෙන්න පුළුවන් ඒත් අපි ඒවා නිවැරදි කරගන්න ඕනි කියල.[/FONT]
[FONT="]ඔයාට විශ්වාස එළකිරි එකේ කාටහරි හෝ කියන්න. මට වුණත් කතාකරන්න පුළුවන්. එහෙම නැත්තම් පොලිසියේ ඉන්න කාන්තා කාර්යාංශයේ නිලධාරිනියකට කියන්න. එහෙම නැත්තම් ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙන සිල් මෑණි කෙනෙකුට කියන්න. මනෝ විද්‍යා උපදේශිකාවක් වුණත් හොඳයි. [/FONT]( [FONT="]අත්‍යවශ්‍ය විස්තර විතරක් දෙන්න. තාත්තගේ විස්තර, ලිපිනය වගේ දේවල් දෙන එපා.)[/FONT]
[FONT="]වදින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටෙයි කියල හිතෙනවනම් කාන්තාවක් කථා කරන්න යොදාගන්න. මේවා දුරදිග ගෙනිච්චොත් දරුවන්ටයි අම්මටයි වෙන අවනම්බුව ගැන හිතන්න කියන්න. ඕනෑම කෙනෙකුට අසාවන් තිබ්බත් ඒවා පාලනය කරගන්න අවශ්‍ය බව කියන්න. [/FONT]
[FONT="]ඒකෙනුත් විසදුණේ නැත්තම් පස්සේ ඔබලාට මැදිහත් වීමක් ගැන හිතන්න පුළුවන්. කරුණාවෙන් තේරුම් කරලා දුන්නම හරියයි. තාත්තට කියන එක හොඳයිද කියලනම් කියන්න අමාරුයි. කියනවනම් ඒක අවසාන පිළියම වුනානම් හොඳයි කියලයි මට හිතෙන්නේ.[/FONT]
[FONT="]මගේ ජීවිතයේත් කසාද බැඳපු අය එක්ක සෙක්ස් කරන්න අවස්ථාවල් හම්බවෙලා තියෙනවා. නමුත් බුදු රජාණන් වහන්සේගේ ධර්මයට මම ගරු කරන නිසා පංච සීලය රැකගෙන ඉන්න මට පුළුවන් උනා.[/FONT]
[FONT="]දෙයක් පස්සේ ඕනෑවට වඩා යන්න අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ. අම්මට කියලා දුන්නත් හැදෙන්නේ නැත්තම් ඒක අම්මගේ උරුමය හා අකුසලයක් බවයි හිතන්න තියන්නේ. අනුන් නිසා අපි කොහොමටත් අකුසල් හදාගන්න අවශ්‍ය නැහැ. තමන් පරිස්සම් කරගැනීම තමයි ගොඩක්ම අවශ්‍ය. මේවා කිසිවක් අස්වාභාවික දේවල් නෙවෙයි. ලෝක දර්මයට අදාළ සාමාන්‍ය දේවල්.[/FONT] [FONT="]කාලය විසිනුත් සමහර වෙලාවට හොඳ උපදෙස් , විසදුම් ආදිය ලබාදෙනවා. ඒක නිසා නියම කාලය තෝරාගන්න.[/FONT]
[FONT="]ඔයාගේ ප්‍රශ්ණයත් බුද්ධිමත්ව විසදා ගන්න පුළුවන් වෙයි. [/FONT]